ICC World Cup 2023 – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Wed, 01 Nov 2023 07:05:09 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg ICC World Cup 2023 – Divaina https://divaina.lk 32 32 බලාපොරොත්තු අසීමිතයි: අවස්ථා සීමිතයි https://divaina.lk/%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%85%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b7%80/ https://divaina.lk/%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%85%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b7%80/#respond Tue, 31 Oct 2023 23:55:00 +0000 https://divaina.lk/?p=177320 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය ඊයේ (30 වැනිදා) රාත්‍රී අවසන් වීමට නියමිතව තිබුණි.

එම තරගයට පෙර මෙවර තරගාවලියේ සියලු කණ්ඩායම් තරග 6 බැගින් ක්‍රීඩා කර තිබූ අතර ඒ අනුව පකිස්තානය සහ බංග්ලාදේශය ඊයේ සහභාගී වූයේ මෙවර තරගාවලියේ ඔවුන් ගේ 7 වැනි තරගයටය.

එම තරගය ජයග්‍රහණය කිරීමට පකිස්තානය සමත් වූයේ නම් ඔවුන්ට තව ප්‍රසාද ලකුණු 2 ක් එකතු වන අතර එමෙන්ම පකිස්තානයේ අවසන් පූර්ව බලාපොරොත්තුවට ද එය යම්තමින් සවියක් වේ.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සහභාගී වූ හයවැනි තරගය පෙරේදා පැවැති අතර ඉන් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත් වූයේය.

එම පරාජයත් සමග ශ්‍රී ලංකාව පස් වැනි ස්ථානයේ සිට 6 වෙනි ස්ථානයට පසුබැස්ස අතර හයවෙනි ස්ථානයේ සිටි ඇෆ්ගනිස්තානය පස්වැනි ස්ථානය දක්වා ඉහළ ගියේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරග සඳහා හෙවත් අවසන් කණ්ඩායම් හතර අතරට තේරී පත් වීම සඳහා මේ වන විට විශාල සටනක් දීමට සිදුව තිබේ. එහිදී ශ්‍රී ලංකාවට හිමි ඉදිරි තරග තුනම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ යුතු අතර එකී ජයග්‍රහණයන් පමණක්ම ඊට ප්‍රමාණවත් නොවේ.

ඉහළ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගයක් ද ශ්‍රී ලංකාව හිමි කරගෙන සිටිය යුතුය. මේ වන විට තරග 6 කට සහභාගී වී ඉන් තරග හතරක් පරාජය වී සිටින ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ප්‍රසාද ලකුණු හතරක් පමණි.

ඒ අනුව ඉදිරි තරග තුනම ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ යනු ඇත. එහෙත් එම තරග තුනෙන් දෙකක් ඉන්දියාවට සහ නවසීලන්තයට එරෙහිවය. ඉන්දියාව යනු ප්‍රසාද ලකුණු සටහනේ හිනිපෙත්තේ සිටින කණ්ඩායම වේ. නවසීලන්තය පසුගිය වර අනුශූරයන් වන අතර තරග 6න් 4ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන දිනා සිටී. අනෙක් තරගය බංගලාදේශයට එරෙහිවය.

කෙසේ වෙතත් හෙට (02 වැනිදා) තරගයේ දී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වුවහොත් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව තරග වරම් ගිලිහී යන අතර ඉන්දියාව අවසන් පූර්ව සටනට සුදුසුකම් ලබනවා ඇත.

මේ වනවිට තරග 6 කට සහභාගි වී තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර ඇති පකිස්ථානය සහ නෙදර්ලන්තය ද සිටින්නේ ශ්‍රී ලංකාව වැනිම අවදානම් කලාපයකය. එහෙත් බලාපොරොත්තු සහමුලින් ම බිඳී ගොස් නැත. අවස්ථාවන් නම් ඉතා සීමිතය.

