Danushka Gunathilaka – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Wed, 18 Oct 2023 06:44:53 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Danushka Gunathilaka – Divaina https://divaina.lk 32 32 ධනිශ්කට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් කරයි https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/ https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/#respond Tue, 17 Oct 2023 23:54:00 +0000 https://divaina.lk/?p=174933 2022 ලෝක කුසලාන ඔස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එල්ල වී ඇති අපරාධ චෝදනාවල බලපෑම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුව ඔහුට එරෙහිව පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නිර්දේශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

2022 වසරේ නොවැම්බර් මසදී නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් උසාවියේ ගොනු කරන ලද සියලුම චෝදනාවලින් ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු ඔහු ඉකුත් ඔක්තෝම්බර් 03 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔස්ට්‍රේලියාවේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවෙමින් සිටියදී කාන්තාවකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත එරට පොලිසිය විසින් ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගන්නා ලදී. ඔහුගේ ක්‍රියාවෙන් ක්‍රිකට් මෙන්ම රටේ කීර්ති නාමයට සිදුවිය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින් ධනුෂ්කට එරෙහිව සිදුකරනු ලබන නීතිමය ක්‍රියාමාර්ග අවසන් වන තෙක් මෙම අත්හිටුවීම පනවා තිබිණ.

මෙම තත්ත්වය මත ගෙවී ගිය මාස 11 ක කාලය පුරාවටම ධනුෂ්කට ඔස්ට්‍රේලියාවෙන් පිටතට ගමන් කිරීම තහනම් වී තිබිණ. අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඔහුට එරෙහිව චෝදනා කීපයක් තිබූ මුත් එක් චෝදනාවක් හැරෙණු කොට අනෙකුත් චෝදනා නඩු විභාගයට පෙර පැමිණිල්ල විසින් ඉවත් කර ගන්නා ලදී. කෙසේ වෙතත් නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණය විසින් සිදුකරන ලද පූර්ණ නඩු විභාගයෙන් පසු ධනුෂ්කට තිබූ එකම චෝදනාවෙන් ද ඔහු නිදහස් විය.

ගුණතිලකගේ ක්‍රිකට් දිවිය පිළිබඳව නිසි සැලකිල්ලක් දැක්වීමෙන් සහ ජාතියේ ක්‍රිකට් අභිලාෂයන් කෙරෙහි වන බලපෑම පිළිබඳව අවධානය යොමු කළ විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විමර්ශන කමිටුව ඔහුට එරෙහිව පනවා තිබූ තහනම වහා ඉවත් කරන ලෙස ඒකමතිකව නිර්දේශ කර තිබේ. නීතිඥ නිරෝෂණ පෙරේරා සහ නීතිඥ අසේල රැකව මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ. ඒ අනුව ධනුෂ්කට සුපුරුදු පරිදි සිය ක්‍රිකට් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමේ අවසරය හිමිව තිබේ.

2023 වසරේ ඔක්තෝම්බර් මස 13 වැනිදා රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ධනුෂ්කගේ තහනම පිළිබඳව විමර්ශන කමිටුව විසින් ලබා දුන් නිර්දේශය අනුමත කිරීමට පියවර ගෙන තිබේ. කසේ වෙතත් ඉදිරි ජාතික කටයුතු ක්‍රියාකාරකම් වලදී ජාතියේ නියෝජිතයකු ලෙස සෑම විටම තම තත්ත්වය තහවුරු කොට කටයුතු කරන ලෙසද ඔවුන් විසින් ගුණතිලක මහතාට අවවාද කර තිබේ.

]]>
https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f/feed/ 0
වසරකුත් දවසකට පසු ධනුෂ්ක දිවයිනට https://divaina.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a/ https://divaina.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a/#respond Tue, 03 Oct 2023 23:51:00 +0000 https://divaina.lk/?p=172292 ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටියදී ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව නිදොස් කොට නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඊයේ (03 වැනිදා) රාත්‍රියේ දී දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.

