Housing for needy people – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 05 Nov 2021 13:02:06 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Housing for needy people – Divaina https://divaina.lk 32 32 මාදුළුවාවේ සෝභිත හිමිපාණෝ https://divaina.lk/%e0%b6%b8%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%9d%e0%b6%b7%e0%b7%92%e0%b6%ad-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%ab/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%9d%e0%b6%b7%e0%b7%92%e0%b6%ad-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%ab/#respond Sat, 06 Nov 2021 00:14:00 +0000 https://divaina.lk/?p=33492 ඉරිදාට යෙදෙන 6 වන ගුණ සමරුව නිමිත්තෙනි

දැනට අවුරුදු හතළිහකට පෙර උපාලි විජයවර්ධන ශ‍්‍රීමතාණන් විසින් ආරම්භ කරන ලද දිවයින පුවත්පත සිංහලයේ ඉදිරි පැවැත්ම තුළ ඇති ඓතිහාසික වටිනාකමේ ප‍්‍රතිබිම්බයක් විය යුතුය යන්න හදවතින් ම වැළඳගත් දේශ හිතෛෂියකු වූයේ අද වැනි දිනක සිහිපත් කරන මාදුළුවාවේ ශ‍්‍රී සෝභිත මාහිමිපාණන් වහන්සේය. සෝභිත ස්වාමීන් වහන්සේ වරෙක සිය ජීවිත ගමන් මඟ පිළිබඳව මෙසේ සටහනක් තබා ඇත.

‘‘මම ඉපදුනේ 1942 වර්ෂයේ මැයි මාසයේ 29 වැනිදාය. කොළඹ දිස්ත‍්‍රික්කයේ පාදුක්ක ආසන්න මාදුළුවාව කියන පිටිසර ගමේ. ඒ කාලයේ එතරම් සාමකාමී කාලයක් එහෙම නොවෙයි. දෙවන ලෝක යුද්ධය නිසා මුළු ලොවම ගිනි ගන්නවා. ඉතින් කොළඹටත් බෝම්බ හෙළයි කියල විශාල බයක් තිබුණානේ. ඒ නිසා කොළඹ ජනශූන්‍ය වෙලයි තිබිල තියෙන්නේ. රටේ හැම තැනම යුද්ධ නීතිය. ඒ කාලේ යුද්දෙ නිසා කොළඹ ජීවත් වූ අය ඈත පිටිසර ගම්මානවලට ගිහින් තමයි ජීවත්වෙලා තියෙන්නේ. ඉතිං ඔය කෝට්ටේ ප‍්‍රදේශයේ ජීවත්වූ පවුල් ගණනාවක් අපේ ගමටත් ඇවිත් තිබුණා. කවදත් ගම්වල මිනිස්සු ආගන්තුක සත්කාරයට බොහොම කැමති මිනිස්සු කොට්ඨාසයක්නේ. අපේ දෙමාපියොත් ඉතින් ඔවුන් ජීවත් වු මහගෙදර කෝට්ටෙන් ආ පිරිසකට දීලා ගෙදර පිළිකන්නට වෙන්න තිබුණු තාත්තා වඩුවැඩ කළ වඩු මඩුවේ පදිංචියට ගිහින් තියෙනවා. අන්න ඒ වඩුමඩුවේ තමයි මම ඉපදිලා තියෙන්නේ.

මගේ අම්මා කුරුවිට ආරච්චිගේ කරලිනාහාමි. තාත්තා පතිරගේ දොන් පීරිස් අප්පුහාමි. මට වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් ඉන්නවා. අයියාගේ නම ගුණසේකර. නංගී මාලනී. මගේ ගිහිකාලෙ නම තමයි රත්නසේකර කියන්නේ. අපේ පවුල හොඳ බෞද්ධ පවුලක්. මගේ අම්මයි තාත්තයි ඉතා හොඳ ධර්මික ජීවිතයක් ගත කළේ. ඔවුන් ශාසනයට හරි ලැදියි. එහෙම වෙන්න එක හේතුවක් තමයි මාදුළුවාවේ ඉන්‍ද්‍රජෝති හාමුදුරුවෝ අපේ ඥාතියකුවීම. උන්වහන්සේ අපේ තාත්තාගේ වැඩිමහල් සහෝදරයා වීම. උන්වහන්සේ තමයි කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනාරාමය ආරම්භ කරලත් තියෙන්නේ. ඉන්‍ද්‍රජෝති හාමුදුරුවෝ මම හැබැහින් දැකල නෑ. මොකද මම ඉපදුන වර්ෂයේමයි උන්වහන්සේ අපවත්වෙලා තියෙන්නේ.

මගේ පාසල මාදුළුවාව බෞද්ධ මිශ‍්‍ර පාඨශාලාව. මම පස්වන පන්තිය දක්වා ඉගෙන ගත්තෙ ඒ පාසලින්. අපේ අම්මා මම මහණවෙන්න පන්සලට එක්කගෙන එද්දී වුණත් දුකෙන් හිටියෙ. මම පන්සලේ නවත්තල ගෙදර අය යනකොට මටත් දරාගන්න බෑ. අපේ අම්මගෙන් දුරස්වීම මට මතකයි. අසූගණන්වල විවිධ සටන්වල මා මූලිකත්වය අරගෙන ඉන්නවිට ඇය බයෙන් හිටියෙ. මාව අත්අඩංගුවට ගත් වෙලාවෙදි ඇය කලබල වෙලා තියෙනවා. මට සාමාන්‍යයෙන් ඉඩල් ලැබුණ හැම විටම අම්ම බලන්න ගියා. ඇය අන්තිම කාලෙ අසනීපවෙලා ඉන්නකොට අඩුම ගණනේ සතියකට වතාවක්වත් අම්මව බලන්න මම ගියා. අපේ පන්සලේ අලූත් ධර්ම ශාලාව හදල ඒක විවෘත කරන්න දින නියම කළ වෙලාවෙ අපේ දායකයෝ ඒක කවුරුන් ලවා විවෘත කරනවද කියල මගෙන් ඇහුවා. සමහර ඇත්තො යෝජනා කළේ එවකට ජනාධිපතිව හිටපු ජේ. ආර්. ජයවර්ධන මහතා අතින් අපි ධර්මශාලාව විවෘත කරවමු කියල. ඒත් මගේ හිතේ තිබුණෙ මගේ අම්මා අතින් ඒක විවෘත කිරීම කොතරම් හොඳද කියල. මම ඒ වෙලාවේ දායක සභාවට මගේ අදහස කීවම ඔවුන් ගොඩක් සතුටින් ඒකට කැමති වුණා.

