interim budget – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 02 Sep 2022 17:33:19 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg interim budget – Divaina https://divaina.lk 32 32 අයවැය වැඩි ඡන්ද 115 කින් සම්මතයි https://divaina.lk/%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-115-%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8/ https://divaina.lk/%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-115-%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8/#respond Fri, 02 Sep 2022 23:55:00 +0000 https://divaina.lk/?p=95256 පක්ෂව 120යි විරුද්ධව 5යි 43ක් ඡන්දය දීමෙන් වැළකෙති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි මාස හතර සඳහා ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැය දෙවනවර කියැවීම වැඩි ඡන්ද 115කින් පාර්ලිමේන්තුවේ ඊයේ (02 දා) සම්මත කරනු ලැබීය. අතුරු අයවැය සඳහා පක්ෂව මන්ත්‍රී ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 5ක් ලැබිණි. එමෙන්ම මන්ත්‍රීවරු 43 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ඡන්දය ප්‍රකාශ කළහ. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනා, ජී. ජී. පොන්නම්බලම් සහ එස්. ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ.

සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉවත් වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ පාර්ශ්වයේ හා පක්ෂ නවයේ මන්ත්‍රී කණ්ඩායම ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඡන්ද විමසීම ඩිජිටල් ක්‍රමයට සිදු කෙරිණි.

ජනාධිපතිවරයා අතුරු අයවැය යෝජනාවලිය පසුගිය 30 දා පස්වරුවේ ඉදිරිපත් කළේය. පසුව ඒ පිළිබඳ විවාදය ඊට පසුදින (31 දා) සිට ඊයේ (02දා) දක්වා පැවැත්විණි.

පසුගිය වසරේදී (2021) එවකට මුදල් ඇමැතිවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම වසර (2022) සඳහා ඉදිරිපත් කර තිබූ අයවැය සංශෝධනය කරමින් වත්මන් මුදල් ඇමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු අයවැය ඉදිරිපත් කරනු ලැබීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92-%e0%b6%a1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-115-%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8/feed/ 0
නැට්ටටම නට්ටං https://divaina.lk/%e0%b6%b1%e0%b7%90%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b6%82/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%90%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b6%82/#respond Wed, 31 Aug 2022 00:03:00 +0000 https://divaina.lk/?p=94526 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ සවස පාර්ලිමේන්තුවේදී අතුරු අය වැයක් ඉදිරිපත්
කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැට්ටටම නට්ටං වී ඇති මොහොතකය. එබඳු අවස්ථාවක වැට්
බද්ද 15% දක්වා වැඩි කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කිරීමත් සමගම සියලු ජනතාවගේ ඇඟ මවිල් කෙලින්
විය. එයට හේතුව වැට් බද්දේ වැඩිවීමත් සමගම සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑමය. දැනටමත්
පිටි කිලෝවක මිල රුපියල් 400 දක්වා යන ගමනක් අරඹා තිබේ. මේ වන විට රුපියල් 200 ට දෙන හඩු
හපුටු පාන් ගෙඩියක් පවා ඉදිරියේදී රුපියල් 300 තෙක් ඉහළ නැගීම නොවැළැක්විය හැකි බව බේකරිකාරයෝ
කියති.

සහල් මිල ද රුපියල් 290 ත් 300 ත් මිලකට ඉහළ යෑමට නියමිතය. සාමාන්‍යයෙන් වසර 2010 න්
පසු ශ්‍රී ලංකාවේ සහල් මිල සහ පොල් මිල අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් ඇති විය. එනම් පොල් මිල
මෙන් දෙගුණයක මිලක් බවට සහල් මිල පත්විය. මේ අනුව හාල් රුපියල් 300 ට ගියොත් පොල් ගෙඩියක්
රුපියල් 150 ක් දක්වා මිල ඉහළ යනවා ඇත. එවිට “පොල් සම්බෝලයි බතුයි” යන ඉතාම සරල ආහාර
වට්ටෝරුව පවා දරුණුවටම කඩාකප්පල් වීමට ඉඩ තිබේ. දැනටමත් සාමාන්‍ය කඩේකින් ගන්නා ජරා බත්
පැකට් එකක මිල රුපියල් 300 ඉක්මවයි. මෙහි ඇත්තේ ලාභ එළවළු දෙකක් සහ මස් කටු හෝ මාළු කටුය.
සහල් රුපියල් 300 ට ගියොත් කඩේ බත් පාර්සලය රුපියල් 350 ක් වනවා ඇත.

