Distortion of National Anthem in LPL Match – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 03 Aug 2023 16:07:00 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Distortion of National Anthem in LPL Match – Divaina https://divaina.lk 32 32 ලක් අම්මගේ වැඩ https://divaina.lk/%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9/ https://divaina.lk/%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9/#respond Thu, 03 Aug 2023 23:55:00 +0000 https://divaina.lk/?p=160397 ජල බිල ඉහළ නැග ඇත. ඒ ගැන සාකච්ඡා කිරීමට කලින් උමරා සිංහවංශ මහත්මියගේ “ශ්‍රී ලංකා මහතා” හෙවත් Mr. Ceylon ගැන නැවත වතාවක් ඉතා සුළුවට සාකච්ඡා කරනු ලැබේ. උමාරා සිංහවංශගේ හඬ අසමසම ය. දෛනික අභ්‍යාසවලින් හැඩ කරන ලද ඒ හඬ හා සමාන තවත් හඬක් ඇත්නම් ඒ උමාරියා සිංහවංශ ට පමණි. උමාරාගේ නැගණිය වූ උමාරියා ලක් මාතාව විසින් ප්‍රසූත කරන ලද ඉතාම දක්ෂ ගායිකාවකි. මේ දරු ප්‍රසූතියේදී ලක් මාතාවට විශේෂ අමාරුවක් හටගත් බව දැනගැනීමට නැත. ජාතික ගීය පිළිබඳ බාල්දිය තම හිස මතට වැටීමෙන් පසු උමාරා සිංහවංශ සිය ෆේස්බුක් ගිණුම හරහා රට වැසියන්ගෙන් යම් ප්‍රමාණයක සමාවක් ඉල්ලා තිබේ. එය හෘදයාංගම මට්ටමේ සමාව ඉල්ලීමක් නොවුණද official මට්ටමේ සමාව ඉල්ලීමක් වූ බැවින් අපට හිත හදාගැනීමට පුළුවන. උමාරා අක්කා එසේ සමාව ඉල්ලන අතර උමාරියා නංගී ස්වකීය face book account එක හරහා ගේම ඉල්ලා ඇත. ජාතික ගීයේ ප්‍රශ්නයට වැඩි දේවල් මේ රටේ නැත්දැයි ඇය විමසා තිබේ. උමාරා සිංහවංශ වන තම සහෝදරිය රට නියෝජනය කරමින් සම්මාන රාශියක් දිනා ඇති බැවින් ඒ ගැන විමසන්නේ නැත්තේ මන්දැයි උමාරියා අසා ඇත. මෙය නොම්මර එකේ ගොන් කතාවකි. උමාරා සම්මාන දිනූ අවස්ථාවල ජනමාධ්‍යය සහ වෙනත් සිවිල් කොටස් ඒ ගැන විමසන්නට ඇති. එසේ නැතුව ඒ සම්මාන ගැන පොලිසියෙන් ප්‍රශ්න කරන්නේ නැත. අක්කා සම්මාන කොතරම් දිනුවත් ඇය දැන හෝ නොදැන ඇය අතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කැඩී ඇත්නම් ඊට හිලව්වට සම්මාන ටික ඉදිරිපත් කිරීමට නොහැක. රොමාන් පොලාන්ස්කි යනු ප්‍රංශ නව රැල්ල නමැති සිනමා සම්ප්‍රදායේ පීතෘවරයෙකි. ලංකාවේ සම්මානනීය සිනමාකරුවන් වූ ධර්මසේන පතිරාජ, සුගතපාල සෙනරත් යාපා යනාදීහුද මේ කියන ප්‍රංශ නව රැල්ලේ දරුවෝ වෙති. ස්වකීය චිත්‍රපටවලට සම්මාන පිට සම්මාන දිනූ රොමාන් පොලාන්ස්කි දිනක් නව යොවුන් දැරියක් දූෂණය කළේය. මෙහිදී ඔහු දිනූ චිත්‍රපට සම්මාන පැත්තකට දැමූ පොලිසිය ඔහු අල්ලා අධිකරණයට ඉදිරිපත් කර ඊට අදාළ බාල වයස්කාර ස්ත්‍රී දූෂණයකට අදාළ සිර දඬුවම් ඔහුට ලබා දුන්නේය. අන්තිමට කොල්ලා අවුරුදු ගණනාවක්ම හිරේ පරිප්පු කා ගෙදර ආවේය. නොබෙල් සම්මාන ලාභියෙක් කාට හෝ පිහියෙන් ඇන මැරුවා යැයි සිතමු. එවිට මිනීමරුවා අත්අඩංගුවට ගැනීමේදී නොබෙල් සම්මානය ගැන සලකනු නොලැබේ. එබැවින් උමාරාගේ ජාතික ගී ප්‍රශ්නයේදී ඇගේ සම්මාන ගැන කෙනෙක් ප්‍රශ්න කරත් නම් ඔහු ස්ථිර වශයෙන්ම පිස්සෙකි. එබැවින් සිංහවංශ නැගෙණියද අන් අයගේ සිවිල් අයිතිවාසිකම්වලට අභියෝග නොකර කල්පනාවෙන් ජීවත් විය යුතුය.

