Goods and Service Mafia – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 07 Jul 2023 14:23:12 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Goods and Service Mafia – Divaina https://divaina.lk 32 32 වෙළෙඳ මාෆියාව පාරිභෝගිකයා ගසා කයි https://divaina.lk/%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b3-%e0%b6%b8%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%b7%e0%b7%9d%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ba/ https://divaina.lk/%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b3-%e0%b6%b8%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%b7%e0%b7%9d%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ba/#respond Sat, 08 Jul 2023 23:50:00 +0000 https://divaina.lk/?p=155262 පාරිභෝගිකයින් වෙනුවෙන් දේශපානඥයෝ ගොළුවත රකිති

ව්‍යාපාරිකයින්ගෙන් දේශපාලන පක්ෂවලට මුදල්

ඉන්ධන, විදුලිය, ගෑස් මිල පහළ යමින් තිබියදීත් බේකරි සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පාරිභෝගිකයාට දිගින් දිගට ම පාට් දමමින් පසුවෙයි.

පාරිභෝගික ජනතාව ගැන අද කතා කරන්න කෙනෙක් නැත. දේශපාලන පක්ෂ පවා ගොළුවත රකියි. ජනතාව වෙනුවෙන් මහත් භක්තියෙන් කතා කරන දේශපාලන පක්ෂ නියෝජනය කරන උදවියත් වෙළෙඳ මාෆියාවට බියක් දක්වයි.

අද ඉතා අසරණ තත්ත්වයට පත්වී සිටින අහිංසක පාරිභෝගිකයින් වෙනුවෙන් බිඳක් හෝ හඬක් නඟන්නේ අසේල සම්පත් මහතා පමණි. ප්‍රශ්නය එය නොවේ. අපේ දේශපාලනඥයින් පාරිභෝගිකයින් වෙනුවෙන් ව්‍යාපාරිකයින්ට එරෙහිව නිහඬ වී ඇත්තේ ඇයි දැයි කියා අපට කුතුහලයකි.

ඒත් එය දේශපාලන පක්ෂ ව්‍යාපාරිකයින්ගෙන් නඩත්තු වෙන නිසා මෙසේ නිහඬවී සිටින බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.

රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිළිබඳව නිහඬවී ඊළඟ ඡන්දය ගැනත් අර පනත මේ පනත ගැනත් දූෂණ වංචා ගැනත් දේශපාලනඥයෝ කතා කරති.

බේකරි සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා එම තනතුරට අමතරව සතොස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරන බව අපට ඊයේ පෙරේදා අසන්නට ලැබුණි.

ජයවර්ධන මහතා පාරිභෝගකයින් තුට්ටුවකටත් නොසලකන්නේ ඔහු සතොස අධ්‍යක්‍ෂ මණ්ඩලය නියෝජනය කරන නිසා විය හැකිද? මෙම තත්ත්වය තිබිය දී ජයවර්ධන මහතා නියෝජනය කරන වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ගනු ලබන තීන්දු තීරණ අනුව බේකරි සංගමයත් ක්‍රියා කරනු අයුරු මින් පැහැදිලිව පෙනෙයි.

අද අහිංසක පාරිභෝගිකයාට මාළු මිල ගණන් අසන්නත් බැරිය. ඒවා අහස උසට ම ගණන් ගොස්ය. එළවළු ඇතුළු සියලුම අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් එසේය.

ගෑස් මිල, ලයිට් බිල, ඉන්ධන මිල රුපියලකින් දෙකකින් එහෙමත් නැතිනම් රුපියල් සියයකින් වැඩි වුණත් ඉහළ නඟින අහාර වර්ග මිල පහළ දැමීමට තවමත් අපොහොසත් වී ඇත.

පාරිභෝගික අධිකාරියත් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා යටතේ පැවතුණත් වෙළෙඳ මාෆියාව තවමත් රජකරයි.

පාරිභෝගික අධිකාරිය පිළිබඳව පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධව මහතා ‘දිවයින’ කළ ප්‍රකාශයක් පිළිබඳව අපි මෙනෙහි කරමු.

වෙළෙඳ මාෆියාව පාරිභෝගිකයා ගසා කද්දී පාරිභෝගික අධිකාරිය තවමත් බිත්තර පස්සේ ලුහුබඳිනවා.

පාරිභෝගික අධිකාරියේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිතුමාට තමා පැමිණිලි කළ බවත් එම පැමිණිල්ල වහාම ලිඛිතව ලබාදෙන ලෙසත් ජනාධිපතිතුම තමාට දැනුම් දුන් බව කථානායකතුමා පවසා තිබුණි.

පාර්ලිමේන්තු කථානායකතුමා පැවසූ ආකාරයට පාරිභෝගික අධිකාරිය නැසීගිය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කාලයේ සිට යහපාලන ආණ්ඩුව කාලයේ දක්වා පැවැතුණි. මෙම තත්ත්වය යටතේ අද වෙළෙඳ ප්‍රජාව පාරිභෝගිකයා ඉදිරියේ බඩ පිනුම් ගසති. අද පාරිභෝගික අධිකාරිය ක්‍රියාශීලි නොවීම නිසා වෙළෙන්දා හිතූ හිතූ ලෙස මිල ගණන් ඉහළ දමා ඇත. මේ ගැන කතා කරන්න කෙනෙක් නැත. ගොළුවත රකින දේශපාලන පක්ෂ අද ව්‍යාපාරිකයනට කඩේ යයි. වෙනදා ගොවීන්, ගුරුවරුන්, සෙසු රාජ්‍ය නායකයින් වෙනුවෙන් දියව්… දියව්… කියමින් පෙරමුණ ගත් අය ඇතුළු නියෝජිතයන් පාරිභෝගිකයන් වෙනුවෙන් ලාභෙට දියව්… දියව්… කියා කෑගසන්නට නොහැකිය.

දැන් බැලින්නම් ලාභෙට දියව්, දියව් යන හඬින් අහන්න වී ඇත්තේ මේ රටේ මාධ්‍යයට සහ පාරිභෝගික ජනතාව පමණකි. පැය ගණන් කැමරා සහ මයික්වලට කට උල්කර ගජබින්න ඇද බාන දේශපානඥයන් අහිංසක පාරිභෝගිකයා වෙනුවෙන් වෙළෙඳ මාෆියාවට එරෙහිව සත්‍යග්‍රහ දියත් කළහොත් එදාට පාරිභෝගික ජනතාවක් ඔවුන්ට එකතුවෙනු ඇත.

හාල්මෝල් කාරයන්, තිරිඟපිටි මුදලාලි, එළවළු මුදලාලි, මස්, මාළු මුදලාලි තවමත් රජකරති. ඔවුන් රජකරන්නේ කවුද පාරිභෝගිකයා ද දේශපාලනඥයා ද ප්‍රශ්නයට පිළිතුර ඔබ සතුය. ලාභෙට දියව්… ලාභෙට දියව්… වෙළෙඳ මාෆියාව පරදවමු. වෙළෙන්දුන්ගෙන් දේශපාලන පක්ෂ නඩත්තු කිරීම වර්ජනය කරමු. පාරිභෝගික ජනතාවට ජයවේවා, ජයවේවා ඒ අපේ අලුත්ම සටන් පාඨයයි.

නෝමන් පලිහවඩන

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b3-%e0%b6%b8%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b6%b7%e0%b7%9d%e0%b6%9c%e0%b7%92%e0%b6%9a%e0%b6%ba/feed/ 0