Covid threat – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sun, 03 Oct 2021 14:20:17 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Covid threat – Divaina https://divaina.lk 32 32 පරාටා සමග පටලවා නොගත යුතු පරාටේ එක්සිකියුෂන් (අවසන් දර්ශනය අති බිහිසුණු විය හැක) https://divaina.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b6%a7%e0%b6%bd%e0%b7%80%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b6%ad-%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94/ https://divaina.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b6%a7%e0%b6%bd%e0%b7%80%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b6%ad-%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94/#respond Mon, 04 Oct 2021 00:03:00 +0000 https://divaina.lk/?p=25129 පහන්තුඩාව දිය ඇල්ල අසලදී වර්ගයා බෝ කිරීමට අදාළ වීඩියෝවක් නිපදවා පෝර්න් හබ් නමැති අසභ්‍ය යූටියුබ් චැනලයට විකුණූ තරුණ යුවළට මාස තුනක සිර දඬුවමක් සහ රුපියල් 10800 ක දඩයක් පනවා පෙරකී සිර දඬුවම හත් අවුරුද්දකට අත්හිටුවන ලදැයි දැනගන්නට ඇත. ශ‍්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය කාර්යක්ෂම වීම ගැන අප තුළ ගෞරවයක් පැන නඟී. පොල් ගෙඩි දෙකක් හොරෙන් කැඞීමේ වරදට සැක පිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කිරීමෙන් පසු රුපියල් 5000 ක ඇපයක් ගෙවා එළියට යාගත නොහැකිව අවුරුදු හත අට රිමාන්ඞ් බන්ධනාගාරය තුළ ලගින ජනයා මේ රටේ සිටිති. සමහරවිට හොර පොල් කැඞීමට ලැබෙන දඬුවම මාස හයක් විය හැක. ඇප ගෙවා ගැනීමට බැරිව රිමාන්ඞ් එක තුළ අවුරුදු දහය පහළොව ගතකරන්නට වීම විසි තිස්
වාරයක් හොර පොල් කඩා හිරේ ගියා හා සමානය.

මෙවැනි සිරකරුවන් සම්බන්ධයෙන් කිසියම් මානුෂික පියවරක් ගෙන ඉක්මන් අධිකරණ ක‍්‍රියාවලියකට යන මෙන් අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලමු. පහන්තුඩාවේ ජෝඩුව වීඩියෝව සෑදීම, එය ජනගත කිරීම, එම ජෝඩුව අත්අඩංගුවට ගැනීම, ඇප දීම, නඩු ඇසීම, ඔවුන්ට සිර දඬුවම් පැමිණවීම යන ක‍්‍රියාවලියට තුන් මාසයක්වත් ගතවුණේ නැත. අධිකරණ ක‍්‍රියාවලිය වේගවත් වීමෙන් ජන සමාජයට සැලසෙන යහපත ඉතා වැදගත් ය. මෙතැන් සිට අපි අපේ ප‍්‍රධාන මාතෘකාවට එළඹෙමු. රටේ ආර්ථික සහ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීම සඳහා මාස හයක වැඩපිළිවෙළක් මහ බැංකුවේ අධිපති නිවාඞ් කබ්රාල් විසින් ඉදිරිපත් කරන ලදී. මේ වැඩපිළිවෙළේ තිබෙන, සාමාන්‍ය ජනතාවට බලපාන වැදගත්ම කාරණය වන්නේ බැංකු වලින් ණය ලබාගෙන එම ණය ගෙවා ගැනීමට බැරිවූ අයගේ ඇපකර (වාහන හා දේපළ) ඉදිරි මාස හය තුළ පවරා නොගැනීමට ගෙන ඇති තීන්දුවය.

