Forrester's Customer-obsesed Enterprise Aw\rd – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 08 Jun 2023 19:43:28 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Forrester's Customer-obsesed Enterprise Aw\rd – Divaina https://divaina.lk 32 32 ඩයලොග් ආසිආටා සමාගම ආසියා පැසිෆික් කලාපය සඳහා වූ Forrester’s Customer-obsesed Enterprise සම්මානය හිමිකර ගනී https://divaina.lk/%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%86%e0%b6%a7%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%86%e0%b6%a7%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba/#respond Thu, 08 Jun 2023 23:50:00 +0000 https://divaina.lk/?p=149861 ඡායාරූපයේ වමේ සිට දකුණට: ඩයලොග් ආසිආටා පීඑල්සී හි පාරිභෝගික අත්දැකීම් පරිවර්තන සහ ව්‍යාපාර දත්ත පරිවර්තන අංශයේ ප්‍රධානී ඩිනාර වගවත්ත මහතා ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරී සැන්ඩ්‍රා ද සොයිසා මහත්මිය සහ Forrester ආයතනයේ ජාත්‍යන්තර පර්යේෂණ සහ නිෂ්පාදන අංශයේ ජේ්‍ය්ෂ්ඨ උප සභාපති ඩේන් ඇන්ඩර්සන් මහතා.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ආසියා පැසිෆික් කලාපය සඳහා වූ Customer-obsessed Enterprise Award සම්මානය දිනාගැනීමට පසුගියදා සමත්විය.ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් පර්යේෂණ සහ උපදේශන සමාගමක් වන Forrester ආයතනය විසින් ඩයලොග් සමාගමට මෙම සම්මානය පිරිනමා ඇත්තේ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරයේ දියුණුව, පාරිභෝගිකයා රඳවා ගැනීම සහ සේවකයන් ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා සක්‍රියව දායක කරගැනීම යන මූලික කරුණු ඇගයීමට ලක් කරමිනි.

‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, සිය පාරිභෝගිකයන්ට වඩා විශිෂ්ට සේවා අත්දැකීමක් ලබාදීම සඳහා නිරන්තරයෙන්ම සිය සේවාවන් වෙනුවෙන් සිදුකරන ආයෝජනයන් සඳහා ආසියා පැසිෆික් කලාපය සඳහා Forrester’s Customer-Obsessed Enterprise – APAC සම්මානයට පාත්‍ර විය.ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට 5ඨ තාක්ෂණය හඳුන්වාදීමේ ගෞරවය හිමි ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම,සෑම පාරිභෝගිකයෙකුටම සුවිශේෂී වූ අත්දැකීමක් සමීප කරමින් තම පාරිභෝගිකයන් අතර විශාල විශ්වසනීයත්වයක් හා මනා සබැඳියාවක් පවත්වාගනිමින් පාරිභෝගික විශ්වාසය ඉහළ නංවන සේවා පරිසරයක් ඇති කිරීමට සෑමවිටම කටයුතු කරයි.

‘“ආසියා පැසිෆික් කලාපය සඳහා වූ Customer-obsessed Enterprise සම්මානය අප සමාගමට හිමිවීම අප ලද විශාල ගෞරවයක්.” ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරී සැන්ඩ්‍රා ද සොයිසා මහත්මිය පැවසුවාය. ඇය වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය.“හෘදයාංගම සේවාව කියන අපගේ සේවාවේ මූලික සිද්ධාන්තයට අනුව කටයුතු කරන නිසා අපගේ සියලුම කර්තව්‍යයන්වලදී පාරිභෝගිකයාට ප්‍රමුඛස්ථානය ලබාදීමට අපට හැකිවී තිබෙනවා.ඒ හරහා අපේ පාරිභෝගිකයන්ට අද්විතීය සේවාවක් ලබාදීමට අපට හැකියාව ලැබෙනවා.මේ සම්මානය අපගේ නොසැලෙන අධිෂ්ඨානය, සේවාවන් සැලසීම වෙනුවෙන් වූ දැඩි ඇල්ම හා උනන්දුව සහ ‘හෘදයාංගම සේවාවක්’ වෙනුවෙන් වූ අපගේ පොරොන්දුව සහ ‘අනාගතය අදයි’ යන අපගේ තේමාව අර්ථවත් කිරීම වෙනුවෙන් වූ අපගේ සේවකයන්ගේ අපිරිමිත කැපවීමට කදිම සාක්ෂියක්.”

සංස්කරණය – ප්‍රභාත් විතාන

]]>
https://divaina.lk/%e0%b6%a9%e0%b6%ba%e0%b6%bd%e0%b7%9c%e0%b6%9c%e0%b7%8a-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%86%e0%b6%a7%e0%b7%8f-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba/feed/ 0