Dinusha Nanayakkara Photography – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 12 May 2023 10:57:56 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Dinusha Nanayakkara Photography – Divaina https://divaina.lk 32 32 මගේ පරිසර දැනුම මම නවකයන්ට බෙදාදෙනවා https://divaina.lk/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%bb-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b8-%e0%b6%b8%e0%b6%b8-%e0%b6%b1%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%bb-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b8-%e0%b6%b8%e0%b6%b8-%e0%b6%b1%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/#respond Sat, 13 May 2023 23:50:00 +0000 https://divaina.lk/?p=144508 ප්‍රවීණ පාරිසරික ඡායාරූප ශිල්පී සහ පරිසරවේදී – දිනුෂ නානායක්කාර

මගේ ජීවිතේම බයිසිකලේ වෙලා තිබුණු තරුණ කාලයක් තමා මට තිබුණේ. මගේ ඒ බයිසිකල් පැදීම ගැන පසුගිය සතියේ කතා කළා. ඒක පොඩිකාලේ ඉඳලම මට තිබුණු ආශාවක්. ඒ ආශාව මම උපරිමයෙන් වින්දා. තාත්තා මගේ අධ්‍යාපන කටයුතු පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ කළා වගේම අම්මා තමයි මගේ බාහිර කටයුතු වෙනුවෙන් දිරි දුන්නේ. ඉතිං මම ඒ කාලේ ඉඳලම බයිසිකල් පැදීම අතින් ලංකාවේ නොගිය පළාතක්, නොගිය දිස්ත්‍රික්කයක් නෑ. අම්පාර, යාපනය, මුලතිවු, කතරගම, මඩකළපුව, ත්‍රිකුණාමලය බදුල්ල, බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න, කැබිලිත්ත වගේ තැන්වලටත් බයිසිකලෙන්ම පැද්දා. ලංකාවේ දිස්ත්‍රික්ක 25 ටම මම බයිසිකල් පැදලා තියනවා. මගේ Nikon Studio ස්ටාෆ් එකත් එක්ක තමයි මේ බොහෝ ගමන් බයිසිකල්වලින් ගියේ. කොහොම හරි කාලයත් එක්ක ඊට පස්සෙ මට “ජීප්” පිස්සුවක් හැදුණා. ඒ වෙනකොට මම වයිල්ඩ් ලයිෆ් පැත්තට නැඹුරු වෙලා හිටපු නිසයි ඒ ආසාව ඇති වුණේ. ජීප් එකක් ගත්ත එකත් හෙණ කට්ටක් කාපු කතාවක්. කොහොමහරි අබලන් වුණු, වෙන්දේසි කරපු “ලෑන්ඩ් රෝවර්” එකක් ගෙනල්ල හදල, “මොඩිෆයි” කරල පළවෙනි ජීප් එක හදාගත්තා. ඒ වෙනකොට මම “වයිල්ඩ් ලයිෆ්”වලට ආසයි. පොඩි කාලෙ අපි කොහොමත් තාත්තත් එක්ක ඇවිදින්න යනවා. මට මතකයි 1990 විතර එහෙම ගිය පළමු යාල ටි්‍රප් එකේදීම අලි, කොටි, වලස්සු ඇතුළු සියලුම සත්තු අපි පොඩි දුරකදී දැක්කා. එදා අපි තල්ගස්මංකඩ බංගලාවේ හිටියේ. මේවගේ අත්දැකීම් ලබල තිබුණු නිසා මොන තරම් වෙඩින් කළත් වන ජීවී ඡායාරූපකරණයට මට පුදුම ආසාවක් තිබුණේ. මොකද ඒ වෙනකොට කැමරා බඩුත් මා ළඟ තියනවා. ජීප් එකත් තියනවා. ලොකු වෙඩින් එකක් කරලා, විවේකයටත් එක්ක අපි ස්ටුඩියෝ එකේ සෙට් එක යාල, විල්පත්තුව, උඩවලව වගේ කොහේ හරි වනෝද්‍යානයකට අදිනවා. වෙඩින්වලින් සල්ලිත් එනවා. ඔහොම තමයි මේ පරිසර ජීවිතේ මම පටන් ගත්තේ. මගේ පළවෙනි ස්ටුඩියෝ එක මම පටන් ගත්තේ 2000 වසරේදී. ස්ටුඩියෝ කිහිපයක්ම මම කළා. දැන් මගේ ස්ටුඩියෝ එක ජා-ඇල රියල්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන යනවා. මේ ෂොප් එක අරින්න මම ඉතාම ගරු කරන තවත් ඡායාරූප ගුරුවරයකුට එදා ආරාධනය කළා. ඒ තමයි ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී බර්ටි ගුණසේකර මහත්මයා. මම ඉතාම ගරුකරන කෙනෙක්.

