Ellawala Medhananda Thero – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 22 Jun 2023 11:12:57 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Ellawala Medhananda Thero – Divaina https://divaina.lk 32 32 සෙල්ලිපි 500කට වඩා සොයාගත් යතිවර ගවේෂණය…’දිවයින ඉරිදා සංග්‍රහයට’ කරන විශේෂ හෙළිදරව්ව https://divaina.lk/%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92-500%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba/ https://divaina.lk/%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92-500%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba/#respond Sat, 24 Jun 2023 23:58:00 +0000 https://divaina.lk/?p=152492 පුරාවිද්‍යා ගවේෂණය ආරම්භ කරනකොට වයස අවුරුදු දහසයයි…

දිඹුලාගල නායක හාමුදුරුවො මට කතා කළේ මහානායක හාමුදුරුවෝ කියලා…

වැලිකන්ද, වඩුමුණේ, තොප්පිගල, නරකමුල්ල, ඕමුණුගම හරහා මහඔය සංචාරය ජීවිතයේ දුෂ්කරම ගවේෂණයක්…

මහ කැලෑවේ සති ගණන් ගත කළත් වනසතුන් ගෙන් කිසිම හිරිහැරයක් වෙලා නෑ…

පුරාවිද්‍යාවේ පරතෙරටම අධ්‍යයනය කර සිටින ‘පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ තරම් මෙරට පුරාවස්තු පරීක්‍ෂා කර ඇති පුද්ගලයෙක් තවත් නැති තරම්ය. වසර 64ට වැඩි කාලයක් මෙරට ගම් සිසාරා අහුමුලු නෑර වැඩම කරමින් වනගහනයන්හි පුරාවිද්‍යා ගවේෂණයන් කර ඇති උන්වහන්සේ රට, ජාතියට, ශාසනයට කර ඇති සේවය මෙතකැයි කිවනොහැකි තරම්ය. උතුර, නැඟෙනහිර ප්‍රදේශයන්හි මෙපමණකට හෝ පුරාවස්තු ආරක්‍ෂා වී ඇත්තේ ත්‍රස්තවාදී යුද්ධයට පෙර, යුද්ධය අතරතුර සහ ත්‍රස්තවාදය වැළලී ගිය පසුව ද උතුර, නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන ගැන උන්වහන්සේ සිදු කරන ලද ගවේෂණයන් නිසා බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

දිවි පරදුවට තබා, හරි හැටි දාන වේලක් නොවළඳා දින, සති, මාස ගණන් එක දිගට වරින්වර, වසර ගණනාවක් තිස්සේ උන්වහන්සේ පුරාවස්තු ගවේෂණයන් සිදු කර ඇත්තේ කීර්ති ප්‍රශංසා, මිල මුදල් ගරු නම්බුනාම බලාපොරොත්තුවෙන් නොවේ. ජාතියේ නියම උරුමය නිවැරැදි ලෙස පෙන්වාදීම සඳහා ය. සැබෑ උරුමය අනාගතයට සුරක්‍ෂිත කර තැබීම සඳහා ය. එවැනි උතුම් සිතුවිලි හද ගැබ තුළ සඟවා ගෙන කරගෙන ගිය ජාතික මෙහෙවර අවසානයේ උන්වහන්සේට ඉතිරි වී ඇත්තේ රෝගී කයක් පමණි. මේ වනවිට විවිධ රෝගාබාධවලින් අනේකවිධ පීඩා විඳින උන්වහන්සේ පරීක්‍ෂා කරන විශේෂඥ වෛද්‍යවරු පවසා ඇත්තේ ජීවිතයේ ඒ, ඒ වයස් සීමාවන්හි දී ශරීරයට ඇවැසි පෝෂණය ප්‍රමාණවත් ලෙස ලබානොදීම පවතින අයහපත් ශරීර සෞඛ්‍යයට හේතු වී ඇති බවය. 2019 වර්ෂයේ සිට නිතර ක්ලාන්ත තත්ත්වයට පත්වන උන්වහන්සේ දීර්ඝව කතා කිරීමට කැමැත්තක් නොදක්වති. එහෙත් අපේ නායක හාමුදුරුවෝ පසුගිය දිනක සැන්දෑ යාමයක පැය කිහිපයක් අප සමග සාකච්ඡා කිරීමට මැලි නොවූහ. වසර හැට හතරකට වැඩි කාලයක් සිදු කරගෙන ගිය පුරාවිද්‍යා ගවේෂණයන්හි දී අමතක නොවන මතක උන්වහන්සේ සතුටින් සිහිපත් කළහ.