කුෂාන් සුබසිංහ ඉන්දියාවේ මුම්බායි සිට

]]>
https://divaina.lk/%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4%e0%b7%9c%e0%b6%bb%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b6%85%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b7%80/feed/ 0
තුන් ඉරියව් දක්ෂතා මැතිව්ස්ට වාසි වන ලකුණු https://divaina.lk/%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%8a-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80/ https://divaina.lk/%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%8a-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80/#respond Tue, 24 Oct 2023 23:55:00 +0000 https://divaina.lk/?p=176137 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කැඳවීමට කණ්ඩායමේ කළමනාකාරීත්වය සැලසුම් කර ඇත.

ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට මැතිව්ස් සංචිතයට එක් කිරීමට නියමිත අතර ඒ පිළිබඳව ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතිය අපේක්ෂාවෙන් පසු වේ.

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක් වීමෙන් පසුව මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පසුගිය 20 වැනිදා ඉන්දියාවට කැඳවීමට කණ්ඩායමේ කළමනාකාරීත්වය කටයුතු කළේය.

ඒ අනුව අතිරේක ක්‍රීඩකයන් ලෙස පැමිණි මැතිව්ස් සහ චමීර දෙදෙනා අතරින් පතිරණගේ ආදේශක ක්‍රීඩකයා ලෙස මැතිව්ස් 15 දෙනාගේ සංචිතයට එකතු වෙන බව නිලධාරියෙක් ඊයේ ප්‍රකාශ කළේය.

“අපේ වේග පන්දු යවන්නන් දෙදෙනා වන ඩිල්ශාන් මධුසංඛ සහ කසුන් රාජිත දෙදෙනා නෙදර්ලන්ත තරගයේදී හොඳින් පන්දු යැවුවා. ඒ නිසා තව වේග පන්දු යවන්නකුට වඩා පන්දු යැවිය හැකි පිතිකරුවෙකුගේ වටිනාකම කණ්ඩායමට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. දසුන් වෙනුවට කණ්ඩායමට එකතු වූ චාමික ගෙන් බලාපොරොත්තු වූ දක්ෂතා ලැබුණේ නැහැ.”

අදාළ නිලධාරීයා එසේ පැවසූ අතර මැතිව්ස් එක් දින තරග 211 කදී කඩුලු 120 ක් සහ ලකුණු 5865 ක් ලබා ගෙන තිබේ.

එංගලන්තය සමග හෙට පැවැත්වීමට නියමිත මීළඟ තරගයට ඒ අනුව මැතිව්ස් බොහෝ දුරට කණ්ඩායමට එක්වීමට නියමිත බව ද අදාළ නිලධාරියා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක භූමිකාව ශක්තිමත් කිරීම මැතිව්ස් ගෙන් බලාපොරොත්තු වන බවද අදාළ නිලධාරියා ප්‍රකාශ කළ අතර ආබාධයකට ලක්ව සංචිතයෙන් ඉවත් වූ දසුන් ශානක ද ඊයේ පැවැති පුහුණුවීම්වලදී පන්දු යැවීමට ද කටයුතු කළේය.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 05 වැනි තරගය එංගලන්තයට එරෙහිව බැංගලෝර් හිදී හෙට (26දා) පැවැත්වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ බෙංගලූරු නුවර සිට

]]>
https://divaina.lk/%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%8a-%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ad%e0%b7%8f-%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80/feed/ 0
මැතිව්ස් සහ චමීර අද ඉන්දියාවට https://divaina.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%a0%e0%b6%b8%e0%b7%93%e0%b6%bb-%e0%b6%85%e0%b6%af-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%a0%e0%b6%b8%e0%b7%93%e0%b6%bb-%e0%b6%85%e0%b6%af-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92/#respond Thu, 19 Oct 2023 23:55:00 +0000 https://divaina.lk/?p=175278 ජ්‍යෙෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් ලෙස කැඳවීමට තීරණය කර ඇති බව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව මැතිව්ස් සහ චමීර අද (20 වැනිදා) ඉන්දියාව බලා පැමිණීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය හෙට (21 වැනිදා) නෙදර්ලන්තය සමග පැවැත්වේ.

