crocodile king – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 23 Sep 2022 08:31:57 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg crocodile king – Divaina https://divaina.lk 32 32 වැල්ලවත්ත අවට මුහුදේ කිඹුල් රජදහනක්! https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%85%e0%b7%80%e0%b6%a7-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%9a-%e0%b6%9a%e0%b7%92%e0%b6%b9/ https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%85%e0%b7%80%e0%b6%a7-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%9a-%e0%b6%9a%e0%b7%92%e0%b6%b9/#respond Sun, 11 Sep 2022 23:54:00 +0000 https://divaina.lk/?p=97173 වනජීවියට දැන්වුවත් නිහඬයි

වැල්ලවත්ත මුහුද අවට කිඹුලන් 40 ක් සැරිසරන බව හෙළිව තිබේ. කින්රෝස් ජීවිතාරක්‍ෂක ආයතනයේ සේවය කරන තිවංක ප්‍රනාන්දු මහතා පසුගිය සතියේ මුහුදේ පිහිනන විට අල්ලා ගත් කිඹුල් පැටවා වනජීවියට භාරදී ඇත.

මෙම කණ්ඩායම විසින් සැවෝයි සිනමා හල අසල ඇළ මාර්ගයේ විශාල කිඹුලන් හතර දෙනකු සිටින බවට නිරීක්‍ෂණය කර ඇති අතර එසේම වැල්ලවත්ත මුහුදු කලාපයේ කිඹුලන් 40 ක් නිරීක්‍ෂණය වී තිබේ.

කින්රෝස් ජීවිතාරක්‍ෂක ආයතනය මගින් වනජීවී බලධාරීන් වෙත මේ කිඹුල් තර්ජනය ගැන දැනුවත් කර ඇතත් මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැත. මේ හේතුව නිසා මුහුදේ නෑමද අනතුරුදායක වී ඇත. දෙහිවල ධීවරයකු කිඹුල් ප්‍රහාරයකට ලක්වූයේ මීට වසරකට පෙරය.

ඡායාරූපයේ දැක්වෙන්නේ තිවංක මහතා විසින් අල්ලාගත් කිඹුල් පැටවාය. මේ පැටවා බෙල්ලන්විල වනජීවී කාර්යාලයට භාරදී ඇත.

චතුර පමුණුව

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%80%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%85%e0%b7%80%e0%b6%a7-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%9a-%e0%b6%9a%e0%b7%92%e0%b6%b9/feed/ 0