Dambulla – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 27 Jul 2023 14:47:55 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Dambulla – Divaina https://divaina.lk 32 32 හාස්කමෙන් බේරුණු ගස් මණ්ඩිය දඹුල්ල- බකමූණ මාර්ගය වෙනස් කරයි… https://divaina.lk/%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a/#respond Sat, 29 Jul 2023 23:45:00 +0000 https://divaina.lk/?p=159115 මේ කෲඩියා හැර තවත් කෲඩියා තිබේද…?

ගහක් නිසා පාරක් නවත්වනවාද…? නැතහොත් පාරක් නිසා ගහක් උදුරා විනාශ කරනවාද..? එහෙමත් නැතිනම්, ගහක් නිසා පාරක් වෙනස් කරනවාද..? පාරක් නිසා ගහක් විනාශ නොකර එය යම් තැනක සිටුවනවාද…? මෙවැනි ප්‍රශ්න ගණනාවක්ම පහුගිය කාලේ ගම්පහ-දාරළුවේ කෲඩියා ගස නිසා සමාජයට ඇතිවූ ප්‍රශ්න වේ.

නමුත් අවසානයේ පාරක් නිසා ගහක් විනාශ කළා පමණක් නොව, එම ගස නැවත කොහේ හෝ නොසිටවා, කපා, කොටා වළ දමන ලද බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත. අප මේ කතා කරන විට එම ගස වළදමා ඇති තැනට අධිකරණ නියෝගයක් මත පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇත. එසේම, ආරක්ෂිතව ගොඩගන්නටද අධිකරණ නියෝගයක් ලබාදී ඇත. ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ ගසක් වෙනුවෙන් මෙවන් අධිකරණ නියෝගයක් ලබාදී ඇති පළමු අවස්ථාව මෙය විය හැකිය.

කෙසේ හෝ සැබෑව නම්, මෙම දාරළුවේ කෲඩියා නොහොත් “පඬුකරඳ” ගසේ ප්‍රශ්නය විසඳා ගැනීමට පත්කළ කමිටුව මගින් නිර්දේශ කර තිබුණේ මාර්ගය වෙනස් කළ නොහැකි නම්, කෲඩියා ගස ආරක්ෂිතව ගලවා (රූට් බෝල්ට් වැනි ක්‍රමයකට) ඒ ආසන්නයේ වෙනත් තැනක සිටුවීම සඳහාය. එනමුත් රටේ හිතුවක්කාරී හා අමනෝඥ දේශපාලන හා නිලධාරී තීන්දු මත ගස උදුරා මඩේ ඔබා ඇත. එම නිසා යළිත් කෲඩියා ගැන කතා කිරීම අවශ්‍ය නොවන කාරණයක් බව ඇතැමුන්ට කිවහැකි කාරණයකි. නමුත් පාරවල්වලට (සංවර්ධනයට) යටවන ඇතැම් වටිනා දේ රැකගෙන ඔය කියන සංවර්ධනය කරන්නට හැකි බව හෝ අඩුම තරමින් එවන් උත්සායක් ගත හැකි බව හෝ “ගස් විසින්ම” රටට පාඩමක් උගන්වා ඇති උදාහරණ මේ රටේ ඇති බව මෙවන් සංවර්ධන ව්‍යාපෘති ගැන පමණක් තප්පුලන “ගොපල්ලන්ට” අප විසින් කියා දිය යුතුව ඇත. එනම්, පාරවල්වලට යටවෙන්නට තිබුණු තවත් මෙවැනි ගස්, දේව හාස්කමකින් මෙන් බේරා මාර්ග සැලසුම වෙනස් කර පාරවල් ඉදිකළ අවස්ථා ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේම ඇත. මේ කියන්නට යන්නේ එවන් කතාවකි.

