Economic crisis – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 16 Oct 2023 14:38:31 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Economic crisis – Divaina https://divaina.lk 32 32 ශ්‍රී ලංකාවේ උද්ධමනය හරියට කියවා ගනිමු https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%8b%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%b8%e0%b6%b1%e0%b6%ba-%e0%b7%84%e0%b6%bb%e0%b7%92/ https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%8b%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%b8%e0%b6%b1%e0%b6%ba-%e0%b7%84%e0%b6%bb%e0%b7%92/#respond Mon, 16 Oct 2023 23:40:00 +0000 https://divaina.lk/?p=174715 දේශපාලන අර්බුදය, ආණ්ඩුක්‍රම අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ණය අර්බුදය, රාජ්‍ය අය-වැය අර්බුදය, කෘෂිකාර්මික අර්බුදය, ආදායම් විෂමතා අර්බුදය යන සප්ත මහා අර්බුද ජංජාලයකින් බැට කමින් සිටින අපි අසාමාන්‍ය හා බරපතළ ව්‍යසනයකට මුහුණ පා සිටින්නෙමු. භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළයෑම හා විරැකියාව යන දෙකම, එකවර ඉහළ මට්ටමකට පත්වී තිබෙන උභතෝකෝටිකයකට මුහුණ පා සිටින්නෙමු. එය රථයක් ඉස්සරහට පදවන ගියර් එකත්, පිටිපස්සට පදවන ගියර් එකත්, එකවර ක්‍රියාත්මක කිරීමක් වැනිය. අද අප මුහුණ පා සිටින්නේ හැකිළෙන ආර්ථිකයක් තුළ පුද්ගල ආදායම් පහළ වැටෙන ගමන්ම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑමකට යි. මේ වූකලී අසාමාන්‍ය තත්ත්වයකි.

ඒක පාර්ශ්වීය නඩු තීන්දුවක් – උද්ධමනය 1.3% යි.

සාමාන්‍ය තත්ත්වයන් යටතේ කරන කියන බොහෝ දේ අසාමාන්‍ය තත්ත්වයන් පවතිනවිට දී වලංගු වන්නේ නැත. කරන්නන් වාලේ උද්ධමන අනුපාතය ගණන් බලා ආර්ථිකය ගැන තීන්දු ප්‍රකාශයට පත් කිරීමද එවැන්නකි. උද්ධමන අනුපාතය ඉහළ පහළ යන රිද්මය දෙස බැලීමෙන්, භාණ්ඩ හා සේවාවන්හි පොදු මිල මට්ටම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන ආකාරය ගැන අවබෝධයක් ලබා ගත හැකිය. 2022 සැප්තැම්බර් මාසයේ 70% ක්ව පැවති උද්ධමන අනුපාතය, 2023 සැප්තැම්බරයේදීු 1.3% ට බස්සවා තිබීමේ හෙවත් උද්ධමනය මෙල්ල කිරීමේ කථාව, ජීවිතය ගැටගසා ගැනීමට ඉහල නැගි මිල ගණන් සමග පොර බදන, බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවගේ නොනවතින සුසුම්ලෑම සමග ගලපා ගන්නේ කොහොමද? මාස එකොළහක් වැනි කෙටි කාලයකින් උද්ධමනය 70% න් 1% ට බැස්සවීමේ විශ්මය ජනක හාස්කමින් පසු ජනතාව දැන් සනීපෙන්ද? උද්ධමන අනුපාතය පහත හෙළා ඇති බවට නගන පුරසාරම, අතක් පයක් තබා කටක්වත් හොල්ලන්නේ නැති මිනිසුන් පිරිසක් ඉදිරියේ “ගණන්කාරයෙකු” කරන නන්දෙඩවිල්ලක් බඳුය.

උද්ධමන අනුපාතයේ පහළ බැසීමක්, මිල පහළ බැසීමක් සමග අනිවාර්යයෙන්ම සමපාත විය යුතු නැත. භාණ්ඩ හා සේවා මිල ගණන්හි පහත බැසීමක් බලාපොරොත්තු විය හැක්කේ මිල ඉහළ නැගීම තාවකාලික ප%පංචයක් වන්නේ නම් පමණකි. එසේ නොවන විට, එනම් බොහෝවිට, මිල පහළ බසින්නේ නැත. ඒ වෙනුවට ජන ජීවිතයේ “සමතුලිත බවක්” ඇතිවන්නේ ජීවන ගමනේ අනෙක් ප%ධාන පාර්ශ්වකරු වන ආදායම් මට්ටම ඉහළ යෑමකිනි. එමනිසා සමාජ-ආර්ථික වශයෙන් අර්ථවත් වන්නේ ආදායම් මට්ටමේ හා මිල මට්ටමේ සංයෝජනයකින් සාදා ගන්නා මිනුමකි. ආදායම් මට්ටමේ ඉහළ හෝ පහළ යෑම ගැන කිසිවක් කථා නොකර උද්ධමන අනුපාතයේ ඉහළ හෝ පහළ යෑම ගැන පමණක් කථා කිරීම, ඒකපාර්ශ්වීය නඩු තීන්දුවක් හා සමානය.

ශ්‍රී ලංකාවේ උද්ධමනය හරියට කියවා ගනිමු

රෝග විනිශ්චය හරිද?

අර්බුද ජංජාලයේ බරපතළම ප%තිවිපාකය වූයේ ආර්ථිකය හැකිළී යෑමයි. එහි එක් රෝග ලක්ෂණයක් වූ උද්ධමනය පාලනය කිරීමට, 2022 වර්ෂයේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා මහ බැංකුව “පොලී අනුපාත” නමැති වජ්‍රායුධයෙන් පහර දෙන්නට පටන් ගත්තේය. එම පහරින් සතුරා නොනැසින. උද්ධමනය 1% ට බස්සවා ඇතැයි ප්‍රකාශ කළද, යථාර්ථය නම් මේ ලිපියේ පහත විග්‍රහකර තිබෙන පරිදි එය තාමත් 70% මට්ටමේ පවතින බවයි. මේ වූකලී මුදල් සැපයුම සීමාකර ආර්ථිකය හකුළුවාලීමේ උපාය මාර්ගයෙන් ජය ගතහැකිව තිබුණ යුද්ධයක් නොවේ. එසේ කරන්නට තැත්කිරීම සමාන වූයේ ඉන්ධන සැපයුම සීමාකර නගරයක වාහන තදබදය පාලනය කිරීම වැන්නකට ය.

පොලී අනුපාත වැඩිකිරීම පිළියමක් වන්නේ භාණ්ඩ හා සේවා සඳහා වන අධි ඉල්ලුමකින් උච්චස්ථානයකට අදිනු ලැබ ඇති (demand pull) උද්ධමනයකටය. එහෙත් අප මුහුණපෑ උද්ධමනය ඇති වූයේ ප්‍රධාන වශයෙන්ම සැපයුම්දාමය (supply chain) විසන්ධි වීමෙන් හා බිඳ වැටීමෙනි. ඉල්ලුමෙහි වූ කිසියම් ඉහළ නැගීමක් (elevated demand) මගින් සැපයුම් ඌනතාවක් ඇති කර තිබේ යැයි කියන්නට නොපිළිවන. භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අවම යැපුම් මට්ටමිනුත් පහළට ඇද වැටී තිබේ. අප පැමිණ තිබෙන්නේ සමස්ත ඉල්ලුම (aggregate demand) සහ සමස්ත සැපයුම (aggregate supply) යන දෙකම පහත වැටුන තැනකටය.

අධි ඉල්ලුමක් ඇතිවිය හැකිව තිබුණේ, 2020 ජනවාරියේදී බල ගැන්වූ, රුපියල් බිලියන 600 ක් පමණ රාජ්‍ය ආදායම අහිමි කරගත්, බදු කප්පාදුව හේතුවෙන් අත ඉතිරි වූ වැය කළ හැකි ආදායම (disposable income) ඉහළ ගිය, මධ්‍යම පාංතිකයන්ගේ ඉල්ලුම නිසාය. මෙහි සෘජු බලපෑම දැනුනේ නිවාස ඉදිකිරීම, වාහන මිලට ගැනීම, විදේශ අධ්‍යාපනය, විනෝදාස්වාදය යන අංශ වලට ය. ඊට අමතරව, අහිමි වූ ආදායම පියවා ගැනීමට රජය ණය වෙමින් ලබාගත් මුදල් වියදම් කිරීමේදී, මුදල් සැපයුම වැඩි වීමද උද්ධමනය ඉහළ යෑමට තල්ලුවක් විය.

භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් ඉහළ යෑමට බලපෑ හේතු සාධක විවිධය. පොදු මිල මට්ටමේ වාර්ෂික උද්ධමනය 70% ක් වූ 2022 සැප්තැම්බරයේදී, ආහාර දව්‍ය කාණ්ඩයේ මිල උද්ධමනය 95% ක් විය. ඊට බලපෑ ප්‍රධාන හේතුව අතාර්කික කෘෂිකර්ම ප්‍රතිපත්තියයි. විස්තීරණ හේතු සාධක විශ්ලේෂණයකට නොගොස් පොදු මිල මට්ටමේ සාමාන්‍ය වැඩිවීම (70%) දෙස බලා කරන ලද පොලී අනුපාත නැංවීමේ ප්‍රතිකර්මය, කලබලයක් මැඬ පැවැත්වීමට අහසට වෙඩි තැබීමක් බඳු විය. එවැනි ප%තිකර්ම වලින් සිදුවූයේ ආර්ථිකය තවදුරටත් හැකිළී යෑමයි.

උද්ධමනය ගණන් බැලීම

කථාව පටන් ගතයුත්තේ භාණ්ඩ හා සේවාවන්හි පොදු මිල මට්ටම නිරූපණය කරන පාරිභෝගික මිල දර්ශකය ඉහළ නැගීමට පටන් ගත්, මහා ව්‍යසනයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකිය හැකි 2021 සැප්තැම්බරයෙනි. (ව්‍යසනයේ මූලාරම්භය 2021 සැප්තැම්බර් බවක් මෙයින් අදහස් නොකෙරේ). 2022 මාර්තු මාසයේදී රුපියල පාවෙන්නට ඉඩ හැරීමත් සමග පාරිභෝගික මිල දර්ශකය වඩා ශීඝ%යෙන් ඉහළට

නගින්නට පටන් ගත්තේය. 2022 සැප්තැම්බර් වන විට කඳුමුදුනට නැගගත් මිල දර්ශකය, දැන් සුළු ප%මාණ වලින් අඩු වැඩි වෙමින්, කඳු මුදුනේම එක තලයක (සානුවක) ගමන් කරයි. භාණ්ඩ හා සේවා මිල දර්ශක තව දුරටත් ඉහළ නොගොස් කඳු මුදුනේ රැඳී තිබෙනතාක් කල්, අද ගණන් බලන ආකාරයේ උද්ධමනය වැඩි වන්නේ නැත. ක%මයෙන් අඩුවී, අවසානයේ බිංදුවටත්, ඊට පසු සෘණ අගයකටත්, පත්වීමට වුවද පිළිවන. පහත සඳහන් ප%ස්ථාර සටහන බලන්න. (වම් පස පරිමාණයෙන් මිල දර්ශකයද දකුණු පස පරිමාණයෙන් උද්ධමන අනුපාතයද දැක්වේ).

වාර්ෂික උද්ධමනය මනිනු ලබන්නේ, කිසියම් මාසයක පාරිභෝගික මිල දර්ශකයෙන්, ඊට වර්ෂයකට පෙර මිල දර්ශකය අඩුකිරීමෙන් ලැබෙන සංඛ්‍යාව, එකී පෙර වර්ෂයේ මිල දර්ශකයෙන් බෙදා 100 න් වැඩි කිරීමෙනි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජනවාරි මාසයේ සිට කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය සඳහා යොදාගත් පදනම් වර්ෂය 2013 සිට 2021 දක්වා වෙනස් කර තිබේ. ඉහත දක්වා තිබෙන ප%ස්තාරය සඳහා යොදාගෙන ඇත්තේ 2013 ු 100 මිල දර්ශක ය. (2022 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති පදනම් වර්ෂ දෙකටම සම්බන්ධ මිල දර්ශක යොදාගෙන පදනම් වර්ෂ අතර පරිවර්තනය කරන ලදී). 2022 සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමන අනුපාතය 70%ක් ලෙස ගණනය කරන්නේ කඳු මුදුනේ තිබෙන 2022 සැප්තැම්බර් මාසයේ මිල දර්ශකයෙන් (245) කඳු පාමුල තිබෙන 2021 සැප්තැම්බර් මාසයේ මිල දර්ශකය (144) අඩුකිරීමෙන් ලැබෙන උත්තරය 144 න් බෙදා 100 න් වැඩි කිරීමෙනි. 2023 සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමන අනුපාතය 1% ක් ලෙස ගණනය කරන්නේ දර්ශක දෙකම කඳු මුදුනේ තිබෙන 2023 හා 2022 සැප්තැම්බර් මාස වල මිල දර්ශක වන 246 හා 245 සැසඳීමෙනි.