“මමත් මගේ Nikon Studio ඡායාරූප ශාලාවත් වෙඩින්වලින් සෑහෙන නමක් දිනාගත්තා වගේම, ව්‍යාපාරිකයකු ලෙසත් මම ජා-ඇල, වත්තල පැත්තේ සෑහෙන දියුණුවක්, නමක් ලබාගත්තා. මංගල උත්සව 3700 ක් පමණ මා මේ වන විට කරලා තිබෙනවා. එක දවසට වෙඩින් 11 කරලා තියනවා. නමුත් මේ ජයග්‍රහණ සියල්ලම පාහේ මම මුතුරාජවෙල සටන වෙනුවෙන් පරිත්‍යාග කළා. මම වසර හතරක් සියල්ල අතහැර දමා මුතුරාජවෙල වෙනුවෙන් ව්‍යාපාර පමණක් නෙමෙයි මා බොහෝ ආදරය කරන මගේ බිරිඳ දරුවා සහ දෙමාපියන්ද අමතක කර මට තෝරාගන්න දෙකක් තිබුණා. එකක් මගේ මමත්වය. අනෙක පරිසරය. හුස්ම දීපු පෙණහැල්ලට හුස්ම දෙන්න මට පුළුවන් වුණා. එයට මා පමණක් නෙවෙයි බොහෝ අය වෙහෙසුනා. මම එයට දුන්නේ මහා නායකත්වයක්. කියන්න සංතෝසයි ආර්ථික වශයෙන් බොහෝ කඩා වැටීමකට ලක් වූවත් මුතුරාජවෙල බේරාගත් මේ දැවැන්ත සටනේදී මගේ කෙස් ගහකට වත් හානියක් වුණේ නෑ. දැන් මම ආපහු ස්ථාවරත්වයක් හදාගෙන මගේ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යනවා. මම දැන් ඉතාමත් සන්තෝෂයෙන් කාලය ගත කරනවා. ගොඩක් ලියනවා… කියවනවා.. කවි ලියනවා… පාසල්වල දරුවන්ට පරිසරය ගැන, සතා සිව්පාවා ගැන දේශන දෙනවා. ළඟදීම පොත් කිහිපයකුත් එළිදක්වනවා. නැතිවුණු සියලු දේ සොබාදහම් මාතාව මට මේ වන විට ඊටත් වඩා දී තිබෙනවා. ඒ විතරක් නෙමෙයි දෙවියන්ගෙන්, සොබාදහමෙන් මට ලැබෙන ආරක්ෂාව ගැන මම දැන් හොඳටම දන්නවා. ඒ පිටුපස සිටින යෝධ සෙවනැළි තමයි තාත්තා වගේම මගේ ආදර බිරිඳ මහීෂා පෙරේරාත්, දුව ටාෂියා නානායක්කාරත්. ඇත්තටම මුතුරාජවෙල බේරාගැනීමේ ප්‍රශ්නයේදී මේ හැමෝම තර්ජනයට ලක්වුණා. මම තර්ජනයට ලක්වුණා. මට වෙඩි තිබ්බා. බොරු චෝදනා දාලා මාව අත්අඩංගුවට ගන්න හැදුවා. නමුත් සත්‍ය ජයගත්තා. දැනට නම් මුතුරාජවෙල බේරගන්න අපට පුළුවන් වෙලා තියනවා. මම සතුටු වෙනවා මුතුරාජවෙල කියල දෙයක් තියනවා කියල ලෝකයට එළිදරව් කරන්න මට හැකි වුණා. “කොටින්ම කියනවා නම් කැමරාව නිසා මම ලෝකය දිනුවා” දිනූෂ නානායක්කාර නම් මේ අපූරු පරිසරවේදියා, පාරිසරික ඡායාරූප ශිල්පියා නිහතමානීව එහෙත් නෙතට කඳුළක් නංවාගෙන පවසන්නේ පසුගිය කාලයේදී මුතුරාජවෙල රකින්නට යෑමේදී ඔහු වින්ද ගැහැට ගැනය.