ජල බිල නැග තිබේ. පෙට්‍රල් මිලද ඊයේ පෙරේදා ලීටරය රුපියල් 20 කින් ඉහළ නැග්ගේය.

විදුලි බල මණ්ඩලය අවස්ථා දෙකකදී විදුලි බිල නංවා ඇති බවත් ඒ අවස්ථා දෙකේදීම ජල බිල වැඩි නොකළ බවත් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය කියයි. විදුලි බිල වැඩිවීම නිමිත්තෙන් ජල බිල වැඩි නොකළාට වෙනත් අවස්ථා කිහිපයකදීම මේ රටේ වතුර සම්පාදකයෝ ජල බිල වැඩිකොට ඇත්තාහ. මෙවර ජල බිල වැඩිකර ඇති පිළිවෙළ අනුව අඩු ආදායම්ලාභීන්ට ප්‍රශ්නයක් වී නැත. එහෙත් වැඩි ආදායම් ලාභීන්ට එමගින් පොලු පහරක් වැදී ඇත. ජලය යනු මිනිස් ජීවිතයට බලපාන ප්‍රධානතම සාධකය වේ. බොන ජලය යනු කන කෑම හා සමානවම අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. මේ රටේ මධ්‍යම පන්තික ජනතාව මේ දිනවල සිටින්නේ ඉතාම අමාරුවෙනි. සමහරකුට සියදිවි නසාගැනීම සඳහා මී පාසානම් ටිකක් මිලට ගැනීමටවත් සල්ලි නැත. ජල බිල වැඩි කිරීම අඩු ආදායම්ලාභියාට සහ සමෘද්ධිලාභියාට නොදැනුනාට මධ්‍යම පන්තික ජනතාවට සෑහෙන තරම් ලොකුවට දැනෙනවා ඇත. මේ රටේ විශාල මධ්‍යම පන්තියක් තිබේ. ඊට යටින්, මධ්‍යම පන්තිය තරම් විශාල නොවූ දිළිඳු පන්තියක්ද, මධ්‍යම පන්තියට උඩින් ඉතා කුඩා ධනපති පන්තියක්ද ඇත. සාමාන්‍යයෙන් මේ රටේ ඉහළ සමාජ පරිසරයක් ඇති ජනයා පාවිච්චි කරන්නේ bottle water ය. ඒ නිසා ඔවුනට ජල බිලේ නැගීම නොදැනේ. එහෙත් මේ රටේ සිටින විශාල මධ්‍යම පන්තියට නම් ජල බිල නංවා ගහන ලද ගැහිල්ල ඉතාම දරුණුවට දැනෙනවා ඇත. ඒ අනුව ජල බිල පහත හෙළීමට හෝ මධ්‍යම පන්තිය අතට වැඩි මිලක් එන පරිදි කටයුතු කිරීම හෝ ආණ්ඩුව මගින් කළ යුතුය. පසුගිය දිනවල ඉන්ධන මිලද නැංගේය. ඒ ගැන මේ මොහොතේදීත් කතා කරනු ලැබේ. ඉන්ධන සහ ජලය යනු දෛනික ජීවිතයේ පැවැත්මට දැඩිව බලපාන සාධකයකි. අපගේ කල්පනාවට අනුව නම් ජල බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් විය යුතුය.

