Crudia Ceylanica – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 29 Jul 2023 09:55:58 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Crudia Ceylanica – Divaina https://divaina.lk 32 32 යළි පැළවෙමු පඬුකරඳ! https://divaina.lk/%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%b4%e0%b7%90%e0%b7%85%e0%b7%80%e0%b7%99%e0%b6%b8%e0%b7%94-%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3/ https://divaina.lk/%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%b4%e0%b7%90%e0%b7%85%e0%b7%80%e0%b7%99%e0%b6%b8%e0%b7%94-%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3/#respond Sat, 29 Jul 2023 23:51:00 +0000 https://divaina.lk/?p=159585
යළි පැළවෙමු පඬුකරඳ!

කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ තිබූ පඬුකරඳ ශාකය කපා ගලවා දැමීම ගැන රටේ විශාල ආන්දෝලනයක් මතුව තිබිණි. පසුගිය 27දා අධිකරණ නියෝගයකින් පසු එම ශාකය වළදමා තිබූ තැනින් ගොඩගැනිණි. ගොඩ ගන්නා ලද එම ශාකයේ මුල් කඳ කොටස නැවත ගම්පහ උද්භිද උද්‍යානයේ රෝපණය කිරීමට කටයුතු යොදා තිබේ.

ඡායාරූපය – Flower Sri Lanka

]]>
https://divaina.lk/%e0%b6%ba%e0%b7%85%e0%b7%92-%e0%b6%b4%e0%b7%90%e0%b7%85%e0%b7%80%e0%b7%99%e0%b6%b8%e0%b7%94-%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3/feed/ 0
පඬුකරඳ කඳ ගොඩ ගැනේ… https://divaina.lk/%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3-%e0%b6%9a%e0%b6%b3-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%9a/ https://divaina.lk/%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3-%e0%b6%9a%e0%b6%b3-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%9a/#respond Fri, 28 Jul 2023 23:50:00 +0000 https://divaina.lk/?p=159491 දාරලුව අධිවේගී මාර්ග පථයේ තිබී හොර රහසේ කපා වළ දැමූ (මීටර් 500 ක් පමණ බෙම්මුල්ල දෙසට අධිවේගී මාර්ගයේ ම පස් කන්දක් තුළ) පඬුකරඳ ශාකයේ මුල් කඳ කොටස අධිකරණ නියෝගයක් මත ඊයේ දින (28) ගොඩගනු ලැබූ අයුරු. එය ගම්පහ උද්භිද උද්‍යානයට ගෙනගොස් සිටුවීමට තීරණය කර ඇත.

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3-%e0%b6%9a%e0%b6%b3-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%9a/feed/ 0
මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන් https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-13/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-13/#respond Sat, 22 Jul 2023 23:53:00 +0000 https://divaina.lk/?p=158209 කදුරු ගහ

උදේ ඇහැරුණේම ගාලගෝට්ටියක සද්දෙකින්:

“කවුද අපේ කදුරු ගහ කපලා!”

බිරිඳගේ හඬ ගේ පුරා රැව්පිළිරැව් දුන්නා. කදුරු ගහක්? කදුරු ගහක් අපේ වත්තෙ තිබුණාද?

“ඇයි මනුස්සයෝ, අපේ වෙලත් එක්ක තිබුණු කදුරු ගහ!”

මං වෙල ගැන කල්පනා කළේ නෑ. වෙල් වැඩ අත්හැරියේ වසවිස නැති කතා පොත කියවන කාලෙමයි. මං කල්පනා කළේ කදුරු ගහ ගැන. ඒකට වෙලා තියෙන වින්නැහිය ගැන. කදුරු ගහක් කපන්නෙ ඇයි මිනිහෙක්? කදුරු කාලා ගෑනු මැරෙනවා මං අහලා තියෙනවා. ඒවාට කිව්වෙ වහකදුරු කියල. එහෙනම් දිවිනහගන්නද මේ ගහ කපලා තියෙන්නෙ? සමහර විට වෙන්න පුළුවන්. මේ දවස්වල දිවිනහගන්නවා හැරෙන්න මිනිස්සුන්ට කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒත් ඇයි බිරිඳ කෑකෝගහන්නෙ? කදුරුවලින් ඈ මොනවා කරන්නද? අපි නම් කොලු කාලෙ කදුරු ගෙඩිවලින් ක්‍රිකට් ගැහුවා මතකයි. ගල්හත කැඩුවාත් මතකයි. ඒත් දැන් ගෑනු ඒවායෙන් මොනවා කරන්නද? මං ප්‍රශ්න අහන්න යන්නෙ නෑ ගෑනුන්ගෙන්. ඒත් ගෑනු මොළේට තේරෙනවා පිරිමි හිතන දෙයක් වුණත්: “මං අපේ ඔෆිස් එකේ ඩිරෙක්ටර් සර්ට පොරොන්දු වුණා අපේ වත්තෙ කදුරු ගහ දෙන්න!” ඒ මොනවාටද ඒ? “මං දන්නෙ නෑ. ඒත් ලොකු වුවමනාවකට ඉල්ලුවේ.” ඩිරෙක්ටර් සර්ට මොනවටද කදුරු? මිනිහා ක්‍රිකට් ගහනවාද කදුරුවලින්? නැත්නම් තවම ගල්හත කඩනවද? චහ්! මොනවා අහනවාද! කදුරුවලින් වෙස්මුහුණු කපනවනෙ. කදුරුවලින් විතරනෙ වෙස්මුහුණු කපන්නෙ. එහෙනම් මිනිහා දවල්ට කන්තෝරුවේ වැඩ කරලා රෑට රූකඩ නටනවා. එහෙම වෙන්න පුළුවන්. අද කාලෙ එහෙම කරන මිනිස්සු හරියට ඉන්නවා. කන්තෝරුවෙත් සමහර විට රූකඩ නටනවා ඇති. ආණ්ඩුවේ කන්තෝරුවල නම් හුඟක් ඉන්නෙ රූකඩ. නොංචි අක්කලා එහෙමත් හරියට ඉන්නවානෙ. නොංචි අක්කලා නැති තැනක් සොයාගන්න බෑ.

“මෙහෙම ගිහින් මේ ගෙදරත් හොරු කඩනකන් අපි දන්නෙ නෑ!”

