Chairman of Sri Lanka Visually Impaired Welfare Association W. S. Mr. Charles – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 13 Oct 2023 06:47:10 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Chairman of Sri Lanka Visually Impaired Welfare Association W. S. Mr. Charles – Divaina https://divaina.lk 32 32 රජයෙන් මුකුත් නොලැබෙන දෘශ්‍යාබාධිතයෝ 200කට අස්වැසුමත් දීලා නෑ https://divaina.lk/%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b6%9a%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%99%e0%b6%b1-%e0%b6%af%e0%b7%98/ https://divaina.lk/%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b6%9a%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%99%e0%b6%b1-%e0%b6%af%e0%b7%98/#respond Thu, 12 Oct 2023 23:46:00 +0000 https://divaina.lk/?p=174153 රජයේ කිසිදු සහනාධාරයක් නොලැබෙන දෘශ්‍යාබාධිතයන් 200 දෙනකුට අධික පිරිසක් රට පුරා සිටින බව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුබසාධක සංගමයේ සභාපති ඩබ්ලිව්. එස්. චාර්ල්ස් මහතා ‘දිවයින’ට කීවේය.

මෙම පිරිස මෑතක දී රජය මගින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමයට හෝ ඇතුළත් කරගෙන නොමැති බවද ඒ මහතා කීවේය.

මීට පෙර රජයන් මගින් විවිධ සහනාධාර ක්‍රම හරහා දෘශ්‍යාබාධිතයන්ට යම් යම් ප්‍රතිලාභ ලබාදුන් නමුත් මෑතක සිට කිසිම සහනාධාර ක්‍රමයකට දෘශ්‍යාබාධිතයන් සම්බන්ධ කරගෙන නොමැති බවද කී චාර්ල්ස් මහතා මේ පිළිබඳව කොතෙකුත් බලධාරීන් දැනුවත් කළත් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවද කීවේය.

මේ හේතුවෙන් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති දෘශ්‍යාබාධිතයන් විශාල පිරිසක් මේ වනවිට සිඟමන් යැදීමට යොමුවී ඇතැයි ද ලබන 15 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඩබ්ලිව්. එස්. චාර්ල්ස් මහතා ‘දිවයින’ට කීවේය.

කමල් බෝගොඩ

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b6%9a%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%99%e0%b6%b1-%e0%b6%af%e0%b7%98/feed/ 0