fuel problem in Sri Lanka – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 03 Oct 2022 02:28:18 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg fuel problem in Sri Lanka – Divaina https://divaina.lk 32 32 ඩීසල් මිල බස්සන්න බැරි හේතුව ඛනිජ තෙල් ලොක්කෙක් කියයි https://divaina.lk/%e0%b6%a9%e0%b7%93%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%bb%e0%b7%92-%e0%b7%84%e0%b7%9a/ https://divaina.lk/%e0%b6%a9%e0%b7%93%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%bb%e0%b7%92-%e0%b7%84%e0%b7%9a/#respond Sun, 02 Oct 2022 23:42:00 +0000 https://divaina.lk/?p=101578 ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල විශාල ලෙස පහළ බැස තිබුණත් පිරිපහදු කළ ඩීසල් මිල ගණන් පහළ බැස නොමැති නිසා මෙවරත් ඩීසල් මිල පහත හෙළීමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙරට සමස්ත ඩීසල් ඉල්ලුමෙන් සියයට අනූවකටත් වඩා ගෙන එන්නේ පිරිපහදු කළ ඩීසල් ලෙස බවත් මේ වන විට ලෝකයේ මිල ගණන් හා සසඳා බැලීමේදී පිරිපහදු කළ ඩීසල්වලට වඩා පිරිපහදු කළ පෙට්‍රල් මිල පහළ ගොස් ඇති බවත් හෙතෙම පැවසීය.

මඟී බස් රථ, දුම්රිය, ලොරි, ට්‍රක්. කර්මාන්තශාලා හා යුද හමුදා වාහන ඇතුළු බොහෝ කටයුතුවලට ඩීසල් භාවිතයට ගන්නා නිසා ඊට ලෝකයේ විශාල ඉල්ලුමක් හිමිව ඇත්තේ ගෑස් සැපයුම මේ වන විට සීමා කිරීම නිසා යැයි ද එම නිලධාරියා කීය.

මෙරට තිබෙන එකම තෙල් පිරිපහදු කරන යන්ත්‍රාගාරය වන පසුගස්කන්ද පිරිපහදුව යාවත්කාලීන කර හෝ නව පිරිපහදුවක් ඉදිකර තිබුණේ නම් බොරතෙල් ගෙන්වා පිරිපහදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ඉන්ධන මිල භාගෙට භාගයක් අඩුකළ හැකි බව ද හෙතෙම සඳහන් කළේය. මිල සූත්‍රයට අනුව මෙරට ඩීසල් මිල සත පහකින්වත් පහත හෙළීමට නොහැකිව ඇත්තේ එනිසා යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ
 

]]>
https://divaina.lk/%e0%b6%a9%e0%b7%93%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b6%e0%b7%90%e0%b6%bb%e0%b7%92-%e0%b7%84%e0%b7%9a/feed/ 0