“පුංචි කාලෙ ඉඳලා ඉතිහාසය ඉගෙන ගන්න ලොකු ආශාවක් තිබුණා. ඒ වගේම පුරාවස්තු දැකබලා ගැනීමට දැඩි කැමැත්තක් දැක්වුවා. ඒ නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඉඳලා, විවේකයක් ලැබුණු සෑම නිවාඩුවකම ගවේෂණ චාරිකාවක නිරත වුණා. ටික කාලයක් යනකොට ඒක මගේ විනෝදාංශයක් වුණා. ප්‍රථමයෙන්ම පුරාවිද්‍යා ගවේෂණය ආරම්භ කළේ 1950 වර්ෂයේ දී. එතකොට මට වයස අවුරුදු දහසයක් විතර ඇති. ඔය කාලයේ දී බළංගොඩට සමීපයෙහි, හඳගිරිය පැරැණි නගරය ගවේෂණය කර ඒ තොරතුරු පාදක කරගෙන පුංචි පොතක් සකස් කර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට සිටි උපකුලපතිවරයාට ලබා දුන්නා. එතුමා පොත කියවලා බොහෝම අගය කළා. එපමණක් නොවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ පර්යේෂණයට යොමු කරවීමට එම පොත විශ්වවිද්‍යාල පුස්තකාලයට භාර දුන්නා. ඒ වගේම පොත කියවපු හැමෝම මට ප්‍රශංසා කළා. ‘සිංහල සාහිත්‍ය වංශය’ ග්‍රන්ථය ලියපු පුංචි බණ්ඩාර සන්නස්ගල මහත්තයා, කඹුරුපිටියේ වනරතන නායක හාමුදුරුවෝ ‘පරණවිතානවත් සොයාගත්තෙ නැති ඉතිහාසය හාමුදුරුවෝ සොයාගෙන යනවා…’ කියා ප්‍රශංසා කරමින් ඉදිරියටත් ගවේෂණ කටයුතු කරගෙන යන ලෙසට දිරිගැන්වීම් කළා…”

