Cinematographer – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sun, 22 Jan 2023 00:51:08 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Cinematographer – Divaina https://divaina.lk 32 32 ආදර මල් නොමියේ…. https://divaina.lk/%e0%b6%86%e0%b6%af%e0%b6%bb-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%9a/ https://divaina.lk/%e0%b6%86%e0%b6%af%e0%b6%bb-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%9a/#respond Fri, 20 Jan 2023 23:55:00 +0000 https://divaina.lk/?p=123463 අද දැයෙන් සමුගන්නා මහා සිනමාවේදිනිය ආචාර්ය සුමිත්‍රා පීරිස් පිළිබඳව මෙම අපූර්ව සටහන අප උපුටා ගත්තේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පෙර ලියන ලද ‘ලෙස්ටර් ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියා’ ග්‍රන්ථයෙනි. එම සටහන ඇයට උපහාරයක් වේවායි අපි පතමු.

ඇය වෙනුවෙන් පරිච්ඡේදයක් වෙන් නොකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් මහා සිනමාවේදියා ගැන කතා කරන්නට නුපුළුවන. ඇය ඔහුගේ භගිනි භාර්යාවද මාතෘ භාර්යාවද ද සඛී භාර්යාව ද වන බැවිනි. ඔහුගේ සාර්ථක සිනමා දිවිය පසුපස සිටින්නී ඇය යි. සුමිත්‍රා යි.

අවිස්සාවේල්ලේ බොරළුගොඩ වලව්වේ දොන් ජාකෝලිස් ගුණවර්ධන නම් ප්‍රභූවරයෙක් සිටියේය. ඔහුට (1) හැරී (2) පිලිප් (3) රොබට් යැයි පුතුන් තිදෙනෙක් වූහ. හැරී ගුණවර්ධන නීතිඥයෙක් විය. පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන වාමාංශික දේශපාලනයේ පුරෝගාමීහු බවට පත් වූහ. හැරී අවිස්සාවේල්ල උසාවියෙහි වැඩ කරන කාලයේදී ධනවත් පවුලක යුවතියක වූ හැරියට් වික්‍රමසිංහ සමඟ විවාහ වූයේය. ඔවුන්ට දරුවෝ සිවු දෙනෙක් උපන. තෙවැන්නිය සුමිත්‍රා යි. වැඩිමලා අක්කා (චන්ද්‍රලතා පට්ටි ආරච්චි), දෙවැන්නා අයියා (ගාමිණි ගුණවර්ධන) ය. බාලයා මල්ලී (රංජිත් ගුණවර්ධන) ය. සුමිත්‍රාට මතක ඇති කාලයේ පටන් ඇය දුටුවේ ඡන්ද දායකයන්ය. ඡන්ද රැස්වීම්ය. ඡන්ද පෝස්ටර් ය. ඇසුවේ වාමාංශික සටන් පාඨය. ඡන්දදායකයන්ගේ දුක් ගැනවිලි ය.

ආදර මල් නොමියේ….
ලෙස්ටර් හා විවාහ වූ මොහොත

සුමිත්‍රා පාසල් අධ්‍යාපනය සඳහා අවිස්සාවේල්ලේ සාන්ත මේරි විද්‍යාලයට ඇතුළු කරනු ලැබුවාය. ඇය එහි සිටියේ එකොළොස් වැනි වියට පත්වන තෙක් පමණි. සුමිත්‍රා බෞද්ධ පරිසරයක අධ්‍යාපනය ලැබිය යුතු යැයි සිතූ දෙමාපියෝ ඇය කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළු කර, කොළඹ නැවැත්වූහ. විශාඛාව ඇයට සුව එළවන තැනක් නොවීය. ඇතැම් වාම විරෝධී ගුරුවරියෝ සම සමාජකාර බාප්පලා ගැන කියමින් ඇයගේ සිත රිද වූහ. සම සමාජ ගින්නෙන් බුද්ධාගම බේරා ගනිමු වැනි සටන් පාඨ ඇතැම් තැනෙක දක්නා ලදි. පාසල් මිතුරියන් වැඩි දෙනාට වුවමනා වී තිබුණේ දොස්තරලා වීමටය. සුමිත්‍රාගේ සිත ඇදී ගොස් තිබුණේ චිත්‍ර කලාවටයි. සුමිත්‍රාගේ පාසල් ගමන නිමා වෙන්ටත් පෙරාතුව ඇයගේ මව මිය පරලොව ගියාය. අහිමිව ගිය මවු සෙනෙහස ඇයට ලැබුණේ ඇයගේ සොහොයුරාගෙනි. ගාමිණි ගුණවර්ධනගෙනි. ඔහු බෙහෙවින් කලාවට ප්‍රිය කළ තැනැත්තෙක් විය. සිය නැගණිය සුමිත්‍රා මුලින්ම චිත්‍රපට බලන්ට කැඳවා ගෙන ගියේ ඔහුය. මව ජීවතුන් අතර සිටියා නම් ගාමිණීට කෙසේ වෙතත් සුමිත්‍රාට නම් චිත්‍රපට බලන්නට ලැබෙන්නේ නැත. ඊට හේතුව ඇය එතරම් ගතානුගතික අදහස් දැරූ තැනැත්තියක වූ බැවිනි.

ආදර මල් නොමියේ….
මංගල දින දා

සිනමා රසිකයෙකු වූ ගාමිණී (බොහෝ දෙනා ආදරයට ඔහුට කීවේ කුරු ගුණවර්ධන කියා ය.) ආරාධිතයකු ලෙස ගොස් රේඛාව චිත්‍රපටයේ මංගල දර්ශනය ද නැරඹුවේය. ඒ ලෙස්ටර් සමඟ ඇති කරගත් අහඹු මිතුරුකමෙක ප්‍රතිඵලයක් වශයෙනි. ලෙස්ටර් පීරිස් සහ ක්‍රිස්ටෝෆර් පීරිස් රේඛාවෙහි පූර්ව ප්‍රචාරක කටයුතුවල නියැලී උන්හ. එබඳු එක් අවස්ථාවක ඔවුහු රේඛාවේ නිශ්චල ඡායාරූප පෙළක් කොළඹ ලයනල් වෙන්ඩ්ට් ශාලාව අසල ප්‍රදර්ශනය කළහ. උණබම්බු රාමුවල පන් පැදුරු ගසා, ඒ පැදුරු මත ඡායාරූප රඳවා තිබිණ. ලෙස්ටර්ගේත් ක්‍රිස්ටෝෆර්ගේත් විශ්වාසය වූයේ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයට යන එන අය ඒ ඡායාරූප නරඹතියි කියාය. එහෙත් ඒ දෙස බැලුම් පෑ කෙනෙක් නම් නොවූහ. දිනක් එකම එක් පුද්ගලයෙකු පමණක් රේඛාවේ ඡායාරූපවලින් වශීකෘතව සිටිනු ලෙස්ටර් විසින් දක්නා ලදි. ඒ ගාමිණි ගුණවර්ධනයයි. ලෙස්ටර් ඔහුට රේඛාවෙහි මංගල දර්ශනය නරඹන්නට ආරාධනා පත්‍රයක් ප්‍රදානය කළේය.

