Electricity in Siripagama – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 12 Aug 2023 05:36:52 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Electricity in Siripagama – Divaina https://divaina.lk 32 32 සිරිපාගම ගැටලුව විසඳෙයි: වන්දි නැතිවම විදුලි කම්බි ඉඩම උඩින් ඉඩමේ හිමිකරුවෝ එකඟ වෙති https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%94%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%99%e0%b6%ba%e0%b7%92/ https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%94%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%99%e0%b6%ba%e0%b7%92/#respond Sat, 12 Aug 2023 23:54:00 +0000 https://divaina.lk/?p=162320 ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කරන සම්ප්‍රේෂණ රැහැනෙහි රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඉඩමක් හරහා දිවෙන කොටස කිසිදු වන්දියකින් තොරව රජයට පරිත්‍යාග කිරීමට ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයන් එකඟතාව පළ කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය හා අදාළ ඉඩමෙහි හිමිකරුවන් අතර පැවැති ආරවුල විසඳීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඉකුත් 11 වැනිදා දෙපාර්ශ්වය කැඳවා තිබුණි. එහිදී මෙම එකඟතාව පළ කර තිබේ. මෙම එකඟතාව එදින සිට බලාත්මක වේ.

ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ පවුලක සාමාජිකයන් විසින් රටේ වත්මන් විදුලි අවශ්‍යතාව පිළිබඳ සැලකිල්ල දක්වමින් පොදු ජනතාවට අපහසුවක් නොවන පරිදි අඛණ්ඩ විදුලි සැපයුමකට දායක වීම සඳහා මෙම එකඟතාව පළ කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම එකඟතාව පිළිබඳ ගිවිසුමට අදාළ පවුලේ සමාජිකයන් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සමථකරණ මණ්ඩලය ඉදිරිපිට දී අත්සන් කර ඇත. ඒ අනුව අදාළ සම්ප්‍රේෂණ රැහැන ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද මෙම ගිවිසුම මගින් පහසුකම් සලසා තිබේ. ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජිත සැලැස්මට අනුව අදාළ විදුලි රැහැන මෙම පෞද්ගලික ඉඩම හරහා ඉදිකිරීමට ද අවම උස මීටර් 20 තබා ඉදිකිරීමට ද පොළව මට්ටමේ සිට මීටර් 16 දක්වා ගොඩනැගිලි ඉදිකිරීමට හා වගා කටයුතු කළ හැකි ආකාරයට රැහැන ඉදිකිරීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවා ඇති විදුලි ආරක්ෂාව තත්ත්වය හා අඛණ්ඩතාව පිළිබඳ රෙගුලාසිවලට යටත්ව රැහැන ඉදිකිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇත.

සම්ප්‍රේෂණ රැහැනෙහි මීටර් 630ක කොටසක් ඉදිකිරීමේදී අහිමි වන ඉඩම් කොටසේ වන්දිය වශයෙන් පුද්ගලික තක්සේරුකරුවන් විසින් රුපියල් මිලියන 41 ක් නිර්දේශ කර තිබුණි. පසුව ආසියානු සංවර්ධන අරමුදලේ නිර්ණායක අනුව වන්දි වශයෙන් රුපියල් මිලියන 9.6 ක් වශයෙන් ගණනය කර ඇත. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාව පළ කර තිබුණේ රුපියල් මිලියන 1.69 ක වන්දි මුදලක් සඳහාය. මෙම ආරාවුල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අගෝස්තු 8 වැනිදා යොමු කර තිබුණි. ඒ අනුව කිසිදු වන්දි මුදලක් ගෙවීමකින් තොරවම ගැටලුව නිරාකරණය කරගෙන ඇත. මෙම සම්ප්‍රේෂණ රැහැනට අදාළ ආරාවුල නිරවුල් කිරීමේ කමිටුවෙහි සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පාරිභෝගික කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝෂන් වීරසූරිය මහතා ක්‍රියා කළ අතර බාහිර සාමාජිකයන් වශයෙන් නීතිඥ සී. එල්ලාවල මහත්මිය සහ ඉංජිනේරු ගාමිණි සේනානායක මහතා කටයුතු කළහ.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b6%bd%e0%b7%94%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%99%e0%b6%ba%e0%b7%92/feed/ 0