Chaturanga Abeysinghe – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 11 Aug 2023 15:56:54 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Chaturanga Abeysinghe – Divaina https://divaina.lk 32 32 මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි: චතුරංග අබේසිංහගේ ඊ.පී.එෆ්.-ඊ.ටී.එෆ් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්‍ෂේප වෙයි https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%87%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%87%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a/#respond Fri, 11 Aug 2023 23:47:00 +0000 https://divaina.lk/?p=162192 සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ හා සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ යටතේ කප්පාදුවක් සිදු නොකරන ලෙසට නියෝගයක් කරන ලෙස ඉල්ලා ආර්ථික විශ්ලේෂකයකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (11දා) ප්‍රතික්ෂේප කරන ලදී.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට මිස අන් කවර ආයතනයකටත් නොවන බවත් පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති එකී යෝජනාවලියට එරෙහි පෙත්සම් සලකා බැලීමේ බලයක් අධිකරණයට නොමැති බවත් පවසමින් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේය.

එම පෙත්සම විජිත් මලල්ගොඩ, ජනක් ද සිල්වා හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. ජාතික ජනබලවේගය පක්‍ෂයේ සාමාජිකයකු වන පෙත්සම්කරු ඒ බව සඟවා අධිකරණයට මෙම පෙත්සම ගොනු කර ඇති බවත් ණය ප්‍රතිව්‍යහුගතකරණ වැඩපිළිවෙළ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමය වැළැක්වීමට අවශ්‍යවි ඇත්තේ එම පක්‍ෂයට පමණක් බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට පැවසීය.

නීතීඥ ජනගන් සුබ්‍රමුර්තී, එච්. ඒ. අසෝක්වරන්, ෂොහාන් චාමික සිල්වා, දිනේෂ් විදානපතිරණ, නවීන් අහමඩ් හා සුල් උසුපික් යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ රාජ් ද සිල්වා මහතා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b6%87%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a/feed/ 0