මෙසේ දේපළ පවරා ගැනීම හඳුන්වනු ලබන්නේ පරාටේ එක්සිකියුෂන් (Parate Execution) නමැති බැංකු නීතිය මගිනි. පරාටේ යනු එම වචනයේ ඇමරිකන් උච්චාරණයයි. බි‍්‍රතාන්‍ය උච්චාරණයට අනුව මෙය පැරේට් විය යුතුය. කෙසේ හෝ වේවා දැනට සෑම හෝටලයකම විකිණීමට තිබෙන පරාටා රොටි සමග මෙය පටලවා නොගත යුතුය. 1977 විවෘත ආර්ථිකයෙන් පසු බිහිවූ ආහාර සංස්කෘතියේ අග‍්‍ර ඵලය වන කොත්තු රොටි මෙරටට හඳුන්වාදීමෙන් පසු අරාබි මූලයක් සහිත පරාටා රොටියද සමාජගත විය. පාන් පිටි, ලූණු, වතුර, තෙල් යන අමුද්‍රව්‍ය වලින් සමන්විත තඹ සල්ලියක වටිනාකමක් නැති කාබෝහයිඞ්රේට ගුලියක් වූ පරාටා රොටිය සමාජ ආර්ථික ක‍්‍රියාවලිය කෙරෙහි දක්වන දායකත්වය ඉතාම දිළිඳුය. එහෙත් පරාටේ එක්සිකියුෂන් හෝ පැරේට් එක්සිකියුෂන් ක‍්‍රමය මගින් ආර්ථිකය සහ ජන සමාජය තුළ කරන කැළඹිල්ල මාරාන්තිකය.

බැංකු වලින් ණය ගැනීමේදී ඇප වශයෙන් තබන දේපළ, එම ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වූ කල්හි බැංකුවෙන්ම පැහැරගෙන වෙන්දේසි කරන්නේ 1988 බැංකු නීති අංක 30 යටතේ බලාත්මක වූ පරාටේ එක්සිකියුෂන් නීතිය මගිනි. උදාහරණයක් වශයෙන් නිවාස ණයක් ලබාගෙන ගෙයක් හදන මනුස්සයාට එය ගෙවා ගැනීමට නොහැකි වූ විට නඩු නොදමාම නිවැසියන් එලියට ඇද දමා ගේ දොර වෙන්දේසි කිරීමට මේ නීතිය යටතේ බලය ලැබේ. බැංකු වලින් ණය ලබාගෙන මිලට ගත් වාහන සම්බන්ධයෙන් තත්ත්වයත් මෙසේමය. එහෙත් මෙහිදී සිහිපත් කළයුතු වැදගත්ම කාරණය වන්නේ ෆිනෑන්ස් කොම්පැනි මගින් සිදුකරන කුණු වැඩ වාණිජ බැංකු ක්ෂේත‍්‍රයේදී සිදු නොවන බවය. ෆිනෑන්ස් කර වාහනයක් මිලට ගැනීමෙන් පසු මාස තුනක් වාරිකය ගෙවා ගත නොහැකි වූ විට ප‍්‍රමාද ගාස්තු දඩ පොලී යනාදී වශයෙන් විශාල මුදලක් එකතු කරනු ලැබේ. එම මුදල වාරිකයක ප‍්‍රමාණයට සමාන වූ විට ෆිනෑන්ස් කොම්පැනිය කියන්නේ තම ගනුදෙනුකරුවා මාස හතරක්ම ෆිනෑන්ස් ගෙවා නැති බවය.

මේ විදියට මාස හයක් ෆිනෑන්ස් ගෙවා ගැනීමට බැරිවූ විට අවුරුදු එකහමාරක් පමණ වාරික ගෙවා නැති බව දඩ පොලී සහ ප‍්‍රමාද ගාස්තු ඔස්සේ ගණනය කර පෙන්වීමට ෆිනෑන්ස් කොම්පැනි වලට පුළුවන. කිසිම ආණ්ඩුවක් හරියාකාරව ෆිනෑන්ස් කොම්පැනි නියාමනය කර නැත. පරාටේ එක්සිකියුෂන් නීතිය බලපාන්නේ බැංකු වලට පමණි. එය ෆිනෑන්ස් කොම්පැනි වලට බලපාන්නේ නැත. ෆිනෑන්ස් කර වාහන ලබාගත් බහුතර ජනතාවට කොරෝනා විපත නිසා වාරික ගෙවා ගැනීමට නොහැකි වී තිබෙන අතර දැනට එම වාහන ටික පැහැරගෙන යන්නේ නැතිව ආරක්ෂා වී තිබෙන්නේ එක් කාරණයක් අරභයා මීට කලකට පෙර ජනාධිපතිතුමා දුන් නියෝගයක් නිසාය.