“කීර්ති ප්‍රශංසා එක දිගට ගලාගෙන එනකොට රටේ නැති වෙච්ච උරුමය මතු කරදීම ජාතික සේවයක් යැයි මට හිතුණා. එවැනි සිතුවිලි මනසේ ඇඳෙනකොට ලංකාව පුරා පුරාවිද්‍යා ගවේෂණ කටයුතු කරගෙන ගියා. එම ගවේෂණ තොරතුරු පාදක කරගෙන පුවත්පත්වලට ලිපි ඉදිරිපත් කළා. ‘උතුර, නැඟෙනහිර බෞද්ධ උරුමය’ නමින් ‘දිවයින’ පුවත්පතට සති පතා ලිපි මාලාවක් ලිව්වා. පත්තරවලට ලිපි ලිවීමට පටන්ගැනීම පුරාවස්තු ගවේෂණයට ලොකු උත්තේජනයක් වුණා. ඒත් පුරාවස්තු ගවේෂණය පහසු කාර්යයක් නෙමෙයි. බොහෝවිට පුරාවිද්‍යා ගවේෂණ කළේ මහ කැලෑවල. අලි, කොටි, වලසුන්, විසකුරු සතුන් ලගින වනාන්තරවල. පාරෙ බස්වල ගිහින්, මහ ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර්, බර කරත්තවලින් වනපෙත් තුළට ඇතුළු වී, කිලෝ මීටර් ගණන් පයින් ගමන් කරනවා. ආහාරපාන, අනෙකුත් දෑ මලුවල දමාගෙන කරේ එල්ලගෙන තමයි ගියේ. සෑම ගවේෂණ චාරිකාවකටම හතරපස්දෙනෙක් සම්බන්ධ වුණා. අපි හැමෝම මහ කැලෑව තුළ රෑ පහන් කළේ ගල් ගුහා, ගල් තලා, මහ ගස් යට. ඒ වගේම ගවේෂණ කටයුත්තෙ දී කාලය රන් හා වටිනවා. ඒ නිසා බොහෝ අවස්ථාවල දී ආහාරයට ගත්තෙ කෙටි කෑම. බනිස්, විස්කෝතු වැඩිපුර අපි අරගෙන ගියා. පාන් පිටි අරගෙන ගිහින් රොටි හදාගෙන කෑවා. දෙවේලට ම රොටි කාපු අවස්ථා අප්‍රමාණයි. බත්, හොදි උයන්න කාලය යන නිසා කැලේ ඉන්නකොට බත් කෑවේ කලාතුරකින්. හේනක වැඩ කරන මිනිස්සු, පැලක ජීවත්වන කෙනෙක් මුණගැහිලා තැම්බූ බඩ ඉරිඟු, මක්‍ඳ්fඤාක්කා ටිකක් දීපු අවස්ථා තියෙනවා. මාත් එක්ක ගිය ගිහි මහත්වරුත් කෑම ගැන හිතුවේ නෑ. සංචාරයට සම්බන්ධ සියලුදෙනා වතුර බිව්වේ හරි පරිස්සමට. තොලකට තෙමා ගන්නව විතරයි. ඒ විදිහට ගවේෂණ චාරිකාවේ දී අතපසු වෙච්ච පෝෂණය අද නරක විදිහට බලපානවා…” එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ මතක පොතේ පිටු එකිනෙක පෙරළීමට පටන් ගත්හ. දෙසවනට කතාව මිහිරිය. එහෙත් එක දිගට කතා කරගෙන යනවිට උන්වහන්සේ තරමක් අපහසු ගතියකින් පෙළෙන බව අපට දැනිණි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාගෙන ගුරු වෘත්තියට යොමු වී ඇති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට ලැබෙන වැටුප සම්පූර්ණයෙන් වැය කොට ඇත්තේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහාය. ඒ හැර පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහා රජයෙන්, සංවිධානයකින්, පුද්ගල පාර්ශ්වයකින් කිසිදු අනුග්‍රහයක් ලැබී නැත. එමෙන්ම ඒ කාලයේ ඡායාරූපකරණය දියුණු තත්ත්වයක නොතිබූ නිසා පින්තූර ලබාගැනීමේදී දැඩි අසීරුතාවලට මුහුණදීමට සිදුව ඇති බව ද සැබෑය. එහෙත් නැඟෙනහිර පළාතේ කෙළවරක් වන කුඹුක්කන්ඔය සිට යාන්ඔය දක්වා ඇති ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක ත්‍රිත්වයම ආවරණය වන පරිදි පුරාවිද්‍යා ගවේෂණ සිදු කර ඇති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ උතුරු පළාතේ යාපනය, කිළිනොච්චි, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අවස්ථා කිහිපයක දී පුරාවස්තු ගවේෂණයන් සිදු කර ඇත. එමෙන්ම ලංකාවේ සෙසු පළාත්වල සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උන්වහන්සේ පුරාවිද්‍යා ගවේෂණයන් සිදු කර ඇත. ඇතැම් පුරාවිද්‍යා ස්ථානවලට තුන් හතර වතාව වැඩම කර ඇති බව ද උන්වහන්සේ සිහිපත් කළහ. එවැනි ස්ථාන නැවත, නැවත ගවේෂණය කරනවිට පෙර නොදැකපු පුරාවස්තු මතු වූ බව ද උන්වහන්සේ පැවසූහ.

එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ ගවේෂණ චාරිකාවේදී අතිශය කටුක සංචාර අතර පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් ආරම්භ කර වඩුමුණේ, තොප්පිගල, නරකමුල්ල, ඕමුණුගම හරහා අම්පාර මහඔය ප්‍රදේශයට පැමිණි දින අටක ගමන අතිශය කටුක බව උන්වහන්සේ සිහිපත් කළහ. අපවත් වී වදාළ දිඹුලාගල නායක හාමුදුරුවෝ ප්‍රදේශය පිළිබඳ මනා අවබෝධයක් සහිත වඩිවේල් හඳුන්වා නොදෙන්න එම ගවේෂණ චාරිකාවේ දී මහා කැලෑවේ අතමරං වීමට ද ඉඩ තිබූ බව උන්වහන්සේ පැවසූහ. එම සංචාරයේ දී උන්වහන්සේ ඇතුළු කණ්ඩායම රෑ පහන් කර ඇත්තේ වැසි බැන්දගල, අටු බැන්දගල වැනි මහ විසල් ගල් තලාවලය. තොප්පිගල, නරකමුල්ල ප්‍රදේශය, ඕමුණුගම ඓතිහාසික බෞද්ධ නටබුන්වලින් ගහන ප්‍රදේශයන් බව ද උන්වහන්සේ පැහැදිලි කළහ. එමෙන්ම උන්වහන්සේ දිඹුලාගල නායක හාමුදුරුවන් ගැන ගුණකථනයක් ද කළහ.