අප මේ අතුරු කතාව කීවේ ඊයේ ඉදිරිපත් කළ අය වැය ගැන ගැඹුරු විග්‍රහයක යෙදීමට තරම් කාලවේලාවක් තවමත් අපට
නැති බැවිනි. මේ අය වැයේ යෝජනා අතර වැදගත් යෝජනා කීපයක් ද ඇත. ඉන් වැදගත්ම කාරණාව
වන්නේ ආණ්ඩුවේ වැඩවලට පෙට්‍රල් හෝ ඩීසල් කාර් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ගත්
පියවරය. එම තහනම නිසා ආණ්ඩුවට ඉලෙක්ට්‍රික් වාහන පමණක් මිලට ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක්
ඇති වීමට ඉඩ තිබේ. මෙය ඉතා හොඳ ප්‍රතිපත්තියකි. හැබැයි එසේ ගෙන්වන ඉලෙක්ට්‍රික් වාහන චාර්ජ්
කරන්නේ රටේ ජාතික විදුලිබල පද්ධතියෙන් නම් එහි ප්‍රයෝජනයක් නැත. මෙසේ ගෙන්වන ඉලෙක්ට්‍රික්
වාහන චාර්ජ් කිරීම සඳහා සූර්ය බල ඒකක රාජ්‍ය අංශයේ ආයතනවල පිහිටුවීම ආණ්ඩුවෙන් කළ යුතුය.

ඒ අතර වයස 60 ඉක්මවූ අය රජයේ සේවයෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළක් ද අය වැය කතාව මගින්
යෝජනා විය. ශ්‍රී ලාංකික ජන ජීවිතයේ ආයු කාලය ජපානයේ සහ ඇමරිකාවේ ආයු කාලය මෙන් අවුරුදු
95 හෝ අවුරුදු 100 පනින ආයු කාලයක් නොවේ. මේ රටේ ජනගහනයෙන් වැඩිදෙනාගේ පරමායුෂ අදටත්
අවුරුදු 70 සීමාවේ පවතී. විශ්‍රාම කාල සීමාව දීර්ඝ කිරීම අවශ්‍ය වන්නේ පරමායුෂ වැඩි ජනගහනයක්
සිටින රටවලට ය. එසේ නොවන අවස්ථාවලදී වැඩිහිටියන් දිගටම රැකියා කිරීමෙන් තරුණ පරපුරේ
සේවා වියුක්ති ප්‍රශ්නය වැඩි දියුණු වීමට ඉඩ තිබේ. ඒ නිසා අවුරුදු 60 විශ්‍රාමය මේ මොහොතේදී ඉතා
සුදුසුය.

ජනාධිපතිතුමා සිය අය වැය කතාවේදී ඉදිරිපත් කරන ලද තවත් සරල කාරණයක් කෙරෙහි අපගේ
අවධානය යොමු කරමු. රටේ රාජ්‍ය ආයතනවල විශාල වශයෙන් අබලි ද්‍රව්‍ය ඇති බවද ඒවා විකිණීමෙන්
විශාල මුදලක් රජයට උපයා ගත හැකි බවද එකී සරල කාරණය වේ. මෙය සරල ලෙස පෙනුණත් ඉතාම
වැදගත් කාරණයකි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක විවිධ අබලි ද්‍රව්‍ය එකතු වේ. යකඩ, තඹ,
වානේ, ඇළුමිනියම්, පැරණි වාහන, පැරණි ටයර්, දිරායෑමේ තර්ජනයට ලක්වූ වාහන එන්ජින්, එම
තර්ජනයට ලක්වූ යන්ත්‍ර, ගෘහභාණ්ඩ, ලී ඇතුළු අබලි ද්‍රව්‍ය විශාල ගණනක් රාජ්‍ය ආයතනවල ගොඩගසා
ඇත. සාමාන්‍යයෙන් මේවා නීත්‍යානුකූල ලෙස විකිණීම සිදුවන්නේ බෙහෙවින් අල්ප ලෙසය.

උදාහරණයක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අංගනවල ඇති පරණ දුම්රිය පෙට්ටි ගැන කල්පනා කරමු. මේ දුම්රිය
පෙට්ටිවල සැකිල්ල සහ තට්ටුව සම්පූර්ණයෙන්ම ඉදිකර ඇත්තේ යකඩ හෝ වානේවලිනි. දුම්රිය
පෙට්ටියක් පීලි පැන්න විට එම පෙට්ටිය සදහටම අත්හැර දමන දුම්රිය දෙපාර්තමේන්තුව එය යාඩ් එකට
ගෙන ගොස් තබා දිරාපත් වනතුරුම කල්පනා කරමින් සිටී. මේ භාණ්ඩ විකිණීම සඳහා දීර්ඝ නිලධාරිවාදී
ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. සමහරවිට මේ බඩු විකිණීම පිණිස ලංකාවේ දුම්රිය භාර ඇමැතිගෙන්
පමණක් නොව ඉන්දියාවේ දුම්රිය භාර ඇමැතිගෙන් පවා අවසර ගත යුතු බව නිලධාරීහු පෙන්වති. එවිට
පරණ දුම්රිය පෙට්ටි මිලට ගෙන ඒවා කැබලි කර යකඩ වෙනමත්, ප්ලාස්ටික් වෙනමත්, ඇළුමිනියම්
වෙනමත්, තවත් බොහෝ ද්‍රව්‍ය වෙනමත් වෙන්කර ගැනීමට බලා සිටින දේශීය ව්‍යාපාරිකයා පසුබට වෙයි.
එතැන් සිට සිදුවන්නේ භාණ්ඩය දිරා යෑමය. බොහෝවිට මෙවැනි ඩීල් ඇමැතිතුමා විසින්ම ප්‍රමාද කරන අවස්ථා
තිබේ. එක්කෝ තමන්ට ලෙඩක් වැටේ යැයි අදහසින් මේ භාණ්ඩ විකිණීමේ කඩදාසිවලට අත්සන් කිරීමට
අදාළ ඇමැතිතුමා අකැමැතිය.

