Fatty Liver – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 05 Aug 2023 17:09:20 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Fatty Liver – Divaina https://divaina.lk 32 32 බීලා සිරෝසිස් හදාගන්න කාලේ ඉවරයි… දැන් නොබී හැදෙන්නේ https://divaina.lk/%e0%b6%b6%e0%b7%93%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f/ https://divaina.lk/%e0%b6%b6%e0%b7%93%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f/#respond Sat, 05 Aug 2023 23:33:00 +0000 https://divaina.lk/?p=160838 තුන් වේලටම බත් කාපු ජාතියක් වන අපි දැන් තුන් වේලටම පාන් හෝ පිටි ආහාර කෑමට හුරු වී සිටින බවට චෝදනාවක් නැඟේ. විශේෂයෙන්ම නාගරික ජනතාවට මෙම චෝදනාව බහුලවම එල්ල වේ. රයිස් එකක්, කොත්තුවක්, පීසා එකක්, ආප්ප, ඉඳිආප්ප ආදී ආහාර විශේෂයෙන් රාත්‍රී ආහාර වේල ලෙස ගැනීමට දැන් බොහෝ දෙනා හුරුව සිටිති. මෙම ආහාරවල අධික ලෙස සීනි සහ තෙල් සහිත බව පවතී.

ස්මාර්ට් දුරකථනයට සහ අලස දිවියකට හුරුව සිටින නාගරික බොහෝ දෙනා මෙම ජීවන රටාව නිසා වර්තමානයේ බොහෝ බෝ නොවන රෝගවලට (Non Communicable diseases) ඉතා පහසුවෙන් ගොදුරු වීමේ අවදානමකට පත්ව සිටිති. එම රෝග අතර දියවැඩියාව, අධික තරබාරුව, අධි රුධිර පීඩනය ඉන් ප්‍රමුඛ තැනක් ගනී. මේ අතර ඇල්කොහොල්වලින් තොර අක්මාවේ මේදය තැන්පත් වීම (Non Alcoholic Fattyliver) නමැති රෝගයට ද ගොදුරු වීම ඉහළ යෑමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම මෙම තත්ත්වයට ගොදුරු වෙමින් සිටින්නේ කාන්තාවන් වීම විශේෂයකි.

● ඇල් කොහොල්වලින් තොර අක්මාවේ මේදය තැන්පත් වීම (Non Alcoholic Fatty liver)

අක්මාවේ මේදය තැන්පත්වීමේ රෝගය බහුලව දක්නට ලැබුණේ අධික ලෙස මත්පැන් පානය කරන පුද්ගලයන් අතරය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ සිරෝසිස් (Cirrhosis) රෝගයට ගොදුරු වීමය. එනම් අක්මාව දියවී යෑමේ තත්ත්වයට පත්වීමය.

බීලා සිරෝසිස් හදාගන්න කාලේ ඉවරයි… දැන් නොබී හැදෙන්නේ

අක්මාව යනු සිරුරේ ආහාර ගබඩාව සහ ආහාර නිෂ්පාදනය කරන මධ්‍යස්ථානය ලෙස හඳුන්වයි.

අප ආහාර මගින් ගනු ලබන ප්‍රෝටීන් සහ මේදය තැන්පත් වන්නේ අක්මාවේය.

එසේම සිරුරට මේදය සහ ප්‍රෝටීන් අඩු වනවිට අක්මාව තුළින් ඒවා නිපදවයි.

මෙම තත්ත්වය මත අප අධික ලෙස මේදය සහ ප්‍රෝටීන් බහුල ආහාර ගන්නා විට අක්මාවේ ඒවා තැන්පත් වේ. කොත්තු, රයිස්, පීසා, කෙටි ආහාර වර්ග ආදියෙහි බහුලව ඇත්තේ මේදය සහ ප්‍රෝටීන්ය.

මෙම ආහාර නිතර ගන්නා විට අපගේ සිරුර මහත් වීමකට ලක්වේ. එනම් අධික මේදය තැන්පත් වීම නිසාය. එසේම එසේ ඇති වන මහත් වීම සම එල්ලා වැටෙන බවකින් යුතු නැති නිසා අවලස්සන බවක් ඇති නොවේ. එසේ සම එල්ලා නොවැවෙන්නේ සිරුරට හොඳින් ප්‍රෝටීන් ලැබෙන නිසාය. මාංශ පේශි ශක්තිමත් බවට ප්‍රෝටීන් අවශ්‍යය.

