Hospital services in poor Countries are collapsing as nurses leave the country – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 06 Jun 2023 15:34:54 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Hospital services in poor Countries are collapsing as nurses leave the country – Divaina https://divaina.lk 32 32 හෙදියන් රට හැර යෑමෙන් දුගී රටවල රෝහල් සේවා බිඳ වැටේ https://divaina.lk/%e0%b7%84%e0%b7%99%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7-%e0%b7%84%e0%b7%90%e0%b6%bb-%e0%b6%ba%e0%b7%91%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%94%e0%b6%9c/ https://divaina.lk/%e0%b7%84%e0%b7%99%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7-%e0%b7%84%e0%b7%90%e0%b6%bb-%e0%b6%ba%e0%b7%91%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%94%e0%b6%9c/#respond Tue, 06 Jun 2023 23:47:00 +0000 https://divaina.lk/?p=149457 තුන්වැනි ලෝකයේ දුගී රටවල රෝහල් හෙදියන් විශාල පිරිසක් පෙර නොවූ විරූ අයුරින් වැඩි වැටුපකට දියුණු බටහිර රටවල රෝහල්වල සේවයට බඳවා ගැනීම හේතුවෙන් ආසියාව, අප්‍රිකාව ඇතුළු දියුණු වෙමින් පවතින දුගී රටවල සෞඛ්‍ය සේවය කඩා වැටෙමින් පවතින බව ජාත්‍යන්තර හෙද සංවිධාන විසින් අනතුරු අඟවා තිබේ.

මෙම තත්ත්වය පාලනයෙන් තොර තත්ත්වයක් බවට පත්ව ඇති බව පෙන්වා දෙන එම සංවිධාන වැඩි වැටුප් සහිත රැකියා ලැබී විශාල හෙද හෙදියන් පිරිසක් මෙසේ බටහිර රටවලට සංක්‍රමණය වීම හේතුවෙන් දුගී රටවල සෞඛ්‍ය සේවය කඩා වැටීමකට ලක්ව ඇති බව එම සංවිධාන පෙන්වා දෙයි.

දියුණු වෙමින් පවතින ආසියානු හා අප්‍රිකානු රටවලින් පුහුණු හෙද හෙදියන් විශාල පිරිසක් සිය රෝහල්වල සේවයට බඳවා ගන්නා බටහිර රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය හා එංගලන්තය ප්‍රධාන වන අතර මෙම තත්ත්වය සීමා කිරීම සඳහා ජනගහන අනුපාතයට අනුව සිටින හෙද හෙදියන් සංඛ්‍යාව අඩු රටවල් 55ක ලැයිස්තුවක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රසිද්ධ කර ඇතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ දුගී රටවල හෙද හෙදියන් විශාල වශයෙන් බටහිර රටවල රෝහල්වල පවතින හෙද පුරප්පාඩු සඳහා අයදුම් කර යෑම වැඩි වී ඇති බව අනාවරණය වී තිබේ. මෙසේ සිය හොඳම පුහුණු හෙදියන් විශාල පිරිසක් එකවර බටහිර රටවල රැකියා සඳහා යෑම නිසා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාවේ රෝහල් සේවය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති අතර රෝගී සත්කාර කටයුතු සඳහා හෙද හෙදියන් නොමැති වීමෙන් එරට රෝහල් හදිසි ප්‍රතිකාර ඒකකවල සිටින විශාල රෝගීන් පිරිසක් පසුගිය කාලයේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉකුත් වසරේදී වැඩි වැටුපකට එංගලන්තයේ රෝහල් සේවාවට බැඳී ඇති ඝානාවේ රෝහල් හෙදියන් පිරිස 1200 ක් වන අතර මේ හේතුවෙන් එරට රෝහල්වලට අලුතින් රෝගීන් ඇතුළත් කිරීම සීමා කිරීමටත් සැත්කම් සීමා කිරීමටත් සිදුව ඇති බව වාර්තා වේ.

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b7%99%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b6%a7-%e0%b7%84%e0%b7%90%e0%b6%bb-%e0%b6%ba%e0%b7%91%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%94%e0%b6%9c/feed/ 0