මහනුවර-යාපනේ ඒ-9 මාර්ගයේ පිහිටි දඹුල්ල කණ්ඩලම හන්දියේ (ගෝල්ඩන් ටෙම්පල් අසල) සිට නැගෙනහිර දිශානුගතව වැටී ඇති මාර්ගය අතීතයේ වැටී තිබුණේ කණ්ඩලම වැව දෙසටය. නොහොත් වැවේ බැන්ද හෝටලය දෙසටය. දඹුල්ල-කණ්ඩලම හන්දියේ සිට ඒ මග යනවිට කිලෝ මීටර් 3-4 කින් පමණ වර්තමානයේ තවත් හන්දියක් මුණගැසී එම හන්දියෙන් දකුණට වැටී ඇති මාර්ගය බකමූණ නගරය, බුදුරුවයාය- කුමාරඇල්ල ඔස්සේ ගොස් කිලෝමීටර් 35 කදී පමණ පොල්අතුවාඩිය ප්‍රදේශයේදී නාඋල මංසන්ධියේ සිට පැමිණෙන වස්ගමුව-ලග්ගල පල්ලේගම මාර්ගය හා සම්බන්ධ වේ. අද එම මාර්ගයේ යාපනය-දියතලාව, යාපනය-අම්පාර, දඹුල්ල-මහියංගනය ඇතුළු ප්‍රදේශ රැසකට බස් රථ සේවාවන්ද ක්‍රියාත්මක වේ.

නමුත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ කාලයේදී හිටපු මහවැලි සංවර්ධන ඇමැති මෛත්‍රීපාල සිරිසේනගේ යෝජනාවකට අනුව ගිරිතලේ-මින්නේරිය (වනජීවී) ස්වභාව රක්ෂිතය හරහා මෙම මාර්ගය කපා, කාපට් කර නිමකරන ලද්දේ සෑහෙන පමණ පාරිසරික හානියක්ද සිදුකරමිනි. නමුත්, බකමූණ, ඇලහැර, කිරිඔය, ලග්ගල-පල්ලේගම ප්‍රදේශවල ජනයාට මේ

මගින් සුවිසල් සෙතක් අත්වූ බවද අප පිළිගත යුතුය. මෙසේ නිමකරන ලද මාර්ගය කොටස් දෙකක් ලෙස සලකා විග්‍රහයට බඳුන් කළහොත්, දඹුල්ල-බකමූණ හා බකමූණ-පොල්අතුවාඩිය යන කොටස් දෙකේම මාර්ගය තැනීමේදී මාර්ග සංවර්ධන ආයතනය දැඩි අභියෝග දෙකකට මුහුණ දුන්නේය. මේ නිසාම ඇස්තමේන්තු දින වකවානුවලට මාර්ගය තනා නිමකරන්නට අදාළ මාර්ග සංවර්ධන ආයතනයට නොහැකි විය. මේ නිසා අවම වශයෙන් මේ මාර්ගයේ වැඩකටයුතු වසර එක හමාරකට වඩා ප්‍රමාද කරන්නට සිදුවිය. ඒ නොසිතූ පරිදි වටිනා ස්වභාවික හා ඓතිහාසික ස්ථාන දෙකක් මාර්ග සංවර්ධනයේ හරහට හිටීම නිසාය. අවසානයේ ඒ සිද්ධි දෙකේම පරාජය භාරගත් මාර්ග සංවර්ධන ආයතනය (දන්නා පරිදි මහවැලිය) අවසානයේ මාර්ගය තනා නිමකරන ලද්දේ එම ස්වභාවික හා ඓතිහාසික ස්ථාන දෙකට නිසි ගෞරවය ලබාදෙමින් එම ස්ථාන දෙකම ආරක්ෂා කරන්නට සහාය ලබා දෙමිනි. (නමුත් ඒ කටයුත්ත ද කළේ කෲඩියා ගහ ගලවා විසිකර දමන්නට මැදිහත්වූ මාර්ග සංවර්ධන අධිකාරියම ද යන්න අපි නොදනිමු.)

