EPF 30% – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 25 Mar 2023 17:38:13 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg EPF 30% – Divaina https://divaina.lk 32 32 EPF 30% දෙන කොන්දේසි ලිහිල් වෙයි https://divaina.lk/epf-30-%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92-%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92/ https://divaina.lk/epf-30-%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92-%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92/#respond Sat, 25 Mar 2023 23:53:00 +0000 https://divaina.lk/?p=136009 සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාදෙන සියයට 30ක ප්‍රතිලාභ ගැනීම සඳහා දැනට පවතින කොන්දේසි කිහිපයක් ලිහිල් කිරීමට කම්කරු අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත.

ඒ අනුව නිවාස අලුත්වැඩියාව සඳහා අනුමැතිය ලබාදීමේදී දෙමාපියන් නමට ඇති ඉඩම් ඔප්පුවකට ද අවසර ලබාදීම ඇතුළු කොන්දේසි ලිහිල් කිරීමට අවධානය යොමුකර ඇතැයි කම්කරු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාදෙන සියයට 30ක ප්‍රතිලාභය යටතේ වර්ෂයකට රුපියල් බිලියන 14ක් 15ක් සේවකයන් සඳහා ගෙවීම් සිදුකරනු ලබයි.

අරමුදල සතුව මේ වනවිට රුපියල් බිලියන 3500ක් පමණ පවතින අතර එහි සාමාජිකයන් සඳහා වාර්ෂිකව මේ වනවිට සියයට නමයයි දශම පහක (9.5%) පොලී ප්‍රතිශතයක් ගෙවනු ලබයි.

මෙහි ප්‍රතිලාභය ලබාගැනීම සඳහා සේවකයකු අඛණ්ඩව වසර 10ක කාලයක් සේවයේ යෙදී සිටීම ඇතුළු කොන්දේසි කිහිපයක් සපුරා තිබිය යුතුය.

සේවකයකු සඳහා උපරිම මුදල ලෙස රුපියල් ලක්‍ෂ 20ක ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාදීම සිදුකරයි. අරමුදලෙන් සියයට 30ක ප්‍රමාණය ලබාගෙන වසර 10ක් ගෙවී ගිය පසු නැවත සියයට 30ක ප්‍රතිලාභය ලබාගැනීමේ හැකියාව පවතී.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/epf-30-%e0%b6%af%e0%b7%99%e0%b6%b1-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92-%e0%b6%bd%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92/feed/ 0