Cargills Food City Athurugiriya branch – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 18 May 2023 18:18:19 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Cargills Food City Athurugiriya branch – Divaina https://divaina.lk 32 32 කාගිල්ස් “ ගමෙන් ගෙදරට” මේ සති අන්තයේදී අතුරුගිරිය කාගිල්ස් ෆුඩ්සිටි ශාඛාවේදී ඇරඹේ https://divaina.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b6%9c%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%a7-%e0%b6%b8/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b6%9c%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%a7-%e0%b6%b8/#respond Thu, 18 May 2023 23:48:00 +0000 https://divaina.lk/?p=145767 කොවිඩ් 19 වසංගතය නිසා වෙළඳපොළක් සපයා ගැනිමට නොහැකි වූ අප රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙළඳපොළක් ලබාදි ඔවුන්ව ශක්තිමත් කිරීමට කාගිල්ස් ආයතනය සිය “ගමෙන් ගෙදරට” වැඩසටහන ආරම්භ කළේ මිට වසර 3කට පෙරය.

මේ වන විට කොවිඩ් වසංගත තත්වය රටින් තුරන් වී තිබුනද අප රටේ ග්‍රාමිය ව්‍යවසායකයින්ට සහයෝගය දැක්වීමට කාගිල්ස් සමාගම සිය උත්සාහයන් අඛණ්ඩව කර ගෙන යන අතර කාගිල්ස් “ගමෙන් ගෙදරට” වැඩසටහන 18 වන පියවරට ලගා වෙමින් මැයි මස 20 සහ 21 යන දෙදින කාගිල්ස් ෆුඩ්සිටි අතුරුගිරිය ශාඛාවේදි පැවැත්වේ.

2020 වසරේ සිට පවත්වාගෙන යනු ලබන මෙම වැඩසටහන මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 800කට අධික සංඛ්‍යාවකට තම නිෂ්පාදන කාගිල්ස් පාරිභෝගිකයන්ට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලදි.

මෙම වැඩසටහන තුළින් අමතර ආදායමක් උපයා ගැනීමට හැකි වීම පමණක් නොව කාගිල්ස් කණ්ඩායම සමඟ සමිපව වැඩ කිරීම හරහා නිෂ්පාදන සංවර්ධනය, අලෙවිකරණය වැනි අංග පිළිබදව තාක්ෂණික දැනුමද ලබා ගැනීමට හැකිවීම තවත් ප්‍රතිලාභයකිග එමෙන්ම කාගිල්ස් සමාගම සියලු‍ම වියදම් දරා ගනිමින් මෙම වැඩසටහන සඳහා වෙළඳ කුටිල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නොමිලේ පිරිනමනු ලබයි.

වැදගත්ම කාරණය නම් මෙම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට වැඩසටහන තුළින් උපයන සියලුම ආදායම ඔවුන් සතු විමයි. එමෙන්ම වැඩසටහනේ දිගුවක් ලෙස තෝරාගත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන කාගිල්ස් ෆුඩ්සිටි ශාඛා තුළ අලෙවිය සඳහා ඉඩ කඩ ලබා දෙනු ලැබේ.

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b6%9c%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%a7-%e0%b6%b8/feed/ 0