හාස්කමෙන් බේරුණු ගස් මණ්ඩිය දඹුල්ල- බකමූණ මාර්ගය වෙනස් කරයි…
ගිරිතලේ – මින්නේරිය රක්‍ෂිතය හරහා යන දඹුල්ල – බකඹූණ පාර

ඔබ විශ්වාස කරන්නේ නම්, ඉන් එකක් වූයේ කෲඩියා ගස සහිත වූ ගස් මණ්ඩියම මෙන් වූ ජනයා වැඳුම්-පිදුම් කළ, බාර හාර ඔප්පු කළ, රූස්ස ගස් මණ්ඩියකි. දඹුල්ල-බකමූණ අතර මාර්ග කොටසේ වූ මෙම ගස් මණ්ඩිය එකල ගිරිතලේ-මින්නේරිය රක්ෂිතය තුළ මිනිස් වාසයෙන් බොහෝ ඈත, “කළුවාගහඇල” නම් ප්‍රදේශයේ පාළු වනවදුලක පිහිටා තිබූ අතර, මේ අද්දර කුඩා දිය පාරක් ද තිබිණි. වනය සමග ගනුදෙනු කළ බොහෝ අය පුද පූජා පිණිස එකල මෙම ස්ථානයට ගියේ කණ්ඩලම පැත්තෙන්, ඒ 9 පාරේ දඹුලු ඔය කළුන්දෑවෙන් හෝ ඒ 9 පාරේම ලෙනදොර හන්දියෙන් වනාන්තරයට ගොසිනි. බකමූණ-කඳවුර නම් ප්‍රදේශයේ ජනයා ද මේ ඉසව්ව එකල හක්මන් කළ ප්‍රදේශයකි. බකමුණේ සිට ඇලහැර හරහා නාඋලට ගොස් දඹුල්ල නොනිදන නගරය දක්වා යන දීර්ඝ ගමන වෙනුවට ඉතා පහසු මාර්ගයක් කළුවාගහඇල ඔස්සේ සෑදිය හැකි බව යෝජනා වන්නේ මෙසේ කල්ගතවන අතරය. ඒ අනුව අදාළ රජය කාලයේදී මාර්ගය වනාන්තරය මැදින් කපන ලද නමුත්, එම මාර්ගය හරියටම සැලසුම් වන්නේ කළුවාගහඇල ප්‍රදේශයේදී අප කියන, ජනයා කලක් දේවාශිර්වාද ලබන්නට ගිය වන මැද පිහිටි මිල්ල-කළුමැදිරිය-වෙලන් වැනි ගස් ගොම්මනක් මැදින්ම වීම ඛේදවාචකයකි.

ඊට විරුද්ධ වන්නට කෙනෙක් නොසිටි එකල, මාර්ග සංවර්ධන ආයතනය හිතූ මනාපයට මාර්ගයේ දෙපසින් වන හෙළීම සිදුකරගෙන මාර්ගය කපාගෙන ගියත්, අවසානයේ මෙම ගස් ගොම්මනේදී වැඩ ප්‍රමාද කරන්නට සිදුවුණේ දිගින් දිගටම බුල්ඩෝසර් ඇතුළු මාර්ග සකසන යන්ත්‍ර කාර්මික දෝෂවලට ලක්වන්නට පටන් ගත් නිසාය. මෙසේ වසරකට වඩා ප්‍රමාද වූ මාර්ග සැකසීම යළිත් ප්‍රකෘතිමත් වූයේ අදාළ ගස් මණ්ඩිය මගහැර මාර්ගය සකසන්නට තීන්දු වීමත් සමගය. එනම්, දෙමෝදර දුම්රිය මාර්ගය සකසන්නට දේශීය ජන ඥානය ලබාගත්තා මෙන්, මෙහිදී ගැමියන්ගේ ඉල්ලීම හා දැනුම්දීම වී ඇත්තේ තමන් වැඳුම් පිදුම් කරන දේව අනුහස් ඇති මෙම ගස් මණ්ඩිය බුල්ඩෝසරයෙන් බේරා පාර වෙනස් කර කපන ලෙසටය. ඒ අනුව බිහිවූ “ගසක් නිසා වෙනස් කළ” මාර්ගයේ අද අපට දඹුල්ලේ සිට බකමූණට ගමන් කළ හැකිව ඇති අතර, මේ කියන දේව හාස්කම් තියන ගස්මණ්ඩිය ළඟ බැස පඬුරු දමා, රුක් දෙවියන් වැඳ ගමන් කිරීමට ද අපට දැන් අවස්ථාව ඇත. එබැවින් දඹුල්ල-බකමූණ මාර්ගයේ මෙම ස්ථානය විශේෂිත “මග සලකුණ”කි. සැබැවින්ම දැනටත් අස්වනු රැගෙන දඹුල්ලට යන බොහෝ ගැමියන්, බස් රථකරුවන් මෙතැනින් යන්නේ මෙහි ඇති පිං කැටයට පඬුරක් දමා ආශීර්වාද ලබාගෙන ය. තවත් සුවිශේෂ කතාවක් නම්, තමන්ගේ නිරීක්ෂණ අනුව, මෙම ගස් මණ්ඩිය වටා යම් දුරක් යනතුරු චන්ද්‍රිකා තාක්ෂණික (ජී.පී.එස්. කෝඩ්) ඛණ්ඩාංක ලබාගැනීමට තමන් කළ උත්සාහය ව්‍යර්ථ වූ බව තමන් අත්දුටු සත්‍යයක් යැයි ප්‍රකට උරග විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මේ අනුව මාර්ගයක් වෙනස් කරන්නට ගහකට හැකිවූ අවස්ථා අපේ රටේම ඇති බව කෲඩියා ගස ගලවන්නට උල්පන්දම් දුන් අය උගත යුතුය.