තමන් සතු දේපොළ සොයුරු සොයුරියන්ගේ නමට ලියා දී ගාමිණි හදිසියේ රට හැර ගියේය. ඔහු ගිය තැනක්වත් කිසිවෙක් නොදත්හ. මිහිපිට තමන්ට සිටි ලෙන්ගතුම තැනැත්තාගේ වියෝගයෙන් සුමිත්‍රා කම්පාවට පත් වූවාය. ඇයට පාසලේ වැඩ කරගත නොහැකි විය. ඇය උසස් පෙළ කරන්නට විශාඛාවෙන් අස් වී ඇක්වයිනාස් ආයතනයට ගියාය. විභාගයට මුහුණ දීමට තරම් මානසික තත්ත්වයක් ඇය සතුව නොතිබිණ. තෙ වසරකට පසු ගාමිණීගෙන් ලිපියක් ලැබුණේය. එහි සඳහන් වූයේ ඔහු ප්‍රංශ ජාතිකයන් කිහිපදෙනකු සමග මුහුද මැද රුවල් නැවක (Yacht) ජීවත් වන බවයි. ලංකාවේ දී ගාමිණි නියැලී සිටියේ බෝට්ටු කර්මාන්තය පිළිබඳ රැකියාවක ය. සුමිත්‍රා තුළ ද එතෙර යෑමේ ආශාවක් හට ගත්තේය. නැගණිය විදේශීය විශ්වවිද්‍යාලයකට යවා වැඩිදුර අධ්‍යාපනය ලබා දෙන්නට ගාමිණි ද කැමති විය. පියා හැර ගෙදර සියල්ලෝ ම එක පැහැර ඊට විරුද්ධ වූහ. ඒ විරෝධය නොතකා ඉතාලියේ නේපල්ස් ගුවන් තොටුපොළට තනිව ම ගුවනින් ගිය මේ විසි වියැති යුවතිය එහිදී සිය සොයුරා මුණ ගැසුණාය. තවත් දින තුනක දුම්රිය ගමනකින් ඔවුහු රුවල් නැව වෙත ළඟා වූහ. එහි සිටි ප්‍රංශ ජාතිකයාත් ඔහුගේ ඇමරිකානු බිරිඳත් ගාමිණීත් සමග සුමිත්‍රා පුරා සය මසක් තිස්සේ ඉතාලිය, ප්‍රංශය, ස්පාක්‍ද්ක්‍දය යන රටවලට මූදු මාර්ගයෙන් යාත්‍රා කළාය. ස්විස්ටර්ලන්තය සුමිත්‍රාගේ නැවතුම්පොළ විය. ප්‍රංශ භාෂාවත්, ඡායාරූපකරණයත් පිළිබඳ පාඨමාලාවක් හැදෑරීම සඳහා ඇය එහි නතර වූවාය.

ආදර මල් නොමියේ….

ලංකාවේ බෝට්ටු නිෂ්පාදනය ගැන සොයා බලන්නට ප්‍රංශ ජාතිකයාත් සමග සිය රට පැමිණ සිටිය දී ගාමිණීට ලෙස්ටර් නැවත හමු විය. ලෙස්ටර් කෑන්ස් චිත්‍රපට උළෙල සඳහා ප්‍රංශයට යන්නට සූදානම්ව සිටියේය. ප්‍රංශ දේශසීමාවේ එනම් ස්විස්ටර්ලන්තයේ සිටින සිනමා ලෝලියක වන සුමිත්‍රාට ලෙස්ටර්ගෙන් සිනමා අධ්‍යයනය පිළිබඳ කිසියම් උපදේශයක් ලබා ගැනීමට මෙය අවස්ථාවක් වෙතියි ගාමිණීට සිතිණ. ගාමිණි මේ හමුවීම සැලසුම් කළේය. ඒ අනුව ප්‍රංශයේ ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ රේඛාව විශේෂ දර්ශනය නරඹන්නට සුමිත්‍රා ස්විස්ටර්ලන්තයේ සිට ප්‍රංශයට පැමිණ සිටියාය. ලෙස්ටර්ගේත්, සුමිත්‍රාගේත් ප්‍රථම හමුවීම සිදුවූයේ එහි දීය. සුමිත්‍රා රේඛාව කෙරෙහි බෙහෙවින් පැහැදුණාය. ඒ විශිෂ්ට නිර්මාණය කළ තැනැත්තා පිළිබඳ ගෞරවයක් ද භක්තියක් ද ඇය තුළ උපන්නේය. සිය අනාගතය පිළිබඳ ව ඔහු දෙන උපදෙස් පිළිපදින්නට ද ඇය නොපසුබට වූවාය. ලෙස්ටර්ගේ උපදෙස් අනුව ස්විස්ටර්ලන්තය අතැර එංගලන්තයට ගිය සුමිත්‍රා London Schcool of FilmTechnique නමැති ආයතනයට බැදී 1957 සිට 1959 දක්වා චිත්‍රපට නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය පිළිබඳ පාඨමාලාවක් හදාරා ඩිප්ලෝමා සහතික ලැබුවාය. ඒ කාලය තුළ එකී ආයතනයෙහි ඉගෙන ගත් එකම කාන්තාව ඇය පමණකි. අද දක්වාත් විදේශීය ආයතනයකින් සිනමාවේ කාර්මික අංශ පිළිබඳ පුහුණුව ලත් එකම ශ්‍රී ලාංකික කාන්තාවත් ඇයමය. සුමිත්‍රා ලන්ඩනයේ සිට බෙලිහුල්ඔයට ආවා ය. ඒ සංදේශයෙහි වැඩ කරන්ට ය. ලෙස්ටර්, ඇයට ඒ සඳහා ඇරැයුම් කොට තිබිණි.