2003 අපේ‍්‍රල් 22 වැනිදා තමයි අපේ අම්මා නැති වුණේ. 24 වැනිදා වෙනකල් ධර්මශාලාවේ දේහය තැන්පත් කර තැබුවා. මෙහේ ඉන්න මහ සෙනඟට ගමට යන්න අපහසු නිසා දායක සභාව ඉල්ලා සිටියා අම්මගේ දේහය මෙහෙට ගේන්න කියලා. එදා පාංශුකූලයේ මුලසුන වැඩ සිටියේ බෙල්ලන ක්‍ඳාණවිමල හාමුදුරුවෝ, වේවැල්දෙනියේ මේධාලංකාර, බෙල්ලන්විල විමලරතන, වැලමිටියාවේ කුසලධම්ම, කොටුගොඩ ධම්මාවාස වැනි සුවිශේෂ භික්‍ෂුන් වහන්සේලා වැඩම කළා. ආදාහනයත් සිද්ධ කළේ කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ පිට්ටනියේ.

මගේ ජීවිතයේ රසවත්ම කාලයක් තමයි පෑලියගොඩ විiාලංකාර පිරිවෙනේ ඉගෙන ගත් කාලය. යක්කඩුවේ නායක හාමුදුරුවෝ, කොටහේනේ පක්‍ඳ්ක්‍ඳාකිත්ති හිමියෝ, බඹරැන්දේ සිරිසීවලී හිමියෝ ඒ අතර කිහිපදෙනෙක්. ඒ කාලෙ විද්‍යාලංකාරය කියන්නේ වාමාංශික දේශපාලනය සමගත් සම්බන්ධකම් තිබුණු තැනක්නේ. පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන, එන්. එම්. පෙරේරා වැනි මහත්තුරු නිතර නිතර විද්‍යාලංකාරයට ආව ගියා.

සෝභිත නායක හාමුදුරුවන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය විද්‍යොදය තුළින් ප‍්‍රභාවත් විය. ප‍්‍රථම පන්තියේ ගෞරව උපාධියකින් සාමාර්ථය ලැබූ උන්වහන්සේ උඩුව පිරිවෙනේ අවුරුදු 4 ක් මුළුල්ලේ ගුරුවරයකු ලෙසද, ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ පරිවෙනාධිපති ලෙස ද, පසුව ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනේ ද විශ‍්‍රාම යනතුරුම සේවය කළහ. ශ‍්‍රී නාගවිහාර සංවර්ධන සභාව, ශ‍්‍රී නාග විහාර බෞද්ධ කාන්තා සමිතිය, විජය දහම් පාසල, උපාසක – උපාසිකා සමිතිය, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය, ජාතික වීර පදනම, ශ‍්‍රී නාග විහාර තරුණ සංගමය, සාධාරණ සමාජයක් උදෙසා වූ සංවිධානය ආදී සමිති සමාගම් තුළින් උන්වහන්සේ ජාතියට අමිල මෙහෙයක් ඉටුකළ සේක.

රටේ කුමන හෝ විපතක් ව්‍යසනයක් දැනගත් විට මුලින්ම ක‍්‍රියාත්මක වූයේ සෝභිත ස්වාමීන් වහන්සේය. සුළි සුළඟ, නියඟය, ගංවතුර, සුනාමිය වැනි දුර්භාග්‍ය සිදුවීම් සියල්ලේම උන්වහන්සේ මූලිකව කටයුතු කළහ. 2004 වර්ෂයේ සුනාමි ඛේදවාචකයෙන් විපතට පත් සමුද්‍ර තීරයේ ජීවත් වූ අසරණ මිනිසුන් වෙනුවෙන් නිවාස 213 ක් තනවා නිමකර භාරදීමට සෝභිත හිමියන්ට හැකි වූයේ දේශීය සහ විදේශීය දානපතියයෝ උන්වහන්සේ කෙරෙහි තැබූ විශ්වාසය නිසාය. කළුතර, ගාල්ල, දෙවුන්දර, තංගල්ල, හම්බන්තොට යන දිස්ත‍්‍රික්ක කීපයකම පැතිර ගිය මෙම ව්‍යාපෘතීන් සඳහා රුපියල් මිලියන 60ක් වැය වූ බව ද සඳහන් වේ.

මෙම නොවැම්බර් මස 07 වැනි දිනට යෙදෙන සෝභිත ස්වාමීන් වහන්සේගේ 06 වැනි ගුණ සමරු පිංකමකි. උන්වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා.!

නන්දසේන සූරියආරච්චි

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%8f%e0%b6%af%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b7%83%e0%b7%9d%e0%b6%b7%e0%b7%92%e0%b6%ad-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%ab/feed/ 0