කුමාරඇල්ලේ පුරාවිද්‍යා රක්ෂිතය දෙපළු කරන්නට ගිය මාර්ග සංවර්ධනයට වැඩවරදී… මීළඟට කියවමු…

සටහන/ඡායාරූප –
ජගත් කණහැරආරච්චි

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a/feed/ 0
දඹුලු ගියත් මෙතෙක් නොදුටු වළගම්බාවන්ගේ රහස් කරත්ත පාරේ මැණික්දෙනට https://divaina.lk/%e0%b6%af%e0%b6%b9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%af%e0%b6%b9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%a7/#respond Sat, 17 Jun 2023 23:50:00 +0000 https://divaina.lk/?p=151341 දඹුලු ගියෙමු. ඒ මෙරට විශාලතම ලෙන් විහාර සංකීර්ණය වන දඹුලු ලෙන් විහාර නැරඹීමට නොවේ. දඹුලු ලෙන් විහාර ඔබ කුඩා කල සිටම දැක ඇති බව සිතමි. එහෙයින් මෙවර අපේ දඹුලු සංචාරයේ ඉලක්කය වූයේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගැටෙන වැදගත් ස්ථාන කරා ඔබව කැන්දාගෙන යෑමයි. ඒ අරමුණින් ඇරඹි ගමනේ ඓතිහාසික අතින් වැදගත් ස්ථානයකට දැන් අපි ළඟා වෙමින් සිටිමු. මේ මැණික්දෙන පුරා විද්‍යා රක්ෂිතයයි. වෘක්ෂලතා වනෝද්‍යානයක් ලෙසද ප්‍රකට මැණික්දෙනට අප පැමිණියේ දඹුල්ල මහනුවර මාර්ගයේ දඹුල්ල දෙසින් කිලෝ මීටර් අටක් පැමිණ පන්නම්පිටිය මංසන්ධියෙන් ගලේවෙල දක්වා ඇති හරස් මාර්ගයෙනි. එම මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගමන්ගන්නා විට මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය නම් වන නාම පුවරුව අසලින් ඇති ගුරු පාර අවසන් වන්නේ මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතයේ පිවිසුම් දොරටුව අසලිනි.