කොණ්ඩය කොටට කපා කලිසමකින් හා ටී ෂර්ට් එකකින් සැරසී, ලොකු තොප්පියක් හිස පැළඳ බෙලිහුල්ඔය සිසාරා සැරිසැරූ කඩිසර රූමත් නව යෞවනිය, සමස්ත චිත්‍රපට කණ්ඩායමටම අති විශේෂ තැනැත්තියක වූවාය. සංදේශයේ දී ඇයට පැවරී තිබුණු නිල කාර්යය නම් දර්ශන සම්බන්ධතා ලිවීමය. එහෙත් ඇය නිශ්චල ඡායාරූප ගත්තාය. විජය අභයදේවත් තිස්ස ලියනසූරියත් සමග සහාය අධ්‍යක්‍ෂිකාවක ලෙස කටයුතු කළාය.

ආදර මල් නොමියේ….

සංදේශයෙන් පසු ලෙස්ටර්ත් සුමිත්‍රාත් දෙදෙනා රැකියා විරහිත තත්ත්වයට ඇද වැටුණාහ. ඇයට ලැබුණු එකම වෘත්තිය කටයුත්ත, ලෙස්ටර්ගේ Home from the sea නමැති මි. මී. 16 චිත්‍රපටිය සංස්කරණය කිරීමය. ලෙස්ටර් ගම්පෙරළිය නවකතාව සිනමාවට නගන්නට තීරණය කළ පසු ඒ සඳහා නිෂ්පාදකවරයකු සොයන්නට සුමිත්‍රා ද උත්සුක වූවාය. ලෙස්ටර් හා සුමිත්‍රා අතර තිබුණු මිත්‍රත්වය හා ළෙන්ගතුකම් ප්‍රේම සම්බන්ධතාවකට පරිවර්තනය වන්නට පටන් ගත්තේ මේ අවධියේය. එහෙත් එය තැන් තැන්වල මුළු ගැන්වී අතිනත් අල්ලා ගෙන පෙම් බස් දොඩන තාලයේ සම්බන්ධතාවක් නොවීය. ඔවුන්ගේ පෙම් පිළිසඳරත් සිනමා පිළිසඳරත් එකක්ම විය.

සුමිත්‍රා ගම්පෙරළියට මුදල් ආයෝජනය කිරීම සඳහා සීතාවක තානායමට යාබදව පරම්පරාවෙන් තමන්ට උරුමව තිබුණු වටිනා ඉඩමක් විකුණා දැමුවාය. 1962 දී රුපියල් 250 කට විකුණා දැමූ ඒ ඉඩමෙහි අද වටිනාකම රුපියල් කෝටි ගණනකි. ගම්පෙරළියට කාර්මික ශිල්පීන් තෝරද්දී එහි සංස්කරණ කටයුතු තමාට භාර දෙන ලෙස සුමිත්‍රා ඉල්ලා සිටියාය. ලෝරන්ස් ඔලිවියර්ගේ ශේක්ස්පියර් චිත්‍රපට, රොබට් ෆ්ලැටිගේ ලුසියානා ස්ටෝරි ආදිය සංස්කරණය කළ කාන්තාවන් ඇයට සිහිපත් වන්නට ඇත. එහෙත් ලෙස්ටර් ඊට කැමති වූයේ නැත. ඔහුගේ තේරීම වූයේය. අවසානයේ දී ටයිටස්ගේ අධීක්‍ෂණය යටතේ ගම්පෙරළිය සුමිත්‍රාට භාර දෙන්නට ලෙස්ටර් එකඟ විය. සුමිත්‍රා මෙනයින් ගම්පෙරළියෙහි සහාය නිෂ්පාදිකාව ද සහාය අධ්‍යක්‍ෂිකාව ද සංස්කාරිකාව ද වූවාය. සුමිත්‍රා ගුණවර්ධන, ප්‍රථම වරට සිනමා ක්‍ෂේත්‍රයෙහි පෙනෙන්නට පටන් ගත්තේ ගම්පෙරළියෙහි සංස්කරණ ශිල්පිනිය වශයෙනි. 1964 මැයි 9 වැනිදා සුමිත්‍රා සිය සිනමා දිවියෙහි ප්‍රථම ජයග්‍රහණය හිමි කර ගත්තාය. ඒ වසරේ දක්‍ෂතම සංස්කරණ ශිල්පියාට හිමි සරසවි සම්මානය දිනා ගැනීමෙනි. ලෙස්ටර් – සුමිත්‍රා සම්බන්ධය විවාහයකට එළඹෙන තරමට මෝරා තිබුණේය. එහෙත් ලෙස්ටර් විවාහකයෙකි. ඔහු දෑවුරුද්දකට ආසන්න කාලයක් මාග්රට් නමැති සුදු කත හා විවාහ දිවියක් ගත කළේය. ඇය රට හැර ගිය පසු ලෙස්ටර් සිතා සිටියේ රේඛාව චිත්‍රපටයෙහි වැඩ නිම කොට යළි ලන්ඩනයට යන්නටය. එහෙත් ඔහු මාග්රට් වඩා සිනමාවට ආලය කළේය. මාග්රට්, හර්ස් නමැති මනෝ වෛද්‍යවරයකු හා විවාහ වූවාය. තවත් ප්‍රශ්න රැසකි. සුමිත්‍රා ලෙස්ටර්ට වඩා අවුරුදු දහසයක් බාලය. සුමිත්‍රා බුද්ධාගමේය. සුමිත්‍රා හැදුණේ වැඩුණේ බොරළුගොඩ වලව්වේ සමසමාජකාරයන් අතරය.

මේ සකලවිධ පරස්පරතා අභිභවන හුයකින් ඔවුන්ගේ දෑඟිලි බැඳ තිබුණේය. ඒ සිනමාවයි. 1964 ජුනි 19 වැනි දා ඔවුහු විවාහ වූහ. එය සුමිත්‍රාගේ පියා සහ ගාමිණී ගුණවර්ධන ඇතුළු ඥාතීන් දහ දොළොස් දෙනෙකුගෙන් ද හිතවතුන් හත් අට දෙනෙකුගෙන් ද සමන්විත ඉතාම සරල චාම් විවාහ මඟුලක් විය. බොරැල්ලේ සියලු සාන්තුවරුන්ගේ පල්ලියේදී විවාහ චාරිත්‍ර ඉටු කළ ඔවුහු ඇන්ටන් වික්‍රමසිංහගේ නිවසෙහි දී කසාදයට අත්සන් කර භෝජන සංග්‍රහයක් පැවැත්වූහ. අනතුරුව කොළඹ තිඹිරිගස්යායේ ජයකොන්ත පටුමගෙහි කුලී නිවෙසකටත් එතැනින් බ්‍රවුන්රිග් පාරේ (කැප්පෙටිපොළ මාවත) කුලී නිවෙසකටත් පදිංචියට ගියහ.

