Daraz Cares – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 11 May 2023 18:39:40 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Daraz Cares – Divaina https://divaina.lk 32 32 Daraz Cares “ඉගෙනුමට අත්වැලක්” සමාජ සත්කාරක ව්‍යාපෘතියෙන් 400 කට අධික පාසල් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය උදෙසා පහසුකම් රැසක් https://divaina.lk/daraz-cares-%e0%b6%89%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f/ https://divaina.lk/daraz-cares-%e0%b6%89%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f/#respond Sat, 13 May 2023 23:45:00 +0000 https://divaina.lk/?p=144320 විවිධ ගැටළු රැසක් නිසා අධ්‍යාපන කටයුතු අඩාල වූ ග්‍රාමීය පාසැල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම e commerce වෙබ් අඩවිය වන Daraz විසින් ක්‍රියාත්මක කරනු ලබන “‍Daraz Cares ඉගෙනුමට අත්වැලක්” සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ තවත් පාසැල් සිසුන් රැසකගේ ඉගෙනුමට අත්වැලක් සපයා තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල සහ ගලිගමුව කොට්ඨාශයන්ගේ ආර්ථික හා සාමාජීය දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා තෝරාගත් පාසැල් සිසුන් 400 කට අධික පිරිසක් වෙත මෙවර “Daraz Cares ඉගෙනුමට අත්වැලක්” ව්‍යාපෘතිය හරහා ප්‍රතිලාභ සලසා ඇත.Daraz ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු මහතා Daraz Cares ඉගෙනුමට අත්වැලක් සමාජ සත්කාරක ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් “Daraz සමාජ සත්කාරක වැඩසටහන් යටතේ අප ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමෙහිලා බොහෝ කටයුතු සිදුකොට තිබෙනවා.

යම් සමාජයක දියුණුව සිදුවන්නේ එම සමාජයේ අධ්‍යාපන තත්ත්වය ප්‍රශස්තව පැවතුනොත් පමණයි. අධ්‍යාපනයේ ඇති මෙම තීරණාත්මක ස්වභාවය අවබෝධ කරගත් Daraz Cares අප දුෂ්කරතා ඇති ප්‍රජාවන් දියුණුවේ මාවතට රැගෙන ඒම සඳහා ඉගෙනුමට අත්වැලක් සමාජ සත්කාරක ව්‍යාපෘතිය හරහා තෝරාගත් ප්‍රජාවන් කේන්ද්‍රීයව අධ්‍යාපන තත්ත්වය ඉහල නැංවීමට කටයුතු කරනවා. මෙවර අපි කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින පාසැල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරලීම සඳහා යම් අත්වැලක් වෙන්නට තීරණය කළා. Daraz Cares ඉගෙනුමට අත්වැලක් සමාජ සත්කාරක ව්‍යාපෘතිය දීප ව්‍යාප්ත සේවාවක් ලෙස දිගින් දිගටම පවත්වා ගන්නට අප සමග අත්වැල් බැඳගන්නට කැමති ස්වෙච්ඡා සංවිධාන / ආයතන / පුද්ගලයන් යනාදී පාර්ශ්වයන් සමග එක්ව ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කරන්නට ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.

]]>
https://divaina.lk/daraz-cares-%e0%b6%89%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f/feed/ 0