පරිසරය රකින්න ගිහින් බොහෝ දේවල් මට නැති උනාට මට සතුටුයි. මම රට වෙනුවෙන්, උපන් ගම වෙනුවෙන් දෙයක් කරලා තියනවා. දැන් මම නැවතත් ස්ථාවර වෙලා මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. තාත්තා තාමත් මගේ පසුපසින් ඉඳගෙන මට ආශීර්වාද කරනවා. මගේ බිරිඳ සියලු ශක්තිය මට දෙනවා. දුවගේ ආදරය, සෙනෙහස මැද අපි අපේ කැදැල්ලේ සුන්දරව ජීවිතය විඳිනවා. තාමත් එදා වගේම කැලේ, කොළේ, වනෝද්‍යානවල ඇවිදිනවා. ෆොටෝ ගහනවා. සමාජ සේවා කටයුතුවල නිරතවෙනවා. ඔහොම තමයි ජීවිතේ. හැබැයි හැම දේම මම, අපේ කණ්ඩායම පිළිවෙළකට තමයි කළේ. වෙඩින් එකක් කළත් අපේ කණ්ඩායමට යුනිෆෝම් එකක් තිබ්බා. ටි්‍රප් එකක් ගියත් සුදුසු, එකම ජාතියේ නිල ඇඳුමක් ඇන්දා. කණ්ඩායම් හැඟීමක්, ටීම් වර්ක් එකක් අපේ කණ්ඩායමට තිබ්බා. වැස්සද, ගංවතුරද කියල අපි සැලකුවේ නෑ. භාරගත්ත වැඩේ කවර බාධක තිබුණත් අපි ඉටු කළා. මොකද “ෆෝවීල්” දාගෙන “ලෑන්ඩ් රෝවර්” එකෙන් ගිහිල්ලා හරි අපි ගත්ත වැඩේ හරියට, වෙලාවට කළා. අපේ ස්ටාෆ් එක විනීතයි, පිළිවෙළයි. ඉතිං අපි කැපී පෙනුණා. ඒ බව අපේ කස්ටමර්ස්ලා දැනගෙන හිටියා. ඒ නිසා අපට ඕන තරම් වැඩ ආවා. ඒ සියල්ල පසුබෑමට ලක්වුණේ මුතුරාජවෙල රකින්න ගිහින්. නමුත් ඒකෙත් අන්තිමට ජයග්‍රහණයක් ලැබුවා.” යයි දිනූෂ නානායක්කාර සිනහමුසුව කියයි.

මගේ පරිසර දැනුම මම නවකයන්ට බෙදාදෙනවා

ශ්‍රී ලංකාවට ඩ්‍රෝන් කැමරා යානයක් ගෙනාපු මුල්ම අය අතර දිනුෂ ද එක් අයෙකි. ඔහු කියන පරිදි මුල්ම ඩ්‍රෝන් කැමරා අතර ඔහුගේ කැමරාව 5 හෝ 6 විය යුතුය. අද බොහෝ දෙනෙකු ඩ්‍රෝන් කැමරාවලින් වැඩ දමා යූටියුබ් නාලිකා කරන නමුත් එහි පෙරගමන්කරුවකු ලෙස එදා දිනූෂ එහි ද සිටියේය. එය ශ්‍රී ලංකාවට එදා කෙතරම් අලුත් වැඩක් වී ඇත්ද යත්, ඩ්‍රෝන් යානය සිංගප්පූරුවෙන් ලංකාවට ගෙනවිත් යානය මීටර් 20 ක් ඉහළට නංවාගැනීම සඳහා තමාට නැවත දෙවරක් සිංගප්පූරු යන්නට සිදු වූ බව දිනුෂ කියයි.