ආදර මල් නොමියේ….
දගකාර යෞවනය

අදටත් ඔවුන් පදිංචි වී සිටින්නේ කොළඹ, ඩික්මන් පාරේ කුලී නිවෙසකය. ඉඩම් ගන්නට, ගෙවල් තනන්නට, සුව පහසු යාන වාහන මිලදී ගන්නට තබා දරුවන් හදන්ටවත් ලෙස්ටර් හෝ සුමිත්‍රාට වුවමනාවක් තිබුණේ නැත. ඔවුන් හුස්ම ගත්තේ සිනමාව සමඟය. එය ඔවුන්ගේ ජීවිතයේ ආස්වාදනීයම ක්‍රියාව විය. ප්‍රංශ රජයෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් මත 1970-71 දෙවසර තුළ සුමිත්‍රා සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාවක් (The conservatoire Independent Du cinema) හැදෑරීම සඳහා යළි ප්‍රංශයට ගියාය. ඒ වන තුරු ලෙස්ටර්ගේ සියලු චිත්‍රපටවල සංස්කාරිකාව වූයේ ඇයයි. ඒවා අතර දෙලොවක් අතර, රන්සළු, ගොළු හදවත, අක්කර පහ යන චිත්‍රපට වූයේය. දෙලොවක් අතර සඳහා 1966 දක්ෂතම සංස්කාරිකාවට හිමි සරසවි සම්මානය ඇයට හිමි විය. ප්‍රංශ චාරිකාව නිසා ලෙස්ටර්ගේ විශිෂ්ටතම චිත්‍රපටය වූ නිධානයට දායක වන්ට ඇයට අවස්ථාව නොලැබිණි. සුමිත්‍රා ප්‍රංශයෙහි සිට ලංකාවට ආවේ චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්නට සිතා ගෙනය. එය හැමදාමත් ඇයගේ සිත තුළ තිබුණු ආශාව යි. එහෙත් ඒ වනවිට නිෂ්පාදනයෙහි පැවතුණු ලෙස්ටර්ගේ ගෝඩ් කිංග් චිත්‍රපටය සංස්කරණය කරන්නටත් සිදු වූ බැවින් ඒ අදහස යටපත් විය.

1978 දී සුමිත්‍රා ඇයගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්‍ෂණය ජනතාව අතරට ගෙන ආවාය. කරුණාසේන ජයලත්ගේ ගැහැනු ළමයි නවකතාව පදනම් කරගත් ඒ චිත්‍රපටය රසිකයෝ ද විචාරකයෝ ද මහත් උණුසුම් ලෙස පිළිගත්හ. ඒ මෙතෙර දී පමණක් නොව එතෙරදීත් ය. මදුරාසියේ පැවති ෆිමෝත්සව් 78 හි දී ලන්ඩන් ටයිම්ස් ප්‍රවෘත්ති පත්‍රයේ ඩේවිඩ් රොබින්සන් පැවසුවේ මදුරාසි චිත්‍රපට උළෙලේ දී පෙන්වූ විදේශීය චිත්‍රපට අතරින් මුළුමනින්ම අලුත් යැයි කිව හැකි නිර්මාණය නම් සුමිත්‍රාගේ ගැහැනු ළමයි බවයි. ලන්ඩන් ෆයිනැන්ෂල් ටයිම්ස් පත්‍රයේ නයිජල් ඇන්ඩෘස් පැවසුවේ ගැහැනු ළමයි තුළින් පෙරදිග සිනමාවට මහත් බලාපොරාත්තු තැබිය හැකි අධ්‍යක්‍ෂවරියක් බිහි වී සිටින බවයි. 1978 ලන්ඩන් චිත්‍රපට උළෙලෙහි දී ගැහැනු ළමයි චිත්‍රපටයට ලැබුණු පැසසුම් අපමණය.

ආදර මල් නොමියේ….

මහාචාර්ය සුනිල් ආරියරත්න

]]>
https://divaina.lk/%e0%b6%86%e0%b6%af%e0%b6%bb-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%9a/feed/ 0
මගේ ජීවිතයේ චණ්ඩිකම් තිබුණේ සිනමාවේ විතරයි https://divaina.lk/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a0%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6/ https://divaina.lk/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a0%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6/#respond Thu, 08 Dec 2022 23:54:00 +0000 https://divaina.lk/?p=114772 ශ්‍යාමා ආනන්ද කලකට පසු සිනමා කලා වෙත කතා කරයි

අපේ සිනමා වංශ කතාවේ එක් පරිච්ඡේදයක් වෙන් වන්නේ එම්. එස්. ආනන්ද නම්වූ සිනමාකරුවා වෙනුවෙනි. ද්‍රවිඩ ජාතිකයෙකු වූ ඔහුගේ සැබෑ නම එම්. එස්. ආනන්දන්ය. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකූ, කැමරා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම දෙබස් හා තිරනාටක රචකයෙකු ලෙස වසර පනස් පහකට ආසන්න කාලයක් සිය ජීවිතය කැප කළ ඔහු 2015 ජූනි 24 වැනිදා මෙලොව හැර ගියේය.

ලංකා චිත්‍රාගාරයේ ප්‍රධාන කැමරා ශිල්පියා වූ එම්. එස්. ආනන්ද 1959 වසරේදී ගැහැණු ළමයි චිත්‍රපටය කැමරා කරමින් සිනමාවට පිවිසියේය. සිතක මහිම, සත පනහ, ප්‍රවේශම් වන්න ඇතුළු චිත්‍රපට අටක් අධ්‍යක්ෂණය කළ හෙතෙම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රන්මුතු දූව (සහාය), අක්කර පහ, ගොළු හදවත, නිධානය, මඩොල් දූව ‘මෙන්ම ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ ගැහැනු ළමයි ’ කැමරා ශිල්පියා විය.

එම්. එස්. ආනන්ද 1969 වසරේදී තම හයමස් වියැති දියණිය සිනමා රංගනයට සම්බන්ධ කර ගන්නේය. ඒ රොබින් තම්පෝ නිපදවූ වෙන ස්වර්ගයක් කුමටද චිත්‍රපටයටය. ඇය ශ්‍යාමාය. එතැන් පටන් තමන් දායකවූ සුවිනීත ලාලනී, සුහද දිවි පිදුම, සිතක මහිම, සතපනහ, ඇතුල්වීම තහනම්, සෙනෙහස ඇතුළු චිත්‍රපට කීපයක ළමා චරිත සඳහා දියණිය ශ්‍යාමා එක්කර ගන්නා ආනන්ද බේබි ශ්‍යාමා ලෙස ඇය තිරයට හඳුන්වා දුන්නේය.

