Coca-Cola Foundation – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 07 Apr 2023 09:17:05 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Coca-Cola Foundation – Divaina https://divaina.lk 32 32 කොකා-කෝලා පදනම සහ රතු කුරුස සමාජය අපද්‍රව්‍ය එකතු කරන්නන් 1800කට අධික ප‍්‍රමාණයක් නගා සිටුවීමට එක් වෙයි https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b4%e0%b6%af%e0%b6%b1%e0%b6%b8-%e0%b7%83%e0%b7%84-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b4%e0%b6%af%e0%b6%b1%e0%b6%b8-%e0%b7%83%e0%b7%84-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94/#respond Sat, 08 Apr 2023 23:50:00 +0000 https://divaina.lk/?p=138303 2023 ලෝක ප‍්‍රතිචක්‍රිරීකරණ දිනයේදී ප‍්‍රාදේශීය ප‍්‍රජාවන්ගේ ජීවන තත්වය නඟා සිටුවීම වෙනුවෙන් හා ශ‍්‍රී ලංකාවේ අපද්‍රව්‍ය එකතු කරන ප‍්‍රජාවට උපහාර දැක්වීම සම්බන්ධයෙන් වන කැපවීම නැවත අවධාරණය කරමින් කොකා-කෝලා පදනම (TCCF) ශ‍්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සමඟ එක්ව කසල එකතු කරන්නන්ගේ ආහාර අනාරක්ෂිතභාවය විසඳීම උදෙසා කඩිනම් සහාය ලබා දීමට කටයුතු කර ඇත.

ඒ අනුව තෝරාගත් දිස්ත‍්‍රික්ක 10ක අපද්‍රව්‍ය එකතු කිරීම ප‍්‍රධාන ආදායම් මාර්ගය කරගත් පවුල් 1800කට අධික සංඛ්‍යාවක් වෙත වියළි සලාක හා ඖෂධ සහිත අත්‍යාවශ්‍ය ආහාර පැකේජයක් ලබා දීමට ඔවුන් කටයුතු කර ඇත.

අවදානමට ලක්විය හැකි අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ පවුල් දිස්ත‍්‍රික්ක 10කින් තෝරා ගනිමින් ඔවුන් වෙත සහන පැකේජ ලබා දීම වෙනුවෙන් මෙතෙක් ක්‍රියාත්මක කළි ‘Say We Care’ වැඩසටහන තවදුරටත් දීර්ඝ කිරීමට TCCF සහ SLRCS කටයුතු කරන ලදී’ එම දිස්ත‍්‍රික්කයන්හි අපද්‍රව්‍ය එකතු කරන්නන් ඇතුළුව ආර්ථික තත්වය හේතුවෙන් අහිතකර බලපෑමට ලක්වූ ප‍්‍රජාවන් විශාල ප‍්‍රමාණයක් වාර්තා විය’ එහිදී සාමාජිකයින් 4 සිට 5 දක්වා වූ පවුලකට දළ වශයෙන් මාස 2ක කාලයක් සඳහා ප‍්‍රමාණවත් ආහාර මළු 1800කට අධික ප‍්‍රමාණයක් කාන්තා/තනි මූලික පවුල්” අඩු ආදායම්ලාභී පවුල් (දෛනික වැටුප් ලබන්නන්) ස්ථිර නිවසක් නොමැති පවුල් සහිත අපද්‍රව්‍ය එකතු කරන්නන් අතර බෙදා දීමට නියමිතය’ එසේම ස්ථිර රෝගී තත්වයක් හෝ ශාරීරික හෝ මානසික ආබාධ සහිත සාමාජිකයින් සිටින පවුල්” අවුරුදු 5ට අඩු දරුවන් සිටින හෝ පෝෂණ ඌණතා සහිත ගැබිණි හෝ කිරි දෙන මව්වරුන් සිටින පවුල් ස්ථිර ආදායමක් නොමැති වයෝවෘද පවුල් සඳහාද එම සහන සලාකය ලබා දීමට TCCF සහ SLRCS මේ යටතේ කටයුතු කර ඇත.

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd%e0%b7%8f-%e0%b6%b4%e0%b6%af%e0%b6%b1%e0%b6%b8-%e0%b7%83%e0%b7%84-%e0%b6%bb%e0%b6%ad%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94/feed/ 0