සියවස් ගණනාවක අතීතයක් දක්වා දිවෙන මැණික්දෙන බැලූ බැල්මට දිස් වන්නේ මහා වෘක්ෂලතාවලින් ගහණය වූ මනාව සැකසූ වනෝද්‍යානයක් ලෙසිනි. උද්‍යානයට පිවිසෙත්ම වියළි කලාපීය සදාහරිත වනාන්තරයකදී විඳිය නොහැකි සෞම්‍ය ගුණයකින් ගත සිත වෙලා ගනී. නිහඬ නිස්කලංක බව රජයන පරිසරයක තබන පියවරක් පාසා සැනකින් සොබාදහම් මාතාව ඔබව පෙර නොවූ විරූ අද්දැකීමකට කැන්දාගෙන යනු දැනේ. මැණික්දෙනට තැබූ පළමු පියවර කිහිපයේදීම එහි වන මහා වෘක්ෂලතා ගොමු අතරේදී ඒ හැඟීම දැණිනි. එය වූ කලී අවට පරිසරයෙන් වෙනස් වන මැණික්දෙන අනන්‍යතාවයි. පිවිසුමේ සිට වම් පසට දිවෙන ගුරු පාරට සමාන්තරව දකුණු පසින් ඇති ප්‍රාකාරය, කෙනෙක් ඇතුළුවෙත්ම එහි වන අතීත ශ්‍රී විභූතියක කතාව නිහඬව කියා පායි. ගඩොලින් නිමවා ඇති මේ ප්‍රාකාරය වර්තමානයේදී පුරාවිද්‍යාඥයින් විසින් සංරක්ෂණය කර තිබේ. දඹුල්ලේ සංචාරය කරන්නන්ගේ ඇස නොගැටෙන මේ පරිසරයේ ඇත්තේ රසවත් ඓතිහාසික වැදගත් කමකි. මැණික්දෙනේ අතීතය ලිඛිත සාක්ෂි අනුව තෙවන සහ සිව්වන සියවස අතර කාලය දක්වා බැඳී තිබේ. මහසෙන් රජුගෙන් පසු රාජ්‍යත්වයට පත්වන කිත්සිරි මෙවන් රජු මේ භූමිය වටිනා ස්ථානයක් කිරීමේ මූලාරම්භකයාය.

දළදා පෙරහැර ආරම්භ කිරීමට රාජ අනුග්‍රහය ලබා දීමෙන් බුදු සසුනට අනුපමේය සේවයක් කළ නරේන්ද්‍රයාණෝ ලෙස එතුමෝ සම්භාවනාවට පාත්‍ර වන්නාහ. මැණික්දෙන ආගමික මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකටව ඇත්තේ ක්‍රි. ව. 555 ත් 573 අතර එතුමාගේ රාජ්‍ය සමයේය. එවකට මැණික්දෙනේ පැවති විභූතිමත් බව පෞරාණික නටබුන්ව අප ඉදිරියේ අදටත් ඇත. ඒ අතර පුරාවිද්‍යා රක්ෂිතයේ ප්‍රාකාරයෙන් ඇතුළුවෙත්ම වම් පසින් ඉපැරණි ස්ථූපයක් දැකගත හැකිය. ගඩොලින් නිම වූ එය වර්තමානයේදී ස්ථූපයේ හතරැස් කොටුව තෙක් සංරක්ෂණය කර තිබේ. ඉන්පසුව ඔබට ඓතිහාසික බවින්ද ශාන්ත සොබාවෙන්ද අඩුවක් නැති බෝධි ඝරය දැකගත හැකිය. එම ඉදිකිරීමෙන් පසු ඔබ පිවිසෙන්නේ කළු ගල් කුලුනින් කරන ලද ධර්ම ශාලාවකට ය. ධර්ම ශාලාවේ පාදම සහ කළු ගල් කුලුනු පමණක් ඉතිරිව ඇති එම ඉදිකිරීම එදා කෙතරම් විශිෂ්ට ශක්තිමත් නිර්මාණක් ලෙස පැවතියේදැයි සිතීමට අපහසු නැත. මෙහි වන භික්ෂු ආරාම, උපෝසථාගාරය වැනි නටබුන්ව ගිය ඉදිකිරීම් අපේ අතීත ඉදිකිරීම් ක්‍ෂේත්‍රය පිළිබඳ සිතට ගෙනෙන්නේ චමත්කාර ජනක සිතිවිල්ලකි. මැණික්දෙනෙන් මෙතෙක් හමුව ඇති ලිඛිත සාක්ෂි අතර ටැම් ලිපියක් එහි ස්ථාපිත කර තිබේ. ක්‍රි. ව. 8 ත් 9 වන සියවසත් අතර කාලයේ මධ්‍යකාලීන සිංහල අක්ෂරවලින් සමන්විත එම ලිපියේ මැණික්දෙනට ප්‍රභූවරුන්ගෙන් ලැබුණු අනුග්‍රහය පිළිබඳ කියවේ. කොබයතෙළෙහි වාසය කරන සෙන්ගෙ බිරිඳ රන් කළං පහක් වැය කොට මිලදී ගත් බුත්ගමු විහාරයේ පැළ පහක මහදෙනඋළු නම් කුඹුර එම විහාරයේ සලාක බත සඳහා පූජා කළ බව එම ලිපියේ සඳහන්ය.