පාසල් සිසුන්ගේ ගණිතමයප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම ගණන් බැලීම කරනු ලැබුවේ නම් සීයෙන් සීයම ලකුණු ලැබෙනවා ඇත. නමුත් අයින්ස්ටයින් කියා ඇතිවාක් මෙන්, ගණන් ගතයුතු හැමදේම ගණන් බැලිය නොහැකි අතර, ගණන් බැලීමට හැකි හැම දේකම ගණන් ගත යුත්තක් නැත. මේ උද්ධමන අනුපාතයන් දෙස බැලූවිට ඒ බව තහවුරු වේ.

2022 සැප්තැම්බර් මාසයේ සිට පොදු මිල මට්ටමේ යම් ස්ථාවර භාවයක් පෙන්වයි. උද්ධමනය හෙවත් පොදු මිල මට්ටම වැඩිවීමේ ශීඝ%තාව පාලනය වී ඇත. එයින් හැඟවෙන්නේ මිල ස්ථායිකරණය වීමකි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ නම්, මිල ස්ථායිකරණය වීමෙන් බලාපොරොත්තු වන්නේ, ජන ජීවිතය යථා තත්ත්වයට පත් වීමකි. එසේ වීමට නම්, අඩුම තරමින් මිල ගණන් ඉහළ නැගීමට පෙර තිබුණ තත්ත්වයට, ජන ජීවිතය පත්වී තිබිය යුතුය. පාරිභෝගික මිල දර්ශකය කඳු මුදුනේ ස්ථාවර වී තිබුණද, ආදායම් මට්ටම තවම කඳු පාමුලය. 2021 සැප්තැම්බරයේ තිබුණ තැන හෝ ඊටත් පහළය.

නැවත සැකසූ උද්ධමන සමීකරණය

වාර්ෂික උද්ධමන අනුපාතය ගණන් බලන්නේ කිසියම් වර්ෂයක මුල හා අග මාස වල මිල දර්ශක සැසඳීමෙන් බව ඉහත සඳහන් කෙරුණි. ශ්‍රී ලංකාවේ අප, අද මුහුණ පා සිටින අසාමාන්‍ය තත්ත්වය හමුවේ උද්ධමනය ගණන් බැලීමේදී “වර්ෂය” යන කාල සීමාව යොදා ගැනීම නොමග යවන සුළුය. මක් නිසාද? වත්මන් අර්බුදයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකිය හැකි 2021 සැප්තැම්බර් මාසයේ සිට වර්ෂ දෙකකටත් වැඩි කාලයක් ගතවී තිබෙන අද දක්වාම, භාණ්ඩ හා සේවා මිල ගණන් වල වෙනස් වීමට අනුරූපී වන සමාන්තර චලනයක්, ආදායම් මට්ටමේ ඇතිවී නැති නිසාය.

පවත්නා මිල ගණන් වලට (current market prices) සකස්කර තිබෙන පසුගිය වර්ෂවල දළ දේශීය නිෂ්පාදිතය හා දළ ජාතික ආදායම ඇතුළත් ජාතික ගිණුම් සහ ඒවායේ විවිධ ආදායම් සංරචකයන් පරීක්ෂා කළවිට මේ බව තහවුරු වේ. ස්ථාවර මිල ගණන් වලට අනුව සකස් කර තිබෙන ජාතික ගිණුම් පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ හැකිළීමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් දර්ශකවලට අනුව 2021 සැප්තැම්බර් මාසයේ සිට 2023 අගෝස්තු මාසය දක්වා රාජ්‍ය අංශයේ වැටුප් වැඩි වී ඇත්තේ 16.1% කින් වන අතර පෞද්ගලික අංශයේ වැටුප් වැඩි වී ඇත්තේ 0.6% කින් පමණකි.

එම නිසා අර්ථවත් වන්නේ සහ යුක්ති සහගත වන්නේ සංසන්දනය කිරීමට යොදා ගන්නා මුල් මාසය (මුලාංකය) 2021 සැප්තැම්බර් ලෙස ගැනීමය. එතැන් සිට මාස 24 ක් ගතවී ඇති 2023 සැප්තැම්බර් මාසයේදීත් උද්ධමන අනුපාතය 70% හි පවතින බවත්, 1% ට අඩුවීමේ කථාව හිස් බෙර පදයක් පමණක් බවත්, එවිට පෙනී යනවා ඇත. 2023 සැප්තැම්බර් මාසයේ මිල දර්ශකයෙන් (246) 2021 සැප්තැම්බර් මාසයේ මිල දර්ශකය :144* අඩුකර ලැබෙන උත්තරය 144 න් බෙදා 100 න් වැඩිකිරීමෙන් 2023 සැප්තැම්බර් මාසය සඳහා වන නැවත සැකසූ උද්ධමන අනුපාතය (70%) ලැබේ.

ගණන් ගතයුතු දේ ගණන් බැලීම

කෙනෙකුගේ ආදායම හා වියදම යන විචල්‍යයන් දෙකම නියෝජනය වන පරිදි, පාරිභෝගික මිල දර්ශකය හා ආදායම් දර්ශකය සංයෝජනය කිරීමෙන්, අපට මහජනයාගේ ආර්ථික සෞඛ්‍යය පෙන්නුම් කරන ඇඟවීමේ මිනුමක් (indicative measure) ලෙස, යහපැවත්මේ (wellbeing) දර්ශකයක් සාදා ගතහැකි ය. ලාභ, අලාභ, යස, අයස, නින්දාව, ප%සංසාව, සැප, දුක යන අෂ්ට ලෝක ධර්මතාවන් මගින් යහපැවැත්ම නිශ්චය කෙරෙන අතර ආදායම් හා වියදම් ඊට තීරණාත්මක බලපෑමක් කරයි. එවැනි නව දර්ශකයක අරමුණ, එතැන් සිට ඔහු ඉදිරියට ගියාද නැත්නම් ආපස්සට වැටුනාද යන්න මැන බැලීමයි.

අපි කොතැනද?

ආර්ථිකය හැකිළීමෙන් පුද්ගල ආදායම් තවදුරටත් අඩුවී ගියහොත් තත්ත්වය තව දුරටත් අමාරු විය හැකිය.

පාරිභෝගිකයාට දැන් සිදුවී තිබෙන්නේ ලොරියක බඩු පටවාගෙන මෝටර් සයිකල් එන්ජිමකින් ඇදගෙන යෑමටය. ආදායම් වැඩි කරගත හැකිවන්නේ ආර්ථික වර්ධනයෙනි. ආර්ථිකයක් ජව බල සම්පන්න ලෙස ක්‍රියාත්මක වන විට; රැකියා උත්පාදනය වේ. වැටුප් ඉහළ යයි. ආදායම් ඉහළ යයි. ඒ හා සමගම, භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යයි. උද්ධමනය වැඩි වේවි. නමුත් බඩු මිල හා ආදායම අතර අනුපාතය (පරතරය) සතුටුදායක මට්ටමකට පත්වේ. ඉලක්කය විය යුත්තේ එයයි.

ඇත්ත ඇති සැටියේ දැක, එක දිගට හරි අතට දිව යෑමෙන්, ආගාධයට වැටී විපතට පත් රටක් කෙටි කාලයකින් ගොඩගත්තේ කෙසේදැයි ලෝකයටම උගැන්වීමට අපට නිසැකවම පුළුවන් වෙනවා ඇත.

ශ්‍රී ලංකාවේ උද්ධමනය හරියට කියවා ගනිමු

ආර්. ඒ. ජයවීර
වරලත් ගණකාධිකාරී

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%8b%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%b8%e0%b6%b1%e0%b6%ba-%e0%b7%84%e0%b6%bb%e0%b7%92/feed/ 0
දරුවන්ගේ ඛේදවාචකය https://divaina.lk/%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9b%e0%b7%9a%e0%b6%af%e0%b7%80%e0%b7%8f%e0%b6%a0%e0%b6%9a%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9b%e0%b7%9a%e0%b6%af%e0%b7%80%e0%b7%8f%e0%b6%a0%e0%b6%9a%e0%b6%ba/#respond Fri, 29 Sep 2023 23:55:00 +0000 https://divaina.lk/?p=171680 අප රටේ දරුවෝ සැලකිය යුතු ප්‍රමණයක් මේ වනවිට මන්දපෝෂණයෙන් පෙළෙති. ඊට හේතු වී ඇත්තේ එම දරුවන්ගේ දෙමාපියන් මුහුණදී ඇති දරුණු ආර්ථික අර්බුදයයි. තුන්වේල කෙසේ වෙතත් දෙවේලක්වත් තම දරුවන්ගේ කුස පිරවීමට හැකියාවක්, ආර්ථිකයක් නැති මිනිස්සු පවතින ක්‍රමය විසින් බිහිකර තිබේ. එදා මෙදා තුර රට කරවූ දේශපාලනඥයෝ මේ රට උලා කෑ නිසා මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ. මැතිවරණ කාලවලදී සෞභාග්‍යයෙන් මේ රට ආසියාවේ ආශ්චර්ය කරන බවට පොරොන්දු වූ දේශපාලඥයන් දරුවන්ට මන්දපෝෂණය හැදෙන තුරු රට සංවර්ධනය කළේ කටින් පමණි. තමන්ගේ මඩිය පමණක් තරකර ගන්නා කොමිස් දේශපාලනය විසින් අප රට පත් කළ තැන අතිශය කණගාටුදායකය.

කොළඹ දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගැන සොයාබැලීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ විසින් සායන පවත්වණු ලැබේ. මෙම සායනවලට මව්වරු විසින් දරුවන් රැගෙන නොඑන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඊට හේතු වී ඇත්තේ පොදු ප්‍රවාහන වියදම් ඉහළ යෑමයි. පසුගිය 26දා රැස් වූ කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛi මහින්ද ගජනායක මහතා මේ බව හෙළිදරව් කර තිබිණි. අන්ත අසරණ දිළිඳු දෙමාපියන් පත් වී ඇති ආර්ථික අහේනියේ තරම මෙම පුවතින් හෙළිදරව් වන බවට සැක නැත.

දරුවන්ගේ මන්දපෝෂණය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සෘජුව බලපාන කාරණයකි. දරුවන්ට විවෘත මනසකින් ලෝකය දකින්නට අධ්‍යාපනයේ ඵල නෙළා ගැනීමට මෙන්ම යහපත් නිරෝගී පුරවැසියකු ලෙස සමාජගතවීමට නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට සමබල ආහාර වේලක් අවශ්‍යය. නමුත් දරුවන්ට සමබල ආහාර වේලක් ලබාදීම සෞඛ්‍ය පාඩමට පමණක් සීමා වී තිබේ.

අඩු පෝෂණ මට්ටම් සහිත දරුවන් සඳහා වන පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට ඇතුළත් කරන සිසුන් සංඛ්‍යාව මිලියන දෙකක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී තිරණයකර තිබිණි. නමුත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා චෝදනා කරනුයේ එම කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමට මේ වනතෙක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වා ඇති අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා ඇත්තේ 2024 දී පාසල්වල දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට තෝරාගනු ලබන සිසුන් ප්‍රමාණය ලක්‍ෂ 22 දක්වා වැඩි කිරීමට අපේක්‍ෂා කරන බවයි. ගුරු සංගමයේ ලේකම්වරයාගේ චෝදනාව මෙන්ම ඇමැතිවරයාගේ ප්‍රකාශය දෙස බැලූ විට පෙනී යන්නේ ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතු කාරණයන් යම්කිසි හේතුවක් නිසා ප්‍රමාද වන බවකි.

අප රටේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ඉන් මුදා ගැනීම සඳහා කඩිනම් පියවර ගැනීම බලධාරීන්ගේ යුතුකමකි. ඒ සඳහා අදාළ දරුවන් තෝරා බේරාගෙන ඉලක්ක සහගත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මේ සඳහා ඇති හොඳම පිළිතුර වනු ඇත. රජයට මෙන්ම පෞද්ගලික අංශයට ද එසේම විවිධ ස්වෙච්ඡා සංවිධානවලට ද මේ සඳහා මැදිහත්වීමට පුළුවන. අපේ රටේ දරු පරපුර රටට සම්පතක් ලෙස සලකා ක්‍රියාකිරීම සැමගේ වගකීමකි. හෙට රට භාරගැනීමට සිටින වටිනාම ආයෝජනය වන දරු පරපුර ගැන නොසොයා නොතකා ක්‍රියාකළ හොත් ඉන් අනාගතයේ සිදුවීමට හැකි ප්‍රතිඵල ඉතාමත් කනගාටුදායක වීමට ඇති ඉඩකඩ වැඩිය.