ඔවුන් දෙදෙනා සංචිතය සඳහා එක් කර ගැනීමට නම් ක්‍රීඩකයන් දෙදෙනකු ආබාධයන්ට ලක්ව ඇති බව තාක්ෂණ කමිටුවට දැනුම් දීමෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය හිමිවිය යුතු වේ.

කෙසේ වෙතත් මේ වන විටත් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධ ලැයිස්තුවට එක්ව තිබේ.

ඔහු වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට ගෙන්වා ගැනීම කලින් සැලසුම වූ නමුත් දුෂ්මන්ත චමීර සම්පූර්ණයෙන්ම සුවය ලැබීමත් සමඟ චමීරගේ සහය කණ්ඩායමට ලබා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පසුගිය ජුනි මාසයේ සිට ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත්ව සිටියද පසුගිය අගෝස්තු මාසයේදී පැවති එල්පීඑල් තරගාවලියේ තරග 4 කට පමණක් සහභාගි වී යළි ආබාධයක් මත එම තරගාවලියෙන්ද ඉවත් වූයේය.

චමීර ශ්‍රී ලංකාව සඳහා තරග 44 කට සහභාගි වී කඩුලු 50 ක් ලබා ගෙන ඇත.

36 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර තරග 221 කට සහභාගි වී ශතක 3ක් සහ අර්ධ ශතක 40 ක් ද සමග ලකුණු 5865 ක් වාර්තා කර තිබේ. ඔහු එහි දී කඩුලු 120 ක් ද තම නම ඉදිරියේ සටහන් කරගෙන ඇත.

මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව නවසීලන්තයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ඔහුට කණ්ඩායමට පැමිණීමට අවස්ථාව ලැබුණු නමුත් ඔහු නවසීලන්තයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග තුනේදී ලකුණු 18, 0 සහ 12 ක් ලබා ගැනීමත් සමඟ නැවතත් කණ්ඩායමෙන් ඉවත් කෙරිණි.

මැතිව්ස් 15 දෙනකුගෙන් යුත් සංචිතයට එක්වීමට නම් ක්‍රීඩකයකු ආබාධයකට ලක්විය යුතුය.

මතීෂ පතිරණගේ පන්දු යැවීමේ හස්තයේ සිදුවූ ආබාධයක් හේතුවෙන් ඔහුට අවම වශයෙන් දින 10ක් ක්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට සිදුවී ඇත.

කුෂාන් සුබසිංහ ලක්නව් නුවර සිට

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%a0%e0%b6%b8%e0%b7%93%e0%b6%bb-%e0%b6%85%e0%b6%af-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92/feed/ 0
පටන් ගත්ත විදිහට අවසන් කරන්න බැරි වුණා – පැතුම් බිඳුණු හැටි පැතුම් කියයි https://divaina.lk/%e0%b6%b4%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b7%84%e0%b6%a7-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%b4%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b7%84%e0%b6%a7-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb/#respond Tue, 17 Oct 2023 23:55:00 +0000 https://divaina.lk/?p=174931 ඔස්ට්‍රේලියාව සමග ලක්නව් හි පැවැති ලෝක කුසලාන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්තද එම සාර්ථකත්වය පවත්වාගෙන යෑමට නොහැකිවීම නිසා ශ්‍රී ලංකාවට පරාජය උරුම වූ බව ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

තරගයක් ජයග්‍රහණය කිරීම සඳහා එවැනි තණතීරුවක ලකුණු 300ක් පමණ ලබාගත යුතුව තිබූ නමුත් ශ්‍රී ලංකාවට එම ඉලක්කයට ළඟාවීමට නොහැකිවීමෙන් අත් වූ මෙම පරාජය පිළිබඳව කනගාටුවට පත්වන බවද ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා එහිදී පැවසීය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කඩුල්ල සඳහා ලකුණු 125 ක සම්බන්ධතාවයක් පැවැත් වූවද අනතුරුව සියලුදෙනා ලකුණු 209 කට දැවී ගියහ.

