Deleting drug data – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 14 Sep 2021 05:36:33 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Deleting drug data – Divaina https://divaina.lk 32 32 ඖෂධ දත්ත මැකීම කුමන්ත‍්‍රණයක් – නි. සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් https://divaina.lk/%e0%b6%96%e0%b7%82%e0%b6%b0-%e0%b6%af%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b8%e0%b7%90%e0%b6%9a%e0%b7%93%e0%b6%b8-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e2%80%8d%e0%b7%8a%e2%80%8d/ https://divaina.lk/%e0%b6%96%e0%b7%82%e0%b6%b0-%e0%b6%af%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b8%e0%b7%90%e0%b6%9a%e0%b7%93%e0%b6%b8-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e2%80%8d%e0%b7%8a%e2%80%8d/#respond Mon, 13 Sep 2021 23:42:00 +0000 https://divaina.lk/?p=19752 ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යෑම ඖෂධ මෙරටට ආනයනය කර නීති විරෝධී ආකාරයෙන් මුදල් ඉපයීම සිදුකරන ඖෂධ ව්‍යාපාරිකයන්ගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් විය හැකි බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (13 දා) කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට පෙන්වා දුන්නේය.

ඖෂධ දත්ත මැකීම කුමන්ත‍්‍රණයක් - නි. සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

එලෙස මැකීගොස් ඇත්තේ මෙරටට ඖෂධ ආනයනය කරන සමාගම්වල නම් හා සමාගම් විසින් මෙරටට ආනයනය කර ඇති ඖෂධවල නම් ඇතුළු තොරතුරු බව අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකම ඖෂධය විවිධ නාමවලින් ආනයනය කර බෙදාහරින සමාගම්වලට එමඟින් ඔවුන් කැමති මිල ගණන්වලට ඒවා අලෙවි කිරීමේ අවස්ථාව පවතින බවද පෙන්වා දුන්නේය.

එම දත්ත පද්ධතිය ආරක්‍ෂා කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම පැවරී ඇත්තේ එපික් ලංකා ටෙක්නොලෙජීස් සමාගමට වන නමුත් එම සමාගම තම වගකීම නිසිලෙස ඉටුකර නොමැති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ශනය සිදුකළ යුතු බවද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම අධිකාරියේ තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීමේ ගැටලූව විසඳාගත යුත්තේ ඖෂධ නියාමන අධිකාරිය සහ එපික් ලංකා සමාගම බවත් ඒ සඳහා අධිකරණය මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පැවසූ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා එම අධිකාරියේ තොරතුරු පද්ධතිය යාවත්කාලීන කිරීම වළක්වමින් පනවා තිබූ නියෝගය ඉවත් කිරීමටද නියෝග කළේය.

අධිකරණය විසින් පෙරදින කරන ලද නියෝගය අනුව තොරතුරු තාක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම නඩුව ලබන දෙසැම්බර් 9 දා කැඳවීමට අධිකරණය නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

]]>
https://divaina.lk/%e0%b6%96%e0%b7%82%e0%b6%b0-%e0%b6%af%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b8%e0%b7%90%e0%b6%9a%e0%b7%93%e0%b6%b8-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e2%80%8d%e0%b7%8a%e2%80%8d/feed/ 0