Education Minister Susil Premajayantha – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 13 Oct 2023 06:37:56 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Education Minister Susil Premajayantha – Divaina https://divaina.lk 32 32 ගුරු වැටුප් ගැටලු ලිහන්න අයවැයෙන් මුදල් – ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b4%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%94-%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b4%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%94-%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/#respond Thu, 12 Oct 2023 23:49:00 +0000 https://divaina.lk/?p=174166 මෙරට පාසල් පද්ධතියේ විදුහල්පති හා පරිපාලන සේවා පුරප්පාඩු ලබන වසරේ සම්පූර්ණ කිරීමටත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු නිරාකරණය කර හිඟ වැටුප් ගෙවීම සඳහාත් එළඹෙන අයවැයෙන් ප්‍රතිපාදන ඉල්ලා ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා මුලතිව් මල්ලාවී විද්‍යාලයේදී පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා වැඩසටහනේ මුලතිව් මල්ලාවි විද්‍යාලයේ කෘෂිකර්ම ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය, ආණ්ඩුකාර කාර්යාලය, ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇතුළු ආයතන රැසක සහය ඇතිව උතුරු පළාතේ පාසල් 150ක් ඉලක්ක කර ගනිමින් ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගාව ආරම්භ කෙරිණි.

කෘෂිකර්ම ගැටලුව විසඳීම නව තාක්ෂණික දැනුම ගොවි ජනතාවට ලබා දීම, කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශන ක්‍රියා ලබා දීම මෙම ප්‍රදර්ශන භූමියේ දී සිදු වෙයි.

පාසල් දරුවන් දසදහසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එම දරුවන් සඳහා දිවා ආහාරය ලබා දීමට කටයුතු යොදා තිබේ.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට පාසල් 87ක් සඳහා රුපියල් එක් ලක්‍ෂ පනස්දහසක මුදලට අදාළ චෙක්පත් ප්‍රදානය ඇමැතිවරයා අතින් සිදු විය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා අධ්‍යාපන ගැටලුවල දී උද්ඝෝෂණ හා විරෝධතාවලින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමුඛ කාර්යය බව සලකා සාකච්ඡා මාර්ගයෙන් විසඳීම වඩාත් සුදුසු බව ද පැවසීය.

මෙම අවස්ථාවට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මිය, අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහන් දීලිපන් යන මහත්වරුද සහභාගි වූහ.

දිනසේන රතුගමගේ

]]>
https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b4%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%94-%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/feed/ 0
නොවැම්බර් මුල විදුහල්පති පත්වීම් 4718 ක් දෙනවා – අධ්‍යාපන ඇමැති https://divaina.lk/%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b7%84%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%92/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b7%84%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%92/#respond Tue, 10 Oct 2023 23:48:00 +0000 https://divaina.lk/?p=173741 2030 දී සියලු සිසුන්ට දිවා ආහාර

විදුහල්පති හිඟය මඟහැරවීම සඳහා ලබන නොවැම්බර් මස මුලදී විදුහල්පති පත්වීම් 4718 ක් ලබාදෙන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (10 දා) පැවසීය.

මීට අමතරව ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 705 ක් හා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405 ක් පුරවමින් ගුරු උපදේශක සේවා විෂමතා ඉවත් කරන බවත් මුලතිව් මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති කෘෂිකාර්මික ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

2023 වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේදී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූලව වැඩිකර, 2030 වනවිට සියලුම පාසල් දරුවන් සඳහා දිවා ආහාරය නොමිලේ ලබාදීමට ක්‍රියාකරන බවත් ඇමැතිවරයා කීය.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b7%84%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%92/feed/ 0
උපෙළ සාපෙළ අවසන් කළ සිසුන්ට වෘත්තීය පුහුණුව ආරම්භ කරනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත https://divaina.lk/%e0%b6%8b%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b7%83%e0%b7%8f%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%8b%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b7%83%e0%b7%8f%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b1/#respond Mon, 02 Oct 2023 23:45:00 +0000 https://divaina.lk/?p=172224 මෙවර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අවසන්වූ පසු සියලු සිසුන්ට වෘත්තීය පුහුණුව ආරම්භ කරනවා යැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

මෙම වෘත්තීය පාඨමාලා සඳහා එම විභාග දෙකට සහභාගී වන සිසු සිසුවියන්ගෙන් සියයට 50 ක් පමණ සහභාගීවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ගින්තොට සහිරා විiාලයේ 27 දා පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා පැවැසීය.

මෙයට අදාළව කැබිනට් අනුමැතිය ද ලබාගෙන ඇති බව ද ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා බත්තරමුල්ල “වෝටර් එජ්” හෝටලයේ පැවැති උත්සවයකට සහභාගීවෙමින් කියාසිටියේ වයස අවුරුදු 04 සම්පූර්ණ කරන දරුවන්ට පූර්ව ළමාවිය අධ්‍යාපනය අනිවාර්ය කරන බවය.