අප මෙතෙක් සාකච්ඡා කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අප රටේ දරුවන් පිරිසක් මුහුණ දී ඇති ඛේදවාචකයේ ස්වරූපයයි. පොදුවේ ගත් කල මෙම දරුවන් ඉලක්ක කර වැඩසටහන් ක්‍රියාත්මක කළයුතු සේම සමස්තයක් ලෙස රටේ සියලුම කුටුම්බ මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ඔවුන් මුදා ගැනීම සඳහා රටේ ආර්ථිකය නිසි පීල්ලට ගැනීම අනිවාර්යයෙන් කළ යුතුව තිබේ. මේ වනවිට ඉහළ ගොස් ඇති බඩුමිල හමුවේ ජනතාව දැඩි සේ අසරණ වී තිබේ. ඉහළ විදුලි බිල් සහ වතුර බිල් ගෙවූ විට ගෙදරට බඩු මල්ලක් නොව ගෙන ඒමට සිදුව ඇත්තේ හිස් මල්ලකි. මේ රටේ බහුතර ජනතාව මුහුණදෙන ඛේදවාචකය එය බව රහසක් නොවේ. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා බදු ගැනම පමණක් නොසිතා නිෂ්පාදන ආර්ථිකයකට ඉක්මනින් රට තල්ලු කිරීම අත්‍යවශ්‍යය. රටේ ආර්ථිකය ශක්තිමත් කරන අතරේ අප රටේ පවුල් අතර ඇති ආදායම් විෂමතාව නැති කිරීමට කෙසේ වෙතත් එය අවම කිරීමට හැකි වුවහොත් අපේ රටේ දරුවන්ටත් යහපත් හෙටක් අපේක්‍ෂා කළ හැකිය.

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9b%e0%b7%9a%e0%b6%af%e0%b7%80%e0%b7%8f%e0%b6%a0%e0%b6%9a%e0%b6%ba/feed/ 0
පුංචි වාසියවත් පොඩි එකාට නැතිද? https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%a9%e0%b7%92-%e0%b6%91%e0%b6%9a%e0%b7%8f%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%a9%e0%b7%92-%e0%b6%91%e0%b6%9a%e0%b7%8f%e0%b6%a7/#respond Fri, 21 Apr 2023 23:52:00 +0000 https://divaina.lk/?p=140552 නිදහසින් පසු අප රට මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයට පසුගිය කාලයේදී මුහුණ දීමට අප රටේ ජනතාවට සිදුවිය. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් එහි ප්‍රතිඵලයන්ය. එපමණක් නොව අප රටේ ජනතාවට පැය ගණන් අඳුරේ සිටීමට ද මේ නිසා සිදුවිය. වැඩිවන බඩු මිල හමුවේ ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය හීන විය. එහි ආසන්නම ප්‍රතිඵලය වූයේ මන්දපෝෂණයෙන් හෝ අඩු පෝෂණයෙන් පෙළෙන දරුවන් බිහිවීමයි. රටක් වශයෙන් ගත් කළ මෙය ඉතාම නරක තත්ත්වයකි.

ලෝකයෙන් ගත් ණයවලට වාරික ගෙවා ගැනීමට නොහැකි මට්ටමට අප රටේ ආර්ථිකය පල්ලම් බැස්සේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැවත ණය ලබාගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි කාරණාවලට අපට යෑමට සිදුව ඇත්තේ එවන් පසුබිමකය.

කවරක් නමුත් අප රටේ මේ වනවිට පෝලිම් යුගය අවසන් වී තිබේ. විදුලි බිල ඩබල් ගෙවා අඳුරෙන් එළියට යෑමට ජනතාවට හැකිව තිබේ. නමුත් මේ කිසිවක් නිසා අප රටේ ජනතාව සුවෙන් සතුටෙන් සිටිනවා යැයි සිතීමට හැකියාවක් නොමැත. තවදුරටත් නොවිසඳුනු ප්‍රශ්න හමුවේ ජනතාව සිටින්නේ අන්ත කලකිරීමෙනි. මෙහිදී මතක් කළ යුතු විශේෂ කාරණය වන්නේ රජය විසින් සිදුකරනු ලැබූ සමහර යහපත් දේවල්වල ප්‍රතිලාභ පවා ජනතාවට නොලැබීමය.

පසුගිය දිනවල ඉන්ධන මිල රජය විසින් අඩුකිරීම ජනතාවට අස්වැසිල්ලක් විය. ගෑස් මිල ද රුපියල් දහසකින් අඩු කිරීමට හැකියාව ලැබීම ද අගය කළ යුතුය. නමුත් මෙම මිල අඩු කිරීම්වල වාසිය ජනතාවට ලැබෙනවාද නැද්ද යන්න සොයා බැලීමට රජයට යාන්ත්‍රණයක් නොතිබීම බරපතළ ගැටලුවකි. පාරිභෝගික අධිකාරිය කියා ආයතනයක් ඇතත් එහි ක්‍රියාකාරීත්වය ගැටලු සහගතය. විශේෂයෙන් ඉන්ධන මිල අඩුවීම, ගෑස් මිල අඩුවීම මෙන්ම පාන් පිටිවල මිල පහළ යෑම නිසා ලැබුණු ලාභයේ පංගුව අද පාරිභෝගිකයාට
ලැබෙන්නේ නැත. පාන් ගෙඩියක මිල යම් ප්‍රමාණයකින් අඩුවී ඇති මුත් අනෙකුත් කෙටි කෑමවල මිල පවතින්නේ පෙර මිලටමය. ආප්ප කොත්තු වැනි ආහාරවල මිල ද පහළ බැසිය යුතු වුවත් එය එසේ වී නොමැත. කෑම පාර්සල්වල ප්‍රමිතිය මෙන්ම මිල ගණන් පිළිබඳ විවිධ ගැටලු තිබේ. තෙල් මිල අඩුවීම නිසා ප්‍රවාහන වියදම අඩුවීමේ වාසිය යම් ප්‍රමාණයකින් හෝ සියලුම පාරිභෝගික භාණ්ඩවලට ලැබිය යුතුය. නමුත් ඒ පිළිබඳව අදාළ බලධාරීන් සොයා බලන බවක් නොපෙනේ. ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමට නගරයේ මාළු ලෑල්ලක් ළඟට ගියත් ප්‍රමාණවත්ය. අප රටේ මාළු මිල කාලයක් තිස්සේ පවතිනුයේ ඉතාමත් අධික ප්‍රමාණයකිනි. ඉන්ධන මිල අඩු කිරීම නිසා යම් ප්‍රමාණයක් හෝ මාළු මිල අඩුවිය යුතු වුවද එසේ වී නොමැත. මෙම තත්ත්වය හමුවේ අප රටේ බහුතර ජනතාවට පෝෂදායී මාළු කෑල්ලක් කෑම සිහිනයක්ව පවතී. මාළු මිල එසේ තිබියදී දුප්පතාගේ බත් පතේ ප්‍රධාන ආහාරයක් වූ බිත්තරයට ද ලබා ඇත්තේ නරක කලදසාවකි. පාරිභෝගික අධිකාරිය බිත්තර සඳහා මිල ගණන් තීන්දු කළ ද එම මිලට බිත්තර දිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. මේ දොගොල්ලන්ගේ කඹ ඇදිල්ල නිසා අදටත් දුප්පත් ජනතාවට බිත්තරයක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. මාළු මිල ඉහළ යෑම මෙන්ම බිත්තර වෙළෙඳපොළේ පවතින මෙම ප්‍රශ්න නිසා අපේ දරුවන්ගේ පෝෂණ ඌණතා තවදුරටත් ඉහළ යා හැකිය. ඒ තුළ අප නිරෝගී ජාතියක් අනාගතයට දායාද කරන්නේ කෙසේද?

මෙවැනි දහසකුත් එකක් ප්‍රශ්න තිබියදී අප රටෙන් රිළවුන් ලක්‍ෂයක් චීනයට යවනු ලබන පුවතට මාධ්‍යයෙන් පවා ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි. ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය මේ පිළිබඳව නිකුත් කළ ට්ව්ටර් පණිවුඩය සමග එකී ආන්දෝලනය ක්‍රමයෙන් පහව යමින් පවතී. අවසානයේදී චීනය ප්‍රකාශ කළේ අපි ඉල්ලපු රිළවකු නොමැති බවය. රිළවුන් ගැන උනන්දු වෙනවා සේම අපේ අනෙකුත් සමාජීය ප්‍රශ්න පිළිබඳව අදාළ නිලධාරීන් හා ඒ පිළිබඳව හඬ නඟන පාර්ශ්ව අවදානය යොමු කරන්නේ නම් හෙට දවස යහපත් කර ගැනීමට පුළුවන. එහෙත් බොහෝ තැන්වල ප්‍රශ්නය උඩින් පල්ලෙන් අතගා අත්හරිනවා විනා ඒ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් නොමැතිවීම කනගාටුදායකය. අප රටේ නිෂ්පාදන ආර්ථිකය දිරිමත් කිරීම, කර්මාන්ත අංශය පුළුල් කිරීම මෙන්ම අපනයන කෘෂිකර්මය නැංවීම වැනි වැඩපිළිවෙළකට අප වහා යා යුතුව ඇත. එසේම අප රටට ඩොලර් ගෙනෙන විදේශීය රැකියා වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කිරීම මෙන්ම වර්ධනය වෙමින් පවතින විදේශීය සංචාරක ව්‍යාපාරය ආකර්ෂණීය අයුරින් ඉදිරියට ගෙන යෑම වැනි බහුවිධ ක්‍රියාමාර්ග ඔස්සේ මේ රට ගොඩනැඟිය හැකිය. මේ අංශ ප්‍රවර්ධනය කරන අතරේ ඉන් ලැබෙන ප්‍රතිලාභ සමාජයේ පහළම කොටස්වලටත් ගලා යන යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. එසේ නොමැති වුවහොත් ජනතාව තුළ පවතින අසහනය දුරු නොවනු ඇත.

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%9c%e0%b6%a9%e0%b7%92-%e0%b6%91%e0%b6%9a%e0%b7%8f%e0%b6%a7/feed/ 0
කන්කරච්චලය https://divaina.lk/%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b6%bd%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b6%bd%e0%b6%ba/#respond Thu, 30 Mar 2023 23:53:00 +0000 https://divaina.lk/?p=136723 2022 ආර්ථික අර්බුදය උත්සන්න වූ සමයේ මෙරට කොහිල පරිභෝජනය 40% කින් ඉහළ නැග තිබූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ ආයතනය පළකළ වාර්තාවක දැක්වේ. 2012 සැප්තැම්බර් සිට 2022 අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය 95% තෙක් ඉහළ ගියේය. එය මේ සංසාරයේදී ශ්‍රී ලංකාව විසින් භුක්තිවිඳින ලද දරුණුතම ආර්ථික අර්බුදය වේ. මේ කියන කාලයේදී මේ රටේ මිනිස්සු අතට අහුවෙන ඕනෑම එළවළුවක් කෑමට පුරුදු වූහ. එකල බෝංචි, කැරට්, වට්ටක්කා, වබ්බොටු යන එළවළු වර්ග පරිභෝජනයට ගැනීම 30% න් පමණ අඩුවිය. මේ කියන කාලයේදී රටේ තිබෙන ආර්ථික අර්බුදය නිසා ජනතාව සිටියේ මහත් වූ කෝපයකිනි. සමහරවිට කොහිල පරිභෝජනය නිසා එම කෝපය මර්දනය කරගැනීමට හැකිවුණා වත්ද? කොහිල යනු ෆයිබර් බහුල උදරයට ඉතාම ගුණදෙන සහ අර්ශස් අමාරුවට ඉතාම හොඳ එළවළුවකි. අද මේ රටේ ආහාර අර්බුදය යම්තාක් දුරට සංසිඳී තිබේ.

