Emerging Athletes – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 29 Jun 2023 16:54:15 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Emerging Athletes – Divaina https://divaina.lk 32 32 නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යාංශය ඉණිමං බඳියි https://divaina.lk/%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%93-%e0%b6%91%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%93-%e0%b6%91%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%9a/#respond Thu, 29 Jun 2023 23:52:00 +0000 https://divaina.lk/?p=153906 ජාතික තලයේ වයස අවුරුදු 18 ත් 24 ත් අතර නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් ඉහළ දක්ෂතා දක්වන පිරිස් (Emerging Athletes) හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමේ වැඩසටහනක් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

ක්‍රීඩා සංගම් හා සම්මේලන මගින් යොමු කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම යෝජනා ජාතික ක්‍රීඩා සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උසස් කාර්ය සාධන කමිටුව විසින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන ලද දක්ෂතා, ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් සහ ඉදිරියේ දී අපේක්ෂා කළ හැකි ජාත්‍යන්තර ජයග්‍රහණයන් පිළිබඳ යන නිර්ණායකයන් ඔස්සේ අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසු මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදු කරනු ලැබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාර්තු මාසයේදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ ජාතික තලයේ දක්ෂතා දක්වනු ලබන කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන් ජාත්‍යන්තර තලයට ගෙන යෑම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ලබා දුන් උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%93-%e0%b6%91%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%9a/feed/ 0