ආයෙ බිරිඳ බෙරිහන් දෙනවා ඇහෙනවා. විශ්‍රාම ගියාම නිස්කාන්සුවේ ජීවත් වෙනවා කියල ඉස්සර මං හිතන් හිටියා. විවේක බුද්ධියෙන් පොතපත කියවනවා කියල හුඟක් හිතුවා. ඒත් දැන් මට තේරෙනවා එහෙම දවසක් උදා වෙන්නෙ නෑ කියල මේ අහස යට. විශ්‍රාම ජීවිතයක් තියා විශ්‍රාම වැටුපවත් ලැබෙයිද දන්නෙ නෑ. ඒත් මොන යකාද කදුරු ගහ කැපුවෙ? කදුරු කපන එක තහනම් කරලානෙ තියෙන්නෙ. තහනම් ගහේ ගෙඩි ගැන නම් කථා කරන්න එපා. තහනම් කථා අහලා මට දැන් එපා වෙලා. මං හිතන්නෙ ගහක් ආරක්ෂා කරනවා නම් දාන්න ඕන “මේ ගහ කපාපල්ලා” කියල. නැත්නම් “ආරක්ෂිත ශාකයක් නොවේ” කියල. නෑ, එහෙම දැම්මත් හරියන්නෙ නෑ. කොහොමත් මිනිස්සු ගස් කපනවා. ඔය කුස්සියේ පිහි, කැති, පොරෝ තියෙන්නෙ එළවළු ලියන්න, දර පලන්න නෙවෙයි, ගස් කපන්න. දැන් චේන් සෝ තියෙන්නෙම ගස් කපන්නනෙ. කාලයක් චේන් සෝ තහනම් කරලා තිබුණා. මොන ගොන් වැඩක්ද ඒකෟ චේන් සෝවලට අපි අත හුරුකරගන්න ඕන. අත හුරුකරගන්න දේකුත් නෑ. ගස් කපන එක අපේ ජානවලින් එන ආරෙ ගතියක්. අපිට ගස් පේන්න බෑ. ගස්මයි පේන්න බැරි. කොළපාට කොළයක් තිබුණත් අපි කඩනවා. ඡන්දෙ කාලෙ විතරයි කොළපාට කොළේකට අත තියන්නෙ නැත්තෙ. දැන් අපේ විදුලි බල මණ්ඩලේට ගහක් තියා වැලක්වත් පේන්න බෑ. විදුලි බල මණ්ඩලේට සේවකයො විධියට බඳවාගන්නෙ ගස්පාළුවොද කියල මට හිතෙනවා. අඩු තරමින් ලීමෝලක කලින් වැඩ කරලා තිබීම සම්මුඛ පරීක්ෂණයෙදි අමතර සුදුසුකමක් විධියට සලකනවාද දන්නෙ නෑ. මහාමාර්ගෙ කට්ටිය වුණත් ලොකු වෙනසක් නෑ. ඒ ගොල්ලො පාර හැතැප්මක් තියෙද්දිම වටේ ගස් කපනවා. හැබැයි වටින ගස් කැපුවාට තුත්තිරි ගස්, පොඩි සිංඤොමරං ගස්, ලොක්කන් නට්ටන් ගස් ඉතුරු කරනවා. ලොක්කන් නට්ටන් වෙන්න දෙන්නෙම නෑ. ඒක ඔවුන් විතරක් නෙවෙයි, හැමෝම කරන දෙයක්. ඉතිං මෙහෙම රටක මොන දියුණුවක්ද! දියුණුව? සමාවෙන්න.

හිටි ගමන් මගෙ ඔළුව අවුල් වෙනවා. විකාර වචන දොඩවනවා. සිංහල ශබ්දකෝෂයෙන් ඉවත් කරන්න ඕන වචන පාවිච්චි කරනවා.

“මං දන්නෑ දැන් සර්ට මොකක්ද කියන්නෙ කියල. මං බොරුකාරියක් වෙනවා. මට හිතෙනවා පොලිසියේ ඇන්ටි්‍ර එකක් දාන්න. තහනම් ගහක්නෙ කදුරු.”

ඒත් මෙයා පොලිසි යනවට මගෙ මනාපයක් නෑ. මොකද මං කැමති නෑ හොරු අල්ලනවාට. ගස් හොරු, වැලි හොරු, පස් හොරු, බැංකු හොරු අපි එක්ක ඉන්න ඕන. ඒත් බොරුවටවත් හොරු අල්ලන්න කියල පැමිණිලි කරන්න හොඳ නෑ. අනික, හදිසියේවත් හොරු ඇල්ලුවොත් රතු අයියලාට, මල්ලිලාට කථා කරන්න දේකුත් නැති වෙනවානෙ. ඒත් මං ආසයි කවුද කදුරු ගහ කපපු එකා කියල දැනගන්න. මට වෙස්මුහුණක් කපාගන්න කදුරු ගහෙන් කෑල්ලක් ඉල්ලගන්න නෙවෙයි. කපපු ගහේ ගෙඩි එහෙම තිබුණා නම් ගෙඩියක් දෙකක් ඉල්ලගන්න. මේ දවස්වල වහකදුරු ඕන වෙලාවල් හරියට තියෙනවා.


ඩොක්… ඩොක්… ඩොක්…

මං ගැස්සිලා ගියේ දොරට තඩිබාන සද්දෙට. දොර ඇරියාම දැක්කෙ කවුද ජාතික ඇඳුමක් ඇඳගත්තු මහත්තයෙක් දොරකඩ ඉන්නවා. එතුමා එක්ක ටයි දාගත්තු කීප දෙනෙකුත් තුවක්කු ගත්තු ආරක්ෂක භටයින් දෙන්නෙකුත් ඉන්නවා දැක්කා.

“මං ආවේ කවුද පොලිසියට කදුරු ගහක් ගැන පැමිණිල්ලක් දාලා තිබුණු හින්දා.”

මං බැලුවා ඇත්තටම මේ කවුද කියල. කවුද කියල මට නිච්චියක් තිබුණෙ නෑ. සරත් මධුගේ ‘ඉතිං ඊට පස්සෙ’ චිත්‍රකතාවේ මේ වගේ කෙනෙක් හිටියා මතකයි. ඒත් මේ මනුස්සයා හැට පැනලා.

“මං කවුද කියල කල්පනා කරන්න දෙයක් නෑ. මං නගරසභාවේ පාරවල් භාර මන්ත්‍රීතුමා.”

මං තවත් හිතුවේ නෑ. “එන්න මන්ත්‍රීතුමා” කියල හිස නමලා ගෙට කථා කළා. “නෑ, මට හදිස්සියි. මං ඇත්ත වශයෙන් එන්න ඕන ගමනකුත් නෙවෙයි මේ. ඒත් මං හිතුවා කදුරු ගහ ගැන කතාව තමුන්නාන්සේලාට කියල යන්න.” ඉතිං මන්ත්‍රීතුමා කියන කදුරු ගහේ කතාවට මං ඇහුන්කම් දුන්නා:

“තමුන්නාන්සේලා දන්නවාද දන්නෙ නෑ මෙතන අලුත් පාරක් දානවා කියල. ඒකට අපි රුපියල් බිලියන හත්සීයක් ඇස්තමේන්තු කරලා තියෙනවා. දැන් පාර තමුන්නාන්සේ ගේ ගේ ඉස්සරහටම හදලා ඉවරයි. ඊළඟට කරන්න තියෙන්නෙ ඔතන වෙල ගාව ඉඳලා ඉස්සරහට හදන එක. ඒකට තමයි ඔය ගහ කපලා අයින් කළේ. ඇරත් කදුරු කියන්නෙ වැඩකට ඇති ගහක්ද! තහනම් කරලා තියෙන්න පුළුවන්. ඒත් කදුරු ගහක් රකිනවාට වඩා කරන්න අපට වැඩ තියෙනවා. ඔන්න ඕකයි මං කියල යන්න ආවේ.”