රටේ ජීවන වියදම දරුණුවටම ඉහළ ගොස් තිබේ. ජනයා අතට තවමත් වැඩි මුදල් එන්නේ නැත. එනම් ජීවන වියදම හා සැසඳෙන ආදායමක් ඔවුන්ට ලැබෙන්නේ නැත. මෙය මේ ආණ්ඩුවේ වරද නොව නිදහසින් පසු මේ රටේ පහළ වූ සියලු ආණ්ඩුවල වැරදි සමූහයක් ලෙස එක්වීමකි.

]]>
https://divaina.lk/%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9/feed/ 0
ශ්‍රී ලංකා මහතා සහ එම මහත්මිය 2 https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%91%e0%b6%b8-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%91%e0%b6%b8-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8a/#respond Tue, 01 Aug 2023 23:55:00 +0000 https://divaina.lk/?p=160032 (ජාතික ගීය විකෘති කිරීමේ අපරාධය 02)

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති උත්සවයේදී උමාරා සිංහවංශ විසින් ගයන ලද ජාතික ගීයේ opera version එක නිසා මේ දිනවල කිසියම් මතභේදයක් හටගෙන තිබේ. මෙය සංස්කෘතික මතභේදයකි. ඊළඟට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නෛතික ප්‍රශ්නයක් බවට ද පත්වේ. ආනන්ද සමරකෝන් විසින් 1940 දී මේ ගීතය රචනා කළ ආකාරය ගැන අපි ඊයේ කතුවැකියෙන් විස්තර කළෙමු. උපතින් අන්‍ය ආගමිකයකු වූ සමරකෝන් ඉන්දියාවේ විශ්ව භාරතී විශ්වවිද්‍යාලයෙන් කලාව සහ සංගීතය උගෙනීමට ගිය අතර හය මාසයකට පසුව එය අත්හැර දමා ලංකාවට පැමිණ ගුරුවරයෙක් ලෙස වැඩ පටන් ගත්තේය. ඔහු විසින් ලියන ලද නමෝ නමෝ මාතා නමැති ගීතය මේ රටේ ජාතික ගීය ලෙස නිල වශයෙන් පිළිගැනීමට 1951 දී එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේය. ඒ සඳහා ශ්‍රීමත් එඩ්වින් විජේරත්න නමැති උගත් දේශපාලනඥයාගේ නායකත්වයෙන් පිහිටුවන ලද කොමිටියක අනුමැතිය ද ලැබිණ. එහෙත් මේ ගීතය ඇසූ කිසියම් ගතානුගතික හරක් රැළක් නමෝ නමෝ මාතා යන පදවල ගණ හොඳ නැති බවත් එමගින් මේ රටේ දේශපාලනඥයන්ට කෙළවෙන බවත් සඳහන් කිරීම නිසා ශ්‍රී ලංකා මාතා යන පද පෙළින් ගීතය ආරම්භ කරන ලදි. තම ගීතය වෙනස් කරන බවක් ආනන්ද සමරකෝන් දැන සිටියේ නැත. ඉන්පසු මෙරට ගුවන් විදුලි සංස්ථාවට කැඳවනු ලැබූ සමරකෝන්ට අලුත් ගීතය ඇසීමට සලස්වන ලදි. ගීතයේ පද වෙනස් කිරීම ගැන මහත් සේ කලකිරීමට පත්වූ ආනන්ද සමරකෝන් ආපසු නිවස බලා ගියේ මහත් දුකිනි. එතැන් පසු එළඹී දස අවුරුද්ද තුළ කිසිදු නිර්මාණ කාර්යයක නොයෙදුණු හෙතෙම දිගින් දිගටම කල්පනා කරමින් කාලය ගත කර 1962 අප්‍රේල් 5 දා නිදි පෙති බී සිය දිවි නසා ගත්තේය. ආනන්ද සමරකෝන් තම ගීතයට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් උසාවි නොගොස්, උද්ඝෝෂණ නොකොට, පෙත්සම් නොගසා කාරණය අවසන් කරන ලද්දේ ජීවිතය දීමෙනි. “ශ්‍රී ලංකා මාතා” වෙනුවට “ශ්‍රී ලංකා මහතා” ලෙස සිංහවංශ මැතිනිය ගායනා කරන ගීතය ඇසුවේ නම් ආනන්ද සමරකෝන් මෙවර බොන්නේ නිදි පෙති නොව සයනයිඩ් ය. අපගේ වැටහීමට අනුව “ශ්‍රී ලංකා මහතා” යනුවෙන් ගායනා කළ යුත්තේ ක්‍රිකට් තරගාවලියක සමාරම්භය වෙනුවෙන් නොව Mr. Ceylon වැනි අයෝමය පුරුෂයා තේරීමේ තරගයකදීය. Mr. Ceylon යන යෙදුමට ශ්‍රී ලංකා මහතා යන්න ඉතා හොඳට ගැළපේ.