අපේ ඉනිමේ මැද පන්දුවාරවල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් නියමිත එල්ලයට සහ ඉලක්කයට පන්දු යැව්වා. මම හිතනවා අපේ පිතිකරුවන්ට ඒ කාලය හරියට කළමනාකරණය කරගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒ ටික අපි හරියට ගැහුව නම් ලකුණු 300ක් විතර අපිට ලබාගන්න තිබුණා. ඕනෙම කෙනෙක් දන්නවා ඉන්දියාවේ තණතීරුවල හොඳින් ලකුණු තිබෙන බව. පළමු තරග දෙකේදීම අපි ලකුණු 300 ඉක්මවා ලබාගත්තා. මේ තරගයේදී පමණයි අපිට ඒක කරන්න බැරි වුණේ.

ලක්නව් හි පෙරේදා පැවති තරගයේ දී එම ලකුණු 210ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 35.2කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහනය ලබාගත් අතර ඒ සමගම තරගාවලියේ අඛණ්ඩව තෙවැනි පරාජයද ශ්‍රී ලංකාවට උරුම විය.

ක්‍රීඩාංගණයට විදුලි ආලෝකය ලැබීමෙන් පසු ඔස්ට්‍රේලියා පිතිකරුවන් හොඳින් ලකුණු කරා ගිය බවත් පන්දු යවන්නන් ද මීට වඩා හොඳින් ක්‍රීඩා කළේ නම් ශ්‍රී ලංකාවට තරගයේ ප්‍රතිඵලය වෙනස් කර ගැනීමට ඉඩ තිබූ බවද පැතුම් සඳහන් කළේය.

කණ්ඩායමක් ලෙස සෑම තරගයකටම පිවිසෙන්නේ ජයග්‍රහණය ලබා ගැනීමේ අරමුණෙන් බවත් ඇතැම් අවස්ථාවල දී එය සාර්ථක නොවන බවත් පළමු තරග දෙකේ පරාජයට පත් වූවද කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩාකළ බවද පැතුම් එහිදී පැවසීය.

මම හිතනවා ක්‍රිකට් කියන්නේ මෙහෙම තමයි ඉතින්. අපි පළමු තරග දෙක හොඳට ක්‍රීඩා කළා. ඒත් සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. අපි දැන් මානසික මට්ටමෙන් හොඳ තැනක ඉන්නවා. අපෙන් කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිම දෙය කණ්ඩායමට දීලා අපේ වැරදි හදාගෙන ඉදිරි තරගවලට යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

තරගයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අදහස් දැක්වීමට වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ ද ඉදිරිපත් වූ අතර එක්දින ලෝක කුසලාන තරගයකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නකු දැක්වූ දෙවැනි හොඳම දක්ෂතාව දැක්වීමට ඩිල්ෂාන් එම තරගයේදී සමත් වූයේය.

එම ලැයිස්තුවේ ඔහුට ඉදිරියෙන් සිටින චමින්ද වාස් 2003 ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 34 කට කඩුලු 3ක් දවාගෙන තිබෙන අතර ඩිල්ෂාන් මධුසංඛ පෙරේදා තරගයේදී ලකුණු 38 කට කඩුලු 3ක් දවා ගත්තේය.

“පුහුණුවීම්වලදී මම හුඟක් මහන්සි වෙනවා අලුත් දේවල් ඉගෙන ගන්න. පුහුණුකරුවන්ගෙන් ඒ සඳහා මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ හැකියාව තමයි අලුත් පන්දුව දෝලනය කරන එක. මම හිතනවා මේ තරගයේදී ඒකෙන් ප්‍රයෝජන ගන්න මට පුළුවන් වුණා කියලා. ඒ වගේම තමයි රෑට පන්දු යවද්දී පින්නත් එක්ක පන්දුව දෝලනය වෙන ප්‍රමාණය වැඩියි. මේ තරගයේදී ඒකත් හුඟක් බලපෑවා.මට හොඳ සහයෝගයක් ලැබුණා නම් තරගය වෙනස් කරන්න අවස්ථාව තිබුණා යැයිද ඩිල්ෂාන් සඳහන් කළේය.”