මන්ත්‍රීතුමා පිටත් වෙන්න සූදානම් වෙද්දි කොහෙද ඉඳලා බිරිඳ සැපත් වුණා ගෙදරට. පැමිණිල්ල දැම්මෙ ඈ බවට ඉඟි වැටිලාද කොහෙද මන්ත්‍රීතුමා තවත් ටිකක් කථා කළා:

“රට සංවර්ධනය කරද්දි අපට ගස් රකින්නයි, අලි රකින්නයි බෑ. ගස් විතරක් නෙවෙයි, තමුන්නාන්සේලාගේ ඔළුකටු උඩින් වුණත් පාරක් හදන්න වුණොත් අපි හදනවා. මොකද අපට ගස්වලට වඩා සල්ලි වටිනවා.”

බිරිඳ මොනවාද කියන්න කට අරින්න හදද්දි මන්ත්‍රීතුමා මෙහෙම උත්තර දීලා යන්න ගියා:

“ඔය ඔක්සිජන් ගැනනෙ කියන්න යන්නෙ. ඒක හරියට හරි. ඔක්සිජන් කන්නද අයිසෞ අපට කන්න පුළුවන් දේ තියෙනවා. කන්න පුළුවන් මොනවද කියල අපි ඔප්පු කරලා තියෙනවා. ඒත් ඔක්සිජන් කන්න බෑ!”

මන්ත්‍රී සර් ගියාට පස්සෙ මට හිතුණෙ මට බිරිඳගෙන් හොඳට අහගන්න වෙයි කියල. ඒත් එහෙම වුණේ නෑ. බිරින්දෑ හිටියෙ හරි සන්තෝසෙකින්. “ඒ මන්ත්‍රීතුමා එක්ක අපේ ඩිරෙක්ටර් සර්ත් හිටියානෙ.” ඈ කියපු දේ මට පුදුමයක් වුණත් ඈට පුදුමයක් වුණේ නෑ. “අපේ සර්ත් කදුරු ගහ ඉල්ලලා තියෙන්නෙ මන්ත්‍රීතුමාගේ බිස්නස් එකකට.” ඈ කතාව නතර කළාට පස්සෙ මං හුස්ම ගත්තා. ඒත් පපුවට හුස්ම ගියේ නෑ. මං වෙල දිහාට ගියා හුස්මක් ගන්න. ඒත් එතන එක ගහක් තියා වෙලවත් තිබුණෙ නෑ.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba-13/feed/ 0
මේ කෲඩියා හැර තවත් කෲඩියා තිබේද…? https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%b2%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%90%e0%b6%bb-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%b2%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%8f/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%b2%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%90%e0%b6%bb-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%b2%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%8f/#respond Sat, 22 Jul 2023 23:50:00 +0000 https://divaina.lk/?p=157882 කෲඩියා ගහ ගැන නෙමෙයි ගහේ පිටුපස අපරාධය ගැන කියවන්න

මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමේදී එම මාර්ගයේ සීමාව තුළට සලකුණු කරන ලද ගම්පහ දාරළුවේ පිහිටි කෲඩියා සිලනිකා (Crudia Ceylanica) නොහොත් පඬු කරඳ (පණු කරඳ) නම්, වඳවී යෑමේ දැඩි තර්ජනයට ලක්වූ ශාකය (්‍යඔ) (හා එම වගුරු පරිසර පද්ධතිය) ඉකුත් 10 වැනිදා, සවස කිසියම් පිරිසක් විසින් ගලවා අතුරුදන් කිරීම මේ වනවිට දැඩිව කතාබහට ලක්ව ඇති සිද්ධියක් පමණක් නොව, මේ සිදුවීම දැන් අධිකරණය වෙතද ගොස් තිබේ. ඒ දැඩි තර්ජනයට ලක්ව, නීතියෙන් ආරක්ෂා කළ යුතු ශාකයක් මෙසේ හිතු මනාපයට ගලවා විනාශ කර දැමීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ දඬුවම් ලැබිය යුතු වරදක් වී ඇති නිසාය. මෙම ඉවත් කිරීම සිදු ලැබුවේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් අනුව බව කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන කියයි. වැඩිදුරටත් කරුණු කියන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටින්නේ ඉවත් කළ ගස වෙනුවට පඬු කරඳ පැළ 200 ක් සිටුවන බවයි. එසේ කියමින් ඔහු තෙත් කලාපයේ වැඩෙන කෲඩියා පැල රැගෙන ගොස් ඉකුත්දා උතුරු දුම්රිය මාර්ගය ආශ්‍රිතව කිලිනොච්චිය ප්‍රදේශයේ සිටුවීම තවත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් විය. කෙසේ වෙතත් කෲඩියා “සමරු ශාකය” දැන් ගලවා විනාශ කර දමා ඇත. ඒ ඇතැම් විට අපට ඇසී ඇති පරිදි යුවතියක අපයෝජනයට ලක්කර මරා වගුරු බිමක ඔබන තරමේම හිංසාවක් කෲඩියා නම් ඇයටද සිදුකරමිනි. එනිසාම “කෲඩියා ශාපය” අප අනාගතයේදී බලාපොරොත්තුව සිටිය යුත්තකි.

මේ අතර, කෲඩියා පැල සහ වැඩුණු ශාක තවත් රැසක් ඇති බව කියන උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ඇතුළු දේශපාලන අධිකාරිය, එසේ හෙයින් මෙම “සමරු ශාකය” ගලවා දැමීම සාධාරණය කිරීමට උත්සුක වනු පෙනේ. එනමුත්, මේ පඬි වදන් කියන සියල්ලෝම දැනගත යුතු කාරණයක් වන්නේ වඳවී ගිය ශාක ලයිස්තුවේ තිබුණු කෲඩියා සිලනිකා ශාකය නැවත ශ්‍රී ලංකාවේ ඇති බවට සොයාගනු ලබන්නේ මෙම දාරළුවේ (ගලවා විනාශ කර දැමූ) ශාකයෙන් බවයි. අද යම් තැනක පැළ ඇතිවී තිබෙන්නේ මෙම ශාකයද ඇතුළුව තවත් ශාක කිහිපයකින් ජනිත කරගන්නා ලද බීජවලිනි. ඒ සියලුම පැළ පැළකරගනු ලබන්නේ දාරළුවෙන් කෲඩියා ශාකය හඳුනාගැනීමෙන් පසුව බව සියල්ලෝම මතක තබාගත යුතුය.

