Disruption of voting – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 21 Feb 2023 16:07:11 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Disruption of voting – Divaina https://divaina.lk 32 32 පුංචි ඡන්දයට බාධා එපා – කාදිනල්තුමා රජයට කියයි https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b7%8f-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8f%e0%b6%af/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b7%8f-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8f%e0%b6%af/#respond Tue, 21 Feb 2023 23:47:00 +0000 https://divaina.lk/?p=129841 ප්‍රකාශයට පත්කොට තිබෙන පළාත් පාලන මැතිවරණය නිසි දින සාධාරණව පැවැත්වීමට බාධා නොකොට සියලු පහසුකම් සලසන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති, රජය ඇතුළු සියලු රාජ්‍ය ආයතන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාදිනල්තුමා මෙසේ කියා සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, රටේ පරමාධිපත්‍යය හිමිව ඇත්තේ ජනතාවටය. පරමාධිපත්‍යයේ අයිතිය ප්‍රායෝගිකව භාවිතා කිරීම සඳහා ජනතාව සතු ප්‍රධානතම සහ වැදගත්ම අවස්ථාව වන්නේ ජනතා නියෝජිත පරිපාලන ආයතන සඳහා තම අභිමතය පරිදි නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාවයි. එහෙයින් ඒ සඳහා එම ඡන්දය ප්‍රකාශ කිරීම ඔවුන් සතු මූලික මිනිස් අයිතිවාසිකමකි.

මැතිවරණ කල් දැමීම හෝ අවලංගු කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරන ඒකාධිපතිවාදී උත්සාහයකි. මෙය මෙම පළාත් පාලන මැතිවරණය පමණක් නොව අනාගතයේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ අහෝසි කොට දමා ඒකාධිපති පාලන ක්‍රමයක් වෙත රට ඇද දැමීමේ ඉතා භයානක පූර්වාදර්ශයක් බවට පත්වීමේ අවදානමක් ද ඇති කරන බව සඳහන් කළ යුතුය.

එහෙයින්, ජනතා පරමාධිපත්‍ය මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා අත්‍යවශ්‍ය ජාත්‍යන්තර සහාය ද ආරක්ෂා කරගැනීම සඳහා මේ මොහොතේ නොපැකිලිව ඉදිරිපත්වීම සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, ආගමික නායකත්වය ඇතුළු සියලු පුරවැසියන්ගේ වගකීම සහ යුතුකම් බවට අපි අවධාරණය කර සිටිමු.

ප්‍රකාශයට පත් කොට ඇති පළාත් පාලන මැතිවරණය නිසි දින සාධාරණව පැවැත්වීමට බාධා නොකොට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට කටයුතු කරන ලෙස, ජනාධිපතිවරයා, රජය සහ සියලු අදාළ රාජ්‍ය ආයතනයන්හි බලධාරීන්ගෙන් අපි අවධාරණයෙන් ඉල්ලා සිටිමු.

ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් එයට මුහුණදීමට හා ඒ ප්‍රතිඵල අනුව තමන් වෙනස්වීමට තරම් නිහතමානී වීමට මෙන්ම තමන් පරාජයට බියවන බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගතවීම වළකා ගැනීමට තරම් බුද්ධියක් අප රටේ නායකයන් සතුව ඇතැයි අපි සිතමු.

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b6%e0%b7%8f%e0%b6%b0%e0%b7%8f-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8f%e0%b6%af/feed/ 0