කොරෝනාව වෙනුවෙන් රට වසා තිබූ 2020 සහ 2021 යන අවුරුදු දෙක හීනයක් මෙන් අපේ මතකය තුළ රැඳී පවතී. මේ අතර තවත් කතාවක් කියමු. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඉස්ලාමීය අන්තවාදී කාන්තාවක වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය බව දැන් හෙළිවී තිබේ. දෙමළ හින්දු කාන්තාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් ඉස්ලාමය වැළඳගෙන පුපුරන ද්‍රව්‍යය ප්‍රවාහනය කළ බවත් සහරාන්ගේ මරාගෙන මැරෙන කල්ලියට එක්වූ බවත් දැනගන්නට තිබේ. අවසානයේදී පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු සාරා ජස්මින් ඉන්දියාවට පැනගත් බවට කටකතාවක් ප්‍රචාරය වූ අතර අන්තිමට මෙය මළ කරච්චලයක් බවට පත්විය. යූ ටියුබ් චැනල්වල පෙනී සිටින වෘත්තීයවේදීන් හෝ අපරාධ විශේෂඥ පල්හොරුන්ගේ මතයට අනුව පාස්කු ප්‍රහාරයෙන් පසු සාරා ජස්මින් පණ පිටින් සිටින අයුරුත් ඇය ඉන්දියාවට බෝට්ටුවකින් යන අයුරුත් ඇසින් දුටු අය සිටිති. එසේ වුවද පොලිස් ආරංචි මාර්ගවලට අනුව සාරා ජස්මින් 2019 අප්‍රේල් 26 දා සයින්දමරුදු ප්‍රදේශයේ බෝම්බ පිපිරීමකින් මියගියා පමණක් නොව ඇගේ සිරුර වළ දමාද ඇත. යූ ටියුබ් විශේෂඥයන්ගේ ප්‍රකාශ හේතුවෙන් මේ මළ මිනිය හතර පස් වතාවක්ම ගොඩගන්නා ලද අතර එමගින් සාරා ජස්මින්ගේ දිව්‍යලෝක ගමනද ප්‍රමාද විය. අන්තිමේදී එසේ ගොඩට ගත් මළ මිනියේ ඩී.එන්.ඒ සහ සාරා ජස්මින්ගේ මවගේ ඩී.එන්.ඒ සංසන්දනය කරන ලද අතර මළ මිනියේ තිබූ DNA සාරා ජස්මින්ගේම බව අවසන් විග්‍රහයේදීම හෙළිවිය. දැන්වත් මේ කන්කරච්චලය අවසන් වීම භාග්‍යයකි. එහෙත් යූ ටියුබ් විශේෂඥයන් මේක අත්හරින්නේ නැත. ප්‍රභාකරන් ඉන්දියාවේ සැඟව සිටින බවට නැදුමාරන් සහ ප්‍රභාකරන්ගේ මස්සිනා වන සිවාජිලිංගම් කියන ගොන් කතාව මෙන් සාරා ජස්මින්ද චෙන්නායි නගරයේ කඩයකින් එළවළු ගන්නා බවත් ඒ අහල පහල ලොන්ඩරියකින් රෙදි මැදගත් බවත් දුටු බව කියන විහිළුකාරයන් නැවත නැවතත් යූ ටියුබ්වලින් මතුවීමට ඉඩ තිබේ. කෙනෙක් මළා යැයි කී විට ඔහු ජීවතුන් අතර ඉන්නවා යැයි කීම එක්තරා තියරියකි. මේ තියරිය විකිණිය හැකිය. එම තියරි විකුණමින් ජීවන මාර්ගය සකසාගන්නා කොටස් නිතරම මාධ්‍යවලින් ඉස්මතු වන අයුරු අපට දැකගත හැකිය.

තවත් වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සෑහෙන ප්‍රමාණයකින් අඩුවිය. ඉන්ධන මිල වැඩිවූ විට වෙනත් පාරිභෝගික ද්‍රව්‍යවල මිල සෑහෙන්නට නගී. එහෙත් ඉන්ධන මිල අඩුවූ විට එසේ වැඩිවූ බඩුවල මිල කිසිදු ආකාරයකින් අඩුවන්නේ නැත. පෙට්‍රල් ලීටරය රුපියල් 450 ට ගිය විට ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරෝ එතෙක් රුපියල් 60 ක්ව පැවති පළමුවන ධාවන කිලෝමීටරය රුපියල් 150 ක් බවට පත්කළහ. එතැන් සිට සෑම කිලෝමීටරයක්ම රුපියල් 100 ක් විය. පෙට්‍රල් මිල මීට පෙර අඩුවූ අවස්ථාවේදී ත්‍රිරෝද රථ ධාවන කිලෝමීටර් මිල කිසිසේත්ම අඩුවූයේ නැත. පෙට්‍රල් මිල පෙරේදා ලීටරයක් රුපියල් 60 න් අඩුවුවද ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ගාස්තු ක්‍රමය කිසිසේත්ම වෙනස්වූයේ නැත. එය ඒ ආකාරයෙන්ම පවතී. එසේම ඉන්ධන මිල නැග්ග ගමන් බේකරි කෑමවල මිල වැඩිවිය. ඉන්ධන මිල අඩුවී ඇති මේ අවස්ථාවේදී පාන් රාත්තලක් සත පනහකින්වත් මිල අඩුවී නැත. අපට හැඟෙන පරිදි මේ රටේ සන්නිවේදනයෙහි ලොකු අඩුපාඩුවක් තිබේ. ත්‍රිරෝද රථ රියැදුරන් සහ වෙළෙඳුන්ට දැනගන්නට ලැබෙන්නේ ඉන්ධන මිල වැඩිවීම ගැන පමණි. ඉන්ධන මිල අඩුවූ විට ඒ පිළිබඳ වැටහීමක් ඔවුන්ට නැත. සාමාන්‍යයෙන් එයට හේතු විය යුත්තේ එම ආරංචිය ඔවුන් වෙත සන්නිවේදනය නොවීමය. මෙවිට පාරිභෝගිකයෝ වෙළෙඳුන්ටත් ත්‍රිරෝද රථ රියැදුරෝ වැනි සේවා සපයන්නන්ටත් සාප කිරීමට පටන් ගනිති. මෙයද කන්කරච්ච්චලයකි. අප මේ කන්කරච්චලයෙන් බේරෙන්නේ කවදාද?

ශ්‍රී ලංකාවේ වෙළෙඳාම යනු කිසිදු විනයක් නැති සහ කිසිදු චර්යාවක් නැති ක්‍රියාවලියකි. අපේ වෙළෙඳාම පදනම් වී ඇත්තේ සේරිවානිජ්‍ය ජාතක කතාවේ එන සූරාකෑමේ වෙළෙඳ සංකල්පය මතය. වෙළෙන්දා විසින් ජනතාව සූරා කද්දී මිල පාලන කට්ටිය ඔහේ බලා සිටිති. ඒ ගැන ජනතාව නගන මැසිවිල්ල කෙතරම් ලොකු කන්කරච්චලයක් බවට පත්වුවද ඒ කිසිවක් ඔවුනට ඇසෙන්නේ නැත.

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b6%bd%e0%b6%ba/feed/ 0
රට ණය උගුලකට වැටුණු හැටි… https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%8b%e0%b6%9c%e0%b7%94%e0%b6%bd%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%84%e0%b7%90%e0%b6%a7%e0%b7%92/ https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%8b%e0%b6%9c%e0%b7%94%e0%b6%bd%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%84%e0%b7%90%e0%b6%a7%e0%b7%92/#respond Fri, 24 Mar 2023 23:48:00 +0000 https://divaina.lk/?p=135694 පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් පෙළෙන ශ්‍රී ලංකාව එම තත්ත්වයට පත් වීම එකවර ඇති වූවක් ලෙස සැලකිය නොහැකිය. කාලයක් තිස්සේ ඉවක් බවක් නොතකා කරගෙන ගිය අදූරදර්ශී ව්‍යාපෘතිවල අවසාන ප්‍රතිඵල වර්තමානයේදී සමස්ත ජනතාවටම අත්විඳින්නට සිදුව ඇත.

විදේශ ණය වශයෙන් ඩොලර් බිලියන ගණනින් ලබා ගෙන ඒවා ඵලදායි නොවන ව්‍යාපෘති සඳහා යොදා ගැනීම මෙම ආර්ථික අර්බුදයට එක් හේතුවක් ලෙසට සඳහන් කළ හැකිය. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය විදේශ විනිමය හිඟය එනම් ඩොලර් හිඟයක් සමග බැඳී පවතියි. චීනයට ණය වී ඉදිකළ හම්බන්තොට වරාය ණය ගෙවීමට නොහැකි නිසා අවුරුදු සිය ගණනකට චීනයටම බදු දීමට ශ්‍රී ලංකාවට සිදු විය.

විදේශ රටවල් සහ මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය ඩොලර් වලින් ගෙවීම් සිදු කළ යුතුය. මෙම අර්බුදයේ ප්‍රතිඵල පසුගිය වසරේ සිට අපට අත්විඳින්නට සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරීම සිදු කළ අතර ඉන් පසුව සහන ණය පැකේජයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළේය. අද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම සහන පැකේජය ලබා දීමට එකඟ වී ඇති නමුත් ජනතාවට ආර්ථික අර්බුදයේ බලපෑමෙන් වන්දි ගෙවීමෙන් වැළැකී සිටීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ණය හිමිකරුවා වන චීනය ඩොලර් බිලියන 7.4ක ණයක් ලංකාවට ලබා දී තිබේ. ඉන් ඩොලර් බිලියන 4 කට වඩා ප්‍රමාණයක ණය ලංකාවට ලබා දී ඇත්තේ චීන එක්සීම් බැංකුව විසිනි. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා චීනයෙන් මුලදී යහපත් ප්‍රතිචාරයක් හිමි නොවීම නිසා එහි කටයුතු ප්‍රමාදයකට හා අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත විය.

මෑත කාලයේ ඉදිකළ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රීඩාංගණය සහ කොළඹ නෙළුම් කුලුන යන ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2000 කට ආසන්න මුදලක් වැය කර ඇත. තවද එම ව්‍යාපෘති වල විනිවිදභාවය හා ඵලදායි බව පිළිබඳව ගැටලු ඉදිරිපත් වූ අවස්ථා ඉතා බහුලය.

මෙහිදී හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ දීර්ඝ කාලීනව රටට වැදගත් විය හැකි නමුත් කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිකරන ලද නෙළුම් කුලුන ව්‍යාපෘතිය මුළුමනින්ම අනවශ්‍ය වියදමක් වශයෙන් සැලකිය හැකිය.

● නෙළුම් කුලුන ව්‍යාපෘතිය

කොළඹ ආකාශයේ දැක ගත හැකි නෙළුම් කුලුනේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2012 වසරේදීය. චීන සමාගම් විසින් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ ද සම්බන්ධය ඇතිව ව්‍යාපෘතිය ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 ක් බවට ඇස්තමේන්තු කර ඇත. ඩී. ආර්. විජේවර්ධන මාවතේ අක්කර 6 ක් පමණ වූ මෙම ඉඩමක මෙම ව්‍යාපෘතිය ආරම්භ විය.

චීන සමාගම් දෙකක් විසින් නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා තෝරා ගත් අතර එය ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව ණය මුදලක් ලබාදීමට කටයුතු කර තිබිණි. චීනය ක්‍රියාත්මක කරමින් සිටින එක් තීරයක් හා එක් මාවතක් නම් වැඩපිළිවෙළ යටතේ ඒ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබිණි. චීනයේ එක්සිම් බැංකුව ව්‍යාපෘතියට යන මුදලින් 80%ක් ද ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසම ද යෙදවීමට එහිදී තීරණය වී තිබිණි. එම සැලසුමට අනුව තීරණය කෙරුණේ නෙළුම් කුලුන මගින් ලබා ගන්නා ආදායමෙන් වසර 40කින් එම ණය මුදල ගෙවීමය. දින 912කින් එනම් 2015) වසරේ ඉදිකිරීම් අවසන් කිරීමේ අරමුණින් වැඩ ආරම්භ කළත් විවිධ හේතු නිසා එහි ඉදිකිරීම් අවසන් කිරීමට වසර 7ක් ගත විය.

2019 සැප්තැම්බර් 16 වැනිදා කොළඹ නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවකු වූ චීනයේ ‘ඒලිට්‘ නමැති සමාගමක් ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමෙන් දුන් රුපියල් බිලියන දෙකක (එවකට පැවැති වටිනාකම අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක්) අත්තිකාරම් මුදල රැගෙන අතුරුදන් වූ බවයි. මේ චෝදනාව දෙස් විදෙස් ජනමාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට ද පත් විය.

2019 වසරේදී විවෘත කළ මෙම නෙළුම් කුලුන බොහෝ දෙනා චීන ණය උගුලට හසුවූ තවත් සුදු අලියෙකු බවට චෝදනා කරයි. ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් මෙය ‘ණය කුලුන’ ලෙසද හඳුන්වා දී තිබුණි. නෙලුම් කුලුන ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 113කි. එය ශ්‍රී ලංකා රුපියල් වලින් මිලියන 40,680කි. චීන එක්සිම් බැංකුවෙන් ලබා දී ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 67.25කි. ණය සඳහා ගෙවිය යුතු පොලී ප්‍රතිශතය ආසන්න වශයෙන් 7.75%කි.