මෙහිදී ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව අද කෲඩියා ගැන දේශපාලකයන්ට ඕනෑ ඕනෑ විදිහට කතා කළාට ඔවුන් වගඋත්තරකාරයන් බවට පත්කර නඩු ඇසිය යුතු කාරණයක්ද මෙම කතාව තුළ තිබෙන බව ලියුම්කරුගේ අදහසයි. එනම්, දාරළුවේ මෙම කෲඩියා ගස පමණක් නොව, තවත් ගස් අප හඳුනාගන්නා ලද බව හා ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තුළද ගසක් ඇති බව ඔවුන් කීවද, හිමේෂ් ජයසිංහ නමැති තරුණ ශාක පර්යේෂකයා 1911 න් පසුව නැවත ප්‍රථම වරට දාරළුවෙන් මෙම ගස හඳුනාගන්නා තෙක් උද්භිද උද්‍යානය මෙම ගස කොතැනින් හෝ හඳුනාගෙන තිබුණේ නැත. අඩුම තරමේ හෙනරත්ගොඩ උද්‍යානයේ තිබුණු ගස පවා ඔවුන් හඳුනාගෙන තිබුණේ නැත. හිමේෂ් ජයසිංහ මහතා ගස නැවත වාර්තා කළාට පසු එම ගසේ කොළ (පත්‍ර) හා මල් කඩාගෙන ගොස් හෙනරත්ගොඩ ඇතුළු කොළඹ තදාසන්නව තිබූ ගස් කිහිපයක් අඳුරගන්නා මෙම රාජ්‍ය ආයතනය සහ අනෙකුත් ශාක පර්යේෂකයෝ අද අවස්ථාවාදී දේශපාලකයන්ට කඩේ යමින් මාධ්‍යයට ප්‍රකාශ ලබාදෙන්නේ ඔවුන් මෙම ශාකය ගැන කළින් දැනගෙන පැළ රෝපණය කරගත් බවට මවා පැමිණි නොහොත්, හිමෙෂ්ගේ සොයාගැනීම නොවන්නට අද හෙනරත්ගොඩ උද්‍යානයේ ඇති ගස පවා කුමක්දැයි යන්න කවුරුනුත් නොදනිති. මේ සත්‍යය තේරුම් කරගත යුතු අතර උද්භිද උද්‍යාන නිලධාරීන්ගෙන් මේ පිළිබඳව කටඋත්තර ගත යුතු බව අපගේ අදහසයි.

කෲඩියා සිලනිකා නම් ශාකයේ මතකය මෙරට සංරක්ෂණවේදීන්ගෙන් ගිලිහෙන්නේ 1911 න් පසුවය. ඒ කළුතර දිස්ත්‍රික්කයේ “ගල්පාත” නම් කළුගඟ නිම්නයේ පිහිටි ප්‍රදේශයේ ස්ථානයකින් හඳුනාගෙන තිබුණු එම වර්ගයේ ගස කපා දැමීමත් සමගය. පළමුවරට මෙම කෲඩියා සිලනිකා නම් ශාකය මෙරටින් වාර්තා කරනු ලබන්නේ 1865 දී එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කළ ජී. එච්. කේ. ත්වෙට්ස් (ඨග ්‍යග ණග ඔයඅ්සඑි) මහතා විසිනි. කළුතර “ගල්පාත” ප්‍රදේශයේම පිහිටි එවන් වර්ගයේ ගසකින් ලබාගත් පත්‍ර, මල් ඇතුළු නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේත්, තවත් නිදර්ශකයක් බ්‍රිතාන්‍යයේ රාජකීය ශාකාගාරයේත් (කිව් ගාර්ඩ්න්) තැන්පත් කරමින් ඔහු විසින් මෙම ශාකය Crudia Ceylanica නමින් විද්‍යා ලොවට හඳුන්වා දී (Describe) ඇත.

අනතුරුව මෙම ශාකයේ තවත් නිදර්ශකයක් 1911 පෙබරවාරි මස 20 වැනිදා ජේ. එම්. සිල්වා මහතා විසින් එක්රැස් කර පේරාදෙණිය ශාකාගාරයේ තැන්පත්කර ඇත. ඒ බොහෝ විට කළුතර ගල්පාත පිහිටි ගසේම නිදර්ශකයක් විය හැකි බවට පර්යේෂකයෝ විශ්වාසය පළ කරති. ඉහත තොරතුරු අනුව පසු කලෙක ගල්පාත ගස නිරීක්ෂණයට ගිය අයකු එම ගස කපා දමා ඇති බවට වන සටහනක් පේරාදෙණියේ තැන්පත්ව පවතින නිදර්ශකය මත පැන්සලයකින් සටහනක් දමා තිබේ. ඒ අනුව කෲඩියා පිළිබඳ මතකය සමාජයෙන් ගිලිහී යනු ලබන අතර, 1999, 2007, 2012 යන ජාතික රතු දත්ත වාර්තාවන්හි මෙම ගස පිළිබඳව සටහන් වී ඇත්තේ මෙරටින් වඳවී ගිය ශාකයක් (EX) ලෙසිනි. ඒ වසර 50 ක් තුළ මෙම ශාකය වාර්තා නොවීමේ සිද්ධාන්තයට යටත්වය. ඒ අනුව යමින් පාසල් විෂය නිර්දේශයේ රජය මගින් ප්‍රකාශයට පත්කර ඇති විද්‍යාව 13 වසර පෙළ පොතටද Crudia Ceylanica යනු වඳවී ගිය (Extinct) ශාකයක් ලෙස ඇතුළත් කර තිබේ.