එම තරගාවලිය නිමවා පසුගිය නොවැම්බර් 06 වැනිදා යළි දිවයිනට පැමිණීමට සූදානම්ව සිටියදී ධනුෂ්ක අදාළ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ අතර මාස 11 ක කාලයක් පුරා පැවැති නඩු විභාගයෙන් පසුව පසුගිය 29 වැනිදා ධනුෂ්ක නිදොස් කොට නිදහස් කිරීමට එරට සිඩ්නි අධිකරණය තීරණය කළේය.

අදාළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඔක්තෝබර් 02 වැනිදා දිවයිනෙන් පිටත්ව ගියේය.

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b6%9a%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a/feed/ 0
කාන්තාවගේ ප්‍රකාශ පරස්පරයි: ධනුෂ්ක නිදොස්කොට නිදහස් https://divaina.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9a%e0%b7%8f%e0%b7%81-%e0%b6%b4%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9a%e0%b7%8f%e0%b7%81-%e0%b6%b4%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b6%bb/#respond Thu, 28 Sep 2023 23:55:00 +0000 https://divaina.lk/?p=171452 ඉක්මනින් ක්‍රිකට් ගහනවා: කීර්තිනාමය ගොඩනගා ගන්නවා – ධනුෂ්ක කියයි

කාන්තාවකගේ කැමැත්තෙන් තොරව අනාරක්ෂිතව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කිරීමට ඔස්ට්‍රලියාවේ සිඩ්නි දිස්ත්‍රික් උසාවියේ විනිසුරු සාරා හගෙට් මහත්මිය ඊයේ තීන්දු කළාය.

විනිසුරුවරිය සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියේ අදාළ කාන්තාව සිය ප්‍රකාශ දෙකක පරස්පර කරුණු දක්වා ඇති බවයි. ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිවැරැදිකරු බව තීන්දු කළ අතර ඔහු සත්‍යවාදී බවත් ප්‍රකාශ කෙරිණි.

සැප්තැම්බර් 18 වැනිදා සිට දින 4ක් මෙම නඩුව විභාග කිරීමෙන් පසු ඊයේ (28 දා) එහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

තමාට එරෙහි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම නිසා නැවත ක්‍රීඩාවට අවතීර්ණ වී තම කීර්ති නාමය යළි ගොඩනගා ගැනීමට කටයුතු කරන බව බව ධනුෂ්ක ගුණතිලක පවසා තිබේ. සිඩ්නි උසාවියෙන් පිටත ගුණතිලක වාර්තාකරුවන්ට පැවසුවේ මේ තීන්දුව සියල්ල පවසන බවයි. පසුගිය මාස 11 තමා ගත කළ අසීරු කාලය පුරා සහය පළ කළ නීතිඥයින්ට, කළමනාකරුවන්ට, දෙමාපියන්ට සහ අනෙකුත් අයට ඔහු ස්තූති කළේය. “හැමෝම මාව විශ්වාස කළා, ඒක මට ගොඩක් වටිනවා. මගේ ජීවිතය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම සතුටු වෙනවා, ඒ නිසා ඉක්මනින්ම නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි ඔහු කීවේය.

පසුගිය වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදවුම හරහා හඳුනාගත් 29 හැවිරිදි තරුණියක ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඔස්ට්‍රේලියානු පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. එම පැමිණිල්ල අපයෝජනයට ලක් වූ තරුණිය විසින්ම සිදුකර තිබූ අතර, සිඩ්නි පොලිසිය විසින් ඉකුත් වසරේ නොවැම්බර් මස හයවන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළ දී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගන්නා ලදී. සිඩ්නි හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටි ධනුෂ්ක ගුණතිලක ඉකුත් නොවැම්බර් මස 17 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය. ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී එරට රජයේ නීතිඥයන් විසින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලකර තිබූ ලිංගික අපයෝජන චෝදනා හතරෙන් චෝදනා තුනක් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී. එසේ වුව ද, කාන්තාවගේ කැමැත්තකින් තොරව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරතවීම සම්බන්ධයෙන් චෝදනාවක් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු කර තිබිණි. එම චෝදනාවට ඔහු නිවැරදිකරු බව ධනුෂ්ක ගුණතිලක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ කෙරිණි.