නමුත් මෙම තරබාරුව සමග අක්මාවට දරාගත නොහැකිව මේදය සහ ප්‍රෝටීන් තැන්පත් වීම නිසා ඊට එරෙහිව අක්මාව ප්‍රතිචාර දැක්වීම පටන් ගනී. එහි ප්‍රතිඵලය වන්නේ අක්මාවේ සිරෝසිස් රෝගය හට ගැනීමය.

කාන්තාවනට මෙය බහුලව ඇති වීමට හේතු ලෙස ආසන්න වශයෙන් අනුමාන කරනුයේ මෙසේ තරබාරු වීම නිසා ඔවුනගේ ඊස්ට්‍රජන් සහ තයිරොක්සින් හෝමෝනවල ක්‍රියාකාරීත්වයේ අසමතුලිත භාවයක් හටගැනීම බවය.

මේ අනුව බීලා සිරෝසිස් හදාගන්න’ කාලය අවසන් වී නොබී සිරෝසිස් හදාගන්නා කාලය උදා වී ඇති බවක් දැකිය හැකිය.

ඒ නිසා අධික ලෙස තෙල් සහ ප්‍රෝටීන් සහිත ආහාර බහුල ලෙස කෑමට නොගෙන එළවළු, කෙඳි සහිත ආහාර ආදිය වැඩිපුර ගැනීමට හුරු විය යුතුය. එසේම දිනපතා අවම වශයෙන් පැය භාගයක්වත් හොඳින් දහදිය දමන තුරු ව්‍යායාමවල යෙදිය යුතුය. එහිදී ඇවිදීම ඉතා හොඳ ව්‍යායාමයකි. එය ගෘහස්ථව නොව එළිමහනේ සිදු කිරීම වඩාත් සුදුසුය. එවිට සිරුරට හොඳින් ඔක්සිජන් ලැබේ.

මෙම සියලු ක්‍රියාවන් සමග මනස ද නිරවුල්ව තබාගත යුතුය. මානසික පීඩනය ද සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය අසමතුලිත කිරීමට බලපායි. විශේෂයෙන්ම දියවැඩියා රෝගය ඇති වීමට සහ පවතින දියවැඩියා රෝග තත්ත්වය උත්සන්න කිරීමට ද මානසික පීඩනය බලපාන බව හඳුනා ගෙන ඇත.

වෛද්‍ය උපදෙස් ඇසුරිනි.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%b6%e0%b7%93%e0%b6%bd%e0%b7%8f-%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%9d%e0%b7%83%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b6%af%e0%b7%8f%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8f/feed/ 0
මේදය සිරුරට හිතකර සහ අහිතකර වන හැටි https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%bb%e0%b6%a7-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b6%9a%e0%b6%bb-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%bb%e0%b6%a7-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b6%9a%e0%b6%bb-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%ad/#respond Sun, 04 Jun 2023 23:39:00 +0000 https://divaina.lk/?p=149060 කොලෙස්ටරෝල් සිරුරට හිතකරද අහිතකරද ලෙසින් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ බටහිර රටවල සිදුකළ පර්යේෂණයක වාර්තාවක් හුවමාරු වෙමින් පවතී.

එම වාර්තාවේ ඇතුළත් තොරතුරුවල සත්‍යා සත්‍යතාවය කුමක් වුවත් දේශීය සහ ආයුර්වේද වෛi ක්‍රමයට අනුව කොලෙස්ටරෝල්හි ඇත්ත කතාව ගැන විමසා බලමු.

ශරීරය නිර්මාණය වී ඇති ආකාරය අනූව රස, රක්ත, මාංශ, මේද, අස්ථි, ඇටමිදුලු සහ ශුක්‍ර ලෙසින් සප්තධාතූ කොටස්වලින් යුක්තය. මේවා ශරීරයේ නිරෝගී ජීවිතයට අත්‍යවශ්‍යය.

මෙම සප්තධාතු අතර මේදය හෙවත් තෙල් අපට ජීවත්වීමට අත්‍යවශ්‍යය. එය සමේ ආරක්‍ෂාවට ඉතා වැදගත්ය. සම ස්ථර හතරකින් යුක්තය. රෝහිනී, වේදනී, තාමිලා, ආමිලා ලෙසින් ස්ථර හතක් ඇත. මෙම සමේ ස්ථර හත බාහිරින් සිරුරට එන උපද්‍රවවලින් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආරක්‍ෂා කරනු ලබයි.

ඒ සඳහා ආහාර මගින් ලැබෙන මේදය අක්මාවේ ගබඩා කරගනී. ඊට අමතරව කැල්සියම්, ප්‍රෝටීන් ආදියත් අක්මාවේ ගබඩා කර ගනී.