කෲඩියා සිලනිකා යළිත් ගම්පහ දාරළුවෙන් වාර්තාවන්නේ එවන් තත්ත්වයක ගස තිබියදීය. මහා සංවර්ධන ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා අවශ්‍ය බව සංරක්ෂණය සඳහා ස්ථාපිත කර ඇති රජයේ ආයතන කීවද, එවන් අවංක, සැබෑ පරිසර බලපෑම් තක්සේරු පරීක්ෂණ (EIA) මෙරට සිදුනොවන තරම්ය. එනම්, මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා වන පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාව දෙපාරක් සිදුකිරීමෙන් හා දෙතුන් වතාවක් පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුද, කෲඩියා ශාකය ඒ පරීක්ෂණ දෙකටම හමුනොවීම මහා පුදුමයකි. නොහොත්, මධ්‍යම අධිවේගය සඳහා කරනු ලැබූ සියලු පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තා ව්‍යාජ ඒවා බැවින් වහාම ඒ පිළිබඳව සොයා බලා ඒ සඳහා කරන ලද ගෙවීම් (මේවාට ගෙවන්නේ ව්‍යාපෘතියෙන් ප්‍රතිශතයකි.) වහාම ආපසු අයකරගත යුතු බව අපගේ ඉල්ලීමයි. කෙසේ හෝ 2019 නොවැම්බර් 17 දින දාරළුවේ අදාළ පරිසර පද්ධතිය ගවේෂණය කරනු ලබන පරිසරවේදී හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා විසින් කරන ලද පරීක්ෂණයකින් පසු මෙම ගස කෲඩියා සිලනිකා බවට තහවුරු කර හඳුනාගනු ලැබීය. ඒ කිසිදා නොදුටු මේ ගසේ පත්‍ර පමණක් නොව, මල් පිපෙනකම් බලා හිඳ, මල්ද රැගෙන “ත්වෙට්ස් ගේ” සහ “ජේ. එම්. සිල්වා ගේ” පැරණි වාර්තා හා සන්සන්ධනය කිරීමෙනි. ඉන් පසු ලැව්ගින්නක් සේ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය මේ අලුත් සොයාගැනීම පිළිබඳ ප්‍රවෘත්තිය මතු වූ දා සිටම පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු අතර, ගසේ නීත්‍යානුකූල අයිතිය හිමි වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමටද ඔහු පසුබට නොවෙයි. එහිදී (2019 දී) වහා ක්‍රියාත්මක වන බස්නාහිර පළාත භාර හිටපු වනජීවී සහකාර අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් මහතා ඒ සඳහා නීත්‍යානුකූලව කටයුතු කරනු ලැබේ.
තම දෙපාර්තමේන්තු ප්‍රධානියා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කරන ඔහු මේ සඳහා වහා පියවරක් ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටින්නට කටයුතු කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා කඩවත සිට මීරිගම දක්වා එකම පස් පිඩැල්ලක්වත් කපා නැති මොහොතකය. එසේම, මීට ප්‍රතිචාර දක්වන මධ්‍යම පරිසර අධිකාරිය ද මීට පියවර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දන්වා සිටින්නේ මේ දුර්ලභ ශාකය සංරක්ෂණයට පියවර ගන්නා ලෙසයි. නමුත් හිතුවක්කාර (දේශපාලන) තීන්දුවක් ගන්නා මාර්ග සංවර්ධන අධිකාරිය මධ්‍යම අධිවේගයේ මාර්ග සැලසුම අඟලක්වත් වෙනස් කරන්නට එකඟ නොවී ගත් අත්තනෝමතික, උද්දච්ච නොසලකා හැරීම නිසා අද කෲඩියා ගස ගලවා, මරා, මඩේ ඔබා විනාශ කිරීම මහා අපරාධයක් නොවන්නේද..? එනම්, කෲඩියා මරා දැමීම තනිකරම අපරාධයකි. එහි ශාපය කෙතරම්ද යන්න අපි ඉදිරියේ බලා සිටිමු. හෙවත් වරක් රත්නපුරට මහා ගංවතුර ඛේදවාචකයකට මුහුණ දෙන්නට සිදු වුණේ සිරිපා අඩවියේ දිවි ගෙවූ දළ ඇතෙකු මරාදැමීමෙන් බව එකල සුලභව කියූ කතාවකි. නොහොත් අප ඉල්ලා සිටින්නේ කෲඩියා යට තිබුණු සත්‍ය කතාව නිවැරදිව තේරුම් ගන්නා ලෙසටය. නියපොත්තෙන් කරන්නට තිබුණු දෙය පොරොවෙන් නොව, බුල්ඩෝසරයෙන් ද කළ මහා අපරාධය හා එහි පිටුපස තිබූ අක්‍රමිකතාව සොයා බලන ලෙසය. මෙහි මූලික වගඋත්තරකරුවා මාර්ග සංවර්ධන අධිකාරියයි. ගම්පහ හිටපු දිස්ත්‍රික් වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය සැබැවින්ම මේ සඳහා මැදිහත් වන්නේ මීට වගකිව යුතු වනජීවී දෙපාර්තමේන්තුව නිද්‍රාශීලීව සිටින මොහොතක තම දෙපාර්තමේන්තුව වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගෞරවය රකින්නට මෙන්ම සහ තම බල ප්‍රදේශයේ සිදුවන අකටයුත්තක් බලාසිටින්නට නොහැකි තැනය. ඇත්තටම ඇයට මේ සඳහා තිබුණේ අයිතියකට වඩා කැක්කුමක් බව අද ඇයට අපහාස කරන වුන් දැනගත යුතුව ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගය කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේම දිගුවක් ලෙස සකස් කරන්නට තීන්දුකර තිබුණද, පසුව එය කොළඹ පිටත වටරවුම් (අධිවේගී) මාර්ගයේ දිගුවක් ලෙස කඩවත සිට දඹුල්ල දක්වා ලෙස වෙනස් කර ඇත. ඒ අනුව අවසන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සකස් වන්නේ කඩවත සිට දඹුල්ල දක්වාය. Skills International නම් සංවිධානයක් මගින් මෙහි කොටස් දෙකකට වශයෙන් වූ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සකසනු ලබන්නේය. ඒ එඬේරමුල්ලේ සිට මීරිගමටත් එතැන් සිට දඹුල්ලටත් වශයෙනි. මෙම වාර්තාවට අනුව මධ්‍යම අධිවේගී මාර්ගය ගම්පහ පසුකර දාරළුව (දුම්රිය ස්ථානයට යාබදව) ගම්මානය මැදින් ගමන් ගන්නා බව සඳහන් වුවද දාරළුවේදී කෲඩියා සිලනිකා නම් ගසක් හෝ හඳුනාගන්නට නොහැකි වෙනත් කුමන හෝ ගසක් එහි ඇති බවටවත් එම වාර්තාවෙන් හඳුනාගන්නේ නැත. ඒ නැතත්, ඊට පසු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පසුව සිදුකර හඳුනාගනු ලබන මැන්ඩෝර (Vatica paludosa) නම් ශ්‍රී ලංකාවට අවේණික, දුලභ, වඳවීයෑමේ තර්ජනයට ලක්වූ ශාකය හෝ එවැනිම තර්ජනයට ලක්වූ වැල් වර්ග තුනක් එනම් හීං හිඹුටු (Salacia chinensis), බූවසතැල් (Bonamia semidigyna) සහ Combretum acuminatum පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් හඳුනාගන්නේ නැත. එබැවින් Skills International නම් සංවිධානය මගින් මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධව කරන ලද පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සම්පූර්ණයෙන්ම පාහේ සාවද්‍ය, දෝස සහිත වාර්තාවක් බව අපගේ පිළිගැනීමයි. මේ සඳහා කොපමණ මුදලක් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වාද යන්න හෙළිකළ යුතුවන අතර, ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නේ කෙලෙසද යන්න බලධාරීන් වහා හෙළිදරව් කළ යුතුව ඇත.

කෙසේ හෝ කොටස් දෙකකට සිදුකර ඇති ඉහත පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව මධ්‍යම පරිසර අධිකාරියේ ඉල්ලීම පරිදි තනි වාර්තාවක් බවට නැවත සකස් කරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අංශයේ ක්‍ැබඑරු දෙර Sustainability ආයතනය මගිනි. ඒ කෙසේ හෝ කෲඩියා සිලනිකා නම් වඳවී ගිය බවට සංරක්ෂණ ලේඛනවල සඳහන් ශාකය නැවත දාරළුවෙන් හඳුනාගන්නා ලද්දේ එම පරසර බලපෑම තක්සේරු වාර්තා දෙකෙන් එකකින්වත් නොව, පෙර අප සඳහන් කළ හිමේෂ් දිල්රුවන් ජයසිංහ නම් ශාක පිළිබඳ විශේෂාංග දැනුමක් ඇති පරිසරවේදියා විසින් නිසා ඔහුට ජාතියේ ගෞරවය හිමිවිය යුතුය. ඔහු විසින් හඳුනාගන්නා ලද්දේ මෙසේ ගලවා දමන ලද දාරළුවේ ශාකයයි. නොහොත්, මෙම දාරළුවේ Crudia Ceylanica ශාකය යනු වසර 50 කටත් වඩා කාලයක් ලංකාවෙන් වාර්තා නොවී තිබී යළිත් එම ශාකය මේ බවට වාර්තා කරන ලද “සමරු ශාකය” යි. මෙසේ ගලවා විනාශකර දමන්නේ එම ශාකයයි. තවත් පඬු කරඳ ශාක කිහිපයක් අනතුරුව හඳුනාගන්නා ලද්දේ මේ ශාකයේ කොළ, මල් යනාදිය රැගෙන ගොස්

