මේ වන විට බංග්ලාදේශය පුරාම පිහිටි රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර මෙසේ ඩෙංගු වසංගත තත්ත්වයෙන් පැතිරීම එරට රෝහල් පද්ධතියට බරක් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
]]>පවතින වැසි තත්ත්වය සමඟ දිවයිනේ ඩෙංගු අධි අවදානම් කලාප 12 ක් නම් කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව දිවයිනෙන්ම මේ වන විට ඩෙංගු රෝගීන් 64,139 දෙනකු වාර්තා වන බවත්, ඩෙංගු මරණ 38 ක් වාර්තා වන බවත් පවසන එම ඒකකය ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්‍යාව 31,013 ක් බවත් කියයි.
මේ දිනවල පවතින කඩින්කඩ වැසි තත්ත්වය සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අවදානමක් ඇති හෙයින් තම නිවාස, දෙපාර්තමේන්තු, පරිශ්‍ර, වැඩබිම් සිකුරාදා දිනයේ සුද්ධ පවිත්‍ර කරගන්නා ලෙස එම ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
]]>එසේම, එම කාලය තුළ ඩෙංගු මරණ 38 ක් වාර්තා වී ඇතැයි ද එම ඒකකය සඳහන් කරයි.
ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් එම සංඛ්‍යාව තිස් දහස් අනූහතක් (30,097) බවත් එම ඒකකය කියයි.
මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 28 ක් හඳුනාගෙන ඇතැයිද එම ඒකකය පවසයි.
මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ මැයි මාසයේ දී වන අතර එම සංඛ්‍යාව නවදහස් හයසිය අනූහයකි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
]]>අපට හිටපු ගමන් රත්ත්‍රන් මතක් වූයේ ඇයි? පසුගියදාක රේගුව විසින් අත්අඩංගුවට ගත් රත්තරන් කිලෝ 21 ක් අතුරුදන් වූ බව දැනගන්නට තිබේ. මේ අතුරුදන්වීම් පිටුපස රාජ්‍ය ඇමැතිවරයකුගේ පුතෙක් ද සිටිත්ලු. සමහරවිට මේ රත්තරන් තොගය මීයන් විසින් අනුභව කරන්නට ඇති. පරෙස්සමට බමුණකු ළඟ තැබූ යකඩ තොගයක් මීයන් විසින් අනුභව කිරීමේ කතාවක් ඉපැරණි ජනකතා සාහිත්‍යයේ ඇති බව අප දනිමු.
මේ කතාව අස්සේම කෙටියෙන් හෝ කතා කළ යුතු තවත් මාතෘකාවක් තිබේ. ඒ වූකලී ඩෙංගු ය. වැස්සෙන් පසු හටගත් බෝවන රෝග වසංගතය ගැන මීට සති එකහමාරකට පමණ පෙර මේ තීරුව ඔස්සේ අපි ලිව්වෙමු. අද වනවිට ඒ සියලු රෝග පරදවා ඩෙංගු ඉදිරියට පැමිණ ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන පරිදි මේ වනවිට සතිපතා අලුත් ඩෙංගු රෝගීන් 2500 ක් ජන සමාජයට එකතු වෙති. වඩාත්ම නරකට ඩෙංගු තිබෙන්නේ බස්නාහිර පළාතේය. ලොකුම අවාසනාව වන්නේ සමස්ත ඩෙංගු රෝගී ප්‍රජාවෙන් 25% ක්ම පාසල් දරුවන් වීම ය. දැනට පිළිගත් මතයට අනුව පාසල් දරුවන්ට ඩෙංගු වැළඳෙන්නේ පාසල් භූමියේ සිටින ඩෙංගු මදුරුවන් නිසාය. මේ නිසා පාසල්වල ඩෙංගු මදුරු මර්දන වැඩපිළිවෙළක් දැනටමත් ඇරඹි තිබේ. මෙය වැඩි දියුණු කළහොත්, සමහරවිට යම් ප්‍රමාණයක සහනයක් ලබා ගැනීමට හැකිවනවා ඇත.