පළමු ශ්‍රේණිය සිට ප්‍රථම උපාධිය තෙක් නොමිලේ ලබාදෙන නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් සිව්වයස් සම්පූර්ණ කරන සියලු දරුවන්ට පූර්ව ළමාවිය අධ්‍යාපනය අනිවාර්යය කරන බවය.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%8b%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b7%83%e0%b7%8f%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%85-%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%b1/feed/ 0
උ.පෙළ විභාගය දින වකවානු ගැන විභාග කොමසාරිස් ජනරාල් ප්‍රකාශයක් කරයි – අධ්‍යාපන ඇමැති https://divaina.lk/%e0%b6%8b-%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b7%80%e0%b7%92%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%80%e0%b6%9a%e0%b7%80%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9c%e0%b7%90/ https://divaina.lk/%e0%b6%8b-%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b7%80%e0%b7%92%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%80%e0%b6%9a%e0%b7%80%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9c%e0%b7%90/#respond Tue, 19 Sep 2023 23:53:00 +0000 https://divaina.lk/?p=169804 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් වහාම ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.

සමගි ජනබලවේගය මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. එහිදී මන්ත්‍රීවරිය මෙසේ ද ප්‍රකාශ කළාය.

නොවැම්බර් 21 හෝ 27 උ.පෙළ විභාගය නොතියා පාසල් තෙවන වාරය 2023.10.30 සිට 2023.12.22 සිට සති 8 කුත්, 2024.01.01 සිට 2024.01.19 සති තුනකුත් විදිහට අරගෙන 01 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා දරුවන්ට පාසල් වාරය ඉවර කරන්න පුළුවන්. උසස් පෙළ විභාගය ජනවාරි 22 ආරම්භ කළොත් පෙබරවාරි 17 අවසන් කරන්න පුළුවන්. එතකොට පෙබරවාරි 19 සිට 2024 පළමු වාරය ආරම්භ කරන්න පුළුවන්.

උසස් පෙළ ලබන ජනවාරියේ ලියන ළමයින්ගේ ප්‍රතිඵල මැයි දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඊළඟ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ විභාගය තියන්න පුළුවන්. එහෙම වුණොත් 2025 ඉඳන් ඔය විභාග කාලසටහන යාවත්කාලීන කරන්න පුළුවන්.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා – රෝහිණි කවිරත්න මහත්මිය වැදගත් ප්‍රශ්නයක් යොමු කළා. ප්‍රශ්නයකට වැඩිය යෝජනාවක්. ඒ යෝජනාව විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමුකරලා තියෙන්නේ. ඒ පිළිබඳව එතුමා ළඟදීම නිවේදනයක් නිකුත් කරයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා දරුවන්ට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලැබී නැති බැවින් ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරු රැසක් අධ්‍යාපන ඇමැතිවරයාගේ අවධානය යොමු කර වූහ. එහිදී ද ඇමැතිවරයා කියා සිටියේ විභාග පනතේ ඇති බලතල අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් එම දැනුම්දීම සිදු කරනු ඇති බවයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%8b-%e0%b6%b4%e0%b7%99%e0%b7%85-%e0%b7%80%e0%b7%92%e0%b6%b7%e0%b7%8f%e0%b6%9c%e0%b6%ba-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%80%e0%b6%9a%e0%b7%80%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9c%e0%b7%90/feed/ 0
කොවිඩ්වලට දුන් අධ්‍යාපන පීඨ ‘පණ ගහන්න’ මිලියන 36ක් – ඇමැති සුසිල් https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1/#respond Sat, 26 Aug 2023 23:48:00 +0000 https://divaina.lk/?p=165144 කොවිඩ් ආසාදිතයන් පුනරුත්ථාපනය කිරීම සඳහා ජාතික අධ්‍යාපන පීඨ 19ක් යොදා ගැනීම හේතුවෙන් ඇති වූ අලාභහානි ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 36ක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම් ජයන්ත මහතා පවසයි.

පුනරුත්ථාපන මධ්‍යස්ථාන ලෙස යොදාගත් ගොඩනැඟිල්ලිවල ගෘහ උපකරණ හා අනෙකුත් උපකරණ, යටිතල පහසුකම් රැසකට හානි සිදුව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

මෙම හානි ප්‍රතිසංස්කරණ කටයුතු මූලිකව ආරම්භ කිරීමට ලෝක බැංකු ව්‍යාපෘතියකින් රුපියල් මිලියන 200 ක් හිමිවූ බවත් ලබන වසරේ ජුනි මස 30 වැනිදාට පෙර ප්‍රතිසංස්කරණ අවසන් කර එම පීඨවල කටයුතු ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කරයි.

රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1/feed/ 0
සඳට ගිය සතුට අඩපණ කරන කාලකන්නි සංස්කෘතියක් ඉන්දීය තරුණයන් අතර නැති එක සතුටක් – විමල් පාර්ලිමේන්තුවේදී කියයි https://divaina.lk/%e0%b7%83%e0%b6%b3%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b6%b4%e0%b6%ab-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a/ https://divaina.lk/%e0%b7%83%e0%b6%b3%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b6%b4%e0%b6%ab-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a/#respond Thu, 24 Aug 2023 23:53:00 +0000 https://divaina.lk/?p=164755 බිලියන ගණනක් වියදම් කර සඳ තරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විඳින සතුට අඩපණ කර ගැරහීම් කරන කාලකන්නි සංස්කෘතියක් ඉන්දීය තරුණ පරම්පරාව තුළ නොමැතිවීම ගැන සතුටු වන බවත් එය මෙරට තරුණයන්ට ද ආදර්ශයක් බවත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය.