කෝට්ටේ පැත්තේ ෆිනෑන්ස් කොම්පැනියක් වාරික ගෙවා ගැනීමට බැරි වූ මිනිහකුගේ ත‍්‍රීවීලරයක් උස්සගෙන ගියේය. ඒ ගැන කතා කිරීම සඳහා ත‍්‍රීවීල් සංගමයේ සභාපති ෆිනෑන්ස් කොම්පැනියට ගියේය. එවිට එම කොම්පැනිය අයිතිකාරයාගේ කුලී මැරයෝ ත‍්‍රීවීල් සංගමේ සභාපති උස්සා පොළවේ ගැසීය. හිස කොන්ක‍්‍රීට් ලෑල්ලක වැදීම නිසා ත‍්‍රීවීල් සභාපති මිය ගිය අතර එම සිද්ධිය ආරංචි වීමෙන් පසු නැවත දන්වන තුරු වාරික ගෙවා ගැනීමට බැරිවූ අයගේ ඇපකර වාහන පැහැර නොගන්නැයි ජනාධිපතිතුමා නියෝග කළේය. මේ කුණු ෆිනෑන්ස් කොම්පැනිය අදටත් එතනම පවතී. මේ අතර මීට දෙමසකට පමණ පෙර ඉතා ප‍්‍රසිද්ධ ෆිනෑන්ස් කොම්පැනියක සීසර් කෙනෙක් හෙවත් වාහන පැහැර ගන්නා කුලී දාමරිකයෙක් හිඟ වාරික ගෙවා ගැනීමට බැරිවූ වාහන අයිතිකරුවකුගේ දරුවා පැහැරගෙන ඔහුගේ ගෙල මිරිකා මැරීමට තැත්කොට වාහන අයිතිකරුවා බිය ගන්වා වාහනය පැහැර ගත්තේය.

කොවිඞ් උවදුර නිසා මේ රට පත්ව තිබෙන තත්ත්වය ඉතා අන්තරාදායකය. කිසිම කෙනකුට කිසිම ණයක් ගෙවා ගැනීමට නොහැක. ආණ්ඩුව පවා පිටරට වලින් ලබාගත් ණයවල වාරික ගෙවන්නේ හතර අතේ ණය වී ඉතා අමාරුවෙනි. ආණ්ඩුවකට එපමණ අමාරු නම් සාමාන්‍ය මිනිහකුගේ තත්ත්වය කොහොම ඇත්ද? මේ වෙලාවේදී මේ රටේ සියලූ ව්‍යාපාර පවතින්නේ ණය බර නමැති කඳු මුදුනේ ඉහළම තැනය. ආණ්ඩුව ගන්නා ඕනෑම අනර්ථකාරී පියවරකින් මේ කන්දෙන් පහතට පෙරලී බංකොලොත්භාවය නමැති ලෝදිය සාගරයේ ගිලී යෑමට එම සමාගම්වලට සිදුවේ. එබැවින් බැංකු සහ ෆිනෑන්ස් කොම්පැනි වලින් ණය ලබාගත් ජනතාවට මාස හයකට වැඩි සහන කාලයක් ලබාදීම ආණ්ඩුව කළ යුතුමය. නැතහොත් දැකගැනීමට ලැබෙන දර්ශනය වන්නේ පැහැරගත් වාහන ලක්ෂ ගණනක් පිරුණු ෆිනෑන්ස් කොම්පැනි වාහන අංගනත් දහදිය හලාගෙන පයින්ම ගමන් කරන රථ වාහන අහිමි වූ මිනිසුනුත්ය.

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%b4%e0%b6%a7%e0%b6%bd%e0%b7%80%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9c%e0%b6%ad-%e0%b6%ba%e0%b7%94%e0%b6%ad%e0%b7%94/feed/ 0
කොවිඞ් ඛේදවාචකය සහ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නායයෑම https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b6%9b%e0%b7%9a%e0%b6%af%e0%b7%80%e0%b7%8f%e0%b6%a0%e0%b6%9a%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%93%e2%80%8d%e0%b7%8a%e2%80%8d/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b6%9b%e0%b7%9a%e0%b6%af%e0%b7%80%e0%b7%8f%e0%b6%a0%e0%b6%9a%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%93%e2%80%8d%e0%b7%8a%e2%80%8d/#respond Tue, 24 Aug 2021 20:24:00 +0000 https://divaina.lk/?p=14605 කොවිඞ් උවදුරේදී බොහෝදුරට තම ජනතාව ආරක්‍ෂා කර ගනිමින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත් රටවල් ඒ තත්ත්වය උදාකරගෙන ඇත්තේ බුද්ධිමත්ව, දුර දැක්මකින් යුතුව ඒ තත්ත්වයට මුහුණ දීම හේතුවෙනි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ලෙස එම රටවල්, පටු දේශපාලන පැවැත්ම ගැන පමණක් සිතමින්, ජනතාවට සැබෑ තත්ත්වය වසන් කරමින් කටයුතු නොකර, සියල්ල විනිවිද පෙනෙන අයුරින් තබා ගැනීම සහ නිසිකලට, නිසි ලෙසින් නිර්භීත තීන්දු ගැනීම දැකිය හැකිව තිබුණි.