“එහෙම ඉගෙන ගෙනත් මගේ පළමු ඩ්‍රෝන් එක මගේ අතින්ම වතුර වළකට වැටුණා. එදා මගේ පපුව පත්තු වුණා. හැබැයි මම එදා හිතුවා ඒ දුක වෙන කාටවත් දෙන්නේ නෑ කියල. ඒ කරලා ඒ ගැන හොඳින් ඉගෙන ගත්තා. ඉගෙන ගෙන අනිත් අයටත් උගන්වන්න වර්ක්ෂොප් ගණනාවක් කළා. මම තමයි මම හිතන්නෙ “ඩ්‍රෝන් ඔපරේටින්” ගැන ලංකාවේ පළමුවරට නොමිලේ වර්ක්ෂොප් මාලාවක් කළේ” දිනූෂ කියයි.

සැබැවින්ම ඒ සඳහා ඔහු දක්ෂයෙක් බව මුතුරාජවෙල පමණක් නොව, ඉහළ කඳුකරයේ දුම්රිය මාර්ග හා දුම්රිය ස්ථාන ආශ්‍රිතව සිදුකර ඇති අපූරු ඡායාරූප එකතුව දකින කළ තේරුම් ගත හැකිය. ලංකාවේ ඉතා ප්‍රකට දුම්රිය ස්ථානයක් වන ‘ඉදල්ගස්හින්න’ දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන තරමක් විශාල එහි ඩ්‍රෝන් ඡායාරූපය ද දිනූෂ නානායක්කාර නම් අපගේ මෙම කතානායක සොඳුරු ඡායාරූප ශිල්පියා විසින් ගන්නා ලද්දකි.

පිළිසඳර – ජගත් කණහැරආරච්චි
දිනූෂගේ ඡායාරූප –
රොහාන් ෆොන්සේකා

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%bb-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b8-%e0%b6%b8%e0%b6%b8-%e0%b6%b1%e0%b7%80%e0%b6%9a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a/feed/ 0
මගේ ජීවිතය පරදුවට තියල මුතුරාජවෙල මම ලෝකයට හෙළිදරව් කළා https://divaina.lk/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%bd-%e0%b6%b8%e0%b7%94/ https://divaina.lk/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%bd-%e0%b6%b8%e0%b7%94/#respond Sat, 06 May 2023 23:50:00 +0000 https://divaina.lk/?p=143162 ප්‍රවීණ පාරිසරික ඡායාරූප ශිල්පී සහ පරිසරවේදී – දිනුෂ නානායක්කාර

“මුතුරාජවෙල නම් අද්විතීය තෙත් බිමේ වෙන්දේසි වීමට තිබුණු හෙක්ටයාර් 1200 ක් බේරාගන්නට, එසේ බේරාගන්නා සටනට නායකත්වය දීමට මට හැකි වුණේ මම පරිසරය වෙනුවෙන් වැඩකරන ඡායාරූප ශිල්පියෙක් වූ නිසා. මුතුරාජවෙල විනාශය සාක්ෂි සහිතව ඔප්පු කරලා රටට, ලෝකයට මම පෙන්නුවේ මගේ කැමරා උපකරණ වලින්. මේ මගේ අතේ තියන ඩ්‍රෝන් යන්ත්‍රය නිසා තමයි ඇත්තටම ඒ වික්‍රමය කරන්න මට වැඩි වශයෙන් පුළුවන් වුණේ. මොකද මේ ඩ්‍රෝන් මිත්‍රයා නෑ…නෑ කිව්ව ඒ හොර තිප්පළ හොයාගෙන ගියා. හැමදාම හොයාගෙන ගියා. ඒ නිසා මේක ඉතිහාසගතවන කැමරාවක්. ඉතිහාසගතවන ඩ්‍රෝන් යානයක්” යැයි ප්‍රකට පරිසරවේදියකු, වනජීවී හා මංගල ඡායාරූප ශිල්පියකු මෙන්ම පාරිසරික ගවේෂකයකු ද වන දිනූෂ නානායක්කාර මහතා අපට පැවසුවේ තම ඩ්‍රෝන් යානාව එක අතකින් ගෙන අනෙක් අතින් එයින් ගත් මුතුරාජවෙල වීඩියෝ දර්ශන දෙසට අපගේ දෙනුවන් යොමු කරමිනි.

