Harshana Rajakaruna – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 19 Sep 2023 17:38:05 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Harshana Rajakaruna – Divaina https://divaina.lk 32 32 ජනතා මතය මර්දනය කිරීමට ආණ්ඩුව අලු‍ත් නීති ගෙන ඒමට කටයුතු කරනවා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b8%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%af%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%86%e0%b6%ab/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b8%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%af%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%86%e0%b6%ab/#respond Tue, 19 Sep 2023 23:46:00 +0000 https://divaina.lk/?p=169826 සමාජ මාධ්‍ය නියාමනය කිරීමට කොමිෂන් සභාවක් සහ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතා මතය මර්දනයට ආණ්ඩුව අලු‍ත් නීති ගෙන ඒමට කටයුතු සිදුකරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී මෙසේද කියා සිටියේය.

බංකොලොත් වී තිබෙන රටේ මැතිවරණයක් තියන්න මුදල් නෑ කියන රටේ රටටම හොරෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සිටි ඇමැතිවරන්ගේ විනාශ වූ දේපළවලට මුදල් වෙන් කරලා තියෙනවා කියලා පුවත් පත් වාර්තා කරලා තියෙනවා. කොච්චර ප්‍රමාණයකින් මේ මුදල් ගෙවලා තියෙනවාද ? කාගේ අනුමැතියකින්ද මේ කටයුතු සිදුකරලා තියෙන්නේ ? කියන ප්‍රශ්නවලට ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතුමයි.

ත්‍රස්ත විරෝධී පනත උපයෝගි කරගෙන ශිෂ්‍ය ක්‍රියාකාරීන්, ආණ්ඩුවට විරුද්ධ වෘත්තීය සමිති නායකයින් හා විපක්ෂය මර්දනය කරන්න කටයුතු කරලා තියෙනවා. ත්‍රස්ත විරෝධී පනත තියෙන විදිහටම නැවත පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන්න උත්සාහයක ආණ්ඩුව නිරත වෙනවා. මේ පනත්වලින් ආණ්ඩුව ආරක්ෂා කර ගන්න දැඩි උත්සාහයක යෙදෙනවා. දවසින් දවස ජනතාව එකතු වෙනවා ජනතා විරෝධී ආණ්ඩුව එලවන්න. ප්‍රධාන විපක්ෂය ලෙසත් සමගි ජන බලවේගය ලෙසත් ජනතාව මර්දනය කිරීමට ගෙන එන පනත්වලට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් එය නතර කරන්න කටයුතු කරනවා. ජනතාව මර්දනය කිරීමේ වැඩපිළිවෙළ වහාම නතර නොකළොත් ගෙදර යන්න ලෑස්තිවෙලා ඉන්න.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b8%e0%b6%ad%e0%b6%ba-%e0%b6%b8%e0%b6%bb%e0%b7%8a%e0%b6%af%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%86%e0%b6%ab/feed/ 0
මැරුණේ බෙහෙත් නිසා ද සොයන්න පංච පුද්ගල කමිටුවක් පත් කරන්න – කාවින්දලාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් https://divaina.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%9a-%e0%b6%b6%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%af-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%9a-%e0%b6%b6%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%af-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1/#respond Thu, 31 Aug 2023 23:52:00 +0000 https://divaina.lk/?p=166286 නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ වර්ග ආනයනය නොකිරීම නිසා සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළත් පංච පුද්ගල විමර්ශන කමිටුවක් පත්කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන හා හර්ෂණ රාජකරුණා මහතා ඊයේ (31දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි මහත්මිය මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙන්ම මෙරටට ආනයනය කරනු ලබන සියලුම ඖෂධවල තත්ත්වය හා ප්‍රමිතිය ආරක්‍ෂා කිරීම, ඒවා ලියාපදිංචි කිරීම, නිෂ්පාදනය කිරීම සඳහා අවසර ලබාදීම, මිල නියම කිරීම හා ගබඩා කිරීම සඳහා අවසර ලබාදීම ඇතුළු වගකීම හා බලය ජාතික ඖෂධ නියමන අධිකාරිය වෙත පැවරී ඇති බව පෙත්සම්කරුවන් එමඟින් පෙන්වාදී තිබිණි. පසුගිය කාලයේ මෙරටට ආනයනය කරන ලද නිර්වින්දන ඖෂධ වර්ග කිහිපයක් හා අක්‍ෂි ඖෂධ වර්ගයක් නිසා රෝගී මරණ සහ රෝගීන්ට විවිධ සංකූලතාවලට මුහුණ දීමට සිදුවූ බවත් පෙත්සම්කරුවන් එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබේ. නමුත් එම ඖෂධ හා නිර්වින්දන එන්නත් භාවිතයෙන් සිදුවූ මරණ හා රෝගී සංකූලතා සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇතැයි පෙත්සම්කරුවන් එම ඉල්ලීම කරමින් අධිකරණයට කියා තිබේ. එබැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පැවැත්වීමට බලධාරීන්ට නියෝගයක් කරනා ලෙසත් එකී විමර්ශන වාර්තාව අධිකරණය හමුවට කැඳවා වගකිවයුත්තන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසටත් එමඟින් ඉල්ලා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ගේ එකී ක්‍රියාකලාප නිසා තමන් ඇතුළු රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරනා නියෝගයක් නිකුත්කරනා ලෙසට ද පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%9a-%e0%b6%b6%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%af-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1/feed/ 0
රට බංකොලොත් වීමට හේතු සොයන කමිටුවේ සභාපති පුටුව විපක්‍ෂයට ඉල්ලති https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba/#respond Tue, 18 Jul 2023 23:45:00 +0000 https://divaina.lk/?p=157346 රට බංකොලොත්භාවයට පත් කිරීමට අදාළ හේතු සෙවීමට පත් කළ තේරීම් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දෙන ලෙස හර්ෂණ රාජකරුණා සහ අනුර කුමාර දිසානායක මහත්වරු පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) ඉල්ලා සිටියහ.