එවකට මැණික්දෙන රාජ අනුග්‍රහය ලබමින් සියලු අංගවලින් සමන්විත භික්ෂු ආරාම සංකීර්ණයක් ලෙස පැවති බව පහසුවෙන් හඳුනා ගත දසුන් මෙහි තිබේ.

එම ඉසුරුමත් අතීතයෙන් තවත් සියවස් ගණනකට පසු පොලොන්නරුව යුගයේදී මැණික්දෙන පොලොන්නරුව රාජධානියේ මුරපොළකි. විජයබා රජු සමයේදී මෙම ස්ථානය එලෙස භාවිත කර ඇති බවට සාක්ෂි ඇතැයි මේ බිම පිළිබඳ අධ්‍යනය කරන්නන් සඳහන් කරයි. නමුත් මේ පුරාවිද්‍යා භූමිය වර්තමානයේ සුප්‍රසිද්ධ වීමට ආසන්න හේතුව මෙරට වැඩ සිටි අවසන් මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහරහතන් වහන්සේය. වර්තමානයේදී මැණික්දෙන එනමින් ප්‍රචලිතව ඇත්තේ අරන්කැලේ වැඩ විසූ මලියදේව රහතන් වහන්සේ පරිනිර්වානයේන් පසු උන්වහන්සේගේ දේහය මැණික්වලින් සෑදු දෙනක තබා මෙම පූජනීය බිමේ මිහිදන් කළ නිසාය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම අතීතය සාක්ෂාත් කර ගැනීමට අක්කර හතක භූමියක් කැණිම් සිදුකර තිබේ. නමුත් මැණික්දෙන රක්ෂිතයට අයත් මුළු බිම් ප්‍රමාණය අක්කර 48 කි. එම විසල් බිම්කඩේ විරාජමාන අතීතයකට අයත් විශාල සාක්ෂි ප්‍රමාණයක් තවමත් ඇත්තේ මිහිදන්වය.

දඹුලු ගියත් මෙතෙක් නොදුටු වළගම්බාවන්ගේ රහස් කරත්ත පාරේ මැණික්දෙනට
ලැවන්ඩිෂ් කන්ටි්‍ර රිසෝට් හෝටලයේ කළමනාකාර රවීන්ද්‍ර ගුණසේකර

පුරාවිද්‍යා රක්ෂිතය තරම්ම වැදගත් ජෛව විවිධත්ව වටිනාකමක් ද මැණික්දෙන සතුව පවතී. නේක වෘක්ෂලතාවලින් සැදුණේ වූ මේ බිම උද්භිත විද්‍යාඥයන්ට අනුව නම් මේ කලාපයට තිබෙන වටිනා පාරිසරික සම්පතකි. ආචාර්ය මැග්ඩන් ජයසූරීය නම් උද්භීද විද්‍යාඥයෙක් අනූව දශකයේදී සිදු කළ පර්යේෂණවලට අනුව මෙම භූමියෙන් වෘක්ෂලතා වර්ග 500 ක් පමණ සොයාගෙන තිබේ. මැණික්දෙනේ විසල් වනස්පති වියන යටින් ඇවිද යන ඕනෑම කෙනෙකුට මේ වන උයනේ වටිනාකම හොඳින් දැනේ. විහඟුන්ගේ ගීතිකා අසමින් විටෙක දැඩි නිහැඬියාවක ගිලෙමින්ද එය බිඳ දමන උරැහැයියන්ගේ කරච්චලය අස්සෙන්ද අපි ඒ වනස්පතිගේ ඇකයෙහි ඇති ලෝකෝත්තර සුවය ගෙනෙන ඉදිකිරීම් බලමින් බොහෝ වේලා ගත කළෙමු.