සැබැවින්ම එක්තරා ව්‍යාපාරික කණ්ඩායමක් විසින් කොළඹ ප්‍රධාන ආර්ථික මර්මස්ථානය ලෙස සැලකිය හැකි කටුනායක ගුවන් තොටුපළ හා පෝර්ට් සිටි අතර පිහිටි මුතුරාජවෙල තෙත් බිම් අභයභූමියේ ඉඩම් අනීතිකව ගොඩකර තම පෞද්ගලික අභිමතාර්ථයක් වශයෙන් මුදල් උපයාගැනීමේ කූට ක්‍රියාවක නියැළී සිටිද්දී ඊට එරෙහිව අභීතව තම හඬ අවදි කරමින් මුතුරාජවෙල රැකගන්නට පෙරමග ගනු ලැබුවේ දිනූෂ නානායක්කාර නම් පරිසරවේදියාම ය.

එබැවින් “දිවයින – හරිත” Wildlife-eye විශේෂාංගය තුළින් අද අපි දිනූෂ හමුවන්නට ඔහුගේම පෞද්ගලික වනාන්තරය තුළ පිහිටි බෝපිටිය – පමුණුගම තෙත්බිමේ ඒ අපූරු නිසංසල පරිසරයට ගොඩවැදුනෙමු. මෙම පරිසරය තුළ ජීවත් වනුයේ දිනූෂ හා නිවසේ අය පමණක් නොවේ, සුවිශාල වගුරු වනාන්තරයක නිදහසේ වැඩෙන කඩොලාන හා අනෙකුත් ගස්කොලන්, කුරුල්ලන්, දැවැන්ත කිඹුලන් හා දිය-ගොඩ වාසී නොයෙකුත් සතුන් සමඟ දිනුෂ නිදහසේ ජීවත් වන ආකාරය විටෙක දුටුවන් මවිතයට පත් කරනු ඇත. දිනූෂ හමුවන්නට අප මේ ගමන ගියේ තවත් ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පියකු වන රොහාන් ෆොන්සේකා සමගය.

දිනූෂ වෘත්තියෙන් මංගල ඡායාරූප ශිල්පියෙකි. ඔහු Nikon Studio නමින් තමන්ගේම ඡායාරූපකරණය හා වීඩියෝකරණ ව්‍යාපාරයක් ජා-ඇල නගරයේ පවත්වාගෙන යයි. එසේම ඔහු විනෝදාංශයක් ලෙස පාරිසරික වනජීවී ඡායාරූපකරණයද සිදුකරයි. මේ නිසාම ඔහු ඇතැම් ඡායාරූප හා කලා සංගම් රැසකම නායකත්වය හා සාමාජිකත්වය දරන අතර, තවමත් කඩවසම් තරුණයකු වන දිනූෂ ඡායාරූප ශිල්පීන් හා පරිසරවේදීන් අතර ප්‍රකට චරිතයකි. හේ කොතෙක් පාරිසරික ක්‍රියාකාරකම්වලදී පෙරමුණ ගෙන ඇත්තේද යත්, මුතුරාජවෙල තෙත්බිම ඉඩම් කොල්ලකාරයන්ගෙන් බේරාගන්නට කටයුතු කළා පමණක් නොව, වත්තල, පමුණුගම, ජා-ඇළ, මීගමුව ප්‍රදේශයට තදින් පාරිසරික දූෂණයක් ඇති කළ X-Press Pearl නෞකාව ගිනි ගෙන ගිලී යෑමෙන් ඇතිවුණු පාරිසරික විනාශයෙන් බැට කන ජනතාව වෙනුවෙන් හා එම හානියට පත්ව ඇති පරිසරය සුරැකීම සඳහාද පෙරමුණ ගෙන, විරෝධතා ව්‍යාපාරවල ද මුල් තැන ගෙන කටයුතු කළ ප්‍රධාන චරිතයකි.

එබැවින් දිනූෂ යනු නිකම්ම නිකං ඡායාරූප ශිල්පියකු නොවන බව අප කිව යුතුය. ඔහුගේ සුරතේ රැඳී ඒ කැමරා ආම්පන්න මේ රටේ පරිසරය, සතා සිවුපාවා සුවපත් කරන ලද ආම්පන්න බවද පැවසිය යුතුව තිබේ.

