Central Bank robberies – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 28 Oct 2021 06:47:53 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Central Bank robberies – Divaina https://divaina.lk 32 32 බැඳුම්කර සිද්ධියඃ අධි චෝදනාවලට රවි විරෝධතා ගොනු කරයි https://divaina.lk/%e0%b6%b6%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba%e0%b6%83-%e0%b6%85%e0%b6%b0%e0%b7%92-%e0%b6%a0%e0%b7%9d/ https://divaina.lk/%e0%b6%b6%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba%e0%b6%83-%e0%b6%85%e0%b6%b0%e0%b7%92-%e0%b6%a0%e0%b7%9d/#respond Wed, 27 Oct 2021 23:35:00 +0000 https://divaina.lk/?p=31274 මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිය සේවාදායකයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා පොදු දේපළ පනත යටතට නොවැටෙන බැවින් එකී අධිචෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කරන බව රවි කරුණානායක මහතා ඇතුළු එම නඩුවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊයේ (27දා) කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්හ. ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතා ඇත්නම් ලබන නොවැම්බර් මස 19 වැනිදා හෝ ඊට පෙර ලිඛිතව අධිකරණය හමුවට ගොනු කරන ලෙසට විත්තියට දැනුම් දුන් විනිසුරු මඬුල්ල එම නඩුව ලබන 19 වැනිදා යළි කැඳවීමට දින නියම කළහ.

එම නඩුව දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න හා මොහොමඞ් ඉර්සඞීන් යන විනිසුරුමඬ`ුල්ල හමුවේදී ඊයේ (27දා) කැඳවිණි. 2016 මාර්තු 29 වැනිදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් බිලියන 36.98ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා 32ක් යටතේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරවරයා එම නඩුව පවරා තිබිණි. රජයේ අධිනීතිඥ චතුරි විජේසූරිය මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය සමඟ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි අතර නීතිඥ දයාල් වන්නිආරච්චි, අමිල පීරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් ජයවර්ධන, ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජීවන්ත ජයතිලක, ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් යන මහත්වරු විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

]]>
https://divaina.lk/%e0%b6%b6%e0%b7%90%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba%e0%b6%83-%e0%b6%85%e0%b6%b0%e0%b7%92-%e0%b6%a0%e0%b7%9d/feed/ 0