මෙසේ අක්මාවේ ගබඩා කර ගන්නේ අප බාහිරින් ගනු ලබන ආහාරවල ඇති තෙල්ය. ඒවා හිතකර සහ අහිතකර ලෙස පවතී. විවිධ රසකාරක යෙදූ සහ රසායන ද්‍රව්‍ය මිශ්‍රකර කෘතිමව සකස් කළ තෙල් වර්ගවලින් සැකසූ ආහාර පාන ගත් විට අක්මාවේ තැන්පත් වන්නේ අහිතකර මේදයයි.

මෙමගින් මුත්‍රා මාර්ගය සහ වකුගඩුවල ගල් ඇතිවීමට ද හේතුවේ. රුධිර නාලවල මෙම තෙල් තැන්පත්වී ඒවා සිහින්වීම මගින් රුධිර ගමනාගමනයට බාධා ඇතිවේ. එවිට අධිරුධිර පීඩනය ඇතිවිය හැකියි. ඊට අමතරව පික්තාශයේ ගැටලු අග්න්‍යාසයේ දුර්වලතා, පෙණහලු පිළිකා ආදිය ඇතිවිය හැකිය. වර්තමානයේ පොල් තෙල්, තල තෙල්, අබ තෙල්, මී තෙල්, කුරුඳු තෙල් ආදිය නිපදවීම සඳහා රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන බව හෙළිවී ඇත. එවැනි තෙල් වර්ගවලින් සැකසූ ආහාර මගින් සිරුරට එක්වන්නේ අහිතකර මේදයයි.

එනිසා පිරිසිදු පොල් තෙල්, තල තෙල්, අබ තෙල් ආදිය භාවිත කර සකසන ආහාර මගින් සිරුරට එක්වන්නේ හිතකර මේදයයි. ඒවා අක්මාවේ තැන්පත් වූවාට අහිතකර නැත.

පිරිසිදු පොල් තෙල් කහ පාටය. එසේ වන්නේ එහි සීනි අධික බව නිසාය. එනිසා පොල් තෙල් හිඳීමේදී කුරුඳු දර භාවිත කර තෙල් හිඳීමෙන් එහි ඇති අධික සීනි ඉවත්වේ.

නිතර කහට තේ පානය, කොත්තමල්ලි වෙනිවැල්ගැට, ඉඟුරු, සුදු ලූනු මිශ්‍රකර තම්බා පානය මගින් සිරුරේ තැන්පත් විය හැකි අහිතකර මේදය ඉවත් වේ. මස් මාංශවල ඇති මේදය අහිතකරවන්නේ කෘතිම ආහාර වර්ග හෝමෝන ආදිය ලබාදී ඇති කරන කුකුළන්, ඌරන් වැනි සතුන්ගේ මස් ආහාරයට ගැනීමෙනි.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0112560121 ඇමැතිය හැකිය.

මේදය සිරුරට හිතකර සහ අහිතකර වන හැටි

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b6%bb%e0%b6%a7-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b6%9a%e0%b6%bb-%e0%b7%83%e0%b7%84-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%ad/feed/ 0
මත්පැන්වලින් තොරවූවන්ටත් වැළඳෙන සිරෝසිස් https://divaina.lk/%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%b4%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b7%80%e0%b7%96%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%b4%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b7%80%e0%b7%96%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad/#respond Sun, 30 Oct 2022 23:36:00 +0000 https://divaina.lk/?p=107341 සිරෝසිස් රෝගය යැයි කියූ විට අපට නිතැතින්ම සිහිපත් වන්නේ ඇල්කොහොල්ය. මන්දයත් සිරෝසිස් රෝගයට ගොදුරු වූ බොහෝ පුද්ගලයන් අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූවන් බව හෙළිවී ඇති බැවිණි. නමුත් වර්තමානයේ ඇල්කොහොල් අංශු මාත්‍රයක්වත් ශරීරගත නොවූවන්ද සිරෝසිස් රෝගයට ගොදුරු වීමේ අවදානමක් මතුවෙමින් පවතී. ඊට බලපා ඇත්තේ දියවැඩියා රෝගයේ සංකූලතා රෝගයක් වන අධික තෙල් සහිත අක්මා රෝගයයි. (Fatty Liver)

ඒ අනුව නිසි පාලනයකින් තොරව දියවැඩියා රෝගය දිගු කාලයක් පැවැතීම නිසා ඇල්කොහොල්වලින් තොර අධික තෙල් සහිත අක්මා රෝගය (Non alcoholic Fattyliver) (NAFLD) වැළඳිය හැකි බවට මේ වනවිට හඳුනාගෙන ඇත.

