Emplyee’s Provident Fund – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 14 Sep 2023 18:52:45 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Emplyee’s Provident Fund – Divaina https://divaina.lk 32 32 ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඊ.පී.එෆ්. එක්වෙයි https://divaina.lk/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%94%e0%b7%84%e0%b6%9c%e0%b6%ad%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%8a/ https://divaina.lk/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%94%e0%b7%84%e0%b6%9c%e0%b6%ad%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%8a/#respond Thu, 14 Sep 2023 23:49:00 +0000 https://divaina.lk/?p=168960 සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට එක්වීමට තීරණය කර තිබේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට එක්වන ලෙස හෝ 14%ක් වන බද්ද 30% දක්වා වැඩි කිරීමට එකඟ වන ලෙස පවතින විකල්ප යෝජනාවලින් අර්ථ සාධක අරමුදල ණය ප්‍රතිව්‍යුහගතකරණයට එක්වීමට යෝජනා කර ඇත.

ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සිය භාණ්ඩාගාර බැඳුම්කර කළඹ හුවමාරු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ බව සේවක අර්ථ සාධක අරමුදල සිය සාමාජිකයන්ට දැනුම් දෙයි.

ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයෙන් පසුව සුදුසුකම්ලත් සහභාගිකයකු ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කළ බවද මහ බැංකුව කියයි.

සේවක අර්ථ සාධක අරමුදලේ භාරකරු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පැවති විකල්ප දෙකෙන් බැඳුම්කර හුවමාරු යෝජනාව තෝරා ගත් බවත්, ඒ සඳහා සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දිගුකාලීන දැක්මක් සහිතව එම විකල්පය තෝරාගත් බවත් මහ බැංකුව කියයි.

දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගි වීම නිසා සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ගේ වත්මන් ශේෂය අඩු නොවන බවත් අපේක්‍ෂිත අනාගත කාලය තුළ අරමුදලේ සාමාජිකයන්ට සියයට 9 ක වාර්ෂික ප්‍රතිලාභයක් ලබාදීමට හැකි වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

]]>
https://divaina.lk/%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%94%e0%b7%84%e0%b6%9c%e0%b6%ad%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7-%e0%b6%8a/feed/ 0