ඔහුට ලිංගික අතවර චෝදනා කළ තරුණිය පෙර ආත්මයේදී එකිනෙකා දැන හඳුනා ගැනීමක් ගැන කතා කිරීමෙන් පසු එය “ටිකක් අමුතු” යැයි සිතූ බවත්, තමාට බියක් දැනුණු බවත් ධනුෂ්ක ගුණතිලක සිඩ්නි අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබිණි.

ක්‍රීඩක ගුණතිලක ඔස්ට්‍රලියාවේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ක්‍රිකට් තහනමකට ලක් විය. ඔහු 2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අතර ටෙස්ට් තරග 8ක් ඇතුළුව තරග 100කට අධික සංඛ්‍යාවකට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. ඔහු T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියාවට ගිය නමුත් එක් තරගයක් ක්‍රීඩා කිරීමෙන් පසු මස්පිඬු ඉරීමක් නිසා තරගාවලියෙන් ඉවත් විය.

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ මුරුගන් තංගරාජ් මහතාය.

චතුර පමුණුව

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%9a%e0%b7%8f%e0%b7%81-%e0%b6%b4%e0%b6%bb%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b6%bb/feed/ 0
ධනුෂ්කට එරෙහි බලහත්කාර දූෂණ චෝදනා හතරෙන් තුනක් අස්කර ගනී https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%af/ https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%af/#respond Thu, 18 May 2023 23:53:00 +0000 https://divaina.lk/?p=145754 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් මස 02 දා ඔස්ටේ්‍රලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළ දූෂණ චෝදනා හතරෙන් තුනක් ඉල්ලා අස්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කරන ආකාරයට එම නඩුව ඊයේ (18 වැනිදා) යළි කැඳවූ අවස්ථාවේ දී රජයේ නඩු කටයුතු අධ්‍යක්ෂ වෙනුවෙන් අභිචෝදක හග් බුඩින් අධිකරණයට පැවසුවේ එක් බලහත්කාර ලිංගික සංසර්ග චෝදනාවක් සහතික කර ඇති නමුත් කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදුනු බවට ඉදිරිපත් වූ ඉතිරි චෝදනා තුන ඉල්ලා අස්කර ගත් බවයි.

මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් බලහත්කාර ලිංගික හැසිරීම පිළිබඳ සිද්ධි නිල වශයෙන් ගණන් කිරීම් ප්‍රතික්ෂේප කර ඇත.

පොලිසිය විසින් කරන ලද ප්‍රකාශය අනුව ඉතිරිව ඇති චෝදනාව වන්නේ ගුණතිලක “බලහත්කාර” ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවත්, එම කාලය තුළ “තත්පර 20ක් 30ක් ඇගේ ගෙල වටා එක් අතක් තබා ගෙල සිරකර තැබූ” බව යැයි මහෙස්ත්‍රාත්වරයා කීවේය.

ගුණතිලක විසින් කාන්තාවගේ හුස්ම ගැනීම තත්පර හයකට නතර කළ බවට චෝදනා එල්ල වූ අතර, ඇය “චූදිතයාගේ මැණික් කටුව අල්ලාගෙන විත්තිකරුගේ අත ඉවත් කිරීමට උත්සාහ කළත්, විත්තිකරු තවත් තත්පර 10 ක් ඇගේ බෙල්ල තදින් මිරිකා තිබුණා. පැමිණිලිකාරිය ඇගේ ජීවිතය ගැන බියෙන් සිටි අතර විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි වූවා” යැයි පොලිසිය චෝදනා කළ බව විදෙස් වාර්තා සඳහන් කර සිටී. ධනිෂ්ක ගුණතිලක පසුගිය 2022 වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර සිඩ්නිහි ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී ස්ත්‍රී දූෂණ සිද්ධියකට චෝදනා ලැබ අත්අඩංගුවට ගනු ලැබුවේය. ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් නීතිඥ ඇලන් සහිනොවික් පෙනී සිටි අතර නඩුව යළි ජූලි 13 වැනිදා කැඳවීමට නියමිතය.

]]>
https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%af/feed/ 0