කුෂාන් සුබසිංහ – ලක්නව් නුවර සිට

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b6%a7%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b7%84%e0%b6%a7-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb/feed/ 0
කුසල් සහ සධීරගේ ධීර පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි https://divaina.lk/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%b0%e0%b7%93%e0%b6%bb%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b0%e0%b7%93%e0%b6%bb-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%84/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%b0%e0%b7%93%e0%b6%bb%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b0%e0%b7%93%e0%b6%bb-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%84/#respond Tue, 10 Oct 2023 23:55:00 +0000 https://divaina.lk/?p=173679 හයිද්‍රාබාද් හි රජිව් ගාන්ධි පිටිය ලකුණු සැණකෙළියක් බවට පත් කළ කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවෝ පකිස්තානය සමග සමඟ ඊයේ (10 වැනිදා) පැවති තරගයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් ලබා ගැනීමට සමත් වූහ.

එහිදී පන්දු 65 කින් වාර්තා වූ කුසල්ගේ ශතකය 1979 වසරේ සිට වසර 2023 දක්වා වූ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ලෙස වාර්තා වූයේය.

හසන් අලී විසින් යොමු කරන ලද 27 වන පන්දු වාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමින් තම ශතකය සම්පූර්ණ කළ කුසල් සිය ඉනිම නිමා වනවිට හයේ පහර 6 ක් වාර්තා කර තිබුණි.

කුසල්ගේ එම වේගවත් ඉණිම නිමා වූයේ ද 6 පහරක් එල්ල කිරීමට ගොස් හතරේ සීමාව ආසන්නයේ සිට ඉමාම් උල් හක් උඩ පන්දුවක් රැක ගනිමිනි.

ඒ වන විට කුසල් හතරේ පහර 14 ක් එල්ල කර තිබූ අතර තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය වූ දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයේදී ද හයේ පහර 8 ක් එල්ල කිරීමට කුසල් සමත් වී තිබිණි.

කුසල්ගේ දැවී යෑමෙන් පසුව ලකුණු ලබා ගැනීමේ යාන්ත්‍රණයේ සම්පූර්ණ වගකීම සියතට ගත් සධීර ඊයේ සිය පළමු එක් දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත් වූයේය.

තරගයේ 46 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී තම ශතකය ලබා ගත් සධීර හසන් අලීගේ සිව්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූයේය.

ඔහුගේ ඉනිම පන්දු 89 කදී නිමා වෙද්දී හතරේ පහර 11 ක් සහ 6 පහර 2 ක් වාර්තා වී තිබුණි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ලබා දීමට ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අසමත් වූයේය.

අනතුරුව කුසල් මෙන්ඩිස් සමග එක් වූ පැතුම් නිශ්ශංක දෙවෙනි කඩුල්ල සඳහා ශතක සම්බන්ධතාවයක් පැවැත්විය.

පන්දු 61 කදී පැතුම්ගේ ඉනිම නිමා වන විට හතරේ පහර 7 ක් සහ 6 පහරක් සමග ඔහු ලකුණු 51 ක් ලබා ගත්තේය.

චරිත් අසලංක එක ලකුණකට සහ දසුන් ශානක ලකුණු 12 කට දැවී යෑම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 350 සීමාව ඉක්මවා යැමට නොහැකි විය.

කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම දෙදෙනා පන්දු වාර 11.3 ක් තුළ දී දෙවන කඩුල්ල සඳහා වේගවත් ලකුණු 111 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

හසන් අලී විසින් කඩුලු 4ක් දවා ගත්තද ඔහුගේ පන්දුවාර 10 තුළ ලකුණු 71ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.