“දිඹුලාගල නායක හාමුදුරුවෝ මට කතා කළේ මහානායක හාමුදුරුවෝ කියලා. නායක පට්ටම්වලට මගේ කැමැත්තක් නැති නිසා දවසක් මම උන්වහන්සේගෙන් ඇහුවා ‘කිසිදු නායක පට්ටමක් නැති මට ඔබවහන්සේ මහානායක හාමුදුරුවෝ කියා අමතන්නෙ ඇයි කියලා…”

‘මගේ මහානායක හාමුදුරුවෝ ඔබවහන්සේ… ඔය කිසිම නායක කෙනෙක් මට නායක නෙමෙයි. ඔය කොයි නායකයත් එන්නෙ මගෙන් මොනවහරි අරගෙන යන්න. ඔබවහන්සේ එන්නෙ මට මොනවහරි දීලා යන්න…’ දිඹුලාගලා නායක හාමුදුරුවන්ගේ පිළිතුරට මම නිරුත්තර වුණා. ඒ වගේම පුරාවිද්‍යා ගවේෂණ චාරිකා කිහිපයක දී උන්වහන්සේ සම්බන්ධ වුණා. එක අවස්ථාවක ඌරුඩිකුලම් වැව දිගේ යනවිට කොටියෙක් අපට ගෙරෙව්වා. ඒත් මුතුගල්ලේ නටබුන් පරීක්‍ෂා කරලා මිසක් අපි ආපසු හැරුණේ නෑ. දිඹුලාගල හාමුදුරුවෝ ළඟ සිටීමත් ශක්තියක්. පුදුමාකාර නිර්භීතකමක් තිබුණේ. උන්වහන්සේට කොටි වෙඩි තිබ්බෙ ගොවිපළේ දී. උන්වහන්සේ වගා කළේ ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින ස්වාමීන් වහන්සේගේ දානය උදෙසා නෙමෙයි. ගමේ නැති බැරි මිනිසුන්ට බෙදා දෙන්න.

ගොවිපළෙන් නෙළාගන්නා අස්වැන්න ජීප් එකේ පිටුපස ගොඩගසා ගෙන ගම වටේ ගිහින් නැති බැරි මිනිසුන්ට බෙදලා දෙනවා. ඒ වගේ හාමුදුරුවරු රට, ජාතියට සම්පතක්. ඒත් කොටි ත්‍රස්තවාදීන් තව ටික කාලයක් උන්වහන්සේට ජීවත් වෙන්න ඉඩ දුන්නෙ නෑ…” එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ දිගු සුසුමක් පිට කර නිහඬ වූහ.

ඕමුණුගම නටබුන් තලාවක් බව දැන සිටි එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ එම ප්‍රදේශයෙ නැවත ගවේෂණ කිරීමට දිනක් මහඔයට වැඩම කළහ. මහඔය සිට ඕමුණුගම ප්‍රදේශයට සැතපුම් පහළොවක් පමණ පයින් වැඩම කිරීමට ඇති බැවින් මහඔය බොල්ලගම් රජමහ විහාරයේ කැකිරිහේනේ නාහිමියන්ගේ අවවාද, අනුශාසනා පරිදි එදින රාත්‍රිය විහාරස්ථානයේ වැඩ සිටීමට තිරණය කර තිබිණි. හිමිදිරියේම පිටත් වූ එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට මඟපෙන්වීමට සම්බන්ධ වී ඇත්තේ සිමියොන් සිඤ්ඤා් මාමා ය. වනාන්තරයට මායිම් වූ පුංචි තේ කඩයකින් උදේ දානයට රොටි සහ කොච්චි සම්බෝල වැළඳුව එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ දහවල් දානයට තවත් රොටි කිහිපයක් ඕතාගෙන වනගත වූහ. ඕමුණුගමට යෑමට ස්ථිර මාර්ගයක් නොමැති බවත් වනසතුන් නිතර සැරිසරන බැවින් පරිස්සමට ගමන යා යුතු බව මඟ දිගේ මුණුගැහෙන බොහෝ දෙනා පවසා තිබිණි.