උමාරා සිංහවංශ යනු මේ රටේ සංගීත කලාවේ නව මානයන් පුබුදුවාලූ ශාස්ත්‍රීය දැනුමක් ඇති ගායිකාවකි. ඇය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ලංකාවේ ජාතික ගීයට පටිසෝතගාමි ස්වරූපයක් ලබාදෙමින් එහි තාලය සහ හඬ මෙහෙයවීම ‘ඔපෙරා’ සංගීත ස්වරූපයට ගෙනවුත් Radicalize කිරීමට උත්සාහ කර ඇත. එහෙත් ජාතික ගීය, ජාතික කොඩිය, පිරිත් සහ දේව මෙහෙයයන් වැනි ආගමික කියවීම් එයට ආවේණික තාලය සහ මාත්‍රාව යොදාගෙන මිස වෙනත් විදියකට ගායනා කරනු නොලැබේ. මෙය චාරිත්‍රයකි. හැබැයි මේ චාරිත්‍රය කැඩීමට බැරිය. එයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ මේ චාරිත්‍රය එලෙසම පැවතීම නිසා එයට නෛතික ස්වරූපයක් ලැබීමය. ඊළඟට, ශ්‍රී ලංකාවේ බහුතර ජනයාට ඔපෙරා සංගීතය පුරුදු නැත. එය යුරෝපීය සංගීත ශානරයකි. ඇතැම් ඔපෙරා ගීතයක් ගයන විට අපට එය ඇසෙන්නේ රාත්‍රී කාලයේදී බල්ලන් උඩුබුරලෑමට සමානව ය. මේ නිසා උමාරා සිංහවංශගේ ගායනාව සුනඛ වංශයේ ප්‍රවේශයක් ගෙන තිබේ. සංස්කෘතිය සමග බැඳී පවතින කිසිම දේකට අප අත තැබිය යුතු නැත. ඉන්දියාවේ මෙවැනි දෙයක් සිදුවී නම් මේ වන විට ඇති විය හැකි තත්ත්වය යම් තරමකට සීරියස් ය.

