Dialog Schools Rugby League 2022 – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sun, 04 Sep 2022 17:46:14 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Dialog Schools Rugby League 2022 – Divaina https://divaina.lk 32 32 ඉසිපතනය සහ ශාන්ත ජෝශප්  ‘ජනාධිපති අභියෝග කුසලාන’ රග්බි අවසන් සටනට https://divaina.lk/%e0%b6%89%e0%b7%83%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%a2%e0%b7%9d%e0%b7%81%e0%b6%b4%e0%b7%8a-%e0%b6%a2/ https://divaina.lk/%e0%b6%89%e0%b7%83%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%a2%e0%b7%9d%e0%b7%81%e0%b6%b4%e0%b7%8a-%e0%b6%a2/#respond Sun, 04 Sep 2022 23:34:00 +0000 https://divaina.lk/?p=95705 ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති ‘ජනාධිපති අභියෝග කුසලාන’ වයස අවුරුදු 19 න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන තරගය සඳහා ඉසිපතන විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල වරම් ලැබීය.

ඉකුත් සිකුරාදා (02) පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ලකුණු 29 – 13 ක් ලෙස පරාජය කරමින් ඉසිපතන විදුහල ද ඊයේ (04) ක්‍රියාත්මක කෙරුණු දෙවන අවසන් පූර්ව තරගයේදී බොරැල්ල වෙස්ලි විදුහල ලකුණු 16 – 13 ක් ලෙස පරාජය කරමින් ශාන්ත ජෝශප් විදුහල ද මෙවර අවසන් සටනට සුදුසුකම් ලබා ගත්තේය.

කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී මෙම තරග පැවැත්විණ.

මේ අතර වාරයේ ‘ප්‍රිමියර් කුසලාන’ තරගාවලියේ අවසාන තරගයට පිවිසීමට ඩී. එස්. සේනානායක විදුහල සහ කොළඹ සහිරා විදුහල සමත් විය.

‘ප්‍රිමියර්’ අවසන් පූර්ව වටයේදී කොළඹ ඩී. එස්. සේනානායක විදුහල හමුවේ කුරුණෑගල මලියදේව විදුහල ද කොළඹ සහිරා විදුහල හමුවේ කොළඹ තර්ස්ටන් විදුහල ද පරාජය ලැබීය.

පිළියන්දල මධ්‍ය මහා විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල මෙවර ‘සභාපති කුසලාන’ අවසන් තරගය සඳහා වරම් ලබා ගැනීමට සමත් විය.

‘සභාපති කුසලාන’ අවසාන පූර්ව වටයේදී පිළියන්දල මධ්‍ය මහා විදුහල හමුවේ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල ද නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල හමුවේ නාලන්ද විදුහල ද පරාජය ලැබීය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

]]>
https://divaina.lk/%e0%b6%89%e0%b7%83%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%a2%e0%b7%9d%e0%b7%81%e0%b6%b4%e0%b7%8a-%e0%b6%a2/feed/ 0