හඳුනාගැනීමෙන් පසුවය. අපගේ අදහස නම්, මෙවන් සමරු වෘක්ෂයක් භාවිතයට ගෙන එම ශාකය “ස්ථානයේ තිබියදීම” සංරක්ෂණය කර, (Exsitu Conservation) අදාළ ස්ථානය සංචාරක ආකර්ශනීය ස්ථානයක් බවට පත්කළ හැකිව තිබුණු බවයි. එසේ කරන්නට හැකියාව තිබිණි නම්, එතැන තිරසර සංවර්ධනය යනුවෙන් රටේ පාලකයන්ම නිතර දෙවේලේ මතුරන මන්ත්‍රණය යථාර්ථයක් කරන්නට අවස්ථාවද හොඳටෝම තිබිණි. ශාකයත් එතැනම තියාගෙන, මාර්ගයත් නිම කරන්නට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. එවන් දක්ෂ ඉංජිනේරුවන් අපට නැති වීම ගැන එක අතකින් අප ලජ්ජා විය යුතු අතර, ගස උදුරා දැමීමෙන් ගිලිහී ගියේ ලෝකයට කියන්නට තිබූ එම “තිරසර සංවර්ධන” කතාව පමණක් නොව, රටට ඩොලර් ගෙනෙන්නට තිබුණු අනගි අවස්ථාවක් බවද සිහිපත් කරනු කැමැත්තෙමි. ගම්පහ හෝ දාරළුව සංචාරක පුරවරයක් කරන්නට අවස්ථාව හොඳටම තිබුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංගට ය. තමන්ගේ බලප්‍රදේශයේ තිබූ මෙම සම්පත රටට ඩොලර් හොයන සංචාරක ව්‍යාපෘතියකට යොදාගන්නට ඔහුට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. ධනාත්මකව කල්පනා කරන්නට මොළයක් තිබිණි. අඩුම තරමින් මෙවන් වැඩවලට දක්ෂ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙවන් විශ්මිත එහෙත් ධනාත්මක වැඩක් කරන්නට 2019 සිට අවස්ථාව තිබිණි. නමුත් වත්මන් ප්‍රවාහන බලධාරීන් මැදිහත්වී ගම්පහෙන් මෙම වටිනා ගස අතුරුදන් කරන තුරු ගමේ දේශපාලන චණ්ඩි කිසිවක් කළේ නැත.

දේව හාස්කමෙන් ගස් මණ්ඩියක්ම බේරා ලංකාවේ තවත් පාරක් හදපු කතාව ලබන සතියේ කියවමු

ජගත් කණහැරආරච්චි

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%b2%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%90%e0%b6%bb-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%b2%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%8f/feed/ 0
පඬුකරඳ ගස වළ දැමූ ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව දෙන්න නියෝග https://divaina.lk/%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3-%e0%b6%9c%e0%b7%83-%e0%b7%80%e0%b7%85-%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%96-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af%e0%b7%9a%e0%b7%81/ https://divaina.lk/%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3-%e0%b6%9c%e0%b7%83-%e0%b7%80%e0%b7%85-%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%96-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af%e0%b7%9a%e0%b7%81/#respond Fri, 21 Jul 2023 23:52:00 +0000 https://divaina.lk/?p=158042 ගස ගොඩ ගන්නත් කියයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යන දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඬු කරඳ (කෲඩියා සෙලනිකා) ගසක් හොරෙන් කපා වළ දමා ඇති බව කියන ප්‍රදේශයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය ඊයේ (21) පස්වරුවේ බෙම්මුල්ල පොලිසියට නියෝග කළාය.

එම ගස වළ දමා තිබෙන ස්ථානය ස්ථිරවම හඳුනා ගෙන එය ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත මහතාට ද අධිකරණය වැඩිදුරටත් නියෝග කළාය.

දාරළුව ප්‍රදේශයේ තිබූ එම පඬු කරඳ ගස කපා ඉවත් කර ඇති බව පවසමින් ගම්පහ දිසා වන කාර්යාලය මගින් බී වාර්තාවකින් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

එම නඩුව ඊයේ (21දා) පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්දිනු ධීරසේකර මහතා කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ තීන්දුවකට පිටුපාමින් විනාඩි අටක් වැනි කෙටි කාලයක් තුළ මේ දුර්ලභ ගණයේ ගස හොරෙන් කපා වළ දමා ඇති බව කියා සිටියේය. පඬු කරඳ ශාකය වඳ වී යන ශාක වර්ගයක් බවට රතු දත්ත පොතේ සඳහන් කර ඇති බවත් කැබිනට් තීරණයකට අනුව නීති විරෝධීව මෙම ගස හොරෙන් කපා වළ දමා ඇති බව දැන ගන්නට ලැබී ඇති බව ද නීතීඥවරයා කීය.

මෙහිදී අධිකරණය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත මහතා කරුණු දක්වමින් කැබිනට් තීරණයකට අනුව ගස කපා ඉවත් කළ බව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා දැනුම් දුන් බවත් ඊයේ (21) උදෑසන අතිරේක වන සංරක්ෂක ජනරාල්වරයා විද්‍යුත් තැපෑලෙන් ඒ බව දන්වා සිටි බවත් කියා සිටියේය.

එම ගස නැවත ගොඩ ගැනීමක් කරනවා නම් ඒ සඳහා අවශ්‍ය සම්පත් යන්ත්‍ර සූත්‍ර තම දිසා වන කාර්යාලය සතුව නොමැති බවද දිසා වන නිලධාරීවරයා අධිකරණය හමුවේ කීය.

නීතිඥ රොෂාන් කහටපිටිය මහතා:-

පොඩි මිනිහෙක් ගහක අත්තක් කැපුවත් වන නිලධාරීන් වහා මැදිහත් වී ඒ පුද්ගලයා සමග කපන ලද ගස් හෝ අතු අධිකරණයට ගේනවා. නමුත් මේ කර තිබෙන්නේ බරපතල අපරාධයක්. මේ පිළිබඳව වන නිලධාරීන් උදාසීන තත්ත්වයක් තමයි මේ සඳහා දක්වා තිබෙන්නේ.

මෙහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය කරුණු දක්වමින් වහාම එම ගස කපා වළ දමා ඇති බව කියන ප්‍රදේශයට ඊයේ (21) සිට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගන්නා ලෙසට බෙම්මුල්ල පොලීසියට නියෝග කළාය. එම නියෝගය සම්බන්ධයෙන් බෙම්මුල්ල පොලීසිය දැනුම්වත් කරන ලෙසට ද අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය. ගස කපා වළ දමා ඇති ස්ථානය පිළිබඳව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා දැනුම්වත්ව සිටින හෙයින් එම ගස ගොඩ ගැනීම සඳහා නිශ්චිත ස්ථානය හඳුනා ගෙන ලබන 24 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට හා උදාසීන තත්ත්වයකින් තොරව නියෝග වහා ක්‍රියාත්මක කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය ගම්පහ දිසා වන නිලධාරීවරයාට නියම කළාය.

නැවත කැඳවීම මේ මස 24 වැනිදාට කල් තැබිණ.

මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3-%e0%b6%9c%e0%b7%83-%e0%b7%80%e0%b7%85-%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%96-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%af%e0%b7%9a%e0%b7%81/feed/ 0
‘පඬුකරඳ’ යාල් දේවි සමග https://divaina.lk/%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3-%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c/ https://divaina.lk/%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3-%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c/#respond Sat, 15 Jul 2023 23:53:00 +0000 https://divaina.lk/?p=156770
‘පඬුකරඳ’ යාල් දේවි සමග

මේ දිනවල වඩාත් ජනප්‍රිය ශාකය බවට පත්ව ඇත්තේ පඬුකරඳ ශාකයයි. එම ශාකයක් ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී රෝපණය කළේ අනුරාධපුරය සිට යාපනය දක්වා යළි යාල්දේවි දුම්රිය ධාවනය ආරම්භවීම සනිටුහන් කරමිනි. ඉකුත් 13 වැනිදා දුම්රිය ධාවනය යළි ආරම්භ විය. මෙම පඬුකරඳ ශාක කිලිනොච්චිය සහ යාපනය දුම්රිය ස්ථානවලද රෝපණය කළේය.

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b6%ac%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%b3-%e0%b6%ba%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c/feed/ 0
හිත් පිත් නැති සංවර්ධනයට කෲඩියා ගෙල දෙයි https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7/ https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7/#respond Tue, 11 Jul 2023 23:50:00 +0000 https://divaina.lk/?p=155995 2019 සිට දැනගෙනත් කෲඩියා බේරාගන්නට බලධාරීන් කිසි දෙයක් කළේ නැහැ

මේ නැති වුණේ ගම්පහ සංචාරක පුරවරයක් කරන්නට තිබුණු අවස්ථාවක්

මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමේදී එම මාර්ගයේ සීමාව තුළට සලකුණු කර ඉවත්කිරීමට යෑමේදී මහත් ආන්දෝලනයකට ලක්වූ, ගම්පහ දාරළුවේ පිහිටි කෲඩියා සිලනිකා (Crudia Ceylanica) නොහොත් පඬු කරඳ (පණු කරඳ) ශාකය ඉකුත් 10 වැනිදා, (පෙරේදා) සවස කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කිරීම මේ වනවිට මහත් කතා බහට ලක්ව ඇත. මෙසේ මෙම ශාකය ඉවත් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් අනුව බව දැනගන්නට ඇත.

සැබැවින්ම කෲඩියා සිලනිකා ගැන අපට කියවන්නට තිබුණේ මෙවන් අවාසනාවන්ත කතාවක් නොව, අලුත්ම අලුත් ප්‍රවෘත්තියකි. එනම්, මධ්‍යම අධිවේගී මාර්ගය තැනීම සඳහා පාරිසරික තක්සේරු ක්‍රියාවලියේ යෙදී සිටි පර්යේෂණ කණ්ඩායමකට මීට වසර 50 කට එපිටින් ශ්‍රී ලංකාවෙන් වඳවී ගියා යැයි සැලකෙන “කෲඩියා සිලනිකා” නමැති ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් නැවත සොයාගන්නට ලැබුණු බව හා එම ශාකය නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ගමන් මග වෙනස්කර, ඉහත ශාකය සංරක්ෂණය කිරීමට රජය වහා පියවර ගන්නා ලදි, හෝ එම නිසාම ගම්පහ-දාරළුව ගම් ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස දියුණු කර, කෲඩියා සිලනිකා ශාකයෙන් ආදායම් උත්පාදනයට රජයේ සැලසුම් කර ඇත වැනි ධනාත්මක ප්‍රවෘත්තියකි. වැඩිමනත් දාරළුව දුම්රිය පළ “කෲඩියා ස්ටේෂන්” බවට පත්කර සංචාරකයින් එහි ගෙන්වා ඉතා හොඳ ආදායම් මාර්ගයක් ලබාගන්නට රටට අවස්ථාවක් ද මේ නිසා උදා විය. නමුත්, දුර දැකීමක් නැති, කොන්දක් නැති නායකයින් කලක පටන් රට කරවන හෙයින් කෲඩියා සිලනිකා වැනි රටේ ජාතික සම්පත් උදුරා විසිකරනු දකිනවා හැර උන්ගෙන් වෙන යමක් රට වෙනුවෙන් අපට බලාපොරොත්තු වීමට නොහැකිය.

හිත් පිත් නැති සංවර්ධනයට කෲඩියා ගෙල දෙයි

කෲඩියා සිලනිකා නම් ශාකයේ මතකය මෙරට සංරක්ෂණවේදීන්ගෙන් ගිලිහෙන්නේ 1911 න් පසුවය. ඒ කළුතර දිස්ත්‍රික්කයේ ගල්පාත නම් කළුගඟ නිම්නයේ පිහිටි ප්‍රදේශයේ ස්ථානයකින් හඳුනාගෙන තිබුණු එම වර්ගයේ ගස කපා දැමීමත් සමගය. පළමුවරට මෙම කෲඩියා සිලනිකා නම් ශාකය මෙරටින් වාර්තා කරනු ලබන්නේ 1865 දී එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ භාරකරු ලෙස කටයුතු කළ ජී. එච්. කේ. ත්වෙට්ස් (G. H. K. Thwaits) මහතා විසිනි. කළුතර ගල්පාත ප්‍රදේශයේ පිහිටි එවන් වර්ගයේ ගසකින් ලබාගත් පත්‍ර ඇතුළු එක් නිදර්ශකයක් පේරාදෙණිය ශාකාගාරයේත්, තවත් නිදර්ශකයක් බි්‍රතාන්‍යයේ රාජකීය ශාකාගාරයේත් (කිව් ගාර්ඩ්න්) තැන්පත් කරමින් ඔහු විසින් මෙම ශාකය Crudia Ceylanica නමින් විද්‍යා ලොවට හඳුන්වා දී (Describe)ඇත.

අනතුරුව මෙම ශාකයේ තවත් නිදර්ශකයක් 1911 පෙබරවාරි මස 20 වැනිදා ජේ. එම්. සිල්වා මහතා විසින් එක්රැස් කර පේරාදෙණිය ශාකාගාරයේ තැන්පත් කර ඇත. ඒ බොහෝ විට කළුතර ගල්පාත පිහිටි ගසේම නිදර්ශකයක් විය හැකි බවට පර්යේෂකයෝ විශ්වාසය පළ කරති. ඉහත තොරතුරු අනුව පසු කලෙක ගල්පාත ගස නිරීක්ෂණයට ගිය අයකු එම ගස කපා දමා ඇති බවට වන සටහනක් පේරාදෙණියේ තැන්පත්ව පවතින නිදර්ශකය මත පැන්සලයකින් සටහනක් දමා තිබේ. ඒ අනුව කෲඩියා පිළිබඳ මතකය සමාජයෙන් ගිලිහී යනු ලබන අතර, 1999, 2007, 2012 යන ජාතික රතු දත්ත වාර්තාවන්හි මෙම ගස පිළිබඳව සටහන් වී ඇත්තේ මෙරටින් වඳවී ගිය ශාකයක් (EX) ලෙසිනි. ඒ වසර 50 ක් තුළ මෙම ශාකය වාර්තා නොවීමේ සිද්ධාන්තයට යටත්ව ය. ජාත්‍යන්තර රතු දත්ත වාර්තාව ද ඒ අනුව යමින් මෙම ශාකය වඳව ගිය ශාකයක් ලෙස හඳුන්වා දී ඇත. ඒ අනුව යමින් පාසල් විෂය නිර්දේශයේ විද්‍යාව පෙළ පොතට ද Crudia Ceylanica යනු වඳවී ගිය ශාකයක් ලෙස ඇතුළත් කර තිබේ.

