CBL Group – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 22 Jun 2023 18:10:26 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg CBL Group – Divaina https://divaina.lk 32 32 මෙරට සිසු දරුවන්ගේ නැණස ආලෝකමත් කිරීමට දායක වූ මන්චි ටිකිරි ශිෂ්‍යාධාර අධ්‍යාපනික සත්කාර වැඩසටහන 25 වසරක් සපුරයි https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ab%e0%b7%83-%e0%b6%86/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ab%e0%b7%83-%e0%b6%86/#respond Sat, 24 Jun 2023 23:55:00 +0000 https://divaina.lk/?p=152590 මන්චි දේශීය සන්නාමයක් ලෙස විවිධ සමාජ සත්කාරක වැඩසටහන් රැසක් හරහා ශ්‍රී ලාංකේය පාසැල් දුවා දරුවනට මෙන්ම මෙරට අධ්‍යාපනයේ ප්‍රගමනය උදෙසාද ලබාදී ඇති දායකත්වය අපමණය. මෙයට දශක හයකට පමණ පෙර මෙරට පාසැල් දරුවන් සඳහා දිවා ආහාරය ලෙස පෝෂ්‍යදායී ඇදිහැස බිස්කට් නිෂ්පාදනයට දායකත්වය සැපයීම එහි මූලාරම්භය සනිටුහන් කරයි.

මන්චි අනුග්‍රාහකත්වය යටතේ ක්‍රියාත්මක අධ්‍යාපනයට අත්වැල් සපයන සමාජ සත්කාරක වැඩසටහන් අතර මන්චි ටිකිරි ශිෂ්‍යාධාර වැඩසටහනට ප්‍රමුඛස්ථානය හිමිවෙයි. ඉගෙනීමට දක්ෂ එහෙත් ආර්ථික දුෂ්කරතා නිසා අධ්‍යාපනය කරගෙන යෑමට කිසියම් උපකාරයක් අවැසි මෙරට ශිෂ්‍ය ප්‍රජාවගේ යහපත උදෙසා මෙයට වසර 25 කට පෙර මන්චි ටිකිරි ශිෂ්‍යාධාර වැඩසටහන ආරම්භ කෙරිණ.

ඒ සඳහා වසර 25 ක කාලය තුල මෙම වැඩසටහන තුළින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා රුපියල් මිලියන පනහකට වැඩි මුදලක් මන්චි අනුග්‍රාහකත්වය යටතේ ලබාදී තිබේ. සිසු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ලබා දෙන කවර අන්දමේ දායකත්වයක් වුවද එය අනාගතය උදෙසා කරනු ලබන ආයෝජනයක් මෙන් ම තිරසාරත්වය සහතික කෙරෙන පදනමක් වීම මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන දියත් කිරීමට මූලික හේතුවක් විය. මේ වැඩසටහන යටතේ මන්චි ටිකිරි ශිෂ්‍යාධාර ලබා ජීවිතය ආලෝක කරගත් තුන්දහසකට වැඩි පිරිසක් දැනට දිවයින පුරා විසිරී සිටිති. එම ශිෂ්‍යාධාරලාභීන් ශ්‍රී ලංකාවේ වෙසෙන සියළුම ජන වර්ගයක්ම නියෝජනය කිරීම විශේෂයෙන් කැපී පෙනෙයි.

මන්චි ටිකිරි ශිෂ්‍යාධාර වැඩසටහනේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ ශිෂ්‍යාධාර වැඩසටහනක් ඉකුත්දා පන්නිපිටිය CBL ආයතනයේදී සංවිධානය කර තිබිණ. එහිදී ශ්‍රී ලංකාවේ සිව් දෙසින්ම තෝරාගත් පාසැල් දරු දැරියන් 50 දෙනෙකුට ශිෂ්‍යාධාර පිරිනැමීම සිදුවිය. මෙහිදී වසරක ශිෂ්‍යාධාර, පොත්පත්, පාසැල් උපකරණ, පාසැල් බෑග් සහ තෑගී පාර්සල් ඇතුළු ත්‍යාග රාශියක් ද ශිෂ්‍යාධාරලාභීන්ට ලබා දීම මන්චි අනුග්‍රහය යටතේ සිදු කෙරින. මේ සඳහා මන්චි වෙතින් ලබා දුන් අනුග්‍රාහකත්වයේ වටිනාකම රුපියල් මිලියන දෙකකට අධික වේ.

