Food Insecurity – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 20 May 2023 08:14:55 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Food Insecurity – Divaina https://divaina.lk 32 32 ජනගහනයෙන් මිලියන 6.3ක් ආහාර අනාරක්‍ෂිතභාවයක https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%9c%e0%b7%84%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-6-3%e0%b6%9a%e0%b7%8a-%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%9c%e0%b7%84%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-6-3%e0%b6%9a%e0%b7%8a-%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb/#respond Sat, 20 May 2023 23:39:00 +0000 https://divaina.lk/?p=146188 මෙරට මිලියන 6.3ක ජනතාවක් මධ්‍යස්ථ හා උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දී සිටින බවට ඇස්තමේන්තු කර ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එක්ව 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ නිකුත් කරනු ලැබූ භෝග හා ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුම් වාර්තාවේ මේ බව සඳහන්ව ඇත. එමෙන්ම දිගු කාලයක් පුරා පැවැති ආර්ථික අර්බුදය හා ඒ ආශ්‍රිත ආර්ථික අවහිරතා හේතුවෙන් පවුල් ඒකකවල ආදායම අහිමි වී ඇත. ජනගහනයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අතර ආහාර අනාරක්ෂිතභාවය හා මන්දපෝෂණය ද ඉහළ ගොස් ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන්ව ඇත.

ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ආධාරයක් හා ජීවිකාව සරිකර ගැනීම සඳහා ප්‍රමාණවත් සහායක් නොමැති වීම නිසා මෙම පුද්ගලයන්ගේ තත්ත්වය තවදුරටත් අයහපත් විය හැකි බවට මහබැංකු වාර්තාවේ දැක්වේ. මේ සඳහා රජය විසින් ආර්ථිකය ස්ථාවර කිරීමට හා කුසගින්න හා ද්‍රරිද්‍රතාවයෙන් ආරක්ෂා වීම සඳහා වෙනත් බහුපාර්ශ්වික සංවර්ධන ආයතනවලින් සහාය ලබාගෙන ඇත. එමෙන්ම සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් සඳහා ජනගහනයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ඉලක්ක කර ගැනීම හා ඔවුන් ශක්තිමත් කිරීමට රජය විසින් පියවර ගෙන ඇති බව ද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ලලිත් චාමින්ද

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%9c%e0%b7%84%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-6-3%e0%b6%9a%e0%b7%8a-%e0%b6%86%e0%b7%84%e0%b7%8f%e0%b6%bb/feed/ 0