2023 වසරේදී මෙහි අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 680කි. 2024 දී රුපියල් මිලියන 1000ක ආදායමක් මින් අපේක්ෂිතය. 2024 වසරේ සිට රුපියල් මිලියන 200ක මෙහෙයුම් ලාභයක් ලැබීමට අපේක්ෂා කරන බවට කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව ගණන් බැලූ විට එහි මූලික පිරිවැය පියවා ගැනීමට වසර සිය ගණනක කාලයක් ගතවනු ඇති බවට ආර්ථික විශේෂඥයන් පවසා සිටියි.

ජීවන වියදම, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් ශ්‍රී ලංකාව පීඩා විඳින අවස්ථාවකදී මේ නෙළුම් කුලුණේ බරද දැරීමට ශ්‍රී ලාංකිකයන් සිදු වී තිබීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ඒ අනුව ව්‍යාපෘතිය සඳහා වැය වූ වියදම පියවා ගැනීම සඳහා තවත් කොපමණ වසර ගණනාවක් ගතවේද යන්න ගැටලුවක් වී පවතියි.

● ණය ගෙවා ගැනීමට නොහැකිව බදු දීමට සිදු වූ හම්බන්තොට වරාය

හම්බන්තොට වරාය ගොඩබිම තුළ ඉදිකළ විශාලතම වරායක් වශයෙන් සලකනු ලබයි. අක්කර 4000 ක භූමියක පිහිටි මෙම වරාය පළමු අදියර ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු ගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 360 ක් වශයෙන් සඳහන් වේ.

වරායේ බංකර් පර්යන්තය සඳහා පමණක් ඩොලර් මිලියන 76.5ක මුදලක් වැයවී ඇතැයි ගණන් බලා ඇත. ගොඩබිම ගොඩනගා ඇති ලොව විශාලතම වරාය ලෙස මෙය සැලකේ. හම්බන්තොට වරායේ පිහිටීම හා ඒ වටා පිහිටි පරිසරය ආශ්‍රිතව ශ්‍රී ලංකාව සුරපුරයක් කිරීමට හැකි ආකාරයට සැලසුම් අතිවිශාල ප්‍රමාණයක් සකස් කර තිබුණු අතර ඒවා සුරංගනා කතා බවට පමණක් අද වන විට සීමා වී ඇත. මූලික සැලැස්මකින් තොරව අතිවිශාල මුදලක් වරායේ මහා පරිමාණ ඉදිකිරීම් සඳහා වැය කර ඇත. චීනයේ එක්සීම් බැංකුව ඇමරිකන් ඩොලර් මිලියන 360 ක මුදලක් සියයට 6.3ක පොලියට ණයට ලබා දී ඇත. පළමු අදියරේ විවෘත කිරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 188 ක මුදලක් වැය කර තිබුණි. දෙවැනි අදියර සඳහා ඩොලර් මිලියන 810 ක මුදලක් ණයට ගෙන ඇත. චීනයේ ආනයන හා අපනයන බැංකුව මුදල් ලබාදී ඇත. ඉදිකිරීම්වලට බාධාවක් වූ වරාය පිවිසුමේ තිබූ දැවැන්ත ගල් පර්වතයක් පිපිරවීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 40ක මුදලක් වැය කිරීමට සිදුවිය.

ණය ලබා ගැනීමට පෙර එම ව්‍යාපෘතිය ඵලදායි වේද නොවේද යන්න සොයා බැලීමට චීනයට අවශ්‍යතාවක් නොතිබුණි. යම් කිසි කණ්ඩායමක් පිනවීම සඳහා ඉදිකරන ලද මෙම වරායේ ණය ආපසු ගෙවීමට නොහැකිවීම නිසා 2017 දී හම්බන්තොට වරාය අවුරුදු 198 කට චීනයට බදු වශයෙන් ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කරන ලදී. මුලදී බදු කාලය වසර 99 ක් බවට සඳහන් වුවත් සැබෑ බදු කාලය වසර 198 ක් බවට පසුව අනාවරණය විය.

ආචාර්ය ලලිත් ගුණසේකර

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%8b%e0%b6%9c%e0%b7%94%e0%b6%bd%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b7%84%e0%b7%90%e0%b6%a7%e0%b7%92/feed/ 0
ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික ක්‍රමෝපායක අවශ්‍යතාව https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%90%e0%b6%bd%e0%b6%b4%e0%b7%99%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae/ https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%90%e0%b6%bd%e0%b6%b4%e0%b7%99%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae/#respond Fri, 03 Mar 2023 23:54:00 +0000 https://divaina.lk/?p=131779 ජාත්‍යන්තර මූල්‍ය රාමුව තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රටක් ආර්ථීක හෝ දේශපාලන අර්බුදයකට මුහුණ දෙන විට, මෙම තත්ත්වය ජය ගැනීමට ගැළපෙන ක්‍රමෝපායක් සහ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුවනු ඇත. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණදී සිටී. දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 122% ක් විය. ලෝක බැංකු දත්තවලට අනුව ලංකාවේ ආර්ථිකය මේ වසරේ දී 4.2% කින් සංකෝචනය විය හැක. මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීම සඳහා ණය අවදානම සැලකිය යුතු ලෙස අඩු කළ යුතුය. ශක්තිමත් සහ ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැගීමට දේශීය හා බාහිර ආර්ථික අසමතුලිතතා විසඳීමට මූල්‍ය විනය සහ ණය තිරසාර බව සහතික කිරීම ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතුය. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී දුෂ්කරතා සමනය කිරීම සඳහා සමාජ ප්‍රතිපත්ති සහ සුබසාධන වැඩසටහන්වල අවශ්‍යතාවය අවධාරණය කළ යුතුය. එසේම ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහ ඒකාග්‍රතාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුය. ආර්ථික පසුබෑමකදී ජාත්‍යන්තර සහයෝගීතාවය වැදගත් අංගයක් වී ඇත. තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ සහාය ඉතා වැදගත් වනු ඇත.

IMF සමග ජාත්‍යන්තර සහයෝගය

මෙම ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට යම් දුරක් ගමන් කිරීමට සිදුවනු ඇත. එයට ජාත්‍යන්තර සහයෝගය අත්‍යවශ්‍යයි. මීට අමතරව ශ්‍රී ලංකාව වාරික කිහිපයකින් වසර හතරක් පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙතින් ඩොලර් බිලියන 2.9 ක ණයක් ලබා ගැනීමට අපේක්ෂා කරයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)
ශ්‍රී ලංකාවට මෙම ණය ලබා දීම සඳහා ඉන්දියාව විසින් ලබා දුන් සහතිකයක් පිළිගෙන ඇති අතර, අනෙකුත් ණය හිමියන් වන පැරිස් ක්ලබ් ණය දෙන රටවල් ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සූදානමින් සිටී. පැරිස් ක්ලබ් ණය දුන් රටවල් අතර ජපානයට ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණයවලින් 19.5% ප්‍රමාණයක ණය කොටසක් ඇත. තවද ශ්‍රී ලංකාව චීනයට ඩොලර් බිලියන 7.8කට ආසන්න මුදලක්, ද්විපාර්ශ්වික සහ වාණිජ යන දෙකම ඇතුළත් ණය ගෙවීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, චීනය වසර දෙකක, ණය සහන කාල සීමාව දක්වා සහය දීමට අපේක්ෂා කරයි. සමහර වාර්තාවලට අනුව, චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහය පිළිබඳ සහතිකයක් නොමැති වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට, එවැනි ණයක් අනුමත කිරීම සමහර විට සිදු විය හැක. අනිත් අතට ශ්‍රී ලංකාවේ ආර්ථිකය නවතම සහනය වූයේ ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) අත්‍යවශ්‍ය ආනයන සඳහා ඩොලර් මිලියන 400 ක පහසුකමක් ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි. මෙම පහසුකම තුළ පුද්ගලික බැංකු තුනකට ආනයනවලින් 30% ක් පමණ අරමුදල් සැපයීමේ පහසුකම ලැබේ. බාහිර අසමතුලිතතාවයන් ආමන්ත්‍රණය කිරීම සහ ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම, දිගු කාලීනව සියලුම ආර්ථික අංශ හරහා ණය පියවීමේ සහ ණය කළමනාකරණය පහසුකම් සපයනු ඇත.

දුෂ්කර ආර්ථිකමය තත්ත්වයක

ශ්‍රී ලංකාවේ බදු සහ විදුලි මිල වැඩි කිරීම සිදු වූයේ දැඩි දුෂ්කර ආර්ථික තත්ත්වයන් පවතින අවස්ථාවකය. උද්ධමන අනුපාතය ජනවාරි මාසයේදී 54.2% ක් විය. මීට අමතරව, ජනප්‍රිය නොවන නව කප්පාදු පියවර මගින් ජනගහනයෙන් විශාල කොටසක් දැඩි දුෂ්කරතාවයකට පත් වී ඇත. උද්ධමනය ඉහළ මට්ටමක පවතින විට භාණ්ඩ හා සේවා මිල වැඩි වේ. නවතම වාර්තා අනුව 2022 දී අවම වශයෙන් මිලියන භාගයකට රැකියා අහිමි විය. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව ආහාර අනාරක්ෂිත භාවයට පත්ව ඇත. මීට අමතරව 2022 ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 25% දක්වා ඉහළ ගියේය. දරිද්‍රතාවය සහ ආදායම් විෂමතා අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතියට සංශෝධන අවශ්‍ය වේ. ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල අඩු සහ ස්ථාවර උද්ධමනය සහ තිරසාර ආර්ථික වර්ධනය සඳහා න්‍යාය පත්‍රයක් තිබීම මූල්‍ය ස්ථාවරත්වය සඳහා බොහෝ දුරට හිතකර වේ. සෞඛ්‍ය හා අධ්‍යාපනයේ වැදගත්කම සහ සමස්ත ආර්ථික වර්ධනයට දායක වන ජීවන තත්ත්වය කෙරෙහි ඍජු බලපෑම සැලකිල්ලට ගෙන, මෙම ක්ෂේත්‍රවල පවතින අඩුපාඩු සපුරාලීම සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ. තවද, මානව හැකියාවන් ඉහළ නැංවීම සඳහා කටයුතු කළ යුතුය.

සංවාදයක අවශ්‍යතාව

සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ පුළුල් ඉලක්කය වන්නේ සාධාරණ හා තිරසාර ලෙස ආර්ථික හා සමාජීය යහපැවැත්ම සඳහා දායක වීමයි. සංවාද හේතුවෙන්, දරිද්‍රතාවය අඩු කිරීම, අසමානතාවය අඩු කිරීම සහ ආර්ථික වර්ධනය යන කාර්යක්ෂම මිශ්‍රණයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රතිපත්ති හඳුනා ගන්නා ජාතික සැලසුම් ශ්‍රී ලංකාවට සක්‍රීය කළ හැකිය.

ශ්‍රී ලංකාවට ගැලපෙන ආර්ථික ක්‍රමෝපායක අවශ්‍යතාව

ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c%e0%b7%90%e0%b6%bd%e0%b6%b4%e0%b7%99%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae/feed/ 0
‘සිහින හොරු අරන්’ https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a/#respond Fri, 03 Mar 2023 23:53:00 +0000 https://divaina.lk/?p=131723 ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍රය. තුන් වේල කෙසේ වෙතත් වේලක් හැර වේලක් කෑම පවා අභියෝගයක් බවට පත්ව ඇත. දරුවන් පාසල් වෙත යවා ගැනීමට පවා අතමිට මුදල් හිඟව තිබෙන මොහොතක මව්පියවරුන් සිටින්නේ කියාගත නොහැකි ආතතියකිනි.

රටේ තරුණ තරුණියෝ ද අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටිති. ඔවුනට රැකියා නැත. තිබෙන රැකියාවලින් ලබන සොච්චම් වැටුප බස් ගාස්තු හා දිවා ආහාරයට වැය කළ පසු පොකැට්ටුව හිස්ව යන කල අත ඉතිරි වන මුදලක් නැත. පෙම්වතකු, පෙම්වතියක නම් ඔවුනට ගෙයක් දොරක් හදාගෙන ආවාහ විවාහයක් කරගැනීම සිහිනයක් බවට පත්ව ගොසිනි. දෙමාපිය නෑ පරපුර වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම පසෙකට කර සුසුම් හෙළන තරුණ පරපුරට මේ රටේ ආර්ථික අර්බුදය කර තිබෙන විනාශය අතිමහත් බව අපගේ වැටහීමය.

දැන් තරුණ තරුණියන්ගේ එකම සිහිනය කොහේ හෝ රටකට පැනගැනීමය. මෙවර කොරියන් භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයැදුම්පත් අසූපන්දහස් හැත්තෑ දෙකක් ලැබී ඇත. 2022 වසරේදී කොරියා භාෂා ප්‍රවීණතා විභාගයට ලැබී තිබුණේ අයැදුම්පත් 31,378කි. මෙවර එහි වැඩිවීම 53694 කි. තරුණ තරුණියන් කොරියාවට යෑමට වළිකන්නේ මේ රටේ ජීවත් වී ඵලක් නැති බව කියමිනි.