මගේ ජීවිතය පරදුවට තියල මුතුරාජවෙල මම ලෝකයට හෙළිදරව් කළා

“මගේ ගම බෝපිටිය-පමුණුගම. මම අධ්‍යාපනය ලැබුවෙ පළමුව ඌව වෙල්ලස්සේ ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඒක ඒ කාලෙ ඈත පිටිසර ප්‍රදේශයක්. දෙවනුව කඳාන” ද මැසිනොද්” විද්‍යාලයෙන්. මගේ තාත්තා රජයේ තානායම් පාලකවරයෙක්. අම්මා ගෘහනියක්. පවුලේ මමයි, නංගියි විතරයි. ඇය සිය පවුලේ උදවියත් සමග මේ වන විට එංගලන්තයේ ඉතා යහපත් ජීවිතයක් ගත කරනවා. කියන්න කනගාටුයි. මගේ ඥාති සොයුරියයි, එයාගේ දරුවයි පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්වෙලා මිය ගියා. තාත්තා තානායම් පාලකවරයෙක් වූ නිසා අපට රටේ නොයෙක් තැන්වලට දිගු කාලවලට යන්න සිද්ධ වුණා. මේ අතරින් මඩකලපුව, කොස්ලන්ද, ලුණුගල, මහව, කල්පිටිය, පඬුවස්නුවර වගේ ප්‍රදේශවල වැඩි කාලයක් අපට ඉන්න වුණා. ඒ නිසා මගේ පාසල් අධ්‍යාපනයත් විටින් විට වෙනස් වුණා. ඒ කොහොම වුණත් තාත්තාගේ ආභාෂය මැද අපි පොඩි කාලයේ ඉඳම්ම පරිසරයට ඇලුම් කළා. මොකද මගේ තාත්තා හරිම සුන්දර මනුස්සයෙක්. දැන් අවුරුදු 73 ඉක්මවලා හිටියත්, අදත් ජෝගින් ගිහිල්ලා සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. ඇත්තටම ඔහු තමයි මගේ වීරයා. ඔහු තමයි මාව අද මේ ඉන්න තැනට ගෙනාවේ. මගේ මව මීට වසරකට පමණ මත්තෙන් මිය ගියා. එයා රෝගාතුර වෙලා අවුරුදු දාහතක් පමණ හිටියා. අපි එයාට උපරිමයෙන් සැලකුවා. අන්තිම සති කිහිපය පමණයි ඇය ඇඳක සිටියේ. ඇයට උපරිමයෙන් සැලකීමට හැකිවීම දරුවෙකු විදිහට මම ලැබුව වාසනාවක්. ඇය අවසන් ගමන් යෑමට පැය කිහිපයකට මත්තෙන් මා තුරුළු කරගනිමින් ඇය මට කියා සිටියේ ඇයගේ ලෝකයේ වීරයා මා කියල. ඇය අද නොසිටියත් ඇය ගේ පිහිට අදත් මේ දැනුත්, මම නිරන්තරයෙන් අත්දකිනවා.

අවුරුදු 10-12 ඉඳම්ම මම පාපැදි පදින්න ආසයි. ටික කලකින් මට හොඳ බයිසිකල් ගෘප් එකක් හිටියා. පාසල් යන කාලෙමයි මේ. අපේ කණ්ඩායමේ පළවෙනි බයිසිකල් පැදීම අපි කළේ බෝපිටියේ ඉඳන් පඬුවස්නුවරට. ඊට පස්සෙ 1995 විතර කොළඹ ඉඳන් අම්පාරට පැද්දා. 2002 සටන් විරාම කාලෙදි දින 6 ක චාරිකාවක් හැටියට කොළඹ ඉඳන් යාපනේට පැද්දා. ඒක අමතක නොවන ටුවර් එකක්. හමුදා කඳවුරු අතරින්, එල් ටී ටී ඊ කඳවුරු අතරින් ගමන් ගත්ත චාරිකාවක් ඒක. මේ ගමනේදී අපි කණ්ඩායමට බයිසිකල් ගමන නවත්වල එයාලගෙ නියෝගය අනුව එල් ටී ටී ඊ කඳවුරුවලට යන්න වුණා. නමුත් කෑම බීම දීල එයාල අපට සංග්‍රහ කළා. හමුදාවේ අයත් කෑම, බීම දීල අපට සංග්‍රහ කළා. රතු කුරුස හමුදාව අපිට උදව් කළා. ජීවිතයේ පුදුම අත්දැකීම් මේවා. ඒ වගේ ගමන් රාශියක් මම කළා. 2008 පමණ වන විට මුළු ලංකාවේම දිස්ත්‍රික්ක 25 ක් පුරා මා පාපැදියෙන් සංචාරය කොට හමාර කළා. එවන් ගමන් වලදී කුඹුරු, කඳු, හෙල්, වැව්, පොකුණු, දිය ඇලි, කැලෑ, වන සතුන් අපි දැක්කා. මේවා අත්වින්දා. මේවා තමයි ඇත්තටම මාව පරිසරලෝලියකු කළේ. පාරිසරික ඡායාරූප ශිල්පියකු කළේ.” දිනූෂ පවසයි.