ඉමක් කොනක් නැති වනපෙත අඳුරුය. බියකරුය. සිමියොන් මාමාගේ මාර්ගෝපදේශය යටතේ ඉදිරියට ගමන් කරන එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට එළිමහන් භූමියක් හමු වී ඇත. ඉදිරියට යනවිට එළිමහන් භූමියේ වතුර වළක් ද ඇස ගැටී තිබේ. සෙසු භූමියම තණපිටියකි. වතුර වළ අසල මූණට, මූණ බලා සිටින අලි දෙදෙනෙක් දැක උන්වහන්සේ වනලැහැබකට වහං වී ඇත. එම අලි දෙදෙනා රණ්ඩුවක පැටලී සිටින බව වටහා ගැනීමට එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ටත්, සිමියොන් මාමාටත් අපහසු වී නැත. උන්වහන්සේ යන ගමන් මාර්ගය වැටී ඇත්තේ අලි රණ්ඩු කරන ඉසව්වෙනි. අලි ගැටුම අහවර වී උන් කැලයට රිංගන තෙක් පැයකට ආසන්න කාලයක් බලා සිටීම සිදු වූ බව එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ සිනා මුවින් සිහිපත් කළහ. එමෙන්ම ඇඟට ලේ බින්දුවක් ඉණුවේ අලි දෙදෙනා ම කැලයට රිංගුව පසු බව ද උන්වහන්සේ පැවසූහ.

“අලි, ඇතුන් රණ්ඩු වෙනකොට හරිම නපුරුයි. ඒ වගේම මගේ පුරාවිද්‍යා චාරිකාවේ දී එවැනි දරුණු අලි ගැටුමක් දැකලා තිබුණේ නෑ. අපි ළඟපාතක ඉන්න බව යාන්තමට හරි දැනුණ නම් පහර දෙන්න ඉඩ තිබුණා. ඒත් මහා මූකලානවල ඇවිදලත් කිසිම දවසක සතෙක් ගෙන් අනතුරක් වෙලා නෑ. අඩුම තරමින් දරුණු සිරීමක්වත් වෙලා නෑ. අපේ චේතනාව යහපත් නිසා සොබාදහම අපිව ආරක්‍ෂා කළා…”

“ඕමුණුගම විශාල පර්වතයක්. ඒ පර්වතය පහළ කුටියක් හදාගෙන භික්‍ෂුන්වහන්සේ නමක් වැඩ සිටියා. ඒ දිඹුලාගල පරපුරේ භික්‍ෂුන්වහන්සේ නමක් වූ අත්තනගල්ලේ ශේඛරාලංකාර හාමුදුරුවෝ. එදින රාත්‍රිය කුටිය තුළ ගතකර හීල් දානයට තැම්බූ බඩඉරිඟු වළඳා ගවේෂණ කටයුතු ආරම්භ කළා. ඕමුණුගම පර්වතය මුදුනේ විශාල පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර පහළට ගලාගෙන ඇවිත් කන්ද පහළ පොකුණට එකතු වෙනවා. පුදුමාකාර වාරි තාක්‍ෂණයක්. ඒ වගේම කන්ද මැද විශාල ලෙනක් තියෙනවා. ඒ ලෙන තුළ බුදුපිළිම අඹලා බුදු මැඳුරක් බවට පත්කර තිබුණා. බුදු මැඳුර නම් කැඩී, බිඳී විනාශ වෙමින් තිබුණා. ඕමුණුගම කන්දට පහළ කන්දේ විශාල ගල්ලෙනක් සහිතව තවත් ලෙන් කිහිපයක් තිබුණා. ඒ ලෙන් තුනකින් සෙල් ලිපි තුනක් සොයා ගත්තා. එක සෙල් ලිපියක සඳහන් වෙලා තිබුණේ නන්දිමිත්‍ර යෝධයාගේ දියණිය විසින් පූජා කරන ලද බව. එම සෙල් ලිපි මම පිටපත් කිරීමට පෙර කිසිවෙක් පිටපත් කරලා තිබුණේ නෑ. ඒ වගේම ගවේෂණය කර සොයාගන්නා සෙල් ලිපියක් කියවනකොට හිතට දැනෙන සතුට වචනයෙන් කියන්න බැරි තරම්…” සෙල් ලිපි ගැන මතක් කරනවිට ද විකසිත වූ මුව මඬලෙන් උන්වහන්සේ විඳින නිරාමිස සතුට අපි දුටිමු.

