Harsha Ilukpitiya – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 19 May 2023 17:32:24 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Harsha Ilukpitiya – Divaina https://divaina.lk 32 32 ජාවාරම්කාර පාස්පෝට් නිලධාරීන් අල්ලන්න සීඅයිඩීයට කිව්වා – හරි දේ කරලා ගෙදර ගියත් කමක් නෑ – දූෂිතයන් දැන් මටත් ගහන්න පටන් අරන් – ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0/ https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0/#respond Fri, 19 May 2023 23:49:00 +0000 https://divaina.lk/?p=146023 නීත්‍යානුකූල නොවන මාර්ගවලින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර මුදල් ලබාගන්නා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කියා සිටියේය.

පාස්පෝර්ට් ගන්න එන අහිංසක මිනිස්සුන්ගෙන් මුදල් ලබාගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් මීට පෙරත් අත්අඩංගුවට ගත්තා.

මේ වගේ දූෂිත නිලධාරීන් තවත් පිරිසක් මේ දෙපාර්තමේන්තුව ඇතුළේ ඉන්නවා. මං සීඅයිඩී එකට කිව්වේ තරා තිරම බලන්නේ නැතිව මේ හැම කෙනෙක්ම අත්අඩංගුවට ගන්න කියලා.

පාස්පෝර්ට් ගන්න එන අහිංසක මිනිස්සුන්ගෙන් මේ වගේ මුදල් මංකොල්ල කන එක නරක වැඩක්.

ඒවට ඉඩ තියන්න බැහැ. අපි ඇවිත් ඉන්නෙ මහජනතාවට සේවය කරන්න. හරි දේ කරලා ගෙදර යන්න වුණත් මං බය නැහැ. මේ දූෂිත නිලධාරීන් දැන් මටත් ගහන්න පටන් අරන්. මොකද ඒ අයගේ ආදායම් නැතිවෙලා තියෙන්නේ.

පාස්පෝර්ට් ගන්න අපි අලුත් ක්‍රමවේදයක් හැදුවා. ඒක ක්‍රියාත්මක වුණාට මේ විදිහට එක එක තැරැව්කාරයන්ට සල්ලි නොදී පහසුවෙන් ගන්න පුළුවන් යැයි ඉලුක්පිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හේමන්ත රන්දුණු

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0/feed/ 0