Father Roshan Wasantha Perera – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 15 Aug 2023 19:19:50 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Father Roshan Wasantha Perera – Divaina https://divaina.lk 32 32 කිතුනු ජීවිතය විශ්වාසය සහ යාච්ඤාව පෙරදැරි කරගෙන යා යුතු ගමනකි – රොෂාන් වසන්ත පෙරේරා පියතුමා https://divaina.lk/%e0%b6%9a%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%94-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%83/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%94-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%83/#respond Tue, 15 Aug 2023 23:50:00 +0000 https://divaina.lk/?p=162835 ලක්දිව ශු. ඉග්නාසියුස් මුනිතුමාන් වෙත කැපකර ගොඩනඟා ඇති එකම පැරණිතම දෙව්මැඳුර වන නැගෙනහිර පළාතේ මඩකලපුව පදවියට අයත් අම්පාර දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පසුගිය දින පැවැත්විණි.

මීසම් වැසියන් අර්ථවත් නුවාන මෙහෙයන් තුළින් ආත්මිකව සූදානම් කිරීම ප්‍රැන්සිස්කානු නිකායික පියතුමන්ලාගේ මූලිකත්වයෙන් සිදුවූ අතර මංගල්‍ය දේව මෙහෙය සඳහා අම්පාර මීසම් සේවක පියතුමාගේ හා මීසම් ජනයාගේ ආරාධනයෙන් මඩකලපු පදවි එඩේරාණන් වන අතිඋතුම් පොන්නයියා ජෝශප් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

මංගල්‍යය මෙහේදි සැදැහැවතුන් අමතා ප්‍රැන්සිස්කන් තුන්වන නිකායික ප්‍රදේශාධිපති රොෂාන් වසන්ත පෙරේරා පියතුමා පවසා සිටියේ එදිනෙදා ජීවත් වීමේ ජීවන අරගලයක යෙදී සිටින අප විවිධ දුෂ්කරතාවන්ට පත්ව දිවි ගෙවුව ද කිතුනු විශ්වාසයේ පදනම අප අත් නොහැර ක්‍රියා කළ යුතු බවය. විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රදේශයක් වන මෙහි වතුර නොමැතිව වගා කටයුතු කර ගැනීමේදී විවිධ ගැටලුකාරි තත්ත්වයන්ට පත් වුවත්, කිතුනුකම මූලික කර ගනිමින් අන් අය සමග සුහදව ක්‍රියා කිරීම කාලීන අවශ්‍යතාවකි. එලෙසම කිතුණු අපගේ ජීවිතය විශ්වාසය සහ යාච්ඤාව පෙරදැරි කරගෙන යා යුතු අතර ශුද්ධ වූ ඉග්නාෂියුස් මුනිඳුන්ගේ ජීවිතයේ සමිඳුට වැඩි මහිමයක් ලබාදෙමින් දැඩි ලෙස යාච්ඤා ජීවිතයක් ගතකළ බව පෙන්වා දෙන ලදී.

අම්පාර මීසම් සේවක රොහාන් සමන්ත පැ. තුනී පියතුමාගේ මඟපෙන්වීම හා කැපවීම තුළ මීසම් සභාව මෙවර මංගල්‍යය සංවිධානය කළ අතර දේව මෙහෙය සඳහා ප්‍රැනිස්සිකානු නිකායික පියතුමන්ලා හා සහෝදරතුමා සමගින් අම්පාර, සුරදූතික නිකායික කන්‍යාරාමයේ පැවිදි සොයුරියන් ද එක් විය. මේ අවස්ථාවට අම්පාර හා හිගුරාණ සැදෑවත් කිතුනු ජනතාව සහභාගි විය.

චින්තක ද මැල්

කිතුනු ජීවිතය විශ්වාසය සහ යාච්ඤාව පෙරදැරි කරගෙන යා යුතු ගමනකි - රොෂාන් වසන්ත පෙරේරා පියතුමා

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%94-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b6%ba-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%83/feed/ 0