මේ වනවිට සෙල් ලිපි පන්සියයකට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ සොයාගත් සුවිශේෂී සෙල් ලිපි රාශියකි. ඒ අතර දුටුගැමුණු රජුගේ බිසව රාජිතා බව සෙල් ලිපිවලින් සොයාගැනීම, විහාරමහාදේවීය පැවිදි වී සිටි බව සෙල් ලිපිවලින් සොයාගැනීම, මහානාග යුව රජු රෝහණයේ පිහිටු වූ මාගම රාජධානියේ රාජ පරම්පරාව නිවැරැදිව සොයාගැනීම අති විශේෂ සෙල් ලිපි කියැවීම් ය.

එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ හිස මතට
නාගයෙක් පෙණය තබයි…
තවත් කොටසක් ලබන සතියට…

තරංග රත්නවීර

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b7%99%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92-500%e0%b6%9a%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba/feed/ 0
කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැහැ https://divaina.lk/%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a2/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a2/#respond Thu, 15 Jun 2023 23:52:00 +0000 https://divaina.lk/?p=151247 ජනාධිපති ලේකම් එල්ලාවල මේධානන්ද හිමියන්ට ලිපියකින් දන්වයි

කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණයක් ගෙන නැතැයි ජනාධිපති ලේකම්වරයා පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිළි කරදී තිබේ.

පසුගිය ජුනි 08 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා විසින් කුරුන්දි විහාරයට අයත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරුණු දැක්වීමක් සිදුකර තිබිණි.

එම ලිපිය මගින් කුරුන්දි විහාරයට අයත් නොවන ඉඩම් මහජනතාවට පවරා දීම සඳහා නියම කර ඇති බව මාධ්‍ය මගින් දැනගත් බවත්, එම විහාරය අවට බොහෝ තැන්වල විවිධ බෞද්ධ ආරාමවල නටඹුන් ඇති බවත්, එබැවින් රජයේ ඉඩම් බෙදාදීම නුසුදුසු බවත් ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ විසින් දන්වා තිබිණි. දැනට රජයෙන් ඉඩම් බෙදා දුන්නද නුදුන්නද වැරදි ලෙස බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇති බව දක්නට ඇති බවත් එබැවින් මෙම ඉඩම්වල අයිතිය පැවරීම නොකළ යුතු බවත් උන්වහන්සේ අදාළ ලිපිය මගින් වැඩිදුරටත් කරුණු සඳහන් කර ඇත. මෙම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත කරුණු පැහැදිළි කරමින් 2023 ජුනි මස 15 දින ලිපියක් මගින් පැහැදිලි කර ඇත.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b6%85%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a2/feed/ 0
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ඉල්ලා අස්වුණේ ඇයි? https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b6%a2%e0%b6%b1-2/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b6%a2%e0%b6%b1-2/#respond Tue, 13 Jun 2023 23:43:00 +0000 https://divaina.lk/?p=150873 ඉඩම් බෙදීම ගැන නැවත සිතන්න නැත්නම් ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන් – එල්ලාවල මෙධානන්ද හිමිගෙන් ජනපතිට ලිපියක්

රාජ්‍ය නිලධාරීන් හෑල්ලු කිරීම නොකළ යුතු ක්‍රියාවක්- ගල්ගමුවේ සන්තබෝධි නාහිමි

ලෝක උරුම ආරක්‍ෂාකර දීම ජනපති හා රජයේ වගකීමයි-ඇල්ලේ ගුණවංශ හිමි

ජාතිවාදීන්ට අවශ්‍ය ලෙස රටේ ඉතිහාසය වෙනස් කරන්න දෙන්න බැහැ-මහාචාර්ය නලින් ද සිල්වා

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට කර ඇති දැනුම්දීම පිළිබඳව සහ උතුරු නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථානවල පවතින ඉඩම් නිදහස්කර දෙන ලෙස ඉල්ලමින් දමිළ දේශපාලන පක්‍ෂ නායකයන් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාව සහ ඒ පිළිබඳ රජයට කරනු ලබන බලපෑම් පිළිබඳ මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් ‘දිවයින’ ට ඊයේ (13 දා) අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළහ.