මැණික්දෙන දැක ගැනීමෙන් පසු ඒ ආසන්නයේ ඇති තවත් විශ්මිත නිර්මාණයක් ඇති පරිසරයකට ළඟා වුණෙමු. ගල් ඇන්ද නමින් ගම්මුන් අතර ප්‍රකට එම ස්ථානයේ ඇති භූගෝලීය පිහිටීම විශ්මය දනවනසුලුය. අප දුටුවේ වෑකන්ඩියක් මත දිවෙන පාරක් මෙන් උස් බැම්මක් මත දිවෙන බොරළු පාරකි. එම පාරට සමාන්තරව දෙපස අඩි විස්සක් තිහක් පමණ උසකින් යුතු මහා ගල් කුළු එක පෙළට මුර භටයන් සේ නැඟී හිඳින්නේය. එම පාරේ ගමන් කරමින් දෙපස බලන විට එම ගල් කුළුවල මුහුණත පෘෂ්ඨය සමමිතික හැඩයක් ගන්නා බව දිස් වන්නේය. දඹුලු රජ මහ විහාරය තෙක් කිලෝ මීටර් අතරක් පමණ දිගු මේ මාවතේ දෙපස මෙවැනි වූ මහා ගල් කුළු දැකගත හැකිය. ඒ අතර සුමට ගල් පෘෂ්ඨයක් මත පිහිටි අසාමාන්‍ය හැඩයකින් යුතු ගල් කුලක් දැකගත හැකිය. බිත්තරයක හැඩය ගත් එය අංශක හැටක තරම් කෝණයකින් පොළව දෙසට ඇලව බිත්තරයක් සිටුවූවාක් මෙන් සුමට ගල් පෘෂ්ඨය මත පිහිටා ඇති අයුරු පුදුමාකාරය. පොළව දෙසට ආනතව එය නොපෙරළී තිබෙන්නේ කිනම් තාක්ෂණයක් මතදැයි සිතා ගැනීමට අසීරුය. ඇතැම් විට මේ ගල් කුළ මත කිසියම් නිර්මාණයක් කරන්නට හැඩතලයක් ගනිමින් සිටියදී එම කාලයේ පැමිණි ආක්‍රමණයක් හෝ රාජ්‍යයේ බිඳ වැටීමක් නිසා එම කාර්යය අතරමග නවතා දමන්නට සිදුවන්නට ඇත. නමුත් මේ අපූරු ගල් කුළු කවරකාරයේ නිර්මාණයක්දැයි නිසි අර්ථකථනයක් ලබා දීම අපට කළ හැකි නොවේ. නමුත් අපේ ඉතිහාසයේ මහා කළු ගල් කුළු මෙලෙක් කර හැඩ තල නිර්මාණය කිරීමේ තාක්ෂණයක් පැවති බව අමතක කළ යුතුද නොවේ. ඒ කුමක් වෙතත් බැලූ බැල්මටම මෙය සොබාධර්මයේ පිහිටීමක් නොව මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් බව නම් ඉඳුරාම කිව හැකිය. ගම්මුන් අතර නම් මේ ගල් ඇන්ද පිළිබඳ විවිධ කතා ගෙතී තිබේ. ඇතැමුන්ට අනුව එය තවමත් තහවුරු නොවූ රාවණ රජ යුගයේ නිර්මාණය වූවකි. වෙනත් ස්ථානයක සිට ගෙනවුත් මේ ගල් කුළු එහි සිටුවන්නට ඇතැයි පැරැන්ණන්ගේ සිට එන මතයක් ඔවුන් අතර තිබේ. වඩාත් ආකර්ෂණීය මතය වන්නේ වළගම්බා රජුත් මේ අපූරු ගල් ඇන්ද පාරත් අතර බැඳි කතාවයි. එම මතයට අනුව ගල් කුළුවලින් මැදිව ආරක්ෂා වූ මේ මාවත භාවිතා කර ඇත්තේ වළගම්බා රජු විසිනි. අශ්ව කරත්ත ගමන් කළ හැකි ප්‍රමාණයේ මාවතක් වන මෙම මාර්ගයෙන් ක්‍රි. පූ 103 ත් 77 අතර කාලයේ රජ කළ වළගම්බා රජු දඹුලු ලෙන් විහාරය කරා ආ ගිය බව කියැවේ. මෙරට විශාලතම ලෙන් විහාරය වන දඹුලු ලෙන් විහාරය කරවා ඇත්තේ වළගම්බා රජු සමයේ නිසා එම මතය වඩා ආකර්ෂණීය වේ.

