Five Million Money drop – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 31 Aug 2023 16:15:15 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Five Million Money drop – Divaina https://divaina.lk 32 32 Money Drop දෙවැනි අදියර ඇරැඹේ https://divaina.lk/money-drop-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%85%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%bb-%e0%b6%87%e0%b6%bb%e0%b7%90%e0%b6%b9%e0%b7%9a-2/ https://divaina.lk/money-drop-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%85%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%bb-%e0%b6%87%e0%b6%bb%e0%b7%90%e0%b6%b9%e0%b7%9a-2/#respond Thu, 31 Aug 2023 23:47:00 +0000 https://divaina.lk/?p=166137 ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වැඩසටහනක් වන Money Drop හි ශ්‍රී ලාංකීය නියෝජනය වන සිරස ත්‍සඩැ Five Million Money drop වැඩසටහනේ දෙවැනි අදියර හෙට (02දා) ආරම්භ වේ.

මෙම අදියර ද වැඩසටහන් පනහකින් සමන්විත වන අතර සති අන්තයේ රාත්‍රි 9.00 සිට 10.00 දක්වා සිරස ටීවී තුළින් විකාශය වේ. සුපුරුදු පරිදි චරිත් අබේසිංහ විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි.

මේ පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම්. ටී. වී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා මෙසේ පැවැසීය.

Money Drop දෙවැනි අදියර සඳහා පළමු පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමත් සමග අපි බලාපොරොත්තු නොවුණ ආකාරයේ තරඟකරුවන් සංඛ්‍යාවක් ඉල්ලුම්පත් යොමු කරල තිබුණා.

පළමු අදියරට සාපේක්‍ෂව දෙවැනි අදියරේදී විනෝදාස්වාදය පැත්තට වැඩි අවධානයක් යොමු කරල තියෙනව. ඒ වගේම මෙවර අපි උත්සාහ කරනව ජනප්‍රිය චරිත වැඩි වශයෙන් වැඩසටහනට එකතුකර ගන්න. ඒ හරහා ප්‍රේක්‍ෂකයන්ට වැඩි විනෝදාස්වාදයක් ලබාදෙන්න හැකි වේවි කියල අපි විශ්වාස කරනව.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/money-drop-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%85%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%bb-%e0%b6%87%e0%b6%bb%e0%b7%90%e0%b6%b9%e0%b7%9a-2/feed/ 0