2021 අගෝස්තු 17 වන දින සිට මුළු නවසීලන්තයම වසා තැබීමකට (Lockdown) යෑමට අග‍්‍රාමාත්‍ය ජසින්තා ආඞ්න් තීන්දු කළේ එක් ආසාදිතයකු හමුවීමේ ප‍්‍රවෘත්තිය හේතුවෙනි. මේ වන විටත් එම රට වසා තැබීම කි‍්‍රයාත්මකව පවතී. නවසීලන්තය මුලින්ම ආසාදිතයකු හඳුනා ගත්තේ 2021 පෙබරවාරි 28 වන දිනයි. රට වසා තැබීමට ඔවුන් තීන්දු කරන්නේ මාර්තු 25 වන දිනයි. එය දිගටම සති පහකට ඔවුන් පවත්වාගෙන ගියේ තම පුරවැසියන්ගේ ජීවිත ආරක්‍ෂාව ඉහළම ප‍්‍රමුඛත්වය ලෙස සලකමිනි. කොවිඞ් උවදුර තදින්ම බලපාන අවස්ථාවක ජර්මන් ජනතාව ඇමතූ එම රටේ රාජ්‍ය නායිකාව වන චාන්සලර් ඇන්ජිලා මර්කල් කළ ප‍්‍රකාශය මට සිහිපත්වේ. ‘මේ අවස්ථාවේදී මේ පිළිබඳව ගන්නා වූ සියලූ තීන්දු තීරණ ගනු ලබන්නේ අපේ රටේ වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ය. දේශපාලන නායකයන් ලෙසින් මේ මොහොතේ අප සිටින්නේ ඔවුන්ට පිටුපසිනි.’ එහෙත් ශී‍්‍ර ලංකාව මේ තත්ත්වයට ප‍්‍රතිචාර දැක්වූ අයුරු ගැන මතකය අවදිකර බලන්න.

