covid 19 – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 23 May 2023 16:37:00 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg covid 19 – Divaina https://divaina.lk 32 32 මේ මාසයේ දින 12ට කොවිඩ් රෝගීන් 100ක් – මරණ 16 ක් https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-12%e0%b6%a7-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b7%93/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-12%e0%b6%a7-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b7%93/#respond Tue, 23 May 2023 23:45:00 +0000 https://divaina.lk/?p=146741 කොවිඩ් රෝගය යළිත් හිස ඔසවමින් තිබෙන අවස්ථාවක මෙම මාසයේ ගතවූ දින 12 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් 100 දෙනකු පමණ හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

එසේම මෙම දින 12 තුළ කොවිඩ් මරණ 16 ක් වාර්තා වී ඇතැයිද එම අංශ කියයි.

මැයි 12 වැනිදා කොවිඩ් මරණ 2 ක්ද, 14 වැනිදා එක් කොවිඩ් මරණයක්ද, 16 වැනිදා කොවිඩ් මරණ 2 ක්ද, 17 වැනිදා කොවිඩ් මරණ 3 ක්ද, 18 වැනිදා කොවිඩ් මරණ 3 ක්ද, 19 වැනිදා එක් කොවිඩ් මරණයක්ද 20 වැනිදා කොවිඩ් මරණයක්ද, 22 වැනිදා කොවිඩ් මරණ 3 ක්ද ලෙස මෙම මරණ සිදුව තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජිව තත්සර

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-12%e0%b6%a7-%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b6%9c%e0%b7%93/feed/ 0
කොරෝනාවෙන් මියගිය පියා රහසේම වළදාලා – දින දෙකකට පසු මව සහ දියණියත් මරුට https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%bb/#respond Thu, 09 Sep 2021 00:30:00 +0000 https://divaina.lk/?p=18338 පුත්තලම, වෙප්පමඩුව ප‍්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි මව හා දියණියට කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති අතර දින දෙකකට පෙර මරණයට පත්වූ පියාගේ සිරුර රහසේම මිහිදන් කිරීම සම්බන්ධව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සිදුකළ පැමිණිල්ලකට අනුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.

කොරෝනාවෙන් මියගිය  පියා රහසේම වළදාලා - දින දෙකකට පසු මව සහ දියණියත් මරුට

පුත්තලම වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ දේහය මිහිදන් කර තිබේ. මෙම කොරෝනා මරණ සිදුවූ නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු තුනක දරුවකු ඇතුළු හයදෙනකු නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙසේ කොවිඞ් ආසාදිතව මරණයට පත්ව ඇත්තේ පුත්තලම – මන්නාරම මාර්ගයේ වෙප්පමඩුව පදිංචිව සිටි 51 හැවිරිදි සිත්ති අජීබා හා ඇගේ  දියණිය වන 37 හැවිරිදි ෆාතිමා සහානා නමැති එකම නිවසේ පදිංචි අය වේ. මෙම පවුලේ ගෘහ මූලිකයා වූ 56 හැවිරිදි මොහොමඞ් නිස්තාර් නමැති අය හදිසියේම ඉකුත් 04 දින මරණයට පත්ව ඇති බවත්, ඔහු ප‍්‍රතිකාර ලබා ගත් පුත්තලම ආයුර්වේද වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙසේ ප‍්‍රදේශය භාර ග‍්‍රාම නිලධාරියා දැනුවත් කිරීමෙන් පසු වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කර ඇති බව පැවසේ. මෙම තැනැත්තාගේ අවසන් කටයුතු කිසිදු නිරෝධායන නීතියක් මත සිදුකර නැති බවත්, මොහු මරණයට පත්ව දින දෙකකට පසු ඉකුත් 06 දා එකවරම අසාධ්‍ය වූ දියණිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් කොවිඞ් ආසාදිත බව සනාථ වී ඇති අතර ඇය පැය කීපයකින් මරණයට පත්ව ඇත. දියණිය මරණයට පත්වී පැය කීපයක් යෑමටත් පෙර 51 හැවිරිදි ඇගේ මවද නිවසේ ඇද වැටී සිහිසුන්ව සිටියදී පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඇය මරණයට පත්ව තිබුණි. මෙම කාන්තාවට පුත්තලම මූලික රෝහලේදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසුව සනාථ වී ඇත්තේ ඇය ද කොවිඞ් ආසාදිතව සිට ඇති බවයි. මෙසේ කොරෝනා ආසාදිතව මරණයට පත්වූ මව හා දියණියගේ සිරුරු මේ වනවිට පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පුත්තලම මූලස්ථාන පොලිසිය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා සිටියේ මේ හේතූන් එසේ තිබියදී මෙම නිවසේ ගෘහ මූලිකයා වූ 56 හැවිරිදි තැනැත්තාගේ සිරුර පොලිසිය හා සෞඛ්‍ය අංශ දැනුවත් නොකර භූමිදානය කිරීම බරපතළ වරදක් බවයි. ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එසේ අදාළ අංශ කිසිදු ලෙසකින් දැනුවත් නොකරමින් භූමිදානය කිරීම සම්බන්ධව අධිකරණය කරුණු ඉදිරිපත් කර නැවත දේහය ගොඩ ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති බවත්, එම නියෝගයෙන් පසු දේහය සම්බන්ධ ඉදිරි පරීක්ෂණ අරඹන බවද පොලිසිය පවසයි.

පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්. සුරේෂ් මහතා – ‘‘භුමිදානය කර ඇති දේහය සම්බන්ධව අධිකරණයෙන් ලබාදෙන නියෝගයෙන් පසුව දේහය නැවත දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් භාවිත කරමින් පොලිසිය හා එක්ව ගොඩගෙන එහි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට කටයුතු කරනවා.’’ පුත්තලම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස මහතා පවසා සිටියේ නිවසේදී මරණයට පත්වූ ගෘහ මූලිකයාගේ සිරුර භූමිදානය කිරීම සඳහා අවසර ලබාදුන් මනතිව් ග‍්‍රාම නිලධාරිවරයාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත් බවයි.

අමරනන්ද විජේසේකර – මහවැව

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b6%bb/feed/ 0
දික්ඔය මූලික රෝහලේ සයිනොෆාම් නැතුව කලබගෑනියක් https://divaina.lk/%e0%b6%af%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%94%e0%b6%ba-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%9a-%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%9c/ https://divaina.lk/%e0%b6%af%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%94%e0%b6%ba-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%9a-%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%9c/#respond Wed, 25 Aug 2021 20:18:00 +0000 https://divaina.lk/?p=14960 දික්ඔය මුලික රෝහලෙන් සයිනොෆාම් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා ගැනීමට හැටන් ප‍්‍රදේශයෙන් පැමිණ පිරිසක් දින රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරි ලෙස හැසිරිණි.

සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව එම රෝහලෙන් ලබා ගත් එම පිරිසට 25 දින දෙවන මාත‍්‍රාව ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස රෝහලෙන් කළ දැනුම්දීමක් මත පවත්නා නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ ත‍්‍රිරෝද රථ කුලී පදනම මත ලබාගෙන උදෑසනම දික්ඔය මුලික රෝහල වෙත පැමිණ තිබේ.

දික්ඔය මූලික රෝහලේ සයිනොෆාම් නැතුව කලබගෑනියක්

දික්ඔය මුලික රෝහල වෙත එන්නත් ලබාගැනීමට පැමිණි පිරිසට රෝහල සංචිතයේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබාදීමට එන්නත් නොමැති නිසා වෙනත් දිනයක පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරියෙන් කළ දැනුම් දීමක් මත මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා ගැනීමට පැමිණි පිරිස රෝහල් පරිපාලනය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව දික්ඔය මුලික රෝහලේ පාලන අධිකාරියේ නිලධාරියකු කියා සිටියේ නුවරඑළිය දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට ගැටළුව සම්බන්ධයෙන් දැනුවත් කළ බවත්, ඒ අනුව නුවරඑළිය දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සංචිතයේ ඉතිරිව තිබෙන සයිනොෆාම් එන්නත් මාත‍්‍රා කිහිපයක් එවන බවට පොරොන්දු වූ බවය. එම එන්නත ලබා ගැනීමට ඊයේ (25 දා) දින පස්වරු 2.00 වන තෙක් කැමති අය රැඳී සිටින ලෙස රෝහල් පාලන අධිකාරිය විසින් කළ දැනුම්දීමක් මත එම පිරිස රෝහල් පරිශ‍්‍රයේ රැුඳී සිටිනු දක්නට ලැබිණි.

ඡායාරුප විස්තරය  එන්නත් ලබා ගැනීමට ජනතාව පැමිණ සිටි අයුරු.