ඒ අතර හැරිස් රවුෆ් ක්‍රියාත්මක කළ විසිඑක්වන පන්දුවාරයේදී ලකුණු 20 ක් ලබා ගැනීමට කුසල් – සධීර පිතිකරුවෝ වගබලා ගත්හ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 344/9(50)

පැතුම් නිශ්ශංක 51, කුසල් පෙරේරා 00,කුසල් මෙන්ඩිස් 122, චරිත් අසලංක 01, සධීර සමරවික්‍රම 108, දනන්ජය ද සිල්වා 25, දසුන් ශානක 12, දුනිත් වෙල්ලාලගේ 10, මහීෂ් තික්ෂන 00, මතීෂ පතිරණ නොදැවී 01, අතිරේක 14

පන්දු යැවීම

ශහීන් ෂා අෆ්රිඩි 66/1, හසන් අලී 71/4, මොහොමඩ් නවාස් 62/1, හැරිස් රවුෆ් 64/2, ශදාබ් ඛාන් 55/1

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b6%b0%e0%b7%93%e0%b6%bb%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b0%e0%b7%93%e0%b6%bb-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%84/feed/ 0
මලාන්ගේ ශතකයෙන් බංග්ලාදේශයට පරාජය https://divaina.lk/%e0%b6%b8%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a/ https://divaina.lk/%e0%b6%b8%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a/#respond Tue, 10 Oct 2023 23:54:00 +0000 https://divaina.lk/?p=173683 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ එංගලන්තය සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති තරගයෙන් ලකුණු 137ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 364ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 227 ක් පමණි.

එංගලන්ත ආරම්භක පිතිකරු ඩේවිඩ් මලාන් ලකුණු 140 ක් ලබාගත් අතර ජෝ රූට් ලකුණු 82ක් ලබා ගත්තේය.

එම තරගය කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ මුහුණ දුන් දෙවන තරගය වූ අතර එංගලන්තය පළමු තරගයේදී නවසීලන්තයට පරාජය වූ අතර බංග්ලාදේශය ඇෆ්ගනිස්ථානයට එරෙහිව ජය ගත්තේය.

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a/feed/ 0
ක්‍රිකට් පාරාදීසයේ දී දිග හැරෙන ලෝක ක්‍රිකට් සැණකෙළිය https://divaina.lk/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%af%e0%b7%93%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b6%af%e0%b7%92/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%af%e0%b7%93%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b6%af%e0%b7%92/#respond Sat, 07 Oct 2023 23:59:00 +0000 https://divaina.lk/?p=173213 ක්‍රිකට් ලෝකයම අද එක තැනකට එක් වී ඇත. ඒ ක්‍රිකට් ලැදි වැඩිම ජනතාවක් වෙසෙන ඉන්දියාවටය. ක්‍රිකට් ලෝකයේ මහා මංගල්‍යය හෙවත් එක් දින ලෝක කුසලාන තරගාවලිය එලෙසින් ඉන්දියාවේ ආරම්භ වන්නේ බොහෝ කල් පටන් සිදු කළ මහා මෙහෙවරක අවසානයේය.

ඒ මෙහෙවර අවසන්ව තරගාවලියේ මිහිර විඳින කාලය පසුගිය 05 වැනිදා ආරම්භ විණි. පසුගිය වර ශූරයන් සහ අනු ශූරයන් වූ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවති එම තරගයෙන් ශූරයන් පරදා අනුශූරයෝ ජය ගත්හ. එනම් නවසීලන්තය ජය ගත්තේය.

ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව ද ගෞරවනීය සාමාජිකයෙකි. 1996 ලෝක ක්‍රිකට් ශූරයන් වූ ශ්‍රී ලංකාව 2007 සහ 2011 වසරවලදී එහි අනු ශූරයන් බවට පත්විය. සමස්තයක් ලෙස එම දස්කම දෙවැනි වන්නේ ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් වැනි දැවැන්තයන්ගේ දස්කම්වලට පමණි. එහෙත් කොදෙව්වෝ මෙවර තරගාවලියට සුදුසුකම් ලබන්නටද අසමත් වූහ. මේ ක්‍රිකට්වල හැටිය. එදා රජවරු අද නරඹන්නෝ පමණක් වෙති. හෙට කුමක් වේදැයි කිව නොහැක. ඒ අසිරිමත් ක්‍රිකට් සැණකෙලිය සඳහා ඉන්දියාවේ සතර දිග්බාගයේම ක්‍රීඩාංගණ සූදානමින් සිටී. ඉන්දියාව යනු අප රට මෙන් 60 ගුණයකින් විශාල රටකි. එනිසා අස්සක් මුල්ලක් නෑර ක්‍රීඩාංගණවල තරගාවලිය පැවැත්වෙනවා යනු එය ලොව වැඩිම දුර ප්‍රමාණයක විසිරුණු තරගාවලියක් ද වේ.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ සහභාගි වන පළමු තරගය ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර අනිද්දා පකිස්තානයට එරෙහිව හයිද්‍රාබාද් හිදී තරග වදී.

කුෂාන් සුබසිංහ

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%af%e0%b7%93%e0%b7%83%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%93-%e0%b6%af%e0%b7%92/feed/ 0
පුහුණු තරගයේදී ශ්‍රී ලංකාවෙන් ලකුණු 263 ක් https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a/#respond Fri, 29 Sep 2023 23:55:00 +0000 https://divaina.lk/?p=171788 2023 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉන්දියාවේ ගුවහාති හි ඊයේ (29 වැනිදා) පැවැති පුහුණු තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 263ක් ලබා ගත්තේය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සහ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා අර්ධ ශතක වාර්තා කළහ. පැතුම් නිශ්ශංක එහිදී පන්දු 64 කදී ලකුණු 68 ක් ලබාගත් අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 34 ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 104ක් විය. කුසල් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ අතර ධනංජය ලකුණු 55 ක් ලබා ගත්තේය. සධීර සමරවික්‍රම සහ දසුන් ශානක අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය අතර මෙහෙදි හසන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් දවා ගත්තේය.

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a/feed/ 0
අවිනිශ්චිතව සිටි වනිඳු නිශ්චිතවම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට https://divaina.lk/%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%b1/#respond Tue, 26 Sep 2023 23:55:00 +0000 https://divaina.lk/?p=171063 ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පිටත් වෙයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ආබාධයකට ලක්ව තරගාවලියට සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක සිටි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තරගාවලියෙන් ඉවත් කර ඇත.

වනිඳු වෙනුවට දුශාන් හේමන්ත තරගාවලියට එක් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ ද ඊයේ සවස වීම විශේෂ සිද්ධියකි.

කෙසේ වුවද වනිඳුගේ තත්ත්වය පසුකාලීනව සුබදායි තත්ත්වයට පත් වුවහොත් ඔහු වෙනත් අයෙකු වෙනුවට ආදේශ කළ හැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය අදාළ සංචිතය ට හිමිව තිබේ.

ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට එක් වේ.

ක්‍රීඩකයින් 15 දෙනාගේ සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමි වී ඇත.

කඩුලු රකින්නන් ලෙස සදීර සමරවික්‍රම සහ කුසල් ජනිත් පෙරේරා නම් කර තිබේ.

සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් ලෙස චාමික කරුණාරත්න නම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතය

  1. දසුන් ශානක – නායක
  2. කුසල් මෙන්ඩිස් – උපනායක
  3. කුසල් ජනිත් පෙරේරා
  4. දිමුත් කරුණාරත්න
  5. පැතුම් නිස්සංක
  6. චරිත් අසලංක
  7. ධනංජය ද සිල්වා
  8. සදීර සමරවික්‍රම
  9. දුනිත් වෙල්ලාලගේ
  10. කසුන් රාජිත
  11. මතීෂ පතිරණ
  12. ළහිරු කුමාර
  13. ඩිල්ෂාන් මධුෂංක
  14. දුශාන් හේමන්ත
  15. මහීෂ් තීක්ෂණ
  16. චාමික කරුණාරත්න (අතිරේක)

කුෂාන් සුබසිංහ

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b6%a0%e0%b7%92%e0%b6%ad%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%b1/feed/ 0