තරුණ තරුණියන් විදේශ ගමන් බලපත්‍ර (පාස්පෝට්) ලබාගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු පෝලිමේය. ඉකුත් දිනවල දිනකට පාස්පෝට් 5000ක් පමණ නිකුත් කිරීමට සිදුවූයේ පාස්පෝට් ඉල්ලුම දෙගුණයකින් පමණ ඉහළ යෑම නිසාය.

මේ අල්ලපනල්ලේ විදේශ රැකියා ජාවාරම්කරුවන් බොර දියේ මාළු බාන්නට පටන්ගෙන ඇත.

කැනඩාවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්‍ෂ පහේ සිට රුපියල් ලක්‍ෂ විස්ස දක්වා මුදල් එකතු කරගත් නරුමයන් දෙදෙනකු මරදාන පොලිසිය අත්අඩංගුවට ගත්තේ ඉකුත් 01 වැනිදාය. විදේශ රැකියා කාර්යාංශය සඳහන් කරන පරිදි කැනඩා රැකියා ජාවාරමට හසු වූ තරුණ පිරිස හැත්තෑවකි. ඒ සම්බන්ධ තවත් පැමිණිලි ලැබෙමින් ඇත. whatsapp Group මගින් මේ නරුම ජාවාරම්කරු මුදල් එකතු කරගෙන ඇත. පොලිස් අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එකකු ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙකි. මේ එකකු පමණි. ජපානය, කැනඩාව, රුමේනියාව, ඊශ්‍රායලයට රැකියාවලට යොමුකරන බව කියමින් විවිධ මට්ටමේ ජාවාරම්කරුවෝ අපේක්‍ෂා භංගත්වයට පත්ව සිටින මේ රටේ දූ පුතුන්ගේ ඊරිමාංශ ද උරා බොමින් සිටිති. දෙමාපියන් ඉඩකඩම් උකස් තබා කණකර ටික උකස් තබා මේ මුදල් සොයා ජාවාරම්කරුවන්ට පුදන්නේ වෙන කරන්නට කිසිම දෙයක් නැති වී තිබෙන නිසාය. විවිධ දේශපාලනඥයන්ගේ නම් ද භාවිත කර මේ ජාවාරම සිදුකරන්නේ හිත්පිත් නැති අළුගෝසුවන් බව සැබවි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මීට වසරකට දෙකකට පෙර රැකියා ජාවාරම් පිළිබඳ මසකට ලැබී තිබුණේ පැමිණිලි හැටක පමණ ප්‍රමාණයකි. නමුත් මේ වනවිට දිනකට ලැබෙන පැමිණිලි ගණන තුන්සීය ඉක්මවා යන බව කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කර සිටී.

තත්ත්වය ඉතා දරුණුය. ඉච්ඡාභංගත්වයට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ අවසාන බලාපොරොත්තුව ද ජාවාරම්කරුවන්ට යටවී ගොසිනි. රටේ සම්පත් හොරාකෑ උන්ගෙන් පිරිසක් බලයේ නැත. මේ රටේ සොරකම එකම මඟ බවට පත්කරගෙන සිටි නඩයට මුවාවන මිනිස් ජාවාරම්කරුවෝ අහිංසක මිනිසුන්ගේ ඉඩම කඩමද සොරා ගනිමින් සිටිති. මෙයාකාරයට ගියහොත් අන්තිමට මේ රටේ මිනිසුන්ට ඉතිරි වන්නේ අමුඩය පමණකි.

විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මේ මිනිස් ජාවාරමුන්ට එරෙහිව තනි සටනකය. මිනිස් වෙළෙඳාමට තිත තබන්නට 1981 අංක 21 දරන විදේශ රැකියා සංශෝධන පනත යළි සංශෝධනයට ලක්කරන්නට ඇමැති සැලසුම් කර ඇත.

කෙසේ නමුත් එකක් ඉතා පැහැදිලිය. මේ රටේ මිනිසුන්ගේ සිහින හොරු ගෙන ගොසිනි. තරුණ තරුණියන්ට ඉතිරි එකම සිහිනයන් චෞර වළල්ලකය. නීතිය සියල්ලට උඩින් තිබෙන බව සත්‍යයකි. මේ මිනිස් ජාවාරමුන්ට එරෙහිව නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන්නේද? කතාවට පමණක්ද? අපි බලා සිටිමු.

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a/feed/ 0
ණය උගුලෙන් ගොඩවෙන්න ණය හිමියෝ සහන දෙයිද…? https://divaina.lk/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%8b%e0%b6%9c%e0%b7%94%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%ab%e0%b6%ba-%e0%b7%84%e0%b7%92/ https://divaina.lk/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%8b%e0%b6%9c%e0%b7%94%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%ab%e0%b6%ba-%e0%b7%84%e0%b7%92/#respond Thu, 23 Feb 2023 23:56:00 +0000 https://divaina.lk/?p=130054 පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් ශ්‍රී ලංකාව මේ මොහොතේ බැටකන අවස්ථාවක ඉන් ගොඩවීමට හැකි මාර්ගයක් ලෙසට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය මේ දිනවල බොහෝ දෙනාගේ අවධාරණයට ලක්ව ඇත. ශ්‍රී ලංකාව පළමු වරට විදේශ ණය පැහැර හැරීම සිදු කළේ පසුගිය වසරේ මැයි මාසයේදීය. චීනය, ජපානය සහ ඉන්දියාව මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන අතර චීනයේ එක්සිම් බැංකුව මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ණය හිමිකරුවා වන චීනය ඩොලර් බිලියන 7.4ක ණයක් ලංකාවට ලබා දී තිබේ. ඉන් ඩොලර් බිලියන 4කට වඩා ප්‍රමාණයක ණය ලබා ලංකාවට ලබා දී ඇත්තේ චීන එක්සිම් බැංකුව විසිනි. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා චීනයෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි නොවීය.

● ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම තීරණය

චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් යෝජිත ණය අනුමත කිරීම කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවී ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළකර තිබුණි. දිගින් දිගටම ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර ප්‍රජාව චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව කළ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණය ගෙන ඇත. ඉන් පැහැදිලි වන්නේ චීනයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව යහපත් ප්‍රතිචාරයක් එන තුරු බලා සිටීම නිෂ්ඵල කාර්යයක් බවයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය ණය සහතිකය තවමත් ලබාදී නොමැති බවද එම අරමුදල උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසා ඇත. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කලාතුරකින් සලකා බලන හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව වෙත අදාළ ණය පහසුකම ලබාදීම සලකා බලමින් සිටින බව වාර්තා වෙයි. මේ වන වටත් ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමි පාර්ශ්ව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබාදී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.

● චීන ණය ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක්

චීනයේ අපනයන-ආනයන බැංකුව හෙවත් චීන එක්සිම් බැංකුව, ශ්‍රී ලංකාවට සිය ණය ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබාදෙන බවට ලිපියකින් දැනුම් දී ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා බලධාරීන් පවසා සිටියේ චීනයේ එම ණය සම්බන්ධයෙන් සහන කාලය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නිර්ණායකයන් සපුරාලීමක් නොවන බවයි. එනම් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ හැකි ලිඛිත සහතිකයක් නොවන බව පැහැදිලිය.

කෙසේවෙතත්, චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක අනුගමනය නොකරන්නේ දැයි පසුගිය සතියේ මාධ්‍ය හමුවකදී විමසූ විට, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ චීනයේ මූල්‍ය ආයතන උපදේශන පවත්වමින් ශ්‍රී ලංකාවේ දුෂ්කරතා ලිහිල් කිරීමට කටයුතු කිරීමට සූදානම් බවයි. පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මාර්තු මාසය වන විට ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවර වෙමින් පවතින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නුදුරේදීම ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට දේශපාලන ස්ථාවරත්වයක් රටට අවශ්‍ය බව ඔහු පැවසීය. ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් මාසයේදී විදේශ ණය ආපසු ගෙවීම පැහැර හැරීම සිදු කළ අතර ඉන්පසුව සහන ණය පැකේජයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරිපත් වූ පළමු රට බවට ඉන්දියාව පත් වෙයි. අර්බුදකාරී තත්ත්වයක පසුවන තම අසල්වැසි රාජ්‍ය වන ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය ජනවාරි මස 23 දා නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබන වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය හිමියකු ලෙසට සුබදායී ප්‍රතිචාරයක් දැක්වූ පළමු රාජ්‍ය බවට ඉන්දියාව පත්වී ඇත.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිඛිත සහතිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යවා ඇති බවට හින්දු පුවත්පත වාර්තා කරන ලදී. පසුගිය ජනවාරි මස 19 දා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරම අවස්ථාවේ ශ්‍රී ලංකාවට තම සහයෝගීතාවය පලකිරීම මෙම සංචාරයේ මූලිකම අරමුණ බව ජයශංකර් මහතා පවසා සිටියේය. අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තයේ මූලධර්මය මත පිහිටා ඉන්දියාව කටයුතු කරන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාර වශයෙන් ඉන්දියාව පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් පමණ ණය මූල්‍ය පහසුකම් සපයා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පහසුකම් එයට ණය ලබා දී ඇති රාජ්‍යන් ඉතා කඩිනමින් සැපයීමට ක්‍රියා කළ යුතු බව ඉන්දියාවේ ස්ථාවරය බව ජයශංකර් මහතා පවසා සිටියේය. ණය හිමියන් සමඟ ශ්‍රී ලංකාව දැනට කරගෙන යන සාකච්ඡාවලට අදාළව ජපානය සාමාජිකත්වය දරන පැරිස් සමාජය ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාර මේ වන විට පලකර ඇත. ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති නිර්නායකයන් සහ ඉලක්ක අනුගමනය කිරීමට චීනය කැමැත්තක් නොදක්වන බව මේ වන විට මනාව හෙළිදරව් වී ඇත. 2022 ජූනි මස අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන ලද නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ වාණිජ ණය සඳහා ඩොලර් බිලියන 40 කට ආසන්න මුදලක් ණය වී ඇති අතර ඉන් ප්‍රධාන පාර්ශ්වකරුවකු වන්නේ චීනයයි.

● චීනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම්

ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ චීනයේ හැසිරීම චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුවක දී ශ්‍රී ලංකාවට අපේක්ෂා කළ හැකි දේ පිළිබඳ අවබෝධයක් ලබා දෙන බවයි.

සැම්බියාව 2020 නොවැම්බරයේ ණය පැහැර හරින ලද අතර 2021 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මූලික මට්ටමේ ගිවිසුමක් ඇති කරගැනීමට කටයුතු කරන ලදි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට අනුමැතිය ලබා දුන්නේ මෑතකදී සමස්ත ණය ප්‍රමාණයෙන් කොටසක් පමණක් ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය එකඟතාව පළකිරීමත් සමඟ ය. චීනය ඉතියෝපියාව සහ සැම්බියාව වෙත ණය ලබා දීමට සම්බන්ධ විය. එම රටවල් ද පසුගිය වසර දෙක තුළ ස්වෛරී ණය ගෙවීම පැහැර හරින ලදී.

ශ්‍රී ලංකාවේ මුළු ජාත්‍යන්තර ණයවලින් 10% ක් පමණ ලබා ගෙන ඇත්තෙ චීනය මගිනි. එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක් පමණ වේ. ජපානය ඩොලර් බිලියන 2.7 ක් සහ ඉන්දියාව ඩොලර් බිලියන 1.7 ක් ණය ලබා දී ඇත. ශ්‍රී ලංකා රජයේ වාර්තා අනුව ජූනි මස අවසානයේදී රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 46.6 ක් හෙවත් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 70% ක් පමණ විය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ණයවලින් සියයට 10 ක් පමණ චීනයෙන් ලබා ගෙන ඇත. එය මුළු ණය ප්‍රමාණයෙන් කුඩා ප්‍රතිශතයක් ලෙසට පෙන්නුම් කළත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ අනුමැතිය තීරණාත්මක විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා චීනයේ යහපත් ප්‍රතිචාර නොලැබීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ දිගින් දිගටම කල් යෑමට එක් හේතුවක් වී ඇති බව මෙයින් පැහැදිලි වේ.