ඉන්දියාව සඳ තරණය කරමින් චන්ද්‍රයාන් – 3 යානය සාර්ථකව සඳ මත ගොඩ බැස්සවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් සුබ පැතුම් එක් කළ අතර ඉන් පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව කීය.

එහිදී එම මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“අපේ අසල්වැසි රට ඉන්දියාවට ලෝකයේ හතරවැනි රට ලෙස සඳ තරණය කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා සහ අපේ ප්‍රසාදය පළ කරනවා. ඒ වගේම මේ වැඩේට බිලියන ගණනක් ඉන්දියාවට වැය වන විට, ඉන්දියාවේ මෙච්චර දුප්පතුන් ඉන්නවා, ඉගෙන ගන්න නැති ළමයි ඉන්නවා ආදී දේවල් කියා ඒ සතුට අඩපණ කරන කාලකන්නි සංස්කෘතියක් ඉන්දීය තරුණ පරම්පරාව තුළ නොමැතිවීම ගැන අපි සතුටු වෙනවා. ඉන්දීය තරුණ පරම්පරාව මොන කුලය වුණත්, මොන ජාතිය වුණත්, තම ජාතික කොඩියත් එක්ක, ජාතීත්වයත් එක්ක හිට ගන්නවා. එහෙම නැතුව රටේ තිබෙන අඩුපාඩු එක්ක සඳ තරණය ගැන කාලකන්නි ගැරහීමකට ඒ සමාජය ගිහින් නෑ. විශේෂයෙන්ම ඉන්දීය සිනමාව එහිදී විශේෂ කාර්යභාරයක් කරලා තිබෙනවා. අපේ තරුණ පරම්පරාවත් ඉන්දීය තරුණයන්ගෙන් ඉගෙන ගන්න කියන එක මේ වෙලාවේ අවධාරණය කරනවා” යැයි පැවසීය.

ඊට පෙර කතා කරමින් චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මතට ගොඩ බැස්සවීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය රජයට සුබ පතමින් විශේෂ ප්‍රකාශයක් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

සජිත් රොකට් එක අදියි: සුසිල් නෑ නෑ කියයි

තුන්පාරම ඉන්දියාවට ගියේ ඩොලර් මිලියන 263යි මෙරට සුප්‍රීම් සැට් එකට ඩොලර් මිලියන 320ක් ගියා – විපක්‍ෂ නායක සජිත්

ලංකාවෙන් එහෙම එකක් යවලා නෑ – ඇමැති සුසිල්

ඉන්දියාවට සඳ මතට චන්ද්‍රයාන් යානය යැවීම සිදු කළ අවස්ථා තුන සඳහාම වියදම් වී ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 263ක් වුවද මෙරටින් ගුවන් ගත කළ සුප්‍රීම් සැට් නමැති යානය වෙනුවෙන් වැය කළ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 320ක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) කීය.

ඉන්දියාව 2008, 2019 සහ 2023 දී චන්ද්‍රයන් වන්, ටූ සහ ත්‍රී කියන උත්සාහයන් තුනක් සිදු කොට තමයි සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බැස්සවූවේ. මේ ක්‍රියාදාමයන් තුනටම ඉන්දියාවට වැය වී තිබෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 263ක් පමණයි.

නමුත් අපේ රටේ සුප්‍රීම් සැට් එක ක්‍රියාත්මක කරවන්න 2012 දී ඇමරිකන් ඩොලර් මිලියන 320ක් වියදම් වී තිබෙනවා. මේ ගැන මුළු රටම දැන ගන්න ඕනා. මේ ගැන මම වාර්තාවක් ඉල්ලනවා ආණ්ඩුවෙන්. මොකද මිලියන 320ක් වියදම් කරලා හඳට නොවෙයි රට වළපල්ලමට යවලා තිබෙනවා.

කෙසේ වෙතත් සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ තමන් එවකට විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයා ලෙස කටයුතු කළ ද මෙරට කිසිවකු සුප්‍රීම් යානාවක් හඳට යැව්වා කියා තමන් කිසිම දැනුවත්වීමක් සිදු නොවූ බවය.

කෙසේ වෙතත් 2012 දී එවැනි යානාවක් යැව්වේ නම් මේ වන විට සඳේ පස් පවා රැගෙන ආයුතු කාලය එළඹ ඇති බවත් එබැවින් මෙරට කිසිවකු සුප්‍රීම් යානාවක් යැවීම ප්‍රබන්ධ කතාවක් බවත් ඇමැතිවරයා කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b6%b3%e0%b6%a7-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b6%a7-%e0%b6%85%e0%b6%a9%e0%b6%b4%e0%b6%ab-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%9a/feed/ 0