මීට වසර දහයකට පමණ පෙර අපගේ රෝහල්හි ප්‍රතිකාර ලබන සිරෝසිස් රෝගීන් දෙස විමසා බැලූවිට ඔවුන් සියලුදෙනා අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූවන් බව හඳුනාගෙන තිබිණි. නමුත් වර්තමානයේ රෝහල්හි ප්‍රතිකාර ලබන සිරෝසිස් රෝගීන් අතර මෙම NAFLD රෝගය නිසා සිරෝසිස් රෝගය මතුවී ඇති රෝගීන් බහුලව සිටින බව වාර්තා වේ.

මත්පැන්වලින් තොරවූවන්ටත් වැළඳෙන සිරෝසිස්

● ඇල්කොහොල්වලින් තොර අධික තෙල් සහිත අක්මා රෝගය (Non alcoholic Fattyliver) (NAFLD)

මෙම රෝගයට බලපාන අවදානම් හේතු කිහිපයක් ඇත. අධික තරබාරුව, රුධිරගත සීනි මට්ටම නිසි පාලනයකින් තොරව පැවැතීම, දියවැඩියාව සහ ව්‍යායාම මදකම ඉන් ප්‍රධාන තැනක් ගනී.

අධික තරබාරුව සහ ව්‍යායාම මද බවද දියවැඩියා රෝගය ඇතිවීමට බලපායි. එබැවින් මෙම NAFLD රෝගය සඳහා බලපාන ප්‍රධාන පරිවෘත්තීය රෝගය බවට (Metabolic Disease) දියවැඩියාව පත්ව ඇත.

මෙම රෝගය නිසා අක්මාවේ සිරෝසිස් රෝගයට අමතරව අක්මා පිළිකා (Hepato sonoma Carcinoma) රෝගය ද මතුවිය හැකිය. මෙම රෝග දෙකම මතුවුවහොත් රෝගියාගේ ජීවිතය ඉතා ඉක්මනින් මරණයෙන් කෙළවර වේ.

මෙහි බරපතළම තත්ත්වය වන්නේ මෙම රෝග තත්ත්වය කිසිදු ආකාරයකින් මත්පැන් පානය නොකරන කාන්තා, පිරිමි බේදයකින් තොරව දෙපාර්ශ්වයටම වැළඳීමය.

● දියවැඩියාව නිසා

දියවැඩියාව රෝගයේ දී රුධිරගත සීනි ලෙස පාලනය සිදුනොවී එය නරක තත්ත්වයට පත්වූවිට රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වේ. එවිට නිදහසේ රුධිරේ පාවෙන තෙල් අංශු ප්‍රමාණය වැඩි වේ. එම තෙල් අංශු ඉතා පහසුවෙන් අක්මාව වෙත ගොස් එහි තැන්පත් වේ.

● අධික තරබාරුව නිසා

තරබාරු තත්ත්වයේ දී සිරුරේ තැන්පත්ව ඇති මේදය ප්‍රමාණය අධිකය. එම මේදය අක්මාවේ ද අධික ලෙස තැන්පත් වේ.

● ව්‍යායාම අඩු බව

සාමාන්‍යයෙන් සිරුරේ තැන්පත්ව ඇති මේදය දහනය කරන්නේ සිරුරේ මාංශපේශි වෙහෙස කරවීම මගිනි. එම මාංශ පේශි වෙහෙසකරවීම ව්‍යායාම මගින් ඉතා පහසුවෙන් සිදුකළ හැකිය. ව්‍යායාම අඩුවීමෙන් මාංශ පේශි වෙහෙසකරවීම අවම වේ. එනිසා ඉතා පහසුවෙන් අධිකව මේදය සිරුරේ තැන්පත් වේ.

එසේ සිරුරේ අධිකව තැන්පත් වන මේදය ඉතා ඉක්මනින් අක්මාව වෙත ද ගමන් කර එහි තැන්පත් වේ.

● ඇල්කොහොල්වලින් තොර හෙපටයිටීස්

අක්මාවේ අධිකව තැන්පත් වන මේදය නිසා ඇල්කොහොල් වලින් තොර හෙපටයිටීස් රෝගය (Non alcoholic Steatohepatitis) මතුවිය හැකිය. මේ සමගම අක්මාවේ ඉදිමුමක් ද හටගනී.

මෙලෙස ඇතිවන හෙපටයිටීස් රෝගය නිසා අක්මාවේ සෛල ක්‍රමානුකූලව මිය යෑමට පටන්ගනී. එසේ සෛල මියයෑමත් සමග අක්මාවේ සිරෝසිස් රෝගය හටගනී.