වළගම්බාවුන්ගේ ඒ රහස් කරත්ත පාර දැක එන විට සන්ධ්‍යා කාලය එළඹෙමින් තිබිණි. විඩාව නිවා ගැනීමට වැව් දියේ පහස ලැබීම මේ ප්‍රදේශයට එන කාටත් අරුමයක් නොවේ. අප ඒ අදහස කියන විට අපේ මග පෙන්වන්නා වූ රවීන්ද්‍ර මහතා කීවේ “නෑ අපි දිය ඇල්ලකින් නාමු” කියායි. තැනිතලා වියළි කලාපයේ දිය ඇළි? මා සිතුවේ එය විහිළුවක් කියාය. නමුත් දඹුල්ල පාරේ සිට කිලෝ මීටර් අටක් පමණ කළුවුන්දෑව ප්‍රදේශයේ ගම ඇතුළට ගමන් කළ අප “හෝ” හඬින් වතුර වැටෙන ස්ථානයකට පැමිණියෙමු. ඉන් මීටර් සියයක් පමණ එපිටින් වූයේ සීතල ජල දහරා ගලා හැලෙන දිය දහරකි. නයා කුඹුර කන්දේ උල්පත් ජලයෙන් පෝෂණය වන එය පහළට ගලා ඒමේදී වැසි සමයේ කුඩා දිය ඇල්ලක වෙස් ගනී. තද සීතලකින් යුතු එම දිය දහර දඹුල්ල වැනි ප්‍රදේශයකදී අත් විඳීම චමත්කාර ජනක එකකි.

ජීවිතයේ බොහෝ වතාවක් දඹුල්ලේ සංචාරය කර ඇතිමුත් කන්ඩලමත් දඹුලු විහාරයත් ඉබ්බන්කටුවත් හැරෙන්නට මීට පෙර මෙවැනි වටිනා තැන් සොයා යෑමට අපොහොසත් වීමු. එම අඩුව පුරවමින් අප ඇස නොගැටුණු මේ වටිනා තැන් කරා යෑමට අපට මග පෙන්වමින් උපකාර කළේ දඹුල්ල ලැවන්ඩිෂ් කන්ටි්‍ර රිසෝට් හෝටලයේ කළමනාකාර රවීන්ද්‍ර මහතාය. ඔහු අපේ ඉතිහාසයත් උරුමයත් පිළිබඳ ඇල්මක් ඇති ගවේෂකයෙකි. හෝටලයේ සිට කිලෝ මීටර් අටක වපසරියක් පුරා විහිදී ඇති මේ වටිනා ස්ථාන පිළිබඳ ස්වකීය නවාතැනට පැමිණෙන සංචාරකයන් දැනුවත් කර ඒවා නැරඹීමට මග පෙන්වීමේ කාර්යද ඔහු තම සේවාවට අමතරව කරන යහපත් කාර්යයකි. දුරකථන අංක 0753556071 ඔස්සේ ඔහු සමග සම්බන්ධ වීමෙන් මේ ස්ථානයන් ගැන දැනුවත් වීමේ හැකියාව ඔබට තිබේ. නමුත් මේ තාක් සංචාරකයන්ගේ අවධානයත් සම්පූර්ණයෙන් ගිලිහී පැවති මේ උරුමයන් කරා ඔබ පියවර තැබිය යුත්තේ එහි ඔබේ පා සලකුණු පමණක් ඉතිරි කර මතකය පමණක් රැගෙන ඒමට පමණි.

තිස්ස ගුණතිලක

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b6%b9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%a7/feed/ 0