Gauze – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 20 Jul 2023 19:13:33 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Gauze – Divaina https://divaina.lk 32 32 දේශීය නිෂ්පාදකයින් සතුව ඇති තරම් ශල්‍යගෝස් තිබියදී රටින් ගෙන්වූයේ ඇයි – ගෝස් නිෂ්පාදකයින්ගේ සංගමය https://divaina.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b7%80/ https://divaina.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b7%80/#respond Thu, 20 Jul 2023 23:42:00 +0000 https://divaina.lk/?p=157778 වසර 52 ක සිට රටේ රෝහල් පද්ධතියට අවශ්‍ය ශල්‍ය ගෝස් මෙරට නිෂ්පාදනය කරමින් තිබියදී වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉන්දියාවෙන් ශල්‍ය ගෝස් තොගයක් කඩිමුඩියේ ගෙන්වා ඇත්තේ කුමන අවශ්‍යතාවයකටද යන්න සොයා බලන ලෙස ශල්‍ය ගෝස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අසේල පෙරේරා මහතා ජනාධිපතිවරයාගෙන් ඊයේ (20දා) ඉල්ලීමක් කළේය.

ගෙන්වීමට නියමිත ශල්‍ය ගෝස් තොගය රටට ගෙන්වනු ලැබුවහොත් ඉන් සිදුවන පාඩුව රුපියල් කෝටි අටහමාරකට වැඩි බවද ඒ මහතා පැවසීය.

යුද සමයේදීත්, සුනාමි සමයේදීත් මෙරට රෝහල්වලට අවශ්‍ය ශල්‍ය ගෝස් මෙරට නිෂ්පාදකයන් සැපයුම් කළ බවත්, එම කාලයේ දීවත් ආනයනය කරනු නොලැබූ ශල්‍ය ගෝස් වර්තමානයේ අවශ්‍ය වන්නේ කුමකටද යන්න සොයා බලන ලෙසත් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඉල්ලා සිටියේය.

මෙරට රෝහල් පද්ධතියට වාර්ෂිකව ශල්‍ය ගෝස් මීටර් ලක්ෂ 26ක් පමණ අවශ්‍ය බවත්, එම ප්‍රමාණය ලබාදීමෙන් පසු තවත් අතිරික්ත ගෝස් ප්‍රමාණයක් නිෂ්පාදකයින් සතුව පවතින බවත් ඒ මහතා පැවැසීය. අතිරික්ත ගෝස් අපනයනය කිරීමට හැකියාවක් තිබේ නම් ඒ සඳහා ද දේශීය නිෂ්පාදකයින් සූදානම් බවත් ඔහු කීය.

දේශීය නිෂ්පාදකයන් ගෝස් මීටරයක් රු. හැත්තහතරයි සත අනූ හයකට (රු. 74.96) සැපයීම සිදු කරමින් සිටියදී ඉන්දියාවෙන් ගෝස් මීටරයක් ගෙන්වා ඇත්තේ රුපියල් එකසිය දෙකයි සත අනූ හතරකට (රුපියල් 102.94) බවද ඔහු කීය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ලැබුණු ආධාර උපයෝගී කරගෙන ගෝස් මීටර ලක්ෂ 30ක් ගෙන්වීමට අදහස් කර ඇතැයි ද ඔහු කීය. මේ වනවිට සෞඛ්‍ය ඇමැතිවරයා ගෝස් මේ රටට අවශ්‍ය නොවන බව ප්‍රකාශ කරනවා නම් ගෙන්වීමට නියමිතව තිබෙන ඉතිරි ගෝස් ලක්ෂ 27ක පමණ ප්‍රමාණය රටට ගෙන්වීම නතර කරගත හැකි යැයි ද ඔහු කීය.

සංගමයේ ලේකම් කිත්සිරි වික්‍රමරත්න මහතා

රජය ගෝස් මිලියන 03ක් ආනයනය කරන්න උත්සාහ දරන බවට දැනගන්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා හමුවී සිදුකළ සාකච්ඡාවේ දී දේශීය නිෂ්පාදකයන් ගෝස් සපයනවා නම් ගෝස් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැතැයි ඇමැතිවරයා නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළත් මේ වන විට ගෝස් තොගයක් ආනයනය කර තිබෙනවා.