ජාතික ගීය යනු ලෝක සංස්කෘතික ඉතිහාසයේ කොටසකි. එය නිතරම දේශප්‍රේමී ස්වභාවයක් ගනී. මීට අවුරුදු 500 ට පෙර පැවති මධ්‍යකාලීන යුගයේදී ජාතික ගීත හෙවත් National Anthem යනුවෙන් ගීත වර්ගයක් තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ රටේ රජතුමා හෝ ගෝත්‍රික නායකයාට සුබ පතන, දීර්ඝායුෂ පතන, ශක්තිය ප්‍රාර්ථනා කරන ගීත විශේෂයකි. සිංහල සංස්කෘතිය තුළදී මෙවැනි ගීත වන්දිභට්ට ගීත ලෙස හඳුන්වනු ලැබේ. මේ වර්ගයේ අප දන්නා ප්‍රසිද්ධම ගීතය වූකලී එක්සත් රාජධානියේ රජතුමා හෝ රැජනිය ආරක්ෂා කරදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලමින් ගායනා කරන God save the king ගීතයයි. මෙය 1619 දී සාදන ලද අතර හිරු නොබසින අධිරාජ්‍යයට අයත් සෑම රටකට ජාතික ගීය ලෙස ගායනා කරනු ලැබීය. මේ ගීතය දෙස බැලූ ස්පාඤ්ඤ රාජ පරම්පරාව 1770 දී තමන් වෙනුවෙන් ද වන්දිභට්ට ගීතයක් ලියවාගෙන රාජ්‍ය උත්සවවලදී ගායනා කරවීය. 1939 දී ස්පාඤ්ඤවරු මේ ගීතය එහා මෙහා කොට රට, ජාතිය සහ ආගම යන කාරණා තුන ද නියෝජනය වන පරිදි අලුත් ගීතයක් ලියවාගත් අතර එය ලෝකයේ පළමුවන ජාතික ගීය විය හැකිය. එතැන් පටන් ජාතික ගී සම්ප්‍රදාය ලොව පුරා පැතිර ගියේය. 1948 වන තුරුත් මේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නමැති කෙසෙල් ඇවරියේ කෙසෙල් ගෙඩියක් වූ බැවින් ජාතික ගීයක් නැති රටක් ලෙස පැවතින. සෑම උත්සව අවස්ථාවකදීම අපට ගායනා කිරීමට සිදුවුණේ God save the king යන ගීතයයි. අන්තිමට 1948 දී God ඉතිරි වී king ට ලංකාවෙන් යෑමට සිදුවිය. ජාතික ගීයක අවශ්‍යතාවය මේ රටට මතුවන්නේ එතැන් සිටය.

උමාරා සිංහවංශගේ ජාතික ගීයේ ඔපෙරාකරණය පිළිබඳ අත්දැකීම ඒ වර්ගයේ පළමු වරද විය හැකි නමුත් ඒ සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලමු. උමාරා සමග හෝ ඔපෙරා සමග හෝ ප්‍රීමියර් ලීග් තරගාවලිය සමග හෝ අපට කිසිදු තරහක් නැත. අපට තරහ යන්නේ මෙවැනි පර්යේෂණාත්මක ගොන් වැඩ නිසා ජාතික හා සංස්කෘතික මට්ටමෙන් ඇති විය හැකි කලබැගෑනි ගැනය.

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%91%e0%b6%b8-%e0%b6%b8%e0%b7%84%e0%b6%ad%e0%b7%8a/feed/ 0
ජාතික ගීය විකෘති කර ගැයීම ප්‍රකාශයක් ගන්න උමාරා රාජ්‍ය පරිපාලනයට කැඳවයි https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b7%93%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%ba%e0%b7%93%e0%b6%b8/ https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b7%93%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%ba%e0%b7%93%e0%b6%b8/#respond Tue, 01 Aug 2023 23:55:00 +0000 https://divaina.lk/?p=160060 ජාතික ගීය විකෘති කර ගායනා කළ බව කියන ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය අද (02 දා) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ප්‍රකාශයක් ගැනීමට නියමිතය.

ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට උමාරාට චෝදනා එල්ලවීමත් සමග අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම් රංජිත් අසෝක මහතාට දැනුම් දී ඇත.

ඒ අනුව ලේකම්වරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙස අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පෙරේදා (31 දා) දැනුම් දී තිබුණු අතර උමාරා සිංහවංශ මහත්මියට අමාත්‍යාංශයට අද (02 දා) පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු විසින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිත බවත් එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුකර ඇතිද යන්න සම්බන්ධයෙන් සොයා බලන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

තනුව, ගායනය, පදමාලාව වැනි කරුණු ගැන නිසි අවබෝධයක් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරියා සහය කරගන්නා බවද ඔහු කීය.

