Dr. Gotabhaya Ranasinghe – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 22 Aug 2023 18:46:54 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Dr. Gotabhaya Ranasinghe – Divaina https://divaina.lk 32 32 ජීවන රටාව සහ ආහාර රටාව නිසා ‘හාට් ඇටෑක්’ වැඩිවෙලා – විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ https://divaina.lk/%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%b1-%e0%b6%bb%e0%b6%a7%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b6%bb%e0%b6%a7%e0%b7%8f%e0%b7%80-%e0%b6%b1%e0%b7%92%e0%b7%83/ https://divaina.lk/%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%b1-%e0%b6%bb%e0%b6%a7%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b6%bb%e0%b6%a7%e0%b7%8f%e0%b7%80-%e0%b6%b1%e0%b7%92%e0%b7%83/#respond Tue, 22 Aug 2023 23:42:00 +0000 https://divaina.lk/?p=164310 ආහාර රටාවේ පවතින අඩුපාඩු හේතුවෙන් මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ශීග්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය, ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කරයි.

මෙම තත්ත්වය යටතේ දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ වාර්තා වන බව පෙරේදා (22දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේය.

හෘද රෝගයට ගොදුරු වන ප්‍රමාණය පසුගිය වසර 10ක කාලයේ ශීග්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බවත්, එදිනෙදා රෝගීන් පරීක්‍ෂා කිරීමේදී ලැබෙන දත්තයන්ට අනුව එය තහවුරු වන බවත් හෙතෙම පැවසීය.

බස්නාහිර පළාතේ හෘද රෝගයනට ගොදුරු වූ පිරිසගේ දත්ත අප සතුව තිබෙනවා. ඒවා විශ්ලේෂණයේදී පසුගිය අවුරුදු කිහිපය තුළ රෝගීන්ගේ වැඩිවීමක් දකිනවා. ‘හාට් ඇටෑක්’ බොහෝ විට වැඩිවී තිබෙන්නේ අපේ ජීවන රටාව සහ ආහාර රටාව නිසා. අපි භාවිත කරන ආහාරවල ලොකු වෙනසක් ඇතිවීම තමයි අපේ රට තුළ හෘද රෝගය වැඩිවීමට ප්‍රධාන හේතුව.

අපි කන ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය ඉතාම අධිකයි. වසරකට එක් පුද්ගලයෙක් සීනි කිලෝ 30ක් පමණ භාවිත කරනවා. ඒ වගේම අපි ගන්නා ආහාරවල තෙල් අධිකයි. වැඩියෙන්ම තිබෙන්නේ කාබෝහයිඩ්‍රේට්. මේ කරුණු අනුව හෘද රෝග සඳහා ප්‍රධාන වශයෙන් බලපෑම් ඇතිකර තිබෙන්නේ අපේ ආහාර රටාව බව පැහැදිලි යැයි ද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%b1-%e0%b6%bb%e0%b6%a7%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b6%bb%e0%b6%a7%e0%b7%8f%e0%b7%80-%e0%b6%b1%e0%b7%92%e0%b7%83/feed/ 0