මගේ ජීවිතයේ චණ්ඩිකම් තිබුණේ සිනමාවේ විතරයි

1969 වසරේදී පියා විසින් නිෂ්පාදනය කළ ප්‍රථම චිත්‍රපටය ප්‍රවේශම්වන්න සිනමාපටයේ ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම සහ මාලිනී ෆොන්සේකා සමග ද්විත්ව චරිත රඟන බේබි ශ්‍යාමා එම වසරේ හොඳම ළමා නිළියට හිමි දීපශිකා සම්මානය හිමිකර ගත්තාය.

1975 දී එම්. එස්. ආනන්ද අපේ සිනමාවේ පෙරළියක් කළේය. ඒ සිය දියණිය ප්‍රධාන කේන්ද්‍රකර ගනිමින් චිත්‍රපට කීපයක් නිපදවීය. මගේ නංගි ශ්‍යාමා ඉන් පළමුවැන්නය. රෝයි ද සිලවා, එච්. ආර්. ජෝතිපාල සහ සුමනා අමරසිංහ සමග එහි රඟපෑ බේබි ශ්‍යාමා වඩාත් කතාබහට ලක්වූයේ චණ්ඩි ශ්‍යාමා චිත්‍රපටයෙනි. එහිද ඈ ද්විත්ව චරිත රඟපෑවේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමගිනි. වාණිජ අතින් ඉතා සාර්ථක වූ චණ්ඩි ශ්‍යාමා ඉහළ ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති සම්මානයද හිමිකර ගත්තේය. ඉන් පසු එම්. එස්. ආනන්ද 1982 දී “ හලෝ ශ්‍යාමා” නිර්මාණය කළේය. ශ්‍යාමා එහිද ගාමිණී ෆොන්සේකා සමග රඟපෑවාය.

බේබි ශ්‍යාමාගේ රංගන ජීවිතය වෙනසකට ලක්වූ චිත්‍රපටයක් වූයේ සුමිත්‍රා පීරිස්ගේ ගැහැණු ළමයිය. බේබි ශ්‍යාමා නමින් නොව ශ්‍යාමා ආනන්ද ලෙස ඇය ප්‍රේක්ෂකයා අතරට පැමිණියේ ගැහැනු ළමයිහි පද්මිණී නමැති චරිතයෙන් බව පැවසීම වරදක් නොවේ.

කාලයක් අපේ සිනමා අඹරේ දීප්තිමත්ව පෑයූ මේ තරුව, ශ්‍යාමා ආනන්ද අද පදිංචිව සිටින්නේ කැනඩාවේය. පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරට පැමිණි අවස්ථාවක හමුවූ ඈ අතීත සිනමාව සිහිපත් කළේ ඉතා සතුටිනි.

“ ඇත්තටම මම සිනමාවට ආවේ මගේ තාත්තා නිසා. මගේ අම්මා වයලට් ආනන්ද. තාත්තා ශ්‍යාමා පීරීස් එකක්ම කරලා මාව ප්‍රමෝට් කළා. සතපනහ, සිතක මහිම, ඇතුළුවීම තහනම් අධ්‍යක්ෂණය කළේ තාත්තා. මමත් ළමා චරිත රඟපෑවා. පුංචි කාලෙ ඉඳන්ම මම චිත්‍රපට ගැන දන්නවා. ගෙදරට ඒ කාලේ නිතරම නළු නිළියෝ එනවා. තාත්තා වැඩියෙන්ම කැමැති වුණේ ගාමිණී ෆොන්සේකව එයාගේ චිත්‍රපටවලට ගන්න. ඒත් සමහර නිෂ්පාදකවරුන්ගේ කැමැත්ත නිසා වෙනත් නළුවන්ව ගන්න තාත්තට සිද්ධ වුණා. මට වයස අවුරුදු දොළහේදී තමයි මගේ නංගී ශ්‍යාමා රඟපෑවේ.

මට මතකයි ප්‍රවේශම් වන්න චිත්‍රපටයට තාත්තා නළු නිළියන්ව හොයනවා. මගේ අම්මා මේ වැඩේට කොහොමත් තාත්තට සහයෝගය දෙනවා. චිත්‍රපටයේ මගේ මව්පියන්ගේ චරිතවලට තමයි මේ තෝරන්නේ. ටෝනි රණසිංහව ප්‍රධාන චරිතෙට තේරුවා. නිළියක් හොයද්දී අම්මා මාලිනී ෆොන්සේකගේ ප්‍රථම චිත්‍රපටය පුංචි බබා දැකලා තාත්තට කිව්වා මේ ළමයාගේ මූණ හරිම ලස්සනයි මෙයාව ගනිමු කියලා. පස්සෙ තාත්තත් මාලිනීට කැමැති වුණා. මාලිනී පළමුවරට සාරි ඇඳලා ගස් වටේ සිංදු කියලා නැටුවේ මේ චිත්‍රපටයේ. මට මේ චිත්‍රපටයට සම්මානයකුත් ලැබුණා. ජනතාව මාව හඳුනාගත්තේ මේ ප්‍රවේශම් වන්න චිත්‍රපටයෙන්. තාත්තගේ සහාය අධ්‍යක්ෂවරයා වුණු ලෙනින් මොරායස්ට මාලිනී ගැන කියලා තාත්තා රෙක්මන්ඩ් කළා. ඉන් පස්සේ තමයි “දැන් මතකද” චිත්‍රපටයට මාලිනීව ගත්තේ. ජෝතිපාලව මුළින්ම චිත්‍රපටයකට ගත්තේ තාත්තා. ඒ ඇතුළුවීම තහනම් චිත්‍රපටය. තාත්තා මට මේ කතා ඉස්සර කියනවා.

තාත්තා හරිම ආදරෙයි විජය කුමාරතුංගට. ඉතින් විජයව චිත්‍රපටයකට ගන්න තාත්තට උවමනාව තිබ්බා. චණ්ඩි ශ්‍යාමා එකේ රෙක්ස් කොඩිප්පිලි කළ චරිතෙට විජයව ගන්න තමයි මුළින්ම තාත්තා තීරණය කළේ. ගාමිණී එක්ක විජය රඟපෑව නම් චණ්ඩි ශ්‍යාමා එදා තවත් ජනප්‍රිය වෙනවා. ඒත් විජයට දින තිබුණේ නැහැ.