කෲඩියා සිලනිකා යළිත් ගම්පහ දාරළුවෙන් වාර්තාවන්නේ එවන් තත්ත්වයක ගස තිබියදීය. ඒ අනුව කෲඩියා දැඩි තර්ජනයට ලක්වූ ශාකයක් ලෙස මෙවර රතු දත්ත වාර්තාව එක්කර ඇත. (HT) මහා සංවර්ධන ව්‍යාපෘති සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා අවශ්‍ය බව රජය (නොව සංරක්ෂණය සඳහා ස්ථාපිත කර ඇති රජයේ ආයතන) කීවද, එවන් අවංක, සැබෑ පරිසර බලපෑම් තක්සේරු පරීක්ෂණ මෙරට සිදුනොවන තරම්ය. එනම්, මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා වන පාරිසරික ඇගයීම් තක්සේරු වාර්තාව දෙතුන් පාරක් සිදුකිරීමෙන් හා දෙතුන් වතාවක් පරීක්ෂාවට ලක්කිරීමෙන් පසුද, කෲඩියා ශාකය ඔවුන්ට හමුනොවීම මහා පුදුමයකි.

කෙසේ හෝ 2019 නොවැම්බර් 17 දින දාරළුවේ අදාළ පරිසර පද්ධතිය ගවේෂණය කරනු ලබන පරිසරවේදී හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා විසින් මෙම ගස කෲඩියා සිලනිකා බවට තහවුරු කර හඳුනාගනු ලැබීය. ඉන් පසු ලැව්ගින්නක් සේ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය මේ අලුත් සොයාගැනීම පිළිබඳ ප්‍රවෘත්තිය මතු වූ දා සිටම පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු අතර, හා වසරක කොරෝනා නිවාඩුව තුළ මේ ගස පිළිබඳව හෝ මාර්ගයේ වෙනස්කමක් කිරීමක් සිදුකර ගස බේරාගැනීම සඳහා ඕනෑ තරම් කාලයක් තිබියදී බලධාරීන් ඒ පිළිබඳව නෑසූ කන්ව සිටියහ.

හිත් පිත් නැති සංවර්ධනයට කෲඩියා ගෙල දෙයි

මධ්‍යම අධිවේගී මාර්ගය කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේම දිගුවක් ලෙස සකස් කරන්නට තීන්දු කර තිබුණ ද, පසුව එය කොළඹ පිටත වටරවුම් (අධිවේගී) මාර්ගයේ දිගුවක් ලෙස කඩවත සිට දඹුල්ල දක්වා ලෙස වෙනස් කර ඇත. ඒ අනුව අවසන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සකස් වන්නේ කඩවත සිට දඹුල්ල දක්වාය. skills International නම් සංවිධානයක් මගින් මෙහි පළමු හා කොටස් දෙකකට වශයෙන් වූ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සකසනු ලබන්නේය. ඒ එඬේරමුල්ලේ සිට මීරිගමටත් එතැන් සිට දඹුල්ලටත් වශයෙනි. මෙම වාර්තාවට අනුව මධ්‍යම අධිවේගී මාර්ගය ගම්පහ පසුකර දාරළුව (දුම්රිය ස්ථානයට යාබදව) ගම්මානය මැදින් ගමන් ගන්නා බව සඳහන් වුවද දාරළුවේදී කෲඩියා සිලනිකා නම් ගසක් හෝ හඳුනාගන්නට නොහැකි වෙනත් කුමන හෝ ගසක් එහි ඇති බවටවත් එම වාර්තාව සමත් නොවේ. ඒ නැතත්, ඊට පසු තවත් ආයතනයක් මගින් පසුව සිදුකර හඳුනාගනු ලබන මැන්ඩෝර (Vatica paludosa) නම් ශ්‍රී ලංකාවට ආවේණික, දුලභ, වඳවීයෑමේ තර්ජනයට ලක්වූ ශාකය හෝ එවැනිම තර්ජනයට ලක්වූ වැල් වර්ග තුනක් එනම් හීං හිඹුටු (Salacia chinensis), බූවසතැල් (Bonamia semidigyna) සහ Combretum acuminatum පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවෙන් හඳුනාගන්නේ නැත. එබැවින් Skills International නම් සංවිධානය මගින් මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධව කරන ලද පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සම්පූර්ණයෙන්ම පාහේ සාවද්‍ය, දෝෂ සහිත වාර්තාවක් බව අපගේ පිළිගැනීමයි. මේ සඳහා කොපමණ මුදලක් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වාද යන්න හෙළි කළ යුතු වන අතර, ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නේ කෙළෙසද යන්න බලධාරීන් වහා හෙළිදරව් කළ යුතුව ඇත

කෙසේ හෝ කොටස් දෙකකට සිදුකර ඇති ඉහත පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව මධ්‍යම පරිසර අධිකාරියේ ඉල්ලීම පරිදි තනි වාර්තාවක් බවට පත්වන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යා අංශය මගිනි. ඒ කෙසේ හෝ කෲඩියා සිලනිකා නම් වඳවී ගිය බවට සංරක්ෂණ ලේඛනවල සඳහන් ශාකය නැවත දාරළුවෙන් හඳුනාගන්නා ලද්දේ පෙර දැක්වූ හිමේෂ් දිල්රුවන් ජයසිංහ නම් ශාක පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පරිසරවේදියා විසිනි. ඒ මෙම ගලවා දමන ලද දාරළුවේ ශාකයයි. නොහොත්, මෙම දාරළුවේ Crudia Ceylanica ශාකය යනු වසර 50 ක් වාර්තා නොවී යළිත් එම ශාකය මේ බවට වාර්තා කරන ලද “සමරු ශාකය”යි. මෙසේ ගලවා දමන ලද ශාකයයි. අපගේ අදහස නම්, මෙවන් සමරු වෘක්ෂයක් භාවිතයට ගෙන අදාළ ස්ථානය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කළ හැකිව තිබුණු බවයි. එසේ කරන්නට හැකියාව තිබිණි නම්, එතැන තිරසර සංවර්ධනය යනුවෙන් රටේ පාලකයින්ම නිතර දෙවේලේ මතුරන මන්ත්‍රණය යථාර්ථයක් කරන්නට අවස්ථාවද හොඳටෝම තිබිණි. ශාකයත් එතැනම තියාගෙන, මාර්ගයත් නිම කරන්නට ඕනෑතරම් අවස්ථාව තිබිණි. එවන් දක්ෂ ඉංජිනේරුවන් අපට නැති වීම ගැන එක අතකින් අප ලජ්ජා විය යුතු අතර, ගස උදුරා දැමීමෙන් ගිලිහී ගියේ ලෝකයට කියන්නට තිබූ එම “තිරසර සංවර්ධන” කතාව පමණක් නොව, රටට ඩොලර් ගෙනෙන්නට තිබුණු අනගි අවස්ථාවක් බවද සිහිපත් කරනු කැමැත්තෙමි.

ජගත් කණහැරආරච්චි

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7/feed/ 0