මෙලෙස සිරෝසිස් රෝගය මතුවී කාලයක් යන විට අක්මාව හරහා ගමන් කරන බඩවැල්හි රුධිර නාළ අවහිරවීමට ලක්වේ. එසේ රුධිර නාළ අවහිරවීම නිසා ඒවායේ හටගන්නා පීඩනය හේතුවෙන් අසාමාන්‍ය රුධිර නාළ හටගනී. ඒවා ගලනාලය හා ආමාශය අතර

හටගැනීම බහුලව දැකිය හැකිය. මෙම රුධිර නාළ පුපුරා යෑමෙන් ලේ ගැලීම් සිදුවේ. එවිට ලේ වමනය වීම වැනි තත්ත්වයන් මතුවේ.

අපගේ අක්මාව යනු සිරුරේ අපද්‍රව්‍ය බැහැර කරන විශාල ඉන්ද්‍රියයකි. අප සිරුරට ගනු ලබන ආහාර, ඖෂධ ආදී සියලු ද්‍රව්‍යයන්හි ඇති ශරීරයට විෂ සහිත ද්‍රව්‍ය පිත්තාශයේ නිපදවන පිත සමග සිරුරින් පිටකරන්නේ අක්මාවය.

එසේම සිරුරේ වැදගත් ප්‍රෝටීන් වර්ගයක් වන ඇල්බියුමින් තැන්පත් කරගන්නේ ද අක්මාවෙ ය. අක්මාව රෝගීවීම නිසා මෙම ඇල්බියුමින් ප්‍රෝටීනය තැන්පත් වීමට ද බාධා ඇති වේ. මෙම ප්‍රෝටීනය සිරුරේ අඩුවීමෙන් රුධිරයේ පීඩනය අඩුවේ. එවිට සිරුරේ පටකවල ඇති ජලය රුධිරයට යළි උරාගැනීම දුර්වල වේ. එසේ වූවිට දෙපා ඉදිමුම උදරය ඉදිමුව ආදී තත්ත්වයන් හටගනී.

එසේම විටමින් ‘කේ’ (K) හරහා රුධිරය කැටිගැසීමට අවශ්‍ය සංඝඨක රැසක් නිපදවන්නේ ද අක්මාව මගිනි. අක්මාව දුර්වලවීම නිසා එම සංඝඨක නිපදවීම අඩුවීමෙන් රුධිරය කැටිගැසීම දුර්වල වේ.

එනිසා සිරෝසිස් රෝගීන්ගේ සමට යටින් ලේ ගැලීම් ආදිය සිදුවන්නේ මෙම තත්ත්වය නිසා ය.

සිරෝසිස් රෝගීන්ට අක්මා පිළිකා රෝගය ද වැළඳී තිබීම බහුලව දැකිය හැකිය.

මෙම තත්ත්වයන් මත තම සිරුරේ තරබාරුව අඩුකර ගැනීම, දියවැඩියාව පාලනය කරගැනීම ආදිය සඳහා යොමුවිය යුතුය.

මන්දයත් වර්තමානයේ අප රටේ තරුණ පරපුර අතර බහුලව තරබාරුව සහ දියවැඩියාව රෝගය මතුවීම දැකිය හැකිය.

තරුණ වියේදීම මෙම රෝගවලට ගොදුරුවීම නිසා ඔවුන්ගේ සිරුරේ දිගු කාලයක් මෙම රෝග පවති. එවිට මැදිවියට පත්වන විට ඉතා පහසුවෙන් මෙම රෝගවල බලපෑමෙන් අක්මා රෝගවලට ගොදුරුවීමේ ඇති ඉඩකඩ වැඩි වේ.

එබැවින් මෙම රෝග තත්ත්වය පාලනය කර ගැනීමට අවධානය යොමු නොකළ හොත් ඉදිරියේදී අක්මාවේ අධික ලෙස මේදය තැන්පත්වීමේ රෝගය සහ ඇල්කොහොල්වලින් තොර සිරෝසිස් රෝගය සුනාමි තත්ත්වයක් බවට පත්විය හැකිය.

මත්පැන්වලින් තොරවූවන්ටත් වැළඳෙන සිරෝසිස්

කොළඹ ජාතික රෝහලේ අන්තරා සර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විද්‍යා ජෝති – ප්‍රසාද් කටුලන්ද

සංස්කරණය – උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%b4%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b7%80%e0%b7%96%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b6%ad/feed/ 0