පොඩි කාලේ මට හැමෝම කිව්වේ බේබි කියලා. ඒ නිසා තමයි බේබි ශ්‍යාමා කියලා මගේ නම චිත්‍රපටවල නාමාවලියට දැම්මේ.

මගේ නංගී ශ්‍යාමා, චණ්ඩි ශ්‍යාමා, හලෝ ශ්‍යාමා වැනි චිත්‍රපටවල දඟකාර දැරියක ලෙස රඟද්දී ඇය පාසල් සිසුවියකි.

මුළින් කොළඹ ශාන්ත බ්‍රිජට් කොන්වන්ට් ඒකට මම ගියේ. මම ඉස්කෝලෙ ගියේ සාමාන්‍ය ළමයෙක් විදිහට. ඒ ළමයින්ට ගාණක්වත් නැහැ මම රඟපානවා කියලා. ඉන් පස්සේ විශාකා එකට ගියා. විශාඛා ළමයි මට ඉන්න දුන්නෙ නැහැ. විහිළු කළා. චණ්ඩි ශ්‍යාමා තිරගත වුණේ 1978 දී. එතකොට මම උසස් පෙළ කරන කාලේ. චිත්‍රපටවල මම චණ්ඩි ශ්‍යාමා වුණාට සැබෑ ජීවිතයේදී එහෙම චණ්ඩිකම් කළේ නැහැ. ඒත් හැම දේකටම ඉස්සරහට ආවා. මම තමයි අහවල් නිළිය කියලා පන්තියේ ලොකුකම් පෙන්නන්න ගියේ නැහැ. ඒ නිසා ගුරුවරුන් මා ගැන දැන සිටියත් ඒ බව ඇඟෙව්වේ නැහැ.

රෑට ෂූටින්. ඒත් පහුවැනිදා අම්මා මාව ඉස්කෝලේ යවනවා. සමහරදාට මේක්අප් එක්කම දඩිබිඩි ගාලා ඉස්කෝලේ යනවා.

ගැහැනු ළමයි පද්මිණී චරිතය ගැනත් ශ්‍යාමා ප්‍රසාදයෙන් යුක්තව කතා කළාය.

පද්මිණී.. වෙනමම චරිතයක්. ආචාර්ය සුමිත්‍රා පීරිස් මාව තමයි මුළින්ම ගැහැණු ළමයි රඟපාන්න තෝරගත්තෙ. ඊට පස්සෙ තමයි අනෙක් ශිල්පීන්ව තෝරගත්තේ. තාත්තා මේ චිත්‍රපටයෙත් කැමරා අධ්‍යක්ෂවරයා. සාමාන්‍යයෙන් කැමරාව ඉස්සරහට ගියාම මම ඒ චරිතය ගැන විතරයි හිතන්නේ. ඒ නිසා වෙන්න ඇති අදත් සමහර රසිකයින් මාව දැක්කම ගැහැනු ළමයි පද්මිණි ගැන කතා කරනවා. චණ්ඩි ශ්‍යාමා ඇවිත් මාස තුනකට පස්සෙ තමයි ගැහැනු ළමයි තිරගත වුණේ. ඒ නිසා මගේ රසිකයින් හුඟදෙනෙක් ගැහැනු ළමයි බලන්න ගියා.

ඔබේ රසිකයින්ට ඉන් පසු සිනමා තිරයේ ඔබව දකින්න ලැබෙන්නේ නැහැ. මගේ ප්‍රශ්නයට ඇය මෙසේ පිළිතුරු දුන්නාය.

තාත්තා මාව වෙන අයගේ චිත්‍රපටවලට යැව්වේ නැහැ. හොඳ අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් මට චිත්‍රපටවලට කතා කළා. ඒත් තාත්තා කැමැති වුණේ නැහැ. අන්තිමට මම රඟපෑවේ හලෝ ශ්‍යාමා. ඒක තිරගත වෙද්දී මම විවාහවෙලා. මම වයස අවුරුදු විස්සෙදි විවාහ වුණා. සාලිය පෙරේරා මගේ සැමියා. ඉස්සර නාවල අපේ ආච්චිලගේ ගෙදර ළඟ ග්‍රවුන්ඩ් එකට සාලිය එනවා ක්‍රිකට් ගහන්න. අපි ඉතින් හම්බ වෙනවා.

● ලංකාවෙන් ආවේ ඇයි..?

අවුරුදු දෙක තුනකට කැනඩාවට ආපු අපි මේ වෙද්දි අවුරුදු තිස් පහක් මෙහේ ජීවත්වෙනවා. තාත්තා කැමැති වුණෙත් නැහැ මම ලංකාවට එනවට. තාත්තා අන්තිමට කළේ “මම බය නැහැ ශ්‍යාමා චිත්‍රපටයේ. ඒකේ මගේ දුව මන්දිරා ආනන්දි රඟපෑවා. ගාමිණී ෆොන්සේකාත් රඟපෑවා. අපේ පුතා රිචී පෙරේරා. මන්දිරා විවාහකයි. චණ්ඩි ශ්‍යාමා දැන් මුණුපුරන් දෙන්නෙකුගේ ආච්චි කෙනෙක්.

● අජිත් අලහකෝන් – නිව්යොර්ක්

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a0%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6/feed/ 0
වසර 15කට පසු ජයන්ත චන්ද්‍රසිරිගෙන් ටෙලිනාට්‍යයක් https://divaina.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-15%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%a2%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b7%83/ https://divaina.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-15%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%a2%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b7%83/#respond Sun, 25 Sep 2022 00:00:00 +0000 https://divaina.lk/?p=99254 අපට අද අත්දකින්න ලැබෙන්නේ සාරය අහිමි කරපු සමාජයක්!
බුද්ධදාස විතානාරච්චි මගේ නිර්මාණ ජීවිතයේදී හමුවුණු අති විශිෂ්ට රංගධරයෙක්…

වෙද හාමිනේ, වෙස්මුහුණ, දඬුබස්නාමානය අකාල සන්ධ්‍යා, රැජන, සතරදෙනෙක් සෙන්පතියෝ වැනි සම්භාව්‍ය සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් නිර්මාණය කළ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම ටෙලි නාට්‍ය නිර්මාණය ”නන්නත්තාර” සෙනසුරාදා (24) පටන් සෑම සෙනසුරාදා ඉරිදා දිනකම රාත්‍රී 9.00ට ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය කෙරෙයි.

