Christmas cake mix – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 06 Dec 2022 17:45:29 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Christmas cake mix – Divaina https://divaina.lk 32 32 හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නාවික යාත්‍රාවකදී සාම්ප්‍රදායික නත්තල් කේක් මිශ්‍ර කිරීම ඇරඹේ https://divaina.lk/%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f/ https://divaina.lk/%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f/#respond Tue, 06 Dec 2022 23:35:00 +0000 https://divaina.lk/?p=114455 HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සහ HIP කණ්ඩායම නත්තල් කේක් මිශ්‍ර කිරීමේ උත්සවය ආරම්භ කිරීමට සූදානම් වී සිටින අයුරු.

වසර අවසාන නත්තල් සමය උත්සවශ්‍රීයෙන් ආරම්භ කළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ නත්තල් කේක් මිශ්‍ර කිරීමේ කටයුත්තට දායක විය. පුරාණයේ සිට පැවත එන සම්ප්‍රදායක් වන නත්තල් කේක් සෑදීමේ සංකීර්ණ ක්‍රියාවලියේ පළමු අදියර වරායේ නැංගුරම්ලා තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවකදී පැවැත්විණි.

“මේ වසරේ ශීත ඍතුවේදී ලංකාවට විශාල සංචාරකයන් පිරිසක් පැමිණෙන නිසා, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව මෙම උත්සවය පැවැත්වීම වඩාත් වැදගත්. මෙම ප්‍රයත්නයේ කොටස්කරුවෙකු වීම ආඩම්බරයක් මෙන්ම සංචාරකයන් 2000කට අධික පිරිසක් රැගත් නෞකා දෙකක් උත්සව සමයේ හම්බන්තොට ජාත්‍යන්තර වරායට පිළිගැනීමට හැකි වීම සතුටට කරුණකි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය, දකුණු පළාතේ සංචාරක ආර්ථිකය නංවාලීමට නිරතුරුව කැප වී සිටිනවා” යැයි HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා පවසයි.

හම්බන්තොට කලාපයේ දේශීය කර්මාන්ත සහ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා, HIP විවිධ බහුවිධ සමාගම් සමග සහයෝගයෙන් කටයුතු කරයි.
HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු, HIPG හි ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මු, HIPS හි ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවික්‍රම, HIPG හි ප්‍රධාන උපායමාර්ගික නිලධාරී ග්‍රෙග් චෙන් යන මහත්වරු, හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීහු, උත්සවයට සහභාගි වූහ.

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f/feed/ 0