]]>
https://divaina.lk/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%8b%e0%b6%9c%e0%b7%94%e0%b6%bd%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%ab%e0%b6%ba-%e0%b7%84%e0%b7%92/feed/ 0
රට කෑ උන් සඳලු තලේ අපි ඔක්කොම නරාවළේ ! https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9a%e0%b7%91-%e0%b6%8b%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b3%e0%b6%bd%e0%b7%94-%e0%b6%ad%e0%b6%bd%e0%b7%9a-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9a%e0%b7%91-%e0%b6%8b%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b3%e0%b6%bd%e0%b7%94-%e0%b6%ad%e0%b6%bd%e0%b7%9a-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a/#respond Tue, 07 Feb 2023 23:54:00 +0000 https://divaina.lk/?p=126851 ශ්‍රී ලංකාවේ 75 වැනි ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට ආණ්ඩුව සමත්වීම එයට එරෙහි වූ සියලු පාර්ශ්ව මෙන්ම විවේචකයන් දුර්මුඛ කරවන්නක් බව නිසැක ය. එහෙත් එම උත්සවයට උතුරේ මෙන්ම දකුණේත් වෙනත් ප්‍රදේශවලත් විරෝධතා සංවිධානය කර තිබුණි. යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ විරෝධතාවට යාපනයේ සියලු ම වෙළෙඳ සැල් වසා දමා තිබුණේ හර්තාලයක ස්වරූපයෙනි. ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි නගරවල ද කළුකොඩි ඔසවමින් විරෝධතා දැක්වූයේ ජාතික ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කරමින් ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙබරවාරි 04 වැනි දින වනවිට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට කරන ලද ප්‍රකාශයෙන් උද්දාමයට පත්ව සිටි දෙමළ සන්ධානයට ඒ නිදහස් දිනයේ කළුකොඩි එසවීමට සිදුවීම ගැන දෙමළ නායකයන් තුළ අප්‍රසාදයක් ද විය. 2015 දී දෙමළ සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් එම නිදහස් උත්සවයට පවා එක් වූ බව ද අපට මතක ය. එසේ වුවද අද එම සන්ධානයේ ම සුමන්තිරන් පසුවන්නේ එක්තරා ප්‍රමාණයක අපේක්‍ෂා භංගත්වයකින් ය. එහෙත් මෙම ප්‍රශ්නය ක්‍ෂණිකව විසඳාගත නොහැකි සංකීර්ණ එකක් බව සුමන්තිරන්ට ද අමතක වී තිබේ.

ඉතිහාසයේ කිසි දිනක නොවූ විරූ උග්‍ර ආර්ථික අර්බුදයක ගිලී හිරවී සිටින රටක් වන ශ්‍රී ලංකාව නිදහස් උත්සවයක් සඳහා මුදල් වැය නොකළ යුතු බව විපක්‍ෂවල මෙන්ම වෙනත් සිවිල් සංවිධානවල ද අදහස විය. කතෝලික සභාව පවා මෙම උත්සවය වර්ජනය කරන බව ප්‍රකාශ කළේ ද ඒ පසුබිම තුළය. එහෙත් ජනාධිපති රනිල් ඒවා ගැන නොතැකුවා පමණක් නොව උත්සවය පැවැත්විය යුතුය යන අධිෂ්ඨානශිලී ස්වරයෙන් ම පසුවිය. 75 වැනි ජාතික නිදහස් දිනය යනු එක් අතකින් නිදහස් දියමන්ති සැමරුම ලෙස ද සුවිශේෂත්වයක් ඇත. එනිසා චාම්ව හෝ එය සිහිපත් කිරීමේ වරදක් ඇතැයි කිව නොහැක. එහෙත් ආණ්ඩුව එය සරල හා චාම් අයුරින් පැවැත්වූ බවක් ද කිව නොහැක. එසේම එම උත්සවයට ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂය වන පොදුජන පෙරමුණේ සහභාගිත්වයක් නොවීම ද කැපී පෙනුණි. එහි නායක මහින්ද, ලේකම් සාගර මෙන්ම මුල්පෙළේ නායකයන් වැඩිදෙනෙක් ද උත්සවයට එක්නොවූ බව පෙනුණි. එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෙන්ම හිටපු ජනාධිපති චන්‍ද්‍රිකා ද එයට සහභාගි වී නො සිටියහ. එනිසා එය ජනාධිපති – අගමැති ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක අංශවල ප්‍රධානීන් ඇතුළු ආණ්ඩුවේ උත්සවයක් බඳු විය.ඊට අමතරව විදේශීය ආරාධිතයන්, තානාපතිවරුන් හා වෙනත් ආණ්ඩුවට හිතවත් අයට සීමා වූ බව ද පෙනුණි.

කෙසේ වුවද 75 වැනි නිදහස් උළෙල පැවැත්වුණේ දැඩි ආරක්‍ෂක වළලු මැද හා එයට විරෝධතා දැක්වූ විවිධ කණ්ඩායම්වල ප්‍රතිචාර වැළැක්වූ නීතිමය තත්ත්වයක් තුළ බව ද රහසක් නොවේ. පොලිසිය විසින් ලබා ගන්නා ලද අධිකරණ නියෝගයක් අනුව ගාලු මුවදොරට පිවිසෙන සියලු මාර්ග තහනම් ප්‍රදේශ බවට පත්ව තිබුණි. නිදහස් උළෙල දිනට පෙර සිට ම කොළඹ හා තදාසන්නව සත්‍යග්‍රහ මෙන්ම නිහඬ විරෝධතා කීපයක් ම දැකගත හැකි විය. එහෙත් ඒවාට පොලිසිය දැඩි සේ බාධා කළ ආකාරය ද දැකගත හැකි විය. මෙය සුවිශේෂ තත්ත්වයක් විය. බොහෝ උද්ඝෝෂණවලදී මෙන්ම විරෝධතාවලදීත් පොලිසිය දක්වන ප්‍රතිචාර විවාදාත්මකය. මේ රටේ බහුතර ජනතාවට පොලිසිය සම්බන්ධයෙන් ඇත්තේ දැඩි විවේචන බව ද අපි දනිමු. නීතිය සාධාරණත්වය කුමක් වුවත් මෙ රටේ පොලිසියේ ඇතැම් නිලධාරීන් හිතන්නේත් ක්‍රියාකරන්නේත් ආණ්ඩුවේ දේශපාලන මානසිකත්වයෙන් බවට විවෘත චෝදනාවක් තිබේ.

රට කෑ උන් සඳලු තලේ අපි ඔක්කොම නරාවළේ !

ජේ. ආර්. ජයවර්ධන විසින් එදා පොලිසිය යොදාගත් ආකාරය කවුරුත් දනිති. විවියන් ගුණවර්ධන ඇතුළු කාන්තාවන්ට පහර දීම සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන් බවට පත් වූ පොලිසියේ නිලධාරීන් සුරැකීමට මෙන්ම ඔවුන්ට උසස්වීම් දීමට ද ක්‍රියා කළ ජයවර්ධනගේ දුෂ්ට ආදර්ශය බොහෝ දේශපාලනඥයන් විසින් පවත්වා ගෙන එන ලද බව ද සඳහන් කළ යුතුය. නීතිය යුක්තිය නොකතා ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් කඩකිරීම සම්බන්ධ අලුත්ම වාර්තාව වසන්ත මුදලිගේ නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත්ව තිබේ. මෙම විශ්වවිiාල ශිෂ්‍යයා අදත් ආණ්ඩුවට භීතියට පත් කරන චරිතයක් වී තිබේද යන සැකය මේ සම්බන්ධයෙන් දැක්වෙන බොහෝ ප්‍රතිචාරවලින් ද වර්ධනය වේ. කුමක් වුවත් තවමත් මෙරටේ ජනතාවට තිබෙන එකම පිළිසරණ අධිකරණය පමණි. නීතිය නවන පොලිසියට, ගරු විනිශ්චයකාරතුමන්ලාගෙන් ලැබෙන විවේචන කොපමණ ද? එහෙත් පොලිසිය ඒ කිසිවකින් පාඩම් ඉගෙන ගන්නා බවක් ද නොපෙනේ.

මෙවර නිදහස් උළෙලට එරෙහිව කොළඹ එල්ෆින්ස්ටන් රඟහර ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් පොලිසියට එල්ලවන චෝදනා පත්‍රය බරපතළය. පෙබරවාරි 03 වැනිදා එම සත්‍යග්‍රහකරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ පොලිසිය ලැජ්ජා විය යුතුය. පොලිසියේ සිය ගණනක නිලධාරීන් ඉදිරිපිට එල්ල වූ එම නින්දිත ප්‍රහාරය දේශපාලන මැර කල්ලියක ප්‍රතිචාරයක් බව බැලූ බැල්මට පෙනේ. ජයවර්ධන පාලන සමයේ දී මේ මැරයන් හඳුන්වන ලද්දේ තග් සංස්ථාව ලෙස ය. අද යළිත් කවර හෝ දේශපාලන අපතයන් පිරිසක් විසින් එබඳු මැර කල්ලි නඩත්තු කරන්නේ ද යන්න ගැන සාධාරණ සැකයක් එබඳු සිදුවීම් විමසා බලද්දී ඇතිවන බව ද කිව යුතුය. ඒ මොනවා වුවත් මැර ප්‍රහාරයට ලක් වූ සත්‍යග්‍රහයට කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ලකිරීමට ද පොලිසිය පසුබට නොවීය. ගාලු මුවදොර නිදහස් උළෙලට යොදා තිබුණු ආරක්‍ෂාව අනුව මරදානේ පැවැත්වෙන අහිංසක විරෝධතාවක් මර්දනය කිරීමට පොලිසිය නුවුවමනා බලයක් යෙදීම ගැන අපට ද විවේචනයක් තිබේ.

75 වැනි ජාතික නිදහස සරලව පැවැත්වූ බවක් නම් කිසිවකුට කිව නොහැක. ඒ වෙනුවෙන් වැය කළ මුදල් සාධාරණ ද නැත. ඉතා සුළු නිදසුනක් දැක්වුවහොත් එම උත්සවයේ පැය කීපය සඳහා ඉදිකළ ජංගම වැසිකිළිවලට පමණක් කෝටි එකහමාරකට අධික මුදලක් දරා තිබුණි. උත්සව පරිශ්‍රයෙහි අකුණු උපද්‍රව වැළැක්වීමට ද විශේෂ ආරක්‍ෂාව යෙදූ බව විපක්‍ෂ වේදිකාවල පැවසුවේ උත්ප්‍රාසයකින් යුතුවය. ඔවුන්ට අනුව ඒවා ‘හෙණ වදිනවාට බයේ’ යොදාගත් ආරක්‍ෂාවකි. මේ අතර අධ්‍යාපනය වෙනුවෙන් වෙන්ව තිබුණු මුදල් පවා මෙම උත්සවයට යොදාගෙන ඇති බවට චෝදනා නැඟුණි. ඇත්තට ම එම උත්සවය සඳහා ආණ්ඩුව ලබාදුන් ප්‍රමුඛතාව කවුරුත් දනිති. සාමාන්‍යයෙන් එය විචිත්‍ර හා උත්කර්ෂණීය උළෙලක් ලෙස පැවැත්වීමට දරණ ලද ප්‍රයත්නය ඉතා පැහැදිලිය. ආචාර වෙඩිමුර, රථවාහන සංදර්ශන, යුද ශක්තිය ප්‍රදර්ශනය වැනි සියලු අංගවලින් උත්සවය සමත්විත විය. මහජන මුදල් කෝටි ගණනින් ඒ සඳහා වැය කළේ හුදු සංදර්ශන මානසිකත්වය තහවුරු කරමින් විනා අන් දෙයක් නිසා නොවේ. කොහොමත් මෙරටේ හැම පාලන යුගයකම ජනතාව දුටු එක් දෙයක් නම් ආණ්ඩුවල සංදර්ශන මානසිකත්වයත් ඒ සඳහා කෙරෙන නාස්තියත් ය. ඊට වඩා ඒ ගැන කතා කළ යුතු නැත.

දැන් අප අවධානය යොමුවන්නේ ජාතික නිදහස් උත්සවයේ දී නොකළ එහෙත් වෙනම සිදුකරන ලද ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම පිළිබඳවය. එහිදී ජනාධිපතිවරයා අපේ නිදහස් ප්‍රාර්ථනා ගිලිහී ගිය ආකාරය මෙන්ම ජාතික වගකීම් අමතක කළ පසුකාලීන දේශපාලනයේ දුබලතා ආදිය ගැන ද මනා විශ්ලේෂණයක් සිදුකර තිබුණි. ජනාධිපතිවරයා සිදුකළ විවේචනයෙහි හරය වූයේ ද නිදහසින් පසු මෙරටේ පාලනය භාරගත් සියලුම පක්‍ෂ, ආණ්ඩු මෙම පරිහානියේ වගඋත්තරකරුවන් බවය. 1948 නිදහස හිමි වනවිට දකුණු ආසියාවේ සමෘද්ධිමත් මෙන්ම සාක්‍ෂරතාවයෙන් ද පොහොසත් රටක් ලෙස ලංකාව ද පිළිගෙන තිබුණි. සාක්‍ෂරතාව අතින් ජපානය ඉදිරියෙන් සිටියත් සර්වජන ඡන්දය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ද අපට සෑහෙන අවබෝධයක් තිබුණි. ඉංග්‍රීසීන් ඇතිකළ රාජ්‍ය සේවය මෙන්ම පොලිසිය හා අධිකරණ ක්‍රමය ද ප්‍රශස්ත මට්ටමක විය. එහෙත් පාලනය හිමි වූ ස්වදේශීය ප්‍රභූවරුන්ට මේ රට මෙහෙයවීමට සැලැස්මක් හා දැනුමක් ද නොවීය.