NSBM හරිත සරසවි සුභසාධක සංගමයේ නිෂ්පාදනයක් වශයෙන් කලඑළි බසින ”නන්නත්තාර” ඉතා දීර්ඝ කාලයකට පසු ජයන්ත චන්ද්‍රසිරිගේ ටෙලිවිෂන් ආගමනය ද සනිටුහන් කරයි.

ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, සනත් ගුණතිලක, කුසුම් රේණු, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මේඝ සූරියආරච්චි, වින්ධ්‍යා දෙගල්දොරුව (හඳුන්වා දෙන), චුලක්ෂි රණතුංග, අනුරාධා එදිරිසිංහ, බුද්ධික ජයරත්න, වසන්ත විට්ටච්චි, මෞලි ෆර්ඩිනැන්ඩු, නිර්මලා නිශාන්ති, දෙව්නක පෝර ගේ, එරික් පෙරේරා (හඳුන්වා දෙන), උදිත ගුණරත්න, දිමුතු චින්තක, උපතිස්ස බාලසූරිය, මහින්ද තෙන්නකෝන්, සෙනේෂ් දිසානායක, මීමුරේ සඳුන් බණ්ඩාර, චින්තක වාස්, මහේෂ් වික්‍රමසිංහ, නුවන් සේනක, නුරාධිකා සේරසිංහ, ශිරාණි කොස්තා, ජයනාත් බෝධාහන්දි, හේමන්ත රන්දුණු, තිස්ස ගුණතිලක, උදේනි අල්විස්, ගීත් පෙරේරා, තනූජාවි විජේවික්‍රම, ලක්ෂ්මන් මානවඩු, සංජය බණ්ඩාරනායක,මොහොමඩ් අලි රජාබ්ඩීන්, නිකිණි සඳමිණි ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණයේ යෙදෙන මෙහි සංගීතය නවරත්න ගමගේගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් නිශාන්ත ප්‍රදීප් ද, කලා අධ්‍යක්ෂණයෙන් නිපුන් චතුරංග සහ සමන් වන්නිආරච්චි ද, සහභාගි වූ නන්නත්තාරහි සහාය අධ්‍යක්ෂණය නිමල් ෆ්‍රැන්සිස් සහ විමල් දේශප්‍රියගෙනි. සංස්කරණය මේඝ සූරියආරච්චි ය. නිෂ්පාදන කළමනාකරණය නන්දලාල් ජයසිරි ය. විධායක නිෂ්පාදනය අකිල වීරසිංහ සහ තිළිණි ද සිල්වාගෙනි.

වසර 15කට පසු ජයන්ත චන්ද්‍රසිරිගෙන් ටෙලිනාට්‍යයක්

ජයන්ත චන්ද්‍රසිරි නමැති සිනමාවේදියා වසර පහළවකට පසු යළිත් ටෙලි නාට්‍ය කලාවට ප්‍රවේශ වන්නේ ඇයි?

කාලයක් මුළුල්ලේම මගතොට මුණ ගැසෙන බොහෝ රසිකයන් මගෙන් නගන ප්‍රශ්නයක් තිබුණා, ඇයි ඔවුන් වෙනුවෙන් යළිත් ටෙලි නිර්මාණයක් ඉදිරිපත් නොකරන්නේ ආදී වශයෙන්. අප හැමවිටම දිරිමත් කරන සහ අගය කරන මේ රසික පිරිසට මා නොකියූ දේ තමා ශ්‍රී ලංකාවේ වත්මන් ටෙලි නාට්‍ය කර්මාන්තයේ පවතින වැරදි වෙළෙඳපොළ තර්කනය අප එයින් ඈත් කර තබන බව. රටේ අති බහුතර ප්‍රේක්ෂක පිරිසක් නරඹන ප්‍රබල මාධ්‍යයක් බොහෝ විට අයාලේ යවා තිබීම පිළිබඳව රසිකයන් වගේම අපත් විශාල කනස්සල්ලකින් තමයි හිටියේ. නමුත් මගේ කලා සගයකු වගේම විශිෂ්ට ටෙලිනාට්‍ය කරුවකු ද වන සුදත් රෝහණ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති තනතුරට පත්වූ පසුව ඒ තත්ත්වය වෙනස් කිරීමේ අභිලාෂයෙන් යුක්තව මා ඇතුළු ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍යකරුවන් ගණනාවකට ආරාධනා කළා ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් හොඳ ටෙලිනාට්‍ය නිර්මාණය කරන ලෙසට. මං හිතන්නේ සුදත් ගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා, මං ඒ අවස්ථාව භාර ගනියි කියලා. නමුත් මා අර පෙර කී වෙළෙඳපොළ තර්කනය ඒ සඳහා මා තවදුරටත් මන්දෝත්සාහී කරමින් තිබුණ නිසා ඒ අවස්ථාව ලබා නොගෙන වෙනත් අය වෙනුවෙනුයි මා කතා කළේ. ඔය අතර විශේෂ දෙයක් සිදුවුණා. ඒ තමා, මා කවදත් ගරු කරන අධ්‍යාපන ආයතනයක් වූ NSBM හරිත සරසවිය එහි සුබසාධක සංගමය වෙනුවෙන් හොඳ ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීමට මට ඇරයුම් කිරීම. ඒ අනුව මම ඒ ආරාධනය පිළිගත්තා පමණක් නොවෙයි, මා තෝරාගත් සියලුම නළු නිළියන්, ශිල්පීන් සමග එක්ව නන්නත්තාර ටෙලි වෘත්තාන්තය නිර්මාණය කළා. අනාථ වූ සහ විසිරුණු රසිකාගාරයක් යම් මට්ටමකින් හෝ යළිත් සනාථ කළ හැකි යැයි මා හිතනවා. ඒ වගේම එය කොටසක්වත් මග නොහැර නරඹන ලෙසටත් මම මගේ රසිකයන්ගෙන් දයාබරව ඉල්ලා සිටිනවා.

ප්‍රවීණ නළු බුද්ධදාස විතානාරච්චි මහතා පදිංචිය සඳහා ඔස්‌ට්‍රේලියාවට යමින් ප්‍රකාශ කර සිටියේ ඔහු රඟපෑමෙන්ද සමු ගන්නා බවයි. හැබැයි ජයන්ත චන්ද්‍රසිරි ආරාධනා කළොත් ඔහු යම් කෘතියක රඟපෑමට පැමිණෙන බවත් කිව්වා ඒ ගැන මොකද කියන්නේ?