සභාපති ධුරය විපක්ෂයට ලබා නොදෙන්නේ නම් එම තේරීම් කාරක සභාවෙන් සමගි ජන බලවේගය ඉල්ලා අස්වන බවත් රට බංකොලොත් කිරීමට දායක වූ පක්ෂයේ ලේකම්වරයා කමිටුවේ සභාපති ලෙස පත් කිරීම සුදුසු නොවන බවත් හර්ෂණ රාජකරුණා මහතා කීය.

රට බංකොලොත්වීමට හේතු වූ සත්‍ය කරුණු දැන ගැනීමට ඇත්තටම අවශ්‍ය නම් කළ යුත්තේ එම සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම බව අනුර කුමාර දිසාකායක මහතා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b6%a7-%e0%b6%b6%e0%b6%82%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b7%9c%e0%b6%ba/feed/ 0
පුංචි ආණ්ඩුවල බලතල කමිටුවකට පවරන ලිපිය රාජ්‍ය පරිපාලන ලේකම් අස්කර ගනී https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b6%bd-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ad%e0%b6%bd-%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%94/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b6%bd-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ad%e0%b6%bd-%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%94/#respond Tue, 13 Jun 2023 23:49:00 +0000 https://divaina.lk/?p=150901 නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගෙන තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කරන ලද එම ලිපිය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් ගොනු කළ රිට් පෙත්සම ඊයේ (13දා) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය ඉවත් කරගෙන තිබෙන බව දැන්වීය.

එම කටයුතුවලට අදාළව නව ලිපියක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

කෙසේ වෙතත්, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් මහතා කරුණු දක්වමින්, අදාළ ලිපිය ඉවත් කරගෙන තිබෙන්නේ මෙම පෙත්සම ගොනු කිරීමෙන් පසුව බැවින් මෙම පෙත්සම විභාගයට නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම මෙම මස 26 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b6%82%e0%b6%a0%e0%b7%92-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b6%bd-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ad%e0%b6%bd-%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%a7%e0%b7%94/feed/ 0
ගුවන්තොටේදී රත්‍රන් සමඟ කොටුවුණු මන්ත්‍රී ගැන ස්වාධීන පරීක්‍ෂණයක් ඕනෑ- හර්ෂණ සහ මෛත්‍රී ඉල්ලති https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/ https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/#respond Tue, 23 May 2023 23:50:00 +0000 https://divaina.lk/?p=146755 ගුවන්තොටුපළේදී පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතා සමඟ රත්‍රන් කිලෝ තුනහමාරක් හසුවීමේ සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වා වරදකරුවන්ට ඉහළම දඬුවම ලබාදෙන ලෙස සමගි ජනබලවේගයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරු ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්‍ෂයෙන් ඉල්ලා සිටියහ.

ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් මෙසේය.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා – ගුවන්තොටුපළේදී පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන අලි සබි්‍ර රහීම් සමඟ කිලෝ තුනහමාරක් පමණ රත්‍රං අල්ලලා කියලා මාධ්‍ය වාර්තා කරනවා. මේ වගේ දේවල් නිසයි 225 ටම ඇඟිල්ල දික් වෙන්නේ. කරුණාකරලා වහාම ස්වාධීන පරීක්‍ෂණයක් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන – රත්‍රන් හසුවීමේ සිද්ධිය පිළිබඳව අපක්‍ෂපාතීව දිය හැකි උපරිම දඬුවම ලබාදෙන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f/feed/ 0
පොහොට්ටුවයි එජාපයයි පොරකනවා: ජනාධිපතිවරණයට අපි සූදානම් – හර්ෂණ රාජකරුණා (සජබ) https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%ba%e0%b7%92-%e0%b6%91%e0%b6%a2%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%ba%e0%b7%92-%e0%b6%91%e0%b6%a2%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b6%9a/#respond Thu, 18 May 2023 23:44:00 +0000 https://divaina.lk/?p=145697 ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය හැකිනම් වහාම පවත්වන ලෙස ජනපතිවරයාට හා පොහොට්ටු ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

දැන් මේ රටේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තියෙනවා ජනාධිපති මැතිවරණයක් අවශ්‍යයි කියලා. අපි අහනව මෙච්චර මහලොකු ප්‍රබල ජනාධිපතිවරයෙක් හිතාගෙන ඉන්නවනම් එච්චර බලයක් තියෙනවා කියලා ඒ මැතිවරණයට යමු. ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් එක්ක කතා කරලා නිවුස් ප්ලාන්ට් කරලා තමන්ට හිතවත් මාධ්‍ය ආයතන එක්ක කතා කරගෙන උත්සාහ කරනවා ජනාධිපතිවරණයක් තියෙන්න ඕන කියලා.

අපි සූදානම්. සමගි ජන බලවේගයේ අපි ඉතා පැහැදිලිව ජනාධිපති අපේක්ෂකයෙක් තෝරගෙන ඉන්නවා. අපේ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. ආණ්ඩුවට ජනමතය බලමු රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයනම් ඕන ඒකට අපි සූදානම්.

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94%e0%b7%80%e0%b6%ba%e0%b7%92-%e0%b6%91%e0%b6%a2%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b6%9a/feed/ 0