කොවිඞ් ඛේදවාචකය සහ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නායයෑම

එදා අපේ රටේ වෛද්‍ය විශේෂඥයන්, ප‍්‍රවීණයන් නැඟූ හඬට කන්දීමක් තිබුණේද? අපේ වෛද්‍ය සංගම් මෙන්ම වෛද්‍යක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වෙනත් සංවිධාන නැඟූ හඬට කන්දීමක් තිබුණේද? ශී‍්‍ර ලාංකික සම්භයක් සහිත විදේශගත ශී‍්‍ර ලාංකික වෛද්‍යවිශාරදයන් මේ ගැන කළ අනතුරු ඇඟවීම්වලට කන්දීමක් තිබුණේද? අපේ විපක්‍ෂ නායකවරයා 2020 ආරම්භයේ සිට දිගටම පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටතදීත් රජයට මේ උවදුර පිළිබඳව කල් ඇතිව අනතුරු ඇඟවීම් කරමින් සිටි අයුරු මගේ මතකයට නැෙඟ්. කොවිඞ් උවදුරේ බැරෑරුම් කම සහ ඒ පිළිබඳ පළමු අනතුරු ඇඟවීම විපක්‍ෂ නායකවරයා සිදුකරනු ලැබුවේ 2020 ජනවාරි 24 වන දිනදීය. ගුවන්තොටුපළින් සහ වරාය මගින් මේ උවදුර ආ හැකි බවට ඔහු රතු එළිය දැල්වුවද, රජය එහි බරෑරුම් බව පිළිගැනීම ප‍්‍රතික්‍ෂේප කර සිටියේය. නැවත පෙබරවාරි 5 වන දින ගුවන්තොටුපළින් ආසාදිතයන් ඇතුල් නොවීම ගැන සහතික විය හැකිදැයි ඔහු ප‍්‍රශ්න කළ විට ආරක්‍ෂිත බව සහතික කරමින් අවශ්‍ය සියලූ පරීක්‍ෂණ ඇතුල්වීම්වලදී සිදුකෙරෙන බවට පිළිතුරු සැපයින. ඉන් දින කිහිපයකට පසුව ආසාදිත චීන කාන්තාව සහ සංචාරක මග පෙන්වන්නා හඳුනාගනු ලැබිණ. ඉන් අනතුරුව මුව ආවරණ, එන්නත් කිරීම්, අවශ්‍ය බෙහෙත් වර්ග කල් ඇතිව ඇණවුම් කිරීමේ අවශ්‍යතාව සහ දැඩිසත්කාර ඒකකයේ ඇඳන් අවශ්‍යතාවයන් සඳහා සූදානම් වීම වැනි කරුණු අවාධාරණය කළ විට, බොරු බිල්ලන් මැවීම නොකරන ලෙස කියමින් විපක්‍ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේදී ඇතැම් ඇමැතිවරුන් සමච්චල් කළ අයුරු මගේ මතකයට නැෙඟ්.
නිසි කලට, නිසි ලෙසින් නිසි පියවර නොගැනීමේ විපාකයනට රටක් ලෙසින් අද අපි මුහුණ දී සිටින්නෙමු. අගෝස්තු 23 දින වන විට දිනකට කොවිඞ් නිසා අහිමිවන ජීවිත පිළිබඳ ආසියාවේ වැඩිම ප‍්‍රතිශතය වාර්තා කරනුයේ ශී‍්‍ර ලංකාවයි. ඒ මිලිනයකට 8.5 ක් ලෙසිනි. ලෝකයේ ඒ අතින් නරකම රටවල් අතර හතරවන ස්ථානයේ ලංකාව අද වන විට සිටී. අපට ඉහළින් වඩාත් නරකම රටවල් ලෙස සිටිනුයේ, අංක එක ලෙසින් දකුණු ඇමෙරිකාවේ ඩොමිනිකා රාජ්‍යයත්, අංක දෙකට යුරෝපයේ ජෝර්ජියාවත්, තුන්වන ස්ථානයට අපි‍්‍රකාවේ එස්විට්නි රාජ්‍යයත්ය. (මේ දත්තයන් මා ලබා ගත්තේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිiාලයේ Our world in data මූලාශ‍්‍රයෙනි.)
ආගමික නායකයන්ගේ, සිවිල් සංවිධානවල, වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ සහ අදාළ ක්‍ෂේත‍්‍රයේ සංවිධානයන්හි අනතුරු ඇඟවීම් මායිම් නොකරමින් මැතිවරණයකට යෑමට නාමයෝජනා කැඳවීම් සඳහා දිගටම කටයුතු කරගෙනගිය නමුදු අවසානයේදී නාම යෝජන භාරදීම සමග රට වැසීමට සිදුවිණ. කොවිඞ් උවදුර උච්ඡ ස්ථානයක තිබියදී, ජනතාවගේ අදහස් ඉදිරිපත් කිරීම්වලට ඉඩ නොතබමින් සහ ඒ පිළිබඳව සාමකාමී විරෝධතාවන් පවා, කොවිඞ් උවදුර දඩමීමා කොට ගෙන මර්දනය කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා 20 වන සංශෝධනය සහ වරාය නගර කොමිෂන් සභා පනත කඩිමුඩියේ සම්මත කර ගැනීමට කටයුතු කරන ලදී. මතුව තිබූ බැරෑරුම් කොවිඞ් තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය නීති රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වඩා මහා හදිසියක් රජයට, මේ පනත් දෙක සම්බන්ධව තිබිණ. ජනතා අදහස් ඉදිරිපත් වීමකට ඉඩ නොදෙමින් රජය කඩිමුඩියේ සම්මත කරගත් මේ පනත් අපේ රටේ ස්වාධිපත්‍යයට, නීතියේ ආධිපත්‍යයට මෙන්ම අපේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට ඇතිකරනුයේ ඉමහත් බලපෑමකි. වරාය නගර පනතේ වගන්ති අභියෝගයට ලක් කරමින් ස්වාධිපත්‍යයට, නීතියේ ආධිපත්‍යයට ඇතිකරන අහිතකර බලපෑම් මුල්කොට විපක්‍ෂය සහ සිවිල් සංවිධාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩු තීන්දු හේතුවෙන් පනතට සංශෝධන 25 ක්

