Development officers and trainee graduates on strike demanding solutions to 7 problems – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 25 Oct 2021 03:11:06 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Development officers and trainee graduates on strike demanding solutions to 7 problems – Divaina https://divaina.lk 32 32 ගැටලූ 7කට විසඳුම් ඉල්ලා සංවර්ධන නිලධාරීහු හා අභ්‍යාසලාභී උපාධිධාරීහු වර්ජනයකට https://divaina.lk/%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%96-7%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b6%82/ https://divaina.lk/%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%96-7%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b6%82/#respond Sun, 24 Oct 2021 23:30:00 +0000 https://divaina.lk/?p=30509 රාජ්‍ය සේවයේ නියුතු ලක්‍ෂයකට ආසන්න සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන් නොවිසඳුණු ගැටලූ 7 ක් මුල්කර ගනිමින් වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කළ බව සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවැසීය.

මෙම ගැටලූ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට සහ පළාත් ආණ්ඩුකාරවරුන්ට අද (25 දා) ලිඛිතව දැනුම් දෙන බවත් එදින සිට දින 14 ක් ඇතුළතම තම ගැටලූවලට විසඳුම් නොලැබුණහොත් වැඩ වර්ජනය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු කීය.

මෙම සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන් රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ නියුතුව සිටින බවත් තම ගැටලූ විසඳා ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ නමුත් එය ව්‍යාර්ථ වූ බවත් ඒ මහතා කීය.

තම ගැටලූ අතර 06/2006 චක‍්‍ර ලේඛය මගින් ඇති කළ වැටුප් විෂමතාව නිවැරදි කර ගැනීම, 2016 සිට රාජ්‍ය සේවකයන්ට අහිමි විශ‍්‍රාම වැටුප් හිමිකම ලබා ගැනීම, අභ්‍යාසලාභී පුහුණුව ස්ථිර කිරීම, ගමන් වියදම් දීමනා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් තිබෙන බවද සූරියආරච්චි මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා
 

]]>
https://divaina.lk/%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%96-7%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b6%82/feed/ 0