Harin Fernando – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 06 Oct 2023 06:25:57 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Harin Fernando – Divaina https://divaina.lk 32 32 ඉඩම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි – හේතුව දේශපාලක බැල්ම වැටුණු ඉඩමේ අවුලද? https://divaina.lk/%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/ https://divaina.lk/%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/#respond Thu, 05 Oct 2023 23:54:00 +0000 https://divaina.lk/?p=172768 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ (05දා) සවස ලබා දී ඇත.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 40ක පමණ ඉඩමක් සම්බන්ධයෙන් දේශපාලනඥයකු සමග ඇතිකර ගත් මත ගැටුමක් මුල් කරගෙන ඒ මහතා ඉල්ලා අස් වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණත් ඒ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වීම භාර දුන් බව ය.

තමා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පත්වී වසර 4කට ආසන්න කාලයක් ගත කළ බවත් එම කාලයේ දී විහාරස්ථානවලට, ඔප්පු නැති පිරිස ඇතුළු නීත්‍යනුකූලව ඉඩම් ලබා දිය හැකි පිරිසට ඔප්පු ලබා දීමට අමාත්‍යාංශයට සහාය දුන් බවත් සඳහන් කළේය.

තමා සේවය කළේ නීත්‍යනුකූලව බවත් නීතියෙන් පිටත විවිධ ඉල්ලීම් ලැබුණත් එය ඉටු කර දීමට තමා කටයුතු නොකළ බවත් විජේසිංහ මහතා තවදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8%e0%b7%92%e0%b7%83%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd/feed/ 0
සජබයෙන් නෙරපූ හරින් – මනුෂගේ පෙත්සම් විමසීමට ඔක්තෝබර් දින 3ක් https://divaina.lk/%e0%b7%83%e0%b6%a2%e0%b6%b6%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%99%e0%b6%bb%e0%b6%b4%e0%b7%96-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%82/ https://divaina.lk/%e0%b7%83%e0%b6%a2%e0%b6%b6%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%99%e0%b6%bb%e0%b6%b4%e0%b7%96-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%82/#respond Fri, 15 Sep 2023 23:47:00 +0000 https://divaina.lk/?p=169237 තමන් සමගි ජනබලවේගය පක්‍ෂයෙන් නෙරපා හැරීම අභියෝගයට ලක්කරමින් ඇමැති හරින් ප්‍රනාන්දු සහ ඇමැති මනුෂ නානායක්කාර යන මහත්වරුන් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විමසීම ලබන ඔක්තෝබර් 10, 12 සහ 13 යන තෙදිනෙහි පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15දා) දින නියම කළේය.

එම පෙත්සම් පී. පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. එම පෙත්සම් සම්බන්ධයෙන් විවාදය ලබන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට අධිකරණය විසින් දින නියම කර තිබූ නමුත් එවැනි කරුණක් සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් වූ විට මාස දෙකක කාලයක් තුළදී විමසීම් සිදුකර අවසන් කළ යුතු බව කියමින් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය කෙරෙහි අවධානය යොමු කළ විනිසුරු මඬුල්ල සතියක් ඇතුළත එකී විරෝධතාවය ලිඛිතව ඉදිරිපත් කරන ලෙසටත් ඊයේ (15දා) සිට දෙසතියක් ඇතුළත ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙසටත් නියෝග කළේය. නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා සමග ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා පෙත්සම්කාර අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b6%a2%e0%b6%b6%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%99%e0%b6%bb%e0%b6%b4%e0%b7%96-%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%94%e0%b7%82/feed/ 0
එල්පීඑල් ජාත්‍යන්තරයට හොඳ පණිවුඩයක් දෙනවා – සංචාරක ඇමැතිගෙන් සහතිකයක් https://divaina.lk/%e0%b6%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b7%93%e0%b6%91%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84%e0%b7%9c/ https://divaina.lk/%e0%b6%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b7%93%e0%b6%91%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84%e0%b7%9c/#respond Tue, 01 Aug 2023 23:54:00 +0000 https://divaina.lk/?p=160050 එල්පීඑල් තරඟාවලිය ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයට හොඳ පණිවිඩයක් බවත් සිව්වන අදියරයට එන විට එහි ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක වර්ධනයක්ද දකින්නට තිබෙන බව සංචාරක ඇමෑති හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (01වැනිදා) එල් පී එල් තරගාවලිය අතරතුර දී පැවසීය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර තරඟය නැරඹීමට පැමිණ සිටි හරීන් ප්‍රනාන්දු මහතා විස්තර විචාරක ප්‍රශ්න කිරීමක් අතරතුර මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා මෙසේද පැවසීය.

මේ තරගාවලිය ඉතාම හොඳයි, මෙය සිව්වන අදියරයයි. මම හිතන්නේ මේ වතාවේ එය ඉතා විශිෂ්ටයි. ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මෙම තරඟාවලිය මහත් රුකුලක් දක්වනවා. සංචාරක ව්‍යාපාරය කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශාල කොටසක්. ඒ නිසා එල්පීඑල් රටේ ආර්ථිකයට සවියක්.

අපේ රට ආර්ථික සහ සමාජමය වශයෙන් පිරිහීමකට ලක්ව තිබියදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළා. එය ඇත්ත වශයෙන්ම මුළු රටටම සවියක් වුණා. එමගින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියානුවන් සමඟ ඇති බැඳීම වැඩි වුණා. ඒ වගේම එල්පීඑල් එකේ විදෙස් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරනවා. ඉතින් ඒක ලෝකෙට හොඳ පණිවිඩයක්.

]]>
https://divaina.lk/%e0%b6%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b7%93%e0%b6%91%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84%e0%b7%9c/feed/ 0