ලංකාවේ කාලගුණය තීරණය කරන්නේ බෙංගාල බොක්ක විසිනි. බෙංගාල බොක්කේ හටගන්නා වාසුළි සහ අවපාත නිසා මෝසම් වැසිවලට අමතරව නිතර දෙවේලේ අපට අකල් වැසි ලැබේ. මේ දිනවල පවතින මෝසම සමග අකල් වැසි ද සක්‍රීයව තිබෙන අතර වාතයේ උණුසුම් ආර්ද්‍රතාවක් පවතී. මෙය ඩෙංගු මදුරුවන් බෝවීමට ඉතා හොඳ පරිසරයක් නිර්මාණය කරදෙයි. මොනදේ පාලනය කළත් බෙංගාල බොක්ක පාලනය කිරීමට අපට බැරිය. අන්තර් මෝසම් වැසි හෝ මෝසම් වැසි පාලනය කිරීමට ද අපට නොහැක. මීට අවුරුදු කිහිපයකට පෙර උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල පිහිටි පාසල් සුරකින ලද්දේ කැති පොලු මන්නා පිහි සහ ගල් කටස් තුවක්කු රැගත් දෙමාපියන් විසිනි. ඩෙංගු මදුරුවාගෙන් පාසල හෝ සමාජය ආරක්ෂා කිරීමේදී එම උපක්‍රමවලට තැනක් නොලැබේ. ඒ නිසා අප විසින් කළ යුත්තේ අප අවට පරිසරයේ තිබෙන වතුර පිරුණු හැම පොල් කටුවක්ම, හැම භාජනයක්ම, හැම පොල් කෝම්බයක්ම අනෙක් පැත්ත හැරවීම පමණි. එයින්ද නොනැවතී කාණුවලට උග්‍ර විෂ බීජ නාශක දැමීමෙන්ද ඩෙංගු මදුරුවාගෙන් බේරීමට හැකි බව දැනට කියමු.
]]>ඩෙංගු මදුරුවා මගින් බෝවන Aedesa egypti මෙම වෛරස රෝගයට ගොදුරු වූවන් මෙම වසරේ අප්‍රේල් මාසය අවසන්වන විට 30,000 ක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මෙම මදුරුවර්ගය බිත්තර දමන්නේ ගලාගෙන යන පිරිසිදු ජලයෙහිය. එනම් වතුර පිරෙන බඳුන්වලය. උදාහරණ ලෙස තැඹිලි කෝම්බ, යෝගට් කෝප්ප, සාඩින් ටින් ආදියෙහි ජලය පිරී ඇති විට මෙම මදුරුවන් එහි බිත්තර දමයි.
මෙම මදුරුවන් සක්‍රිය වන්නේ පස්වරු 5.00 ත් රාත්‍රී 7.00 අතරය. එසේම උදෑසන 6.00 ත් 7.00 ත් අතරත් සක්‍රිය වේ. එනිසා ඩෙංගු මදුරුවා දෂ්ට කිරීමෙන් බේරීමට මෙම කාලය තුළ වැඩි අවධානයක් යොමු කළ යුතුය.
ඒ සඳහා නිදා ගන්නා විට මදුරු දැලක් භාවිතය එළියට යනවිට දෑත් දෙපා වැසෙන පරිදි ඇඳුම් ඇදීම නිරාවරණය වී ඇති දෑත් දෙපාවල පැගිරි තෙල් වැනි ආලේපයන් ගල්වා ගැනීම මගින් ඩෙංගු මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකිය හැකිය.
ඩෙංගු රෝගයේ විශේෂ ලක්‍ෂණය වන්නේ තද උණ හට ගැනීමය. එනම් ෆැරන්හයිට් අංශක 100 ඉක්මවූ (100 F0) උණ ඇතිවීමය. එසේම තද හිසරදය, අතපය කඩා දැමුවා හා සමාන දැඩි වේදනාවක් හට ගැනීම ද සිදුවේ.
මෙහිදී කැස්ස සෙම සොටු ගැලීමත් දැකිය නොහැකිය. එනිසා ඉන්ෆ්ලූවෙන්සා සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලදී ඇතිවන උණ සහ ඩෙංගු රෝගයේදී ඇතිවන උණ හඳුනා ගත හැක්කේ මෙම රෝග ලක්ෂණයෙනි. කැස්ස සෙම සොටු ගලන්නේ නැතිව තද උණ සහ ඇඟතපත වේදනාව ඇත්නම් ඩෙංගු රෝග පරීක්‍ෂාවන් සඳහා යොමුවීම වැදගත්ය. ( Dengu antigen test )
ඩෙංගු රෝගයේ දී සිදුකරන රුධිර පරීක්‍ෂාවේදී රුධිර පට්ටිකා ප්‍රමාණය යම් අඩුවක් පැවතිය හොත් රෝගියා රෝහල්ගත කර ප්‍රතිකාර කිරීම හෝ නිවසේ තබා ප්‍රතිකාර කිරීම තීරණය කරන්නේ රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය අනුවය.
ඩෙංගු රෝගයේ දී ඇතිවන භයානක තත්ත්වය වනුයේ ඩෙංගු රක්තපාතයට ගොදුරු වීමය. එය සිදුවන්නේ රුධිර පට්ටිකා ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවූ විටදීය.