විමර්ශනයෙන් පසු අදාළ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදීමටත් ඉන් පසු නීතිපති උපදෙස් ලබා ගැනීමටත් අදහස් කරගෙන සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b7%93%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%ba%e0%b7%93%e0%b6%b8/feed/ 0
ජාතික ගීය විකෘති කිරීමේ අපරාධය! https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b7%93%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%85/ https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b7%93%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%85/#respond Mon, 31 Jul 2023 23:40:00 +0000 https://divaina.lk/?p=159877 සංහිඳියාවේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය නිදහස් උළෙල කිහිපයකදීම ‘ජාතික ගීය’ සිංහලට අමතරව දෙමළෙන් ගායනා කිරීම මහත් කතාබහට ලක්වූ සංසිද්ධියකි. ඒ, ජාතික ගීයත්, ජාතික කොඩියත් රටකට ඇත්තේ ‘එකක්ම’ පමණක් බවට පිළිගනු ලබන නිසාය. නමුත් පසුගිය නිදහස් උළෙලේදී ද ජාතික ගීය දෙමළෙන් ගායනා කරන ලද අතර, ඒ පිළිබඳව වන අපේ මතය අප මෙහිදී කතා කරනවාට වඩා දැන් අපට කතා කරන්නට සිදුව ඇත්තේ එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය සමාරම්භ කරමින් ‘උමාරා සිංහවංශ’ නම් බටහිර ආරේ ගී ගයන ගායිකාවක විසින් සිදුකරන්නට යෙදුණු ජාතික ගීයේ විකෘති ගැයුම ගැනය.

කිසියම් රටක ජාතික ගීය යනු, එම රටේ සියලු පුරවැසියන් තුළ දේශාභිමානය වඩවන, නිදහස් – නිවහල්භාවය තීව්‍ර කරවන ජන මනස දේශප්‍රේමයෙන් ඔදවඩවන, දේශානුරාගී ගීතයයි. ‘ශ්‍රී ලංකා මාතා’ ජාතික ගීය ප්‍රථම වරට ගායනා කරන ලද්දේ, 1949 නිදහස් උත්සවය වෙනුවෙනි. මෙය දෙවන නිදහස් දින උත්සවයයි. සුප්‍රකට සංගීතඥ ආනන්ද සමරකෝන් මහතා විසින් 1940 දී ‘නමෝ නමෝ මාතා’ ගීතය රචනා කරන ලද්දේ එතුමා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ආචාර්යවරයකුව සිටියදීය. එම ගීතය රචනා කොට ඇත්තේ සිසුන් තුළ දේශානුරාගයත්, ජාත්‍යාලයත් ඇති කිරීම වෙනුවෙනි. පසුව එය ලංකාවේ ජාතික ගීය බවට පත්විය. 1950 අප්‍රේල් මස මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ඇමැති මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් 1951 නොවැම්බර් 22 වැනි දින නිල ජාතික ගීය ලෙස ‘ශ්‍රී ලංකා මාතා’ ගීය ප්‍රකාශයට පත් කෙරුණි. සෑම ශ්‍රී ලාංකිකයකුටම ‘ශ්‍රී ලංකා මාතා’ ජාතික ගීතය සමග හෘදයාංගමව සහසම්බන්ධ වීමට කිසිම ප්‍රශ්නයක් නැත. කිසියම් රටක ජාතික ගීය තුළින් මූර්තිමත් වන්නේ සමස්ත ජාතියේ හැඟීමයි, සාඩම්බරයයි. එය අපේ ගීයෙන්ද එලෙසින්ම ඉටුවේ.

නමුත් සිංහවංශයේ යැයි කියන උමාරා අපගේ ජාතික ගීය විකෘති කළේ හිතාමතාද කාගේ හෝ අනුදැනුමකින්ද යන ප්‍රශ්නය දැන් පැන නැඟී ඇත.

පෙරකී පරිදි ජාතික ගීය හා ජාතික කොඩිය යනු කිසි ලෙසකින්වත් විකෘති නොවිය යුතු, විකෘති නොකළ යුතු පූජනීය වස්තූන් ලෙස සලකන ජාතියක (ලොව අන් හැම ජාතියක්ම තම ජාතික ගීයට හා ජාතික කොඩියට ගෞරව බහුමානයෙන් සලකති.) මෙසේ ජාතික ගීය විකෘති කොට ගායනා කිරීම බරපතළ තත්ත්වයකි.