එක් කිරීමට රජය එකඟවීම තුළ 2/3 ක ඡන්දය හෝ ජනමත විචාරණයකින් තොරව සම්මත කර ගැනීමට අවකාශය ලැබිණ. නඩු තීන්දුවෙන් පසු විවාදය සඳහා විපක්‍ෂය දින කිහිපයක් ඉල්ලා සිටි නමුදු එය නොතකා හරිමින්, විවාදය දින දෙකකට පමණක් සීමා කරමින් පනත සම්මත කර ගැනීමට රජය තම බලය පාවිච්චි කළ අයුරු දැකිය හැකි විය.

ලෝකයේ රටවල් බොහෝමයක ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිව ගොස් ඇත්තේ, හමුදා කුමන්ත‍්‍රණ සහ කැරලි ගැසීම්වලින් පමණක්ම නොවේ. සෙමින් සෙමින්, ක‍්‍රමානුකූලව ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම නිමාවකට පත්කර, මෙවැනි කි‍්‍රයාදාමයන් තුළින් අධිපතිවාදය හිස එසවූ සමාජයන් අපි අපේ ජීවිත කාලය තුළ පසුගිය දශක කිහිපයේදී දැක ඇත්තෙමු. නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිකරගත් සමාජයන්හි ජනතාව අද මුහුණ දී ඇති තත්ත්වයන් සහ අදාළ අවස්ථාවන්හිදී ඉදිරියට නොඒම හේතුවෙන් අද ඔවුන් පසුතැවිලි වන ආකාරය අපට ලබාදෙන්නේ ලොකු පාඩමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයා 2020 අපේ‍්‍රලේ මාසයේදී කළ අනතුරු ඇඟවීම මෙහිදී මගේ මතකයට එයි. ‘කොරෝනා අර්බුදය මානව අයිතීන් පිළිබඳ අර්බුදයක් බවට වේගයෙන් පත්වෙමින් පවතියි. ඒ මේ අවදුර දඩමීමා කර ගනිමින් උවදුරට අදාළ නොවන ලෙසින් මර්දනකාරී පියවරවල්වලට යෑම හේතුවෙනි.?

මේ අතර ‘Dimocracy Under Lockdown’ නමින් වූ Freedom House ප‍්‍රකාශනය ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයන්හී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට කොවිඞ් උවදුර ඇතිකර ඇති අහිතකර බලපෑම ගැන මෙසේ වාර්තාකර ඇත. ‘කොරෝනා උවදුරේ බලපැවැත්මත් සමග රටවල් අසූවක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම පිළිබඳ තත්ත්වයන් සහ මානව අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වයන් ඉතාම පහත් මට්ටමකට වැටෙමින් පවතී.’ අද අපි ශී‍්‍ර ලංකාවේ ද කොවිඞ් උවදුර මුවාවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උදුරා ගැනීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක පැවැත්ම අහිමි කිරීම දකිමින් සිටින්නෙමු. පසුගිය දින කිහිපය තුළ අපේ ඇතැම් අධිකරණ විනිසුරුවරුන් පුරවැසි අයිතීන් වෙනුවෙන් දී ඇති නිර්භීත තීන්දු කිිහිපය මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව 20 වන සංශෝධනයෙන් පසු ඇතිව ඇති වාතාවරණය තුළ යම් තරමක බලාපොරොත්තුවක් ඇතිකරන බව පෙනේ. කෙසේ වෙතත් පුරවැසි අයිතීන් වෙනුවෙන්ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ පැවැත්ම වෙනුවෙන්ද, අනෙක් සියලූ වෙනස්කම් පසෙකලා කල්ලිවාදයන්වලට නොගොස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන කඳවුරක් ලෙසින් ඒ අරමුණ සඳහා වන සියලූ බලවේග ඒකරාශී වී මෙම අධිපතිවාදී ප‍්‍රවණතාවයන් පරාජය කළ යුතුව ඇත.

කොවිඞ් ඛේදවාචකය සහ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නායයෑම

ඉමිතියාස් බාකීර් මාකාර්

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%9e%e0%b7%8a-%e0%b6%9b%e0%b7%9a%e0%b6%af%e0%b7%80%e0%b7%8f%e0%b6%a0%e0%b6%9a%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%93%e2%80%8d%e0%b7%8a%e2%80%8d/feed/ 0