මේ අවස්ථාවට CBL සමූහයේ සභාපති රම්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෝ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද එක්ව සිටියහ.

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b6%a7-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ab%e0%b7%83-%e0%b6%86/feed/ 0
Unilever Sri Lanka හි වාණිජ වෙබ් අඩවියෙන් පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීමක් පිරිනැමීමට, CBL Group සමඟ අත්වැල් බැඳ ගනියි https://divaina.lk/unilever-sri-lanka-%e0%b7%84%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b6%ab%e0%b7%92%e0%b6%a2-%e0%b7%80%e0%b7%99%e0%b6%b6%e0%b7%8a-%e0%b6%85%e0%b6%a9%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/unilever-sri-lanka-%e0%b7%84%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b6%ab%e0%b7%92%e0%b6%a2-%e0%b7%80%e0%b7%99%e0%b6%b6%e0%b7%8a-%e0%b6%85%e0%b6%a9%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/#respond Thu, 22 Jun 2023 23:44:00 +0000 https://divaina.lk/?p=152668 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Unilever Sri Lanka සමාගමේ නිල වාණිජ වෙබ් අඩවිය වන Ustore.lk දැන් CBL Group හා ඇති කරගත් හවුල්කාරිත්වයෙන් එහි නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කර තිබේ.

ඒ අනුව, Ustore.lk නිෂ්පාදන පුළුල් කිරීමේ අදියර මාලාවක පළමු වැන්න ලෙසින් එළඹුණු මෙම සුවිශේෂී පියවර මගින්, අන්තර්ජාල සාප්පු සවාරි අත්දැකීම් පාරිභෝගිකයින්ට වඩාත් පහසු කරමින්, ශ්‍රී ලංකාවේ ඊ – වාණිජ වෙළෙඳාම සාර්ථකව මෙහෙයවීමේ Unilever Sri Lanka අඛණ්ඩ කැපවීමද පිළිබිඹු කෙරේ.

Ustore.lk මුල්වරට දියත් කෙරුණු 2019 වසරේ පටන්ම නොමද පාරිභෝගික පිළිගැනීමට පාත්‍ර විණි. ඒ, ඔවුන්ට සිය නිවෙස්වල සුවපහසුව හිඳින අතරෙහිම, භාණ්ඩ ඇණවුම් කර නිවසටම ගෙන්වාගත හැකි බැවිනි. ප්‍රකට වෙළෙඳ සන්නාමයන්ගෙන් වෙළෙඳ පොළ ජයගත් බිස්කට් හා රසකැවිලි, කුළුබඩු, ධාන්‍ය වර්ග, පොල් කිරි සහ සීරියල් ඇතුළුව භාණ්ඩ වර්ග 80 කට අධික ප්‍රමාණයක් දැන් CBL Group වෙතින් එක් කිරීමත් සමඟ, ප්‍රවාහන ගාස්තුවලින් තොරව දිවයින පුරා බෙදා හැරෙන නිෂ්පාදන 300 කට අධික ප්‍රමාණයකින් මෙම වාණිජ වෙබ් අඩවිය සමන්විතය.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

]]>
https://divaina.lk/unilever-sri-lanka-%e0%b7%84%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b6%ab%e0%b7%92%e0%b6%a2-%e0%b7%80%e0%b7%99%e0%b6%b6%e0%b7%8a-%e0%b6%85%e0%b6%a9%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/feed/ 0