අපිට දැනගන්න ලැබෙන විදියට මේවා ඉන්දියාවෙන් මිලදී ගෙන ඇත්තේ එක් ආයතනයකින් සහ ලේබල් කර ඇත්තේ තවත් ආයතනයකින් බවද ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම මේවා රටට ගෙන්වීමේදී රේගුවට අසත්‍ය කරුණු ඉදිරිපත් කර බදු වංචාවක් සිදුකර ඇති බවටත් සැකයක් පවතින නිසා ඒ ගැනත් සොයා බලන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට රෝහල් පද්ධතියට දේශීය නිෂ්පාදකයින් සපයන ගෝස්වල රතු ඉරක් සටහන්ව තිබුණත් ආනයනය කළ ගෝස්වල එම ඉර දකින්නට ලැබෙන්නේ නැහැ. අපි එම රතු ඉර යොදාගනු ලබන්නේ රෝහල්වලින් පිටත රෝහලට සපයන ගෝස් තිබේද යන්න අදාළ බලධාරීන්ට පරීක්ෂා කිරීම සඳහායි. නමුත් ආනයනික ගෝස්වල එවැනි රතු ඉරක් සඳහන් නොවන නිසා ඉදිරියේදී තවත් සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි බවට අපට සැකයක් පවතිනවා.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%ad%e0%b7%94%e0%b7%80/feed/ 0
ජරාවක් කන්න ශල්‍ය ගෝස් රටින් ගේන්න හදනවා -වෙන්න යන පාඩුව කෝටි නවයක් – ශල්‍ය වෛද්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අසේල පෙරේරා https://divaina.lk/%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%81%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9d%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%81%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9d%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7/#respond Thu, 08 Jun 2023 23:41:00 +0000 https://divaina.lk/?p=149918 වසර 52ක් අඛණ්ඩව මෙරට රෝහල් පද්ධතියට ශල්‍ය ගෝස් සැපයූ මෙරට නිෂ්පාදකයන් මගහැර කොමිස් ලබා ගැනීමේ අරමුණින් වැඩි මිලකට ශල්‍ය ගෝස් ලබාගැනීමට වෛද්‍ය සැපයුම් අංශයේ දෙදෙනකු කටයුතු කරමින් සිටින බව ශල්‍ය වෛද්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අසේල පෙරේරා මහතා ඊයේ (08දා) පැවසීය.

හිටපු අගමැතිනියක වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සමයේ මෙරට ආරම්භ කරන ලද ශල්‍ය ගෝස් කර්මාන්තය සඳහා මෙතෙක් කිසිදු ඇමැතිවරයකු හෝ කිසිදු රජයක් බලපෑම් එල්ල නොකළ බවද කොළඹ ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවේදී පෙරේරා මහතා පැවසීය.

2022 ජූලි 22 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ශල්‍ය ගෝස් විදේශයෙන් ගෙන්වීමට උත්සාහ කළත් මෙරට නිෂ්පාදකයන්ට එය සැපයිය හැකි නිසා එම උත්සාහය ව්‍යර්ථ වූ බවද ඒ මහතා පැවසීය.

එහෙත් වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් කිහිප දෙනකු විදේශයෙන් ශල්‍ය ගෝස් ගෙන්වන සැපයුම්කරුවකුගෙන් ගෝස් වැඩි මිලට මිලදී ගැනීමට උත්සාහ කරන බවද ඒ මහතා පැවසීය. මෙම ගනුදෙනුව සිදු වුවහොත් රජයට රුපියල් කෝටි 09කට වැඩි අමතර මුදලක් වැයවන බව ද ඒ මහතා කීය.

දේශීය නිෂ්පාදකයන් ගෝස් මීටරයක් රුපියල් හැත්ත හතරයි ශත අනූහයකට (74.96) ලබා දෙද්දී විදේශයකින් ගෝස් මීටරයක් රුපියල් එකසිය දෙකයි සත අනූ තුනකට (102.93) ලබාගැනීමට පිඹුරු පත් සකස් කර ඉන් කොටසක් රටට ගෙන්වා ඇතැයි ද ඔහු කීය.

වසරකට ගෝස් මීටර් මිලියන 12ක් අවශ්‍ය බවත් එම සම්පූර්ණ ප්‍රමාණය දැනටමත් මෙරට ගෝස් නිෂ්පාදකයන් සපයන බවත් අවශ්‍ය නම් එම ප්‍රමාණය වැඩිකර සැපයීමට ද හැකි බවත් පෙරේරා මහතා අවධාරණය කර සිටියේය.

මෙම කර්මාන්තය තුළින් සෘජු හා වක්‍ර රැකියාවල ලක්ෂයක පමණ පිරිසක් නියැළෙන බවත් ඔවුන්ගේ රැකියා අහිමි කිරීමට උත්සාහ කළහොත් තම සංගමය අධිකරණමය ක්‍රියාමාර්ගයකට යොමුවන බවත් ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වහාම ජනාධිපතිවරයා මැදිහත් වී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන බව ද, ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කිරීම සඳහා සාකච්ඡාවක් ඉල්ලා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%81%e0%b6%bd%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9d%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7/feed/ 0