එනිසා ඩෙංගු රෝගයේදී රෝගියාට ඇඳ විවේකය ලබාදීම අත්‍යවශ්‍යය.
ඩෙංගු සුවවීමට පත්වනවිට නැවත රුධීර පට්ටිකා ප්‍රමාණය ඉහළ යෑමට පටන් ගනී.
කෙසේ වුවත් ඩෙංගු සුව වූ පසු සති දෙකක් පමණ කාලයක් යන තුරු ඇඟපත වෙහෙස කරන බර වැඩ නොකර සිටිය යුතුයි. රෝගය සුවවී නැවත සිරුර යථාතත්ත්වයට පත්වීමට සති දෙකක පමණ කාලයක් ගතවේ.
● මැලේරියාව
මේ අතර මැලේරියා රෝගයද නැවත වරක් හිස ඔසවන බවක් දැකගත හැකිය.
ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇත. එසේ තිබියදී මැලේරියා රෝගය යළි හිස ඔසවන්නේ කෙසේ දැයි කියා විමසා බැලිය යුතුය.
මැලේරියා රෝගය බෝ කරන වාහකයා වන්නේ ඇනෝපීලස් මදුරුවායි. ( Anopheles Mosquitoes)
ඇනෝපීලස් මදුරුවා දෂ්ට කර දින 10 ත් 15 ත් අතර කාලයක දී රෝගය ඇතිවේ. එහිදී හිස රුදාව සහ ඇඟ ශීතල කිරීම රෝග ලක්‍ෂණ ලෙස මතුවේ. මෙහිදී ඩෙංගු රෝගයේදී මෙන් දරුණු හිස රදයක් ඇති නොවේ.
එනිසා මෙම රෝගය වැළදී ඇති බව හඳුනාගැනීම දුෂ්කරය. එනිසා මැලේරියා බහුල ප්‍රදේශයක සිට පැමිණි පුද්ගලයෙකුට හිසරදය උණ හටගත් විට පැය 24 ක් ඇතුළත මැලේරියා රෝග පරීක්‍ෂාවක් සිදුකරගැනීම වඩා සුදුසුය. එසේම එවැනි ප්‍රදේශයක කටයුතු කරන විට මැලේරියා නාශක ඖෂධ භාවිත කළ යුතුය.
● මී උණ
මේ අතර නැවත වරක් රට තුළින් මී උණ රෝගීන් leptospirosis රෝගීන් හමුවන්නට පටන් ගෙන ඇත. බැක්ටීරියා ආසාදන රෝගයක් වන මෙය මීයන් හරකුන්, ඌරන්, අශ්වයින් බල්ලන් සහ වනජීවී සතුන්ගේ මුත්‍රාව, මෙම බැක්ටීරියාව පැවතිය හොත් එම මුත්‍රා ජලයට එක්වී එම ජලය මගින් මිනිස් සිරුරට ඇතුළු වේ.
එය සිදුවන්නේ එවැනි අපිරිසිදු ජලයේ වැඩි කාලයක් කටයුතු කරන විටදීය. විශේෂයෙන්ම ගොවීන් අපිරිසිදු ජලය ඇති ස්ථාන පිරිසිදු කරන පුද්ගලයින් මෙහිදී වැඩි අවදානමක සිටිති.
මෙම බැක්ටීරියාව සිරුරට ඇතුළුවන්නේ සිරුරේ කිසියම් තුවාල වීමක් සිදුව ඇති තැනකිනි. එනිසි අපිරිසිදු ජලය සමග කටයුතු කරන විට පා ආවරණ දමා ගැනීම අත් ආවරණ භාවිතය කළ යුතුය.
මී උණයෙහිදී තද උණ, හිසරදය ඇඟ ශීතල කිරීම මස්පිටු වේදනාව වමනය සම සහ දෑස් කහ පැහැවීම උදරවේදනාව ආදිය හටගනී.
මේ අනුව වැසි සමයත් සමග යළි හිස ඔසවා ඇති මෙම රෝගවලින් මිදීම සඳහා අප දැඩි ලෙස අවධානය යොමු කළ යුතුය. මන්දයත් මෙම රෝග තුනම නිසි ප්‍රතිකාර නොමැතිව උත්සන්න වූ විට මරණය සිදුවේ. එනිසා මෙම මරණවලින් බේරීමට අප වැඩි අවධානයක් යොමු කළ යුතුය.
ඒ සඳහා පරිසරය පිරිසිදුව තබා ගැනීම අපිරිසිදු ජලය රැස්වන ස්ථාන නැතිකිරීම නිසි සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කිරීම ආදිය කළ යුතුය.
උපාලි ද සේරම්
]]>