නුවරඑළිය – නාලක රත්නායක
 

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%94%e0%b6%ba-%e0%b6%b8%e0%b7%96%e0%b6%bd%e0%b7%92%e0%b6%9a-%e0%b6%bb%e0%b7%9d%e0%b7%84%e0%b6%bd%e0%b7%9a-%e0%b7%83%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%9c/feed/ 0
ඉන්දියාවේ තුන්වැනි කොරෝනා රැල්ල සැප්තැම්බර් – ඔක්තෝබර් – විශේෂඥ කමිටුව අනතුරු අඟවයි https://divaina.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d/ https://divaina.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d/#respond Mon, 23 Aug 2021 20:28:00 +0000 https://divaina.lk/?p=14514 ඉන්දියාවේ තුන්වැනි කොරෝනා කොරෝනා වසංගත රැල්ල ලබන සැප්තැම්බර් – ඔක්තෝබර් අතර කාලසීමාවේ ඕනෑම අවස්ථාවක පැමිණිය හැකි බව ඉන්දීය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ විශේෂඥ කමිටුව අනතුරු අඟවා තිබේ. මෙම වසංගත රැුල්ල පැමිණීම නියත වශයෙන්ම සිදු වන නිසා ඉන් ඇති විය හැකි හානිය අවම කිරීම සඳහා රටේ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙළ වේගවත් කළ යුතු බව එම කමිටුව බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

 විශේෂඥ කමිටුවට අනුව මෙම තුන්වැනි කොරෝනා රැල්ලේ බලපෑම වැඩිහිටියන්ට මෙන්ම කුඩා ළමුන්ටද එකසේ බලපානු ඇත. කමිටුව විසින් නිකුත් කර ඇති වාර්තාව අගමැති කාර්යාලය වෙත ලබා දී ඇති අතර එයට අනුව තුන්වැනි කොරෝනා රැුල්ලෙන් විශාල ළමුන් පිරිසකට කොරෝනා ආසාදනය වැළඳුනහොත් ඔවුන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන වෛද්‍යවරු හා වෙන්ටිලේටර් වැනි උපකරණ පහසුකම්වල හිඟයක් ඉන්දීය රෝහල්වල පවතී. දැනට ඉන්දියාවේ ජනගහනයෙන් කොරෝනා එන්නත් මාත‍්‍රාවන් සම්පූර්ණයෙන් ලබා ගෙන ඇත්තේ සියයට 7.6ක් බවද එම වාර්තාවේ දැක්වේ.

]]>
https://divaina.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d/feed/ 0
කොච්චිකඬේ තෝප්පුව මංසංදියේදී වාහන දැඩි පරීක්ෂාවට https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9a%e0%b6%ac%e0%b7%9a-%e0%b6%ad%e0%b7%9d%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%94%e0%b7%80-%e0%b6%b8%e0%b6%82%e0%b7%83%e0%b6%82%e0%b6%af%e0%b7%92/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9a%e0%b6%ac%e0%b7%9a-%e0%b6%ad%e0%b7%9d%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%94%e0%b7%80-%e0%b6%b8%e0%b6%82%e0%b7%83%e0%b6%82%e0%b6%af%e0%b7%92/#respond Sun, 22 Aug 2021 22:26:29 +0000 https://divaina.lk/?p=14334 ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කිරීමත් සමග බස්නාහිර පළාත සහ වයඹ පළාත මායිම් වන කොච්චිකඬේ තෝප්පුව පාලම අසල මාර්ග බාධකයේ ගමන් ගන්නා වාහන දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි.

කොච්චිකඬේ තෝප්පුව මංසංදියේදී  වාහන දැඩි පරීක්ෂාවට

පොලිසිය, යුද හමුදාව සහ ගුවන් හමුදාව මේ සඳහා එක්ව තිබූ අතර මෙහිදී මංගල යුවලක් ගමන්ගත් මෝටර් රථයක් කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ශ‍්‍රීනික ජයකොඩි මහතා සහ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් පරීක්ෂාවට ලක්කරන අයුරු ඡායාරූපයේ දැක්වේ.

අමරනන්ද විජේසේකර-මහවැව
 

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%9a%e0%b6%ac%e0%b7%9a-%e0%b6%ad%e0%b7%9d%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%94%e0%b7%80-%e0%b6%b8%e0%b6%82%e0%b7%83%e0%b6%82%e0%b6%af%e0%b7%92/feed/ 0
ඇඳිරි නීතිය අතරේත් ගෙදරටම ගොස් කොවිඞ් එන්නත දෙයි https://divaina.lk/%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb%e0%b7%9a%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb%e0%b7%9a%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%a7/#respond Sun, 22 Aug 2021 20:15:00 +0000 https://divaina.lk/?p=14201 රට පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය කාල සීමාවේදී ද යුද හමුදා වෛi බළකායේ නිලධාරීහු කොළඹ දිස්ති‍්‍රක්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට නිවෙස් වෙත ගොස් කොවිඞ් මර්දන එන්නත ලබාදීමේ ජංගම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යති.

 යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය මත සිදුකරන මෙම ජංගම සේවාවේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

]]>
https://divaina.lk/%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad%e0%b6%bb%e0%b7%9a%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%a7/feed/ 0