වසර 15කට පසු ජයන්ත චන්ද්‍රසිරිගෙන් ටෙලිනාට්‍යයක්

ඔහු දිවයිනෙන් නික්ම යෑමත්, රූපණයෙන් සමුගැනීමත්, මා අතිශය කනගාටුවට පත්වන කාරණාවක්. බුද්ධිගේ රුවට කලින් මා අසා තිබුණේ ඔහුගේ හඬයි. ඒ විමුක්ති ගී ප්‍රසංගය සජීවිමත් කළ ඔහුගේ කථනයයි.

අප මුල්වරට හමුවන්නේ 80 දශකයේ මුල සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයේ තිබුණු “සර්ජි අයිසන්ස්ටයින් ෆිල්ම් ක්ලබ්” එකේදී. එහි ලේකම් වශයෙන් කටයුතු කළේ මමයි. (සභාපති වූයේ ධර්මසිරි බණ්ඩාරනායකයි.)

ඒ මුල්ම හඳුනා ගැනීමේ පටන් අප අතර පැවතියේ පුදුමාකාර බැඳීමක්. එහි ප්‍රතිඵලය වශයෙන් මගේ දෙවැනි ටෙලි නාට්‍යය වන “වෙස්මුහුණ”හි ආගන්තුක චරිතයකට මා ඔහුට ආරාධනා කළා. ඒ ටෙලිනාට්‍යයේ අවසාන කොටසේ, අවසාන රූප රාමුව. මේ අවසාන රූප රාමුව ඔහු ගේ රංගන ජීවිතයේ විශාල වෙනසක ආරම්භය වෙයි කියලා බුද්ධි එදා හිතන්න නැතුව ඇති. මා ඊළඟට නිර්මාණය කළ “දඬුබස්නාමානයේ” සේතුපාල ගුරුන්නාන්සේගේ චරිතයට බුද්ධි පණ පිහිටුවන්නේ ඒ මා කී රූපරාමුව සදාකල්හිම මගේ හදවතේ සනිටුහන්ව තිබීම නිසයි. ඔහු මගේ නිර්මාණ ජීවිතයේදී හමුවුණු අති විශිෂ්ට රංගධරයෙක්. ඒ වගේම මේ ජීවිත කාලය තුළ මට මෙතෙක් මුණගැසුණු ගුණවන්ත මිනිසුන් අතලොස්ස අතරින් කෙනෙක්.

වසර 15කට පසු ජයන්ත චන්ද්‍රසිරිගෙන් ටෙලිනාට්‍යයක්

නන්නත්තාර පූර්ව ප්‍රචාරක වැඩසටහන නැරඹූ අපට දැනුණේ, එය ඔබ මෙතෙක් කළ ටෙලි නිර්මාණවලට වඩා වෙනස් එකක් බවයි….

ඔබේ සිතිවිල්ල වැරදි නැහැ. මගේ බොහෝ පසුගිය නිර්මාණවලින් මං කරල තියෙන්නේ අතීතය සමීකරණයක් වගේ යොදා ගෙන වර්තමානය ප්‍රශ්න කරන එක. නන්නත්තාර වර්තමානය තුළින්ම ප්‍රශ්න කෙරෙන්නක්.

වර්තමානය ඔබට පෙනෙන්නේ විශාල කසළ ගොඩක් වගේ දෙයක් විදිහට ද?

ඔබ හරියටම හරි. හැබැයි ඒ විතරකුත් නෙවෙයි, අපට අද අත්දකින්න ලැබෙන්නේ සාරය අහිමි කරපු සමාජයක්. අපේ තේමා ගීතයෙනුත් මේක ටිකක් කියවෙනවා.

නන්නත්තාරේ – නන්නත්තාරේ
සෝකෙන් පිපිලා – හීනෙන් දැවිලා අන්ධකාරේ
ගිය ගිය තැන – ගිය ගිය තැන නෑනේ සාරේ

සාරය නැතුවා පමණක් නෙවෙයි. සමාජයේ සමහර තැන්වල තිබුණු සාරය වෙනුවට වෙනත් සාරයක් කෘත්‍රිමව එක් කරලත් තිබෙනවා. ඒ ව්‍යාජ සාරය තමයි සමාජයේ නැගලම යන්නේ.

අන්තිමට මං “උගේ හෙවණැල්ලෙම උඩ ඌ හිටගෙන කළු කළෙ කවුදැයි අසයි” කිව්ව වගේ සමාජයට මෙහෙම වුණේ ඇයි කියලා හැමෝම විස්සෝප වෙන්නෙ සමාජයට එහෙම කළේ තමන්මයි කියලා හොඳ හැටි දැන දැනමයි.

වසර 15කට පසු ජයන්ත චන්ද්‍රසිරිගෙන් ටෙලිනාට්‍යයක්
වසර 15කට පසු ජයන්ත චන්ද්‍රසිරිගෙන් ටෙලිනාට්‍යයක්

නන්නත්තාරයෙන් ඔබ අලුත් නිළියක් හඳුන්වා දෙනවා…

ඔව්, ඒ තමා වින්ධ්‍යා දෙගල්දොරුව. ඇය නිරූපණය කරන්නේ රම්භාගේ චරිතය. කුඩා කලම මව සමග බන්ධනාගාර ජීවිතයක් ගත කළ වර්තමානයේ ඉහළ සමාජයේ ගණිකාවක් වූ රම්භා ආදරය තහනම් කළ නිවසක භාර්යාවක් වෙනවා. මේ නිවස බිහිසුණු අපරාධ සංවිධානයක මූලස්ථානයක්. එහි ඇත්තටම පවුලක් නැහැ. එහි තිබෙන සියල්ලම තනතුරු පමණයි. රම්භාටත් හිමිවන්නේ භාර්යාව වශයෙන් තනතුරක්. මේ සුඛෝපභෝගී ජීවිතයට වඩා තමා නන්නත්තාරයින් සමඟ ගතකළ චමරියේ ජීවිතය මොන තරම් අව්‍යාජ එකක්දැයි ඇයට ක්‍රමයෙන් වැටහෙන්නට ගන්නවා. ඒත් ඇය ප්‍රමාද වැඩි ද?

මේ සංකීර්ණ චරිතය වින්ධ්‍යා ඉතා අපූරුවට නිරූපණය කළා කියා මා හිතනවා. මෙහිදී ඇයගේ ත්‍රිකෝණගත ආදරයට හසුව සිටින මනනන්ද (මේඝ සූරියආරච්චි) හා විජේ අයියා (ඉසුරු ලොකුහෙට්ටිආරච්චි) ඇයට නොමඳ සහයක් ලබා දුන්නා කියා මා හිතනවා.

දිනේෂ් විතාන

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-15%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%a2%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%a0%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e0%b6%bb%e0%b7%83/feed/ 0