මේ අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (13 දා) ලිපියක් යොමු කරමින් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මෙධානන්ද හිමියන් ඉල්ලා ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙරට ඉඩකඩම් නිදහස් කිරීමට පෙර නැවත ඒ පිළිබඳව සිතා බලන ලෙසත්, එසේ නොවන්නේ නම් එය අනාගතයේදී මෙරට තුළ භයානක තත්ත්වයක් උද්ගත කළ හැකිව පවතින බවත්ය.

උතුරු පළාත් ප්‍රධාන සංඝනායක කුරුන්දි විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි නාහිමියෝ.

“දමිළ දේශපාලකයන්ගේ ඉල්ලීම් මුළුමනින්ම ජාතිවාදියි. පුරාවස්තු ඇති කිසිම බිමක් කුඹුරු කිරීමට ලබාදීමේ හැකියාවක් නැහැ. ජනපතිවරයා මහා විහාර පිළිබඳ දැනුවත් නැහැ. අනුරාධපුර පූජා නගරය අක්කර දෙදහසකින් සමන්විත වනවා. නමුත් ජනාධිපතිවරයා කියන්නේ අක්කර සියයක් නෑ කියලා. රාජ්‍ය නිලතලයක් ජාතිවාදීන් ඉදිරියේ හෑල්ලු කිරීම සුදුසු නැහැ. කුරුන්දි විහාරයට හෝ ඒ අවට කිසිම භූමියකට අයිතිවාසිකම් කියන්න දමිළ ජාතිකයන්ට කිසිම පුරාවිද්‍යාත්මක සාක්‍ෂියක් නැහැ. මේ බිම්වල අවුරුදු ගණන් වගා කළ අය ඉන්න බවට ඔවුන් කියන්නේ මුසාවාද. කුරුන්දි විහාරයට අයත් හෙක්ටයාර 1200 ක් පමණ මේ වන විටත් කපා දමා තිබෙනවා. මෙය විල්පත්තුව කැපුවාටත් වඩා ජාතික අපරාධයක්. මේ රක්‍ෂිත ගැසට් පත්‍ර මගින් නම්කරලා තිබෙන්නේ 1932 දී. උතුර – නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන පිළිබඳව කරනු ලැබූ අදාළ සාකච්ඡාවම පදනම් විරහිතයි.“

කොළඹ 07 ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමි,

“නැඟෙනහිර පළාතේ පමණක් පුරාවිද්‍යා ස්ථාන හාරසියයක් පමණ පවතිනවා. මේ ස්ථානයන් වෙත දමිළ ත්‍රස්තවාදීන්, බෙදුම්වාදීන් අතීතයේ සිටම පහරදීම් සිදුකළා. එවන් තත්ත්වයක් යටතේ ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ තිබෙන බුද්ධාගම පෝෂණය කරනු ලබන බව පසෙක ලා ජාතිවාදී වෛරයෙන් පෙළෙන දමිළ දේශපාලන පිරිසකට ඇහුම්කන් දීමම වැරදි ක්‍රියාවක්. බලය ඇති පිරිසගේ අනුග්‍රහය යටතේ මේ රටේ පුරාවිද්‍යා ස්ථාන ආක්‍රමණය කිරීමක් හැටියට තමයි අපි මෙය දැකිය යුත්තේ. පුරාවිද්‍යා භූමි එක් ජාතියකට පමණක් අයිති නැහැ. ඒවා සියලු ජාතීන්ට අයිති, ලෝක උරුමයන්. මේවා කොටසකට අයිති කර නොදී ආරක්‍ෂා කිරීම තමයි රජයේ සහ ජනපතිවරයාගේ යුතුකම විය යුත්තේ.”