‘මාතා’ යනු මවයි, මාතෘත්වයයි. ඡන්ම භූමිය අපේ මාතෘ භූමියයි. එය ‘මහතා’ ලෙස වෙනස් කරන්නේ කාගේ අවශ්‍යතාවක් සඳහාද? ඒ අවශ්‍යතාව උමාරාගේ පමණක්ද?

ජාතික ගීය රචනා කළ අග්‍රගන්‍ය සංගීතඥ ආනන්ද සමරකෝන් මහතා තම ජීවිතය තමා විසින්ම නැතිකර ගන්නා ලද බව කියන්නේ තමා රචනා කළ ගීතය තමාට නොකියා එවක දේශපාලකයන් විසින් වෙනස් කළ නිසා ඇති වූ සිත් තැවුල නිසා බව කියනු ලැබේ. එනම් ‘නමෝ… නමෝ… මාතා’ යන්න ‘ශ්‍රී ලංකා මාතා’ ලෙස වෙනස් කිරීම නිසා ඔහු නිදිපෙති අහුරක් බී සියදිවි හානිකර ගත්තා යැයි කියන්නේ ඒ තරම් සිත් රිදවීමක් වූ නිසාය.

එවන් තත්ත්වයක් ඇති රටක ජාතික ගීයේ මුල් ගී පද මෙන්ම, මුල් ගී තනුව වෙනස් කිරීම බරපතළ තත්ත්වයක් වන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. උමාරා නැමැත්තියට උවමනා පරිදි ගීතය වෙනස් කරන්නට හෝ ‘රියසල්’ එකක් නොමැතිව මෙසේ ප්‍රසිද්ධියේ ජාතික ගීය ගායනා කරන්නට අවස්ථාව දුන්නේ කවුරුන්ද යන්න වහා රටට හෙළි කළ යුතුවේ.

ක්‍රිකට් බෝඩ් එක මගින් ජනතාවගේ මුදල් වියදම් කරමින් මේ ඊයේ පෙරේදා නාට්‍යාංගනාවියන් රැසක් පිටරට සවාරියකට කැඳවාගෙන ගොස් හොඳටම නාගෙන සිටින මොහොතක තවත් මෙවන් බරපතළ වරදක් සිදුනොවිය යුත්තකි. මේ සියලු වැරදි නොහොත් ‘හෙළ සංස්කෘතියට පහරදීම’ සිදුකරන්නේ කොන්ත්‍රාත්තුවක් නිසාද, නැතහොත් ක්‍රිකට් බෝඩ් මෙම්බර්ස්ලාගේ ඇති අධික ස්ත්‍රී ලෝලීත්වය නිසාද යන්න අපට ප්‍රශ්නයක් තිබේ.

උමාරා විසින් ජාතික ගීය විකෘති කිරීමට එරෙහිව වහාම අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇතැයි සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතා මේ අතර කියයි. නමුත් එය කළ යුත්තේ ඔහු කියන විදිහට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගිනි. ඔහු කියන පරිදි මෙසේ ගියහොත් ජාතික ගීය රැප්කර, රීමික්ස් කරන දිනය වැඩි ඈතක නැත. අපේ රටේ ජාතික ගීය මෙන්ම ජාතික කොඩිය අපට දළදා වහන්සේ, ජයශ්‍රීමහ බෝධීන් වහන්සේ තරම්ම උතුම්ය. එය විකෘති කිරීම දඬුවම් ලබාදිය යුතු අපරාධයක්මය. ඒ නිසා මේ විකෘතියට උඩගෙඩි දුන් අයට වහා නීතිය ක්‍රියාත්මක විය යුතුය.

මේ අතර එල්.පී.එල්. තරගාවලිය ආරම්භයේදී ජාතික ගීය වෙනස්කර ගායනා කිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඊයේ (31 දා) සවස නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි.

එහි දැක්වෙන්නේ ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව හා ජාත්‍යන්තර අවධානය යොමුවන වැඩසටහනකදී මෙසේ ජාතික ගීය වෙනස්කර ගායනා කිරීම කනගාටුවට කරුණක් බවයි.

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%9c%e0%b7%93%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%85/feed/ 0