Establishment of Public Debt Management Agency – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 26 Sep 2023 18:46:55 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Establishment of Public Debt Management Agency – Divaina https://divaina.lk 32 32 රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය https://divaina.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%86%e0%b6%ba%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%86%e0%b6%ba%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba/#respond Tue, 26 Sep 2023 23:44:00 +0000 https://divaina.lk/?p=171102 රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම 2022 අතුරු අයවැය මගින් අවධාරණය කරනු ලැබූ අතර ණය කළමනාකරණය ඉහළ නැංවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ද ප්‍රමුඛ තත්ත්වයක් ලෙස හඳුනා ගෙන ඇත. යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් තාක්ෂණික සහාය ද ලබා දී ඇත.

අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ සැලසුම ණය කළමනාකරණ ආයතනික රාමුව සහ නීතිමය රාමුව මේ වනවිට සැලසුම් කර තිබෙන බවද රජය සඳහන් කරයි.

ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

සමන් ගමගේ

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85%e0%b6%b8%e0%b6%b1%e0%b7%8f%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b6%86%e0%b6%ba%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba/feed/ 0