home – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 19 Aug 2021 06:27:42 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg home – Divaina https://divaina.lk 32 32 ගෙදරටම බෙහෙත් ගෙන්වා ගන්න හොට් ලයින් දෙකක් https://divaina.lk/%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b6%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b6%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/#respond Wed, 18 Aug 2021 21:11:13 +0000 https://divaina.lk/?p=13493 * සිංහලෙන් 072 -0720720 දෙමළෙන් 072-0606060

පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජයේ රෝහල්වලින් සිය බෙහෙත් ලබා ගැනීමට නොහැකිව සිටින රෝහල් සායනවල ලියාපදිංචි වී ඇති බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට සිය නිවෙස්වලටම බෙහෙත් ගෙන්වා ගැනීම සඳහා ක්ෂණික දුරකථන අංක (හොට් ලයින්) දෙකක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික‍්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

මේ අනුව මෙතෙක් රෝහල් සායනවලින් බෙහෙත් ලබා ගැනීමට නොහැකි වූ දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට සිංහල භාෂාවෙන් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා 072 -0720720 හා දෙමළ භාෂාවෙන් දැනුම් දීම සඳහා 072-0606060 යන ක්ෂණික දුරකථන අංකයන් හඳුන්වා දී ඇති බව වෛද්‍ය වික‍්‍රමසිංහ මහත්මිය කීවාය. කොරෝනා ආසාදනය වූ විට වැඩි වශයෙන් දැඩි සංකුලතා මතුවනුයේත්, ඒ හේතුවෙන් ජීවිතය අවදානමකට පත් වනුයේත් බෝ නොවන රෝගවලින් පෙළෙන අය වීම නිසා එම සියලූ දෙනා සිය රෝගාබාධයන් සඳහා නිසි පරිදි බෙහෙත් ලබා ගෙන රෝග තත්ත්වය පාලනය කර ගැනීම මෙම දිනවල අත්‍යවශ්‍ය කරුණක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඒමන්ති මාරඹේ

]]>
https://divaina.lk/%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b6%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b7%80%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a/feed/ 0