Inland Revenue – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 31 Aug 2023 18:20:39 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Inland Revenue – Divaina https://divaina.lk 32 32 දේශීය ආදායම් වැඩ බලන ලොකු පුටුව ඩී. යූ. ඒ. ජයවර්ධනට https://divaina.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%94/ https://divaina.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%94/#respond Thu, 31 Aug 2023 23:50:00 +0000 https://divaina.lk/?p=166261 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් වශයෙන් ඩී. යූ. ඒ. ජයවර්ධන මහතා පත්කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (31දා) ‘දිවයින’ට පැවසීය.

ඒ මහතා මාස හතරක කාලයකට වැඩ බැලීම සඳහා පත්කළ බව ද ඇමැති සියඹලාපිටිය කීවේය. ජයවර්ධන මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය.

හිටපු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස්. හපුආරච්චි මහතා 2023.08.25 දින සිට විශ්‍රාම

ගැනීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙසේ ඩී. යූ. ඒ. ජයවර්ධන මහතා පත්කරනු ලැබ ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%94/feed/ 0
දේශීය ආදායම් – රේගුව සහ සුරාබදු එක් නොවීමෙන් ප්‍රකෝටි ගණනක බදු අහිමි වෙලා https://divaina.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9a%e0%b6%9c%e0%b7%94%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b7%94%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9a%e0%b6%9c%e0%b7%94%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b7%94%e0%b6%bb/#respond Tue, 07 Feb 2023 23:53:00 +0000 https://divaina.lk/?p=126896 ප්‍රධාන වශයෙන් රජයට ආදායම් රැස් කර දෙන දේශීය ආදායම්, සුරාබදු හා රේගුව යන දෙපාර්තමේන්තු සහ ඒවායේ දත්ත පද්ධති මේ දක්වා එකිනෙකට සම්බන්ධ වී නොතිබීම හේතුවෙන් කලක සිට රුපියල් ප්‍රකෝටි ගණනක බදු ආදායමක් රජයට අහිමි වී තිබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අදාළ අතීත වාර්තා ගෙන බැලුවහොත් මේ බව පැහැදිලිව අනාවරණය වන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අදාළ ආයතන තුන තාක්‍ෂණික ක්‍රම මගින් එකිනෙකට සම්බන්ධ කරමින් රාජ්‍ය ආදායම් අධිකාරියක් පිහිටුවීමට ඉකුත් 2002-2003 වසරවලදී යෝජනා වී ඇතත් විසි වසරක් ගතවීත් එය ක්‍රියාත්මක කිරීමට පැවති රජයන් අසමත් වීම නිසා මෙවැනි අර්බුදයක් සිදුව ඇත.

ආදායම් බදු නොගෙවන ලද අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇතත් කාලයක සිට එම නඩු කටයුතු ප්‍රමාද වෙමින් තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අධිකරණ නියෝගවලට පරිබාහිරව එම මුදල් අයකර ගැනීමේ හැකියාවක් නැති බව කී ඇමැතිවරයා එම මුදල් කඩිනමින් අයකර ගැනීමට නම් අණපනත් සංශෝධනය කරමින් අවශ්‍ය පියවර ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (07 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සමන් ගමගේ

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b7%93%e0%b6%ba-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9a%e0%b6%9c%e0%b7%94%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b7%83%e0%b7%94%e0%b6%bb/feed/ 0
මහින්දානන්දගේ දෙහි කැපිල්ල ගැන අල්ලස් විමර්ශන අරඹන්න – දේශීය ආදායම් සේවා සංගමය https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%9a%e0%b7%90%e0%b6%b4%e0%b7%92%e0%b6%bd/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%9a%e0%b7%90%e0%b6%b4%e0%b7%92%e0%b6%bd/#respond Fri, 23 Sep 2022 23:59:00 +0000 https://divaina.lk/?p=99724 මෙරට මහ පරිමාණ ව්‍යාපාරිකයන් හා ආයතන ගණනාවක් බදු පැහැර හැරීම සිදුකර ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකී බදු මුදල් අයකර ගැනීමට අපොහොසත් වී ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා (31 දා) පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කඩිනමින් අවධානය යොමුකර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යැයි දේශීය ආදායම් සේවා සංගමය කියා සිටී.

විශේෂයෙන්ම මෙරට මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාර, ඔට්ටු හා සූදු ව්‍යාපාර, ඇඟලුම් ව්‍යාපාර, තේ අපනයන ව්‍යාපාර, මත්පැන් ව්‍යාපාර හා ඉන්ධන බෙදාහැරීමේ ව්‍යාපාර හා සම්බන්ධ එම ව්‍යාපාරවල පිරිවැටුම, ලාභය හා ගෙවූ බදු මුදල් සම්බන්ධයෙන් කරුණු රාශියක් මන්ත්‍රීවරයා හෙළි කළ බවද දේශීය ආදායම් සංගමයේ සම ලේකම් එච්. ඒ. එල්. උදයසිරි මහතා පැවසීය.

ඇතැම් ව්‍යාපාර විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැරීම සම්බන්ධ තොරතුරු, ඇතැම් ව්‍යාපාර හා පුද්ගලයන්ගේ ආදායම් බදු වාර්තා හා ලිපි ගොනු තමා ළඟ ඇති බවට සිදුකරන ලද ප්‍රකාශ ඉතා බරපතළ බවද ඔහු කීය.

මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයන් තුළින් රාජ්‍ය බදු ආදායමට බරපතළ හානියක් සිදුවීමට හේතුවී ඇති බදු පැහැර හැරීම් ගණනාවක් සම්බන්ධයෙන් වූ කරුණු රාශියක් හා දේශීය ආදායම් පනතට අනුව රහස්‍යභාවය ආරක්‍ෂා කළ යුතු සංවේදී ව්‍යාපාරික තොරතුරු හා පුද්ගලික තොරතුරු රාශියක් ඔහු සතුව ඇති බව තහවුරු වන බවද උදයසිරි මහතා කියා සිටී.

ඒ අනුව මේ පිළිබඳව අල්ලස් කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු කර විධිමත් පරීක්‍ෂණයක් සිදුකර බදු ආදායම අහිමි කිරීමට ක්‍රියාකරන ලද පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

චමින්ද සිල්වා, ශ්‍යාම් නුවන් ගනේවත්ත

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b7%9a-%e0%b6%af%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%9a%e0%b7%90%e0%b6%b4%e0%b7%92%e0%b6%bd/feed/ 0