මම ඡායාරූපකරණයටත් තරුණ කාලේ ඉඳලම හරිම කැමතියි. මට මතකයි මම ඉස්සරලාම කැමරාවක් ගන්න තාත්තාගෙන් සල්ලි ඉල්ලුවා. තාත්තා කිව්වෙ කැමරාවක් අරන් දෙන්නම් හැබැයි ඒකට යන සල්ලි මට ආපහු ටික ටික ගෙවන්න ඕන කියල. එහෙම කියල Nikon 505 රීල් කැමරාවක් අරන් දුන්නා, ගාන රුපියල් 35,000 යි. තාත්තා කැමරාවට ගිය මුදල විටින් විට මතක් කරමින් මගෙන් සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. බේරෙන්න බැරි තැන මම යාළුවන්ට කිව්වා birthday පාටියක් හරි කමක් නෑ තියෙනවනම් මට සෙට් කරලා දෙන්න කියලා. මට ඕන වුණේ තාත්තාගේ කරදරෙන් බේරෙන්න. මම තාත්තාට ටික ටික ගෙවන්න පටන් ගත්තා. තාත්තා ගෙවන හැම වාරයකදීම ගෙවන මුදල අඩු කරල ඉතිරි මුදල මට මතක් කළා. මේ අතර මට ඉස්සරහට වෙඩින් තුන හතරක් බුක් වෙලා.

නමුත් මට තියෙන්නෙ කැමරාව විතරයි. වෙඩින්වලට තව බඩු ඕනේ. තාත්තට ආපහු මම කීවා ගෙවන්න මට තව රුපියල් පනස් දාහක් විතර දෙන්න කියලා. තාත්තා මට හැත්තෑ පන්දහසක් පමණ ගෙනත් දීලා කිව්වා මට ඕන වුණේ ඔයාව ට්‍රැක් එකට ගන්න මිස මගේ සල්ලි ගන්න නෙමෙයි. මෙන්න ඔයා මට ගෙවපු සල්ලි සහ ඔයා ඉල්ලපු සල්ලි. දැන් ගමන යන්න කියල සල්ලි දුන්න මට. ඔහොම තමයි මගේ ඡායාරූප ශිල්ප ජීවිතය ආරම්භ වුණේ. ඒ තාත්තා මට ජීවිතයේ බර දුන්න නිසා. කියන්න ඕන මම ඡායාරූපකරණය මුලින්ම ඉගෙන ගත්තේ ලාල් හෑගොඩ සර් ගෙන්. ඒ සුන්දර ගමන තුළ මා ගොඩක් දේවල් උපයලා තියෙනවා.

මේකත් කියන්නේ ලොකු ගරුත්වයකින්. පළවෙනි වෙඩින් චාන්ස් එක අරන් දුන්නේ මේ ඉන්න රොහාන් ෆොන්සේකා අයියා. “දිනූෂ මඳ සිනහවක් දල්වාගෙන රොහාන් අයියාට ඇගිල්ල දිගුකරයි. ” මේත් මගේ එක ගුරුවරයෙක්.” ඔහු අතීතය අවදි කරවයි. දිනූෂට පළමු වෙඩින් ඡායාරූපය ගන්නට එදා ළඟ සිටි රොහාන් අය්යා අද මා සමග දිනූෂ කරන සම්මුඛ සාකච්ඡාවේදී දිනූෂගේ ඡායාරූප සියල්ල ගනිමින් සිටී.

පිළිසඳර – ජගත් කණහැරආරච්චි
දිනූෂගේ ඡායාරූප –
රොහාන් ෆොන්සේකා

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b6%bd-%e0%b6%b8%e0%b7%94/feed/ 0