එහෙම නැත්නම් මේ වෙළෙඳාමෙන් තමාට ලැබෙන කොමිස් එක අඩු නිසා කඩදාසි අත්සන් කිරීමෙන් වැළකී
සිටීමට ඇමැතිතුමා කැමැතිය. රජයේ ආයතනවල තිබෙන අබලි ද්‍රව්‍ය විකිණීමට ජනාධිපතිතුමා අදහස් කරන්නේ නම්
මුලින්ම කළ යුතු වන්නේ ඉතා ඉක්මනින් එම අබලි ද්‍රව්‍යවල ස්ටොක් එකක් ලබා ගැනීම ය. ඉන්පසු මාකට්
ප්‍රයිස් එක සලකා බලා ඒවා විකිණිය හැකිය. සාමාන්‍යයෙන් මෙකල තඹ කිලෝවක් රුපියල් 4000
ඉක්මවයි. එහෙත් ආණ්ඩුවේ යාඩ්වලින් ජාවාරම්කරුවන් අතට තඹ කිලෝව යන්නේ කිලෝව රුපියල් 50 ට 60
කටය. මෙවැනි සහගහන අපරාධ කරන රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් සිටිනතාක් කල් මේ
රටට ගොඩඑන්නට බැරිය.

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%90%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b6%a7%e0%b6%b8-%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b6%82/feed/ 0
අතුරු අයවැය අනිද්දා: සහන සමග වියදම් සීමා https://divaina.lk/%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b7%84%e0%b6%b1-%e0%b7%83/ https://divaina.lk/%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b7%84%e0%b6%b1-%e0%b7%83/#respond Sat, 27 Aug 2022 23:41:00 +0000 https://divaina.lk/?p=94041 මේ වසරේ (2022) ඉතිරි කාලය සඳහා වන අතුරු අය වැය අනිද්දා (30 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අය වැය දෙවනවර කියැවීමේ සමාරම්භක දේශනය (අයවැය කතාව) අගෝස්තු 30 වැනිදා ප. ව. 1.00 සිට ප. ව. 2.00 දක්වා ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.

ඉන් පසු අයවැය දෙවනවර කියැවීමේ විවාදය අගෝස්තු 31, සැප්තැම්බර් 01 සහ 02 යන දිනවලදී පැවැත්වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව නව රජයක් වශයෙන් 2022 මුදල් වර්ෂයේ ඉතිරි කාලය සඳහා මෙම විසර්ජන පනත් කෙටුම්පත ගිය වසරේ (2021) නොවැම්බර් මස ඉදිරිපත් කළ විසර්ජන පනතට සංශෝධනයක් වශයෙන් ඉදිරිපත් වේ.

මේ අනුව රු. බිලියන 2796.4 ක් වූ 2022 වර්ෂයේ ඇස්තමේන්තුගත අමාත්‍යාංශ සේවා වියදම නව සංශෝධනය අනුව රු. 3275.8ක් දක්වා රු. බිලියන 929.4ක් දක්වා වැඩි වී ඇත. එසේම 2022 වසරේ සේවා වියදම් සඳහා නීති මගින් ඒකාබද්ධ අරමුදලකට වැය බරක් විය යුතු බවට බලය ලබාදෙන රජයේ ඇස්තමේන්තුගත වියදම හෙවත් ණය සේවාකරණ වියදම රු. බිලියන 2623 සිට රු. බිලියන 2901ක් දක්වා වැඩි කිරීමට ද නව විසර්ජන පනතින් අවස්ථාව ලබා දී ඇත.

2022 වසරට කලින් අනුමත විසර්ජන පනත යටතේ වූ මුදල් ඒ ඒ අමාත්‍යාංශයන් හි නිශ්චිත ශීර්ෂ යටතේ දක්වා ඇති වැඩසටහන්වලට වෙන්කරන ලද මුදල් වියදම්කර අවසන් නොමැති බැවින් ඒ මුදල් ද මේ සංශෝධනය යටතේ තවදුරටත් වියදම් කිරීමට ද විසර්ජන පනතින් බලය ලබා දී ඇත.

මේ අතර ජන ජීවිතයට අදාළ යම් යම් සහන ලබාදීමට සහ රජයේ අනවශ්‍ය වියදම් සීමා කිරීමට ද මෙවර අය වැයෙන් අවධානය යොමුකර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%ba%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b7%84%e0%b6%b1-%e0%b7%83/feed/ 0