මහාචාර්ය නලින් ද සිල්වා මහතා

“ජාතිවාදී අරමුණු පෙරදැරිව ක්‍රියාකරන දමිළ ජාතිවාදීන්ට අවශ්‍ය ලෙස ඉතිහාසය වෙනස් කරන්න බැහැ. කුරුන්දි පුරාවිද්‍යා බිමේ පුරාවිද්‍යා වපසරිය කුමක් වුවත්, බාරයක් ඔප්පු කිරීම සඳහා මා ද එහි යා යුතුව තිබෙනවා. නමුත් එයට අවසර ගන්න වෙයිද කියා මා දන්නේ නැහැ.”

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා

“උතුර – නැඟෙනහිර පළාත් එකක් කොට සලකන්නට එපා කියූ දමිළ දේශපාලන පක්‍ෂ සමඟ කළ මේ සාකච්ඡාව කිසිම ක්‍රමානුකූලභාවයක් හෝ ව්‍යවස්ථානුකූල පදනමක් නැහැ. ජනපතිවරයාට දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කළ හැකි මුත්, වාර්ගික පදනමින් සාකච්ඡා කළ නොහැකියි. එසේ කළා නම් අපි එය දැඩි ලෙස හෙළා දකිනවා. එවන් සාකච්ඡා ජාතීන් අතර එකමුතුවට වගේම ප්‍රජාතන්ත්‍රවාදයටත් රටේ අනාගතයටත් අසුබවාදියි. මේ සාකච්ඡා නිෂ්චිත පදනමක් නැති රටට හානිකර ක්‍රියාවන් පමණයි. පුරාවිද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන කිසිදු නිලධාරියකුට අයුතු බලපෑම් කළ යුතු නැහැ. විශේෂයෙන් දේශපාලනික බලපෑම්, එය ස්වාධීනත්වයට කළ බලපෑමක්. ඓතිහාසික සාධක මත සිට කටයුතු කරනු ලබන නිලධාරීන්ට බලපෑම් කිරීමට ජනපතිවරයාට හෝ කැබිනට්ටුවට හැකියාවක් නැහැ. ජාතිවාදී දමිළ මන්ත්‍රීවරුන් ඉදිරියේ රජයේ වගකිවයුතු නිලධරයකුට එරෙහිව කටයුතු කිරීම හෝ බලපෑම් කිරීම වැරදි ක්‍රියාවක්. විශේෂයෙන් මෙවැන්නක් කිරීමට ජනාධිපතිවරයාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් කිව යුතුයි.”

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති, පාහියංගල ආනන්ද සාගර හිමි

“ජනාධිපතිවරයාගේ දේශපාලනික උපක්‍රමයන්ට අප හසුවිය යුතු නැහැ. දමිළ ජනතාවට හෝ වෙනත් ජාතියක ජනතාවකට ඉඩම් ලබා දෙනවාට අපි විරුද්ධ නැහැ. නමුත් දමිළ දේශපාලන පක්‍ෂ පුද්ගලයන් සමඟ පමණක් සාකච්ඡා පවත්වා මේ ඓතිහාසික පැවරීම් සිදුකළ නොහැකියි. පර්යේෂක, විශේෂඥ සහ පුරාවිද්‍යා සම්බන්ධ අධ්‍යයන වාර්තා අනුව සාකච්ඡා කර ක්‍රමානුකූලව මේ කටයුතුවලට අතගැසීමට ජනපතිවරයා කටයුතු කළ යුතුව තිබුණා. දමිළ මන්ත්‍රීන්ට මේ සම්බන්ධව ඇති දැනුම අපට ප්‍රශ්නසහගතයි. නිවැරදි පුරාවිද්‍යා සාධක, සාක්‍ෂි සෙවීම වෙනුවෙන් ‘ජෝ පිසිකල්’ පර්යේෂණයක් සිදුකළ යුතුයි. ඒ සඳහා යාපනය, කැලණිය විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යා පිළිබඳ ප්‍රාමාණිකයන් සමඟ කටයුතු කර මූලික විමර්ශනයන්ගෙන් පසුව ඉඩම් බෙදීමට යා යුතුයි. එසේ නොකර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුර තබා ගෙදර යන තැනට කටයුතු කිරීමට ජනපතිවරයා ක්‍රියාකර ඇත්නම් ඒ අත්තනෝමතික ක්‍රියාකලාපය අපි දැඩි දේ හෙළා දකින බවත් සඳහන් කළ යුතුයි.”

සුජීව තත්සර

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b6%a2%e0%b6%b1-2/feed/ 0