Indian Premier League – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 16 May 2023 17:04:39 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Indian Premier League – Divaina https://divaina.lk 32 32 ගුජරාට් පළමුව අවසන් හතරට යද්දි හයිද්‍රාබාද් දෙවනුව හතරෙන් ඉවතට https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94%e0%b7%80-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%ad%e0%b6%bb%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94%e0%b7%80-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%ad%e0%b6%bb%e0%b6%a7/#respond Tue, 16 May 2023 23:49:00 +0000 https://divaina.lk/?p=145368 පසුගිය වසරේ අයිපීඑල් ශුරතාවය හිමි කර ගත් මෙන්ම පසු ගිය වසරේදී පළමුව අයිපීඑල් අවසන් කණ්ඩායම් හතර අතරට එක් වීමට සමත් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර
තරගාවලියේ ද පළමුව අවසන් කණ්ඩායම් හතර අතරට එක් වීමට පෙරේදා සමත් වූයේය.

තරගාවලියේ 62 වැනි තරගය පෙරේදා (15) රාත්‍රියේ නිමා වුණු අතර එහිදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 34 ක ජයග්‍රහණයක් හිමි කර ගත් ගුජරාට් කණ්ඩායම එම අවස්ථාව හිමිකර ගත්තේය.

එම ජයග්‍රහණය අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමින් මූලික වටය අවසන් කිරීමේ අවස්ථාව ගුජරාට් කණ්ඩායමට හිමිව තිබේ. ඔවුන් අවසන් වටයේ පළමු තරගය හෙවත් සුදුසුකම් ලැබීමේ පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් ජය ගතහොත් ගුජරාට් කණ්ඩායමට අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ලබා ගැනීමට හැකිවේ.

ගුජරාට් කණ්ඩායම තරග 13 කින් තරග 9 ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 18 ක් හිමි කර ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ. පෙරේදා තරගයේ ලද පරාජයත් සමග හයිද්‍රාබාද් කණ්ඩායමට අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසීමට අවස්ථාව අහිමිව යන අතර මීට පෙර දිල්ලි කණ්ඩායමට ද අවසන් වටයට යෑමේ බලාපොරොත්තු අහිමි කර ගැනීමට සිදුවිය.

]]>
https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94%e0%b7%80-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%ad%e0%b6%bb%e0%b6%a7/feed/ 0