ඉතා සැකෙවින් කිවහොත් වසර 74 ක ඇවෑමෙන් දුර්දාන්ත, අමන දේශපාලන රස්තියාදුකාරයන්ගේත්, වංචා, දූෂණ, හොර මැරකම්වල කෙළ පැමිණි නඩවලත් කූට ප්‍රාප්තිය අපට දැක ගත හැකිය. යම් ප්‍රමාණයක හෝ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති වූයේ 1956 දීය. ඉන්පසු 70 දසකය සාපේක්‍ෂව ජාතික ආර්ථික සැලසුම් දැක ගත හැකි වුවද ඒ සියල්ලේ විනාශකාරී දොරටුව විවර වූයේ 1978 ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණවල ආවේණික දුබලතාවන් නිසා ය. දකුණේ උද්ගත වූ කැරළි දෙක මෙන්ම උතුරේ යුද්ධය ගැන දේශපාලන ගැඹුරකින් විසඳුම් ලබාදීමට අපි අපේ පාලකයෝ අසමත් වූහ. ජයවර්ධනගේ විවෘත ආර්ථිකයේ ඇතැම් සාධනීය

අංග නිෂේධනය කරමින් ද එම ව්‍යවස්ථාවෙහි දුෂ්ට ක්‍රමවේද භාවිත කරමින් ද රට ප්‍රපාතයට රැගෙන ගිය ආකාරය ට අද බලයේ සිටින අය මෙන්ම ඒ බලය අභ්‍යාස කළ අනෙක් කණ්ඩායම් ද වගකිව යුතු වෙති. කෙබඳු දේශපාලන සාක්‍ෂරතාවක් තිබුණත් අපට නිවැරදි මාර්ගයක් පෙන්වීමට සමත් නායකත්වයක් නොවීම අප ලද අභාග්‍යයයි. ඇත්ත වශයෙන් ම ජනතාව තුළ වුව ද අද ජාතික හැඟීමක් සංස්කෘතික වටිනාකම් පිළිබඳ වුවමනාවක් ඇතැයි කිව නොහැක.

හැටනව ලක්‍ෂයක ජනවරමක් ලබාගත් ගෝඨාභය ජනාධිපතිවරයා ලෙසට පත්ව අභිනව ආර්ථික සමාජ දේශාපාලන ප්‍රතිසංස්කරණයන් සිදුකරනු ඇතැයි ජනතාව තැබූ විශ්වාසය හුදු මාලාවක් බවට පත්විය. රාජපක්‍ෂ කඳවුර කෙතරම් පරිහානියකට පත්ව සිටියේ ද යත් ඔවුන්ට රටේ ඉරණම භාරදීමට සිදුවූයේ තම දේශපාලන ප්‍රතිවාදයෙකු වූ රනිල් වික්‍රමසිංහට ය. එහෙත් ජනාධිපති වූ රනිල්ගේ දේශපාලන ප්‍රතිචාර දෙස බලද්දී අපට සිහිවන්නේ දුටුගැමුණු කුමරුන් හා බැඳුණු ජනප්‍රවාදයකි. තම පුතු අත්පය හකුළුවා වක ගැසී නිදනු දුටු විහාරමහා දේවියට විස්මයක් ඇති විය. කුමරුන් ගෙන් විමසූ මවට ලැබුණේ අත්පා දිග හැරීමට නිදහසක් නොමැති බවය.

අද ජනාධිපති රනිල්ට සිදුව අත්තේ ද එයම නොවේ ද? එක් පසෙක නිල බල දොළදුකෙන් ආතුරු වූ පොහොට්ටුකාරයෝ ය. තව පසෙක ජාතික සම්පත්වල සාරය උරාබොන තක්කඩි රැළකි. අනෙක් පස යුක්තිය අසාධාරණය අතට ගත් නිලමක්කාරයෝ ය. ඒ මදිවාට කිසිම ජාතික සමගියක් ඇතිකර ගැනීමට හෘදයාංගමව කැප නොවූ දෙමළ හා මුස්ලිම් නායකයන්ගේ ව්‍යාජ ඝෝෂාවන් ය. හැම පාලකයෙක්ම හැමදාම උනන්දු වූයේ ඊළඟ පරපුරේ යහපත ගැන නොව ඊළඟ ඡන්දයේ ප්‍රතිඵලය ගැන ය. අද දේශපාලන තරම් ලාභදායී රැකියාවක් නැත. ජනාධිපතිවරුන් නඩත්තුවට කෝටි ගණනක මුදලක් වෙන්කරන්නේ රට ම හිඟමනට වැටී තිබියදී ය. ඔවුහු රසමසවුළු බුදිති. ජනතාවගෙන් සෑහෙන පිරිසකට තුන්වේල කෑමට නොහැකි ය. ජනතා මුදලින් නායකයෝ සුඛෝපභෝගී වාහනවල යත,ි එති. ජනතාවට ලදරම් බස් ද මග පීලි පනින කෝච්චි ද තිබේ.

නිදහසට පෙර පෙට්‍රල් මිල ඉහළ ගියේය. පාඨලී චම්පික කියන ආකාරයට නම් ආණ්ඩුව රු. 200 කට දිය හැකි පෙට්‍රල් ලීටරයට රු. 400 ක් ගනිති. ඒවා යෝජනා කරන උන්ට හෙණවත් නැත. නිදහසින් පසු ගෑස් මිල ඉහළ ගියේය. ඒ සියල්ලේ ප්‍රතිඵල නැතිබැරි මිනිහාට ය. තෙල් මිල ඉහළ දමන බලධාරීන්ට මිලියන ගණනින් වැටුප්, පාරිතෝෂික දීමනා ලබා දී ඇති බවට දැඩි විවේචන සිදු වුවත් ඒවාට පිළිතුරු දීමට ඇමැතිවරයාවත් උනන්දු නැත. ඔහු තමන්ට එකඟ නොවන නිලධාරීන් සමග යුද්ධයක ය. මේ සියලු ප්‍රතිචාර දෙස බලද්දී විනයක් නැති මූල්‍ය පාලනයක් නැති රටක ස්වරූපය ඉතා පැහැදිලිය.

ජනාධිපතිවරයාට හෝ මේ අයාලේ යන නාස්තිකාර හැසිරීම් පාලනය කර ගත නොහැකි වී තිබේ. ජනතාව අමිහිරි අත්දැකීම්, වේදනාබර ජීවිත ඉවසා සිටින අයුරු ආණ්ඩුවට ද පෙනෙනු ඇත. ඔහු ජනතාවට කරන ආයාචනාවලට තවත් සංවේදී වීමට බොහෝ දෙනෙකුට අද අසීරු බව ද කිව යුතුය. තවමත් දේශාපාලන නූල් සූත්තර, බලය සඳහා දිය යටින් ගින්දර ගෙන යෑම් ද නො අඩුව සිදුවේ. ආණ්ඩුව යන ගමන වැරදි බව ජනාධිපති දනී. එහෙත් එහි ඇදය කෙළින් කළ නොහැකි බව ද ඔහුට දැනෙනු ඇත. ජනාධිපතිවරයා රට නොබෙදන බව පුන පුනා කියන්නේත්, දූෂිත තක්කඩි චෞර කල්ලි, පරාජය කළ යුතු බව අවධාරණය කරන්නේත්, බලලෝභී දේශපාලනය වෙනුවට ජාතික වගකීම් පිළිබඳ අලුත් දේශපාලනයක් රටට අවශ්‍ය බව වටහා ගැනීම නිසා ය. එහෙත් දේශපාලන රැකියාවත්, දූෂිත බලකාමී අපේක්‍ෂාවලින් අන්ධවී සිටීමත් එබඳු අභිනව දේශපාලන සංස්කෘතියකට ඉඳුරා විරුද්ධ බව අප පෙන්වා දිය යුතු නැත. ජනාධිපතිවරයා ප්‍රබලව ප්‍රකාශ කළේ මේ නරාවළෙන් ගොඩ ඒමට තිබෙන ඉනිමඟ පැත්තකට නොදැමිය යුතු බවය.

අවසාන වශයෙන් පැවසිය යුතු තවත් දෙයක් ඇත. එනම් මෙම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන පසුගාමිත්වය මෙන්ම එයට බාධාවන මෙහෙයුම් ගැන ද දැඩි දෝෂාරෝපණ නැඟී තිබෙන බවය. මැතිවරණ කොමිසම ආණ්ඩුවට හතුරෙකි. ඡන්දය ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම ද ආණ්ඩුව නො ඉවසයි. ආණ්ඩුව ඡන්දයට බිය වන්නේ සල්ලි නැති නිසා නොව ඡන්ද නැති නිසා බවට විපක්‍ෂය කරන චෝදනාව බරපතළ ය. විශාල වශයෙන් ජනතා මුදල් වැයකර නිදහස් උත්සවයක් පැවැත්වූ ආණ්ඩුවක් ඡන්දයකට මුදල් නැතැයි කීම දේශපාලන තක්කඩිකමක් බවට ද චෝදනා නැඟෙයි. ආණ්ඩුවේ ගමන් මඟ මූල්‍ය පාලනය ගිලිහී යෑම මෙන්ම ආණ්ඩුවේ ප්‍රමුඛතා හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් ගැන ද ලෝකයට අමුතු විග්‍රහ වුවමනා නැත. පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් වුවද මේ මොහොතේ ආණ්ඩුව තනි නොකරන බව පවසන්නේත් ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණය නොනැසී පවත්වාගත යුතුය යන ආකල්පයෙනි. අප ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මානව හිමිකම් සුරකින ශිෂ්ට රටක් බව ජගත් ප්‍රජාව මැනබලන්නේ මැතිවරණ, භාෂණයේ නිදහස, ස්වාධීන අධිකරණය වැනි ලක්‍ෂණවලින් විනා මර්දනයට හා තර්ජනයට ආණ්ඩුව දක්වන සමත්කම අනුව නොවන බව ද අවධාරණය කළ යුතුය.

ගාමිණි සුමනසේකර

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9a%e0%b7%91-%e0%b6%8b%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b3%e0%b6%bd%e0%b7%94-%e0%b6%ad%e0%b6%bd%e0%b7%9a-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a/feed/ 0
ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපෘති කාර්යාල රැසක් වසා දැමීමට නිර්දේශ https://divaina.lk/%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%8a/#respond Tue, 07 Feb 2023 23:50:00 +0000 https://divaina.lk/?p=126897 දැනට මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක එකසිය තිස්තුනක් අතරින් කාර්යාල රැසක් වසා දැමීමට විශේෂ කමිටුවක් මගින් රජයට නිර්දේශ කර තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ අදාළ කාර්යාලවල ඵලදායිත්වය හා කාර්යක්‍ෂමතාව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය මගින් පත් කරනු ලැබූ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන එච්.ඊ. කමල් පත්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එම නිර්දේශවලට අනුව ඉහළ වැටුප් ලබන කාර්ය මණ්ඩලවලින් යුතු අදාළ ව්‍යාපෘති කාර්යාල අතරින් කාර්යාල පනස් පහක් වසා දැමීමටත් තවත් කාර්යාල 32 ක් අත්හිටුවීමටත් යෝජනා වී ඇත. තවත් කාර්යාල 46 ක් අවම කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යෑමට නිර්දේශ වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පෙරේදා (06 වැනිදා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇති අතර එහිදී ඇතැම් ඇමැතිවරුන් යෝජනා කර ඇත්තේ අදාළ කාර්යාල වසා දැමීමක් නොකර කාර්යක්‍ෂමව පවත්වාගෙන යෑම සුදුසු බවයි.

එහිදී කැබිනට් මණ්ඩලය ඇමතූ ජනාධිපතිවරයා අදාළ කාර්යාල කිසිවක් වසා දමනවාද, අත්හිටුවනවාද යන්න මේ දක්වා තීරණය කර නොමැති අතර මුදල් අමාත්‍යාංශය තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බව දැනුම් දී ඇත.

සමන් ගමගේ

]]>
https://divaina.lk/%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b7%8a/feed/ 0