D.P.Education and cooding school – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 23 Dec 2022 10:39:29 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg D.P.Education and cooding school – Divaina https://divaina.lk 32 32 ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුතු ශ්‍රම බළකායක් උදෙසා “ඩී.පී. එඩියුකේශන් කෝඩින් පාසල” දියත් කෙරේ https://divaina.lk/%e0%b6%a9%e0%b7%92%e0%b6%a2%e0%b7%92%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94/ https://divaina.lk/%e0%b6%a9%e0%b7%92%e0%b6%a2%e0%b7%92%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94/#respond Sat, 24 Dec 2022 23:45:00 +0000 https://divaina.lk/?p=117777 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිදහස් ඩිජිටල් අධ්‍යාපන සැපයුම්කරු වන ඩී.පී.එඩියුකේෂන් විසින් “ඩී.පී. එඩියුකේෂන් කෝඩින් පාසල” හි පෙර දොරට වැඩූම, සේරුවිල මංගල රජමහා විහාරාධිපති, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක, මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයේ අනුශාසක, ගෞරවනීය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සම නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධාන අනුග්‍රහයෙන්, පසුගියදා මහමෙව්නා බෞද්ධ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණි.

එමඟින් සියලුම ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ගාස්තුවකින් තොරව කෝඩින් විෂය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීම උදෙසා මෙන්ම, දරුවන්ගේ සහ තරුණයන්ගේ තාර්කික චින්තන කුසලතාවයන් වර්ධනය කර ගැනීම උදෙසා ද මහඟු ලෙස ඉවහල් වේ. තවද, එමගින් කම්පියුටර් ප්‍රෝග්‍රැමින් (Computer Programming), සොෆ්ට්වෙයාර් ඉංජිනේරු (Software Engineering), සහ සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රැමින් (Software Programming) යන ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් ඇති රැකියා අවස්ථා සඳහා අවශ්‍ය මූලික දැනුමින් ලාංකික තරුණ පරපුර සන්නද්ධ කෙරේ.

මීට සමගාමීව, ගෞරවනීය අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේගේ අදහසකට අනුව ඩී.පී. එඩියුකේෂන් කෝඩින් ක්ලබ් සංකල්පය මෙම විද්‍යාලයේ පළමු වරට ආරම්භ කරන ලදී. එමෙන්ම, උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ විදුහල්පති ජී. ආර්. සී. කේ. ගම්ලත් මහතාගේ උපදෙස් මත විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිට ඉහළට සියලුම සිසුන්ට කෝඩින් විෂයක් ලෙස ඉගනගැනීම අනිවාර්ය කෙරිණි.

]]>
https://divaina.lk/%e0%b6%a9%e0%b7%92%e